Saturday, May 13, 2017

19 වන සියවසේ අතිවිශිෂ්ඨ රහස්පරීක්ෂකයා ෂර්ලොක් හෝම්ස්

ෂර්ලොක් හෝම්ස් එහෙමත් නැත්නම් බේකර් වීදියෙ උපදේශක රහස්පරීක්ෂක තුමාව අඳුරන්නැති කෙනෙක් ඉන්නව නම් ඒක බොහොම කලාතුරකින් වෙන්න පුලුවන් දෙයක්... ඒ තරමට මෙතුමා ලෝකෙ පුරා ඡීවත්වෙන බාල මහලු කා අතරත් ඡනප්‍රියයි ..
     එහෙනම් අපි අද ෂර්ලොක් හෝම්ස්ගෙ පැටිකිරිය ගැන හොයල බලමු...

1. කවුද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ...

  ලන්ඩනයේ ඡීවත් වූ අාතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරන ලද රහස්පරීක්ෂක  චරිතයක් තමයි ෂර්ලොක් හෝම්ස් කියන්නෙ.
   මනස වෙහෙසවමින් ඉතාමත් බැරෑරුම් කරුණු තර්කානුකූලව විසඳන චරිතයක් තමයි ෂර්ලොක් හෝම්ස් . ඒ වගේම ඔහු විසින් දුප්පත් ⁣, පෝසත් ඕනම කෙනෙක් ගෙන එන ගැටලු කිසිම බේදයකින් තොරව විසඳල දෙනව..ඒ වගේම පොලීසියට විසදන්න බැරි වෙන ගැටලු විසඳන්නෙත් මෙයාම තමයි.

2. කොහේදිද ෂර්ලොක් හෝම්ස් ඉපදුනෙ , ඒ වගේම කවුද ඔහුගෙ මව්පියන් සහ නෑදෑයන් .....

  ඇත්තම කියනව නම් අපිට මේ තොරතුරු දැනගන්න විදිහක් නෑ, මොකද ආතර් කොනන් ඩොයිල් මහතා ඔහුගෙ කෘතිවල මේ පිළිබඳව කිසිඳු සඳහනක් කරන්නෑ.
    නමුත් කෘතිවල තියෙන ආකාරයට ඔහු විසින් අපිට කියනව , ෂර්ලොක් හෝම්ස්ගෙ ආච්චිගෙ සොහොයුරා වර්නෙට් කියන ප්‍රංශ චිත්‍ර ශිල්පිය බව..
 මේ වර්නෙට් කියන්නෙ ප්‍රංශයේ හිටපු දක්ෂ යුධ චිත්‍ර ශිල්පියෙක් . ඔහුගෙ සම්පූර්ණ නම තමයි හොරේස් වර්නෙට්..
     අපිට ශර්ලොක් හෝම්ස් කතා වල හමුවෙන හෝම්ස්ගෙ එකම ඥාතිය තමයි , ඔහුගේ සොහොයුරා වන මයික්‍රොෆ්ට් හෝම්ස් . ඔහු හෝම්ස්ටත් වඩා දක්ෂ බුද්ධිමතෙක් , නමුත් තරබාරු ශරීරයක් හිමි ඔහු ඉතාමත් අලස ඡීවිතයක් තමයි ගතකරන්නෙ..
  මයික්‍රොෆ්ට් කටයුතු කරන්නෙ එංගලන්ත රඡයේ දේශපාලන නියෝඡිතයෙක් විදිහට , ඔහු තමයි රඡයේ ප්‍රධාන ගැටලු විසඳීමට කටයුතු කරන කෙනා..ඒ වගේම හෝම්ස්ට අපහසු ගැටලු පැණ නැගුන අවස්ථාවල ⁣මෙයා උදව්කරලත් තියෙනව .

3. කොහොමද ෂර්ලොක් හෝම්ස් උපදේශක  රහස්පරීක්ෂකයෙක් උනේ?

