Thursday, February 23, 2017

ගුරුකම් , magic සහ සංස්කෘතිය

   
ඉතාමත් සංකීර්ණව සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක් ටිකක් සරලව මගේ අදහසට අනුව විස්තර කරන්න තමයි මේ සූදානම.. මම මේව ගැන කතාරන්න විශාරදයෙක් නෙවෙයි , සාමාන්‍යයෙන් ඇහෙන දකින දේවල් අනුව තමයි මම මේ නිගමන වලට ආවෙ..
       ලංකාවෙ  ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක් තමයි මන්තර, ගුරුකම්, හොල්මන් කියන දේවල් ආසියාවෙ ප්‍රාථමික සංස්කෘතික අංගයක් කියන එක.. ඒ කට්ටිය හිතන්නෙ යුරෝපා රටවල බුද්ධිමත් මිනිස්සු ඒව විශ්වාස කරන්නෑ කියල.. ඉතින් අපි අපේ සංස්කෘතියෙ එන ගුරුකම් වගේ දේවල් එක්ක යුරෝපා සංස්කෘතියෙ දේවල් සසඳල බලමුකො..

1. Magic word සහ මන්තර

         යුරෝපා සංස්කෘතියෙ එන  දෙයක් තමයි මායා වචන හෙවත් magic word , හැරී පොටර් චිත්‍රපටිය බැලුවනම් ඕගොල්ලො දන්නවනෙ කොහොමද කියල වචන පාවිච්චි වෙන්නෙ.
         අපේ සංස්කෘතියෙ එන මන්තර දිහා බැලුවම ඒවයිනුත් වෙන්නෙ අත්භූත දේවල් පළවා හරින එක නේද? එතකොට මේ දෙකේ සමානත්වයක් ⁣තියෙනව නේද?
      එක්ස්පැට්රෝ පෙට්රෝනා කියල කෑ ගැහුවත් එකයි ඕන් රීන් කට්ටු කට්ටු කිවුවත් එකයි.. දෙකෙන්ම වෙන්නෙ එකම දෙයක්.

2. මායා යෂ්ටිය සහ කෙවිට

      එංගලන්තෙ ඉඳපු මර්ලින් වගේ මායාකාරයන්ගෙ ඉඳලම  යුරෝපයෙ මායාකාරයො පාවිච්චි කරන දෙයක් තමයි මායා යෂ්ටිය.. මේක ටිකක් මහත කෝටු කෑල්ලක් , මේකෙන් කාටහරි තට්ටු කලොත් බඩු හරි තමා..
       අපේ ගුරුන්නාන්සෙල ගාව තියෙන්නෙ එක්කො මතුරපු වේවැලක් නැත්තම් බස්තමක්, මේකට මතුරල ආතුරයට තට්ටුවක් දැම්මම ආතුරයගෙ ඇගේ ඉන්න යකා යනව..ඒ වගේම තමන්ගෙ ආරක්ෂාවටත් අපේ කට්ටිය අරන්යන්නෙ මේ බස්තම හරි කෙවිට හරි තමා..

3. මායා කල්දේරම් සහ අරිෂ්ට

          ප්‍රසිද්ධ ඉංග්‍රීසි කාටූන් එකක් වෙච්ච astrix and friends එහෙම නැත්තම් සූර පප්ප කාටූන් එකේ මැඡික් අරිෂ්ටෙ ගැන නොදන්න කෙනෙක් නෑනෙ,, ඒ වගේම මායාකාරියො හදන මායා අරිෂ්ට කල්දේරම් එහෙමත් යුරෝපීය ගුප්ත විද්‍ය පැත්තෙ එක කොටසක්.
          අපේ සංස්කෘතිය ගත්තොත් හෙණරාඡ තෛලය, රාඡ තරංගනී තෛලය වගේ තෙල් හිදින්න පත අට එකට සිඳවල අපේ කට්ටියත් කල්දේරම් වල දාල කකාරල තියෙනව. ඒ වගේම වෙද මහත්තුරු, වෙද හාමිනේල බෙහෙත්  අරිෂ්ට හදන්නත් කල්දේරම් වල බෙහෙත් කකාරවමින් කටයුතු කරල තියෙනව.

4. සෝම්බි සහ පිල්ලි
 
     යුරෝපා සංස්කෘතියෙ සෝම්බි කියන්නෙ ඇවිදින මළවුන්ට,, එහිදී මායාකරුවන් පණදීම ,, යක්ෂ බලයන් මගින් පණ ලැබීම , පිස්සු විද්‍යාඥයන්ගෙ වැඩ නිසා පණ ලැබීම වගේ වැඩ වලින් මේ ඇවිදින මළවුන් බිහිවෙනව. ඒ වගේම අදුරු බලවේග වලට ඔවුන්ව පාලනය කරන්නත් පුලුවන්..
      අපේ සංස්කෘතියෙ ගුරුන්නාන්සෙල දවස්ගානක් මහන්සිවෙල කනත්තට වෙල මළ මිනියකට මතුරල පදම්කරල හදාගන්න ඡීවියෙක් තමා මේ පිල්ලිය කියන්නෙ..ගුරුන්නාන්සෙට අවශ්‍යවය වැඩවලට මෙයාව පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම පිල්ලිය වැඩේ ශුවර් එකටම කරන බවත් ප්‍රසිද්ධයි.