     ෂර්ලොක් තරුණ කාලයේ ඉදලම ගැටලු විසඳන්න පුදුමාකාර විදිහට දක්ෂ උනා.. ඒ නිසා ඒ කාලයේ ඉදලම බොහෝ දෙනා තමන්ගෙ ගැටලු විසඳා ගැනීමට ඔහුව හමුවීම පුරුද්දක් කරගෙන තිබුන.නමුත් ඔහු වෘත්තීය රහස්පරීක්ෂකයෙක් වෙන්න පාර කැපුනෙ ඔහුගෙ විශ්ව විද්‍යාල මිතුරෙක් වෙච්ච වික්ටර් ⁣ෙට්‍රවෝගෙ තාත්ත විසින් ශර්ලොක්ට ගැලපෙනම වෘත්තිය රහස්පරීක්ෂක වෘත්තිය කියල පැවසීමත් එක්ක..
  එහෙම කියපු ඒ පුද්ගලය ඊට ටික කාලෙකට පස්සෙ අසාමාන්‍ය විදිහට මිය යනව. ඔහුගේ මරණය පිටුපස තිබුණු අභිරහස විසඳන්නෙත් ෂර්ලොක් හෝම්ස් විසින් , ඊට පස්සෙ ඔහුට දිගට හරහට පරීක්ෂණ ගලා එනව... ඒ පරීක්ෂණ බාර ගනිමින් තමයි ඔහු වෘර්තීය උපදේශක රහස්පරීක්ෂකයෙක් වෙන්නෙ...

4. ෂර්ලොක් හෝම්ස්ගෙ මිතුරන් කවුද.......

  ෂර්ලොක් හෝම්ස්ගෙ මිත්‍රයන් ගැන කතාකරනකොට අපිට හම්බවෙන ප්‍රධානම චරිතය තමයි ඩොක්ටර් වොට්සන් .. නිවසක් කුලියට ගැනීමට ගිහින් හමුවෙන මේ මිත්‍රය , ෂර්ලොක් හෝම්ස්ගෙ සියලුම කරදර වලදි ලඟින්ම හිටපු ප්‍රාණ සමාන මිත්‍රයෙක්..මෙහු හෝම්ස්ගෙ හැම පරීක්ෂණයකටම වගේ සම්බන්ධ වෙලා තියෙනව වගේම පරීක්ෂණ සටහන් කරන කෙනාත් මොහුම තමයි.මොහුගෙ සටහන් තමයි අපි කතා විදිහට කියවන්නෙ.
    වොට්සන්ව මුණ ගැහෙන්න කලින් ෂර්ලොක් හෝම්ස්ට විශ්ව විද්‍යාලෙදි හිටපු මිත්‍රයෙක් තමයි වික්ටර් ⁣ෙට්‍රවෝ. හැබැයි විශ්ව විද්‍යාලයෙන් පස්සෙ ඔහුගෙත් හෝම්ස්ගෙත් මිත්‍රකම කොපමණ කාලයක් තිබුනද කියල නම් දැනගන්න විදිහක් නෑ.
    ඒ වගේම කෘතිවල ආකාරයට ෂර්ලොක් හෝම්ස්ට තවත් විශ්ව විද්‍යාල මිතුරෙක් ඉන්නව ඒ තමයි රෙඡිනෝල්ඩ් මස්ගේව් ( මොහුවත් සම්බන්ධ වෙන්නෙ පරීක්ෂණයකදි)

 පෞද්ගලික හිත මිතුරන් රාශියක් නොසිටියත් හෝම්ස්ට වෘත්තීය මිතුරන් නම් ගොඩක්ම ඉන්නව. ලෙස්ට්‍රේඩ් , ඇන්තනී ඡෝන්ස් , ග්‍රෙග්සන් , හෝප්කින්ස් වගේ පොලිස් මිතුරන් රාශියක්ම ඔහු වටේ ඉන්නව. මේ සියලුම දෙනා බොහෝවිට ඔහුගෙන් උපකාර , උපදේශ ලබාගන්නව වගේම හෝම්ස් අල්ලගන්න අපරාධ කරුවන්ව සිරගත කරන්නෙත් මොවුන් විසින් .

5. හෝම්ස්ගේ සතුරන් කවුද?

 හෝම්ස්ට සිටින සතුරන් සංඛ්‍යාව කියන්න බැරි තරම් , ලන්ඩන් පාතාලයේ සියලුම දෙනා හෝම්ස්ගෙ සතුරො, නමුත් ඒ සියලුම සතුරන් අතරත් ප්‍රධානම දෙදෙනෙක් ඉන්නව , ඒ තමයි මහාචාර්ය ⁣ඡේම්ස් මොරියාටි සහ සෙබස්තියන් මොරාන්, මේ දෙදෙනා තරම් හෝම්ස්ව මරන්න උත්සාහ කරපු වෙනත් අය නැති තරම්. ලන්ඩන් පාතාලයේ සියලුම අපරාධ මෙහෙයවන කෙනා තමයි මොරියාටි , ඒ වගේම මොරියාටිගෙ දකුණු අත වෙන කෙනා තමයි සෙබස්තියන් මොරාන්.
 චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන් සහ ක්ලෙවටන් ස්මිත් දෙදෙනාත් ⁣ප්‍රධානම සතුරු ලිස්ට් එකට දාන්න පුලුවන් දෙදෙනෙක්..

6. හෝම්ස්ට ආදරයක් තිබුනද?

ඇත්තටම ඒ ගැන කතා කරනකොට කියන්න දෙයක් නෑ, මොකද හෝම්ස්ගෙ ඡීවිතය තුළ ආදරයට හා විවාහයට කිසිම සැලකිල්ලක් තිබු⁣ෙන නෑ කියල තමා කියවෙන්නෙ..
නමුත් හෝම්ස්ව බුද්ධියෙන් පරාඡය කරපු අයිරීන් ඇඩ්ලර් නම් තරුණිය ගැන හෝම්ස්ගෙ හිතේ ආදරයක් තිබුන කියල ගොඩක් විචාරකයො කියනව..
ඒ වගේම ශර්ලොක් හෝම්ස් කෘති රචනා කරන කාලය වෙනකෙ⁣ාට ප්‍රසිද්ධියෙම ලිංගිකත්වය ගැන කතා කලේ නෑ.. ඒක නිසා ඒ කෘතිවල ලිංගිකත්වය ගැන එහෙමට දෙයක් නෑ.

7.ෂර්ලොක් හෝම්ස්ගෙ විනෝදාන්ශයන් මොනවාද?

 විනෝදාංශ ගැන කියනකොට හෝම්ස්ගෙ ප්‍රධානම විනෝදාංශය තමයි වයිලීන් වාදනය කිරීම ,, ඊට අමතරව රසායන විද්‍යා පර්යේෂණ කිරීම , කුඩා පෙ⁣ාත් රචනා කිරීම , සංගීත සංන්දර්ශන බැලීමට යාම , වගේම පැරණි අපරාධ පිළිබඳව පුවත්පත් වාර්ථා එකතු කිරීම වැනි දෑ තියෙනව .

8. ෂර්ලොක් හෝම්ස්ගෙ පවතින ගතිගුණ .....

  * පුද්ගල රහස් ඉතාමත් හොඳින් ආරක්ෂා කරන අයෙක්, සමහර තොරතුරු ඔහුගේ මරණයත් සමඟ සැඟවී යාමට පවා ඉඩහැරල තියෙනව .

* සමාඡයේ යහපත වෙනුවෙන් මියයාමට වුවද ඉදිරිපත් වෙන පුද්ගලයෙක් මොරියාටි සමඟ  කළ කතා බහේදී ඒ බව සනාත වේනව

* සැමවිටම නිවැරදි දෙය වෙනුවෙන් පෙනී සිටිනව.

* පුද්ගලයන් ඇසුරේදී ඉතාමත් විනීත බවක් ප්‍රකාශ කරනව වගේම කාන්තාවන්ට ගරු කරනව..

* පරීක්ෂණ වෙනුවෙන් කොපමණ වෙහෙස වුනත් එහි ඇගයීම් , ත්‍යාග සෑම විටම ලබා නොගෙන අන් අය වෙත පිරිනමනව.

* හෝම්ස් දුම් බීමට අධිකව ප්‍රිය කල කෙනෙක් , ඒ වගේම අබිං , කොකේන් වැනි මත්ද්‍රව්‍යවලට පුරුදු වෙලත් තියෙනව .

9. හෝම්ස් ඔහුගේ අවසන් කාලය කෙසේ ගත කලේද සහ ඔහු මියගියේ කෙසේද?

හෝම්ස්ගෙ අවසන් කාලය ගැන කියනව නම් , ඔහු 1904 දි අපරාධ පරීක්ෂණ වලින් විශ්රාම යනව.
   අපරාධ පරීක්ෂණ වලින් උපයගත්ත මුදල් යොදාගෙන සසෙක්ස් ප්‍රාන්තයේ ඉඩමක් අරගෙන මී මැස්සන් පාලනය විනෝදාංශය කරගෙන ඔහු ඡීවිතේ අවසන් කාලය ගෙවා දමනව.
   ඒ වගේම කොනන් ඩොයිල්  මහතාගේ පොත්වල ඔහු මියගිය දවසක් සඳහන් වෙලා නැතත් පසු කාලවල නිර්මාණය වූ ෂර්ලොක් හෝම්ස් කෘති වලට අනුව ඔහු අවුරුදු 103 ක් ඡීවත්වෙලා තියෙනව .

10.. අවසාන වශයෙන්...

       ඔයා ෂර්ලොක් හෝම්ස් කෘති කියවන්නැති කෙනෙක්නම් ඔයාට මේ ඔක්කොම පිස්සු විකාර වගේ පෙනෙයි.. ඒක අවුලක් නෑ,, කියවපු දවසක ආයෙ මේ ලිපිය බලන්නකො .
    අනිත් දේ තමයි ඔයා ෂර්ලොක් හෝම්ස් කෘති කියවනව නම් අනිවාර්යයෙන් චන්දන මෙන්ඩිස් මහත්තය පරිවර්තනය කරපුව කියවන්න . ( මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී ) එතුමගෙ පොත්වල නියම පිළිවෙළට වගේම ලස්සනට  කතා තියෙනව ..
      එහෙම කියවන්න පොතක් ගන්න හැකියාවක් නැති කෙනෙක් නම් e book බැලුවට මම වැරැද්දක් කියන්නෑ,, ලින්ක් නම් දෙන්න බෑ මොකද ඒව නීති විරෝධී වැඩ, ඒත් google හොයල බැලුවොත් ඒව ඕනතරම් තියෙනව ..
     තව  දැනට ඡනප්‍රිය ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටි දෙකක් නිකුත්වෙලා තියෙනව . චිත්‍රපටි පිස්සො ඉන්නව නම් බයිස්කෝප් සයිට් එක පැත්තෙ යන්න සිංහල සබ් එක්කම තියෙනව ...
    මීට අමතරව ලංකාවෙ රේඩියෝ චැනල් එකකින් කරපු දොරලොක් හෝම්ස් කියල විනෝද වැඩසටහනක් යූ ටියුබ් පැත්තෙ තියෙනව , ඉළ ඇදෙන්න හිනාවෙන්න කැමති නම් ඒකත් ගිහින් බලන්න ..

 මට මඟහැරිච්ච දෙයක් තියෙනව නම් අනිවාර්යයෙන් කොමන්ට් කරන කොට සඳහන් කරන්න, මම හොයල දාන්නම්

10 comments:

  1. කැමතිම මාතෘකාවක් ගැන අපූරු ලිපියක්.
    ඉස්සර සිරස ගුවන්විදුලියෙත් මේ කතා මාලාවන් ගුවන්විදුලි නාට්‍යක් ලෙසින් විකාශයවුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ගොඩවැදිල යන්න ආවට ගොඩක් ස්තුතියි දුමී.

      Delete
  2. ඕනෙම කෙනෙක්ට කියවීමේ ආසාව ඇති කරන පොත් සෙට් එකක් තමා ශර්ලොක් හෝම්ස් කතා පොත්... මේ වෙනකොට පරිවර්තනය වෙලා තියෙන හැම ශර්ලොක් හෝම්ස් පොතක්ම මම කියවලා තියෙනවා... සමහර පොත් දවසින් කියෙව්වා... මාරම ආසාවක් තිබ්බේ... ආතර කොනන් ඩොයිල් ශර්ලොක් හෝම්ස් චරිතය ඇත්ත චරිතයක් ඇසුරු කරගෙන තමා නිර්මාණය කලේ... වෛද්‍යවරයෙක් ඇසුරෙන්...

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් නෙවෙයි මිතිල දෙන්නෙක් ඉන්නව. මතක් කලාට ස්තුතියි . Joseph Bell කියන විසේසඥ වෛද්‍යවරය සහ Henry Littlejohn කියන වෛද්‍යවරුන්ගෙ ආභාෂයෙන් තමයි ශර්ලොක් හෝම්ස් කතා ගොඩනැගිල තියෙන්නෙ. ඡෝසප් බෙල්ගෙන් තර්කානුකූලව නිගමන ලබාගැනීමේ හැකියාවත් හෙන්රි ලිට්ල්ඡෝන්ගෙන් පොලීසිය හා අපරාධ සම්බන්ධ අත්දැකීම්මුත් ලබාගෙන තියෙනව .

      Delete
  3. මේකත් එක්තරා විදියකට පිස්සුවක්... ඇයි මේ ලිපිය කලින් නොදුටුවේ...
    ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් පිස්සුවක් , ආවට ස්තුතියි අරූ

      Delete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...