5. වැම්පයර්, ඩ්‍රැකියුලා සහ රීරි යකා

    වැම්පයර්වරු කියන්නෙ මිනිස්සුන්ගෙ ලේ උරාබොන සත්ව කොට්ටාසයක් ඒ කට්ටියගෙ නායකය තමයි ඩ්‍රැකිය ,  මේ කට්ටිය රාත්‍රී කාලයේ මිනිස් ලේ සොයමින් සැරිසරනව කියලයි යුරෝපීයන් විශ්වාස කරන්නෙ.
     රීරි යකා කියන්නෙ ලංකාව සහ දකුණු ආසියාතික රටවල් වල ඉන්න යකෙක් ⁣මෙයත් ගොඩක් බලවත් කෙනෙක් කියල තමයි පැරැන්නො කියන්නෙ..මිනිස් ලේ හොයාගෙන රාත්‍රී කාලෙ සැරිසරන එක තමා මෙයාගෙත් රාඡකාරිය.

6. වෘක මිනිස්සු සහ මහසෝනා

      බටහිර සංස්කෘතියෙ තියෙන තවත් එක දෙයක් තමයි වෘක මිනිස්සු ,, දහවල් කාලයේ මනුස්සයො විදිහටත් රාත්‍රී කා⁣ලයේ මනු වෘකයන් බවටත් පත්වෙන මොවුන් පාලනය කරන්න බැරි දරුණු සත්ව කොට්ටාසයක් කියලයි කියවෙන්නෙ.. මොවුන්ට තියෙන්නෙ මනුස්ස ඇඟකුයි වෘක ඔලුවකුයි.
         රිටිගල ඡයසේන කිවුවම රටම අදුරන අපේ රටේ මහසෝනත් මේ වෘක මිනිස්සුන්ට සමාන වෙන්නෙ හරි පුදුමාකාර විදිහට, වලස් හිසක් ශරීරයේ වැරදි පැත්තට සවි කරගෙන ඉන්න මේ යක්ෂ නායකයට මෙක වුනෙ ගෝටයිම්බර යෝධය පහරදීල  බව නොදන්න කෙනෙක් නෑ. හිසේ වෙනස නැත්තම් මහසෝන යුරෝපීය සංචාරෙකට ගිය වෙලාවක සුද්දො දැකල මේ මිනිස් වෘක කතාව හදාගත්ත කියල කියන්න තිබ්බ.

7. ශාප

   ශාප නම් සංස්කෘතික වෙනසක් නෑ හැම රටකටම පොදුයි.. ඊඡීප්තු මමීවල ශාප , මැණික් වල ශාප , මායාකාරින්ගෙ ශාප වගේම කුවේණිගෙ ශාපයත් ලෝක ප්‍රසිද්ධයි.

8. ආත්මයන් හා යක්කු

     යුරෝපයේ ඉන්න ඔක්කොම භයානක ඡීවින් ගොඩක් වෙලාවට යක්ෂ ආත්මයන් , නැත්තම් අපායන් ආපු යක්ෂයන්, මේ ආත්මයන් අඳුරේ ඉඳල මිනිස් ඡීවිත බිලිගන්න එන බව තමයි කියවෙන්නෙ..
     අපේ සංස්කෘතියෙ යක්කු , පෙ⁣ෙර්තයො , කුම්භාණ්ඩයො  ,, බහිරවයො වගේ ගොඩක් අය ඉන්නව, මේ කට්ටිය මිනිස් ඡීවිත වලට යම් තරමක බලපෑමක් කරන බවත් කියන්න පුලුවන්..

9. මායාකරුවෝ සහ යකැදුරෝ
 
     යුරෝපයේ මායාවන් යොදාගෙන අඳුර සමග ගණුදෙනු කරපු අය මායාකරුවන් විදිහට හඳුන්වනව. ඒ බව මර්ලින්,, හැරී පොටර් වගේ චිත්‍රපටි බලපුවම තේරුම් ගන්න පුලුවන්..ඒ රටවල් වල ඒ වගේ අය අඩුවෙන් තමා ඉඳල තියෙන්නෙත්,
      අපේ රටේ මන්තර සාස්තරෙන් යක්කු භූතයො එළවන අය සංස්කෘතියෙම කොටසක්,, ඒ වගේම ඒ වගේ අය වැහි වැහැල ,, නමගිය දක්ෂ කට්ටඩි මහත්තුරු ඉන්නෙ බොහොම ටිකයි.

  නමය නපුරුයි කියන නිසා විස්තරේ මෙතනින් අවසන් කරන්න මම තීරණය කල..
      මට නම් මේ තොරතුරු හෙවුවහම තේරුනෙ මේ හැම සංස්කෘතියකම ගුප්ත විද්‍යාවෙ ආරම්භක මූලාශය එකක් වෙන්න පුලුවන් කියලයි.

 මේ තොරතුරු අනුව ඕ⁣ෙගාලන්ට මේ සංස්කෘතීන් දෙක ගැන යමක් හැඟුනනම් මටත් දැනගන්න අනිවා comment කරල යන්න.

ඡායාරූප අන්තර්ඡාලය ඇසුරිනි.

13 comments:

  1. තරිඳුගේ සටහන කියෙව්වම මේ සැසඳීම හරියි කියලත් හිතෙනවා. රටින් රට භාවිතාකරන වචනය වෙනස්වුණත් එකම දේ නේද තියෙන්නෙ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මිතිලයි තරිදුයි එක පන්තියේද, එක ගමේද? නෑ මේ පහළින් මිතිලගේ වාසිතය ගැනත් ලියලා තියෙන හින්දයි ඇහැව්වේ.

      Delete
    2. දුමී මට මිතිලව හම්බවුනෙ fb එකෙන් ,, මට බ්ලොග් එකක් කරන්න කියල කිවුවෙත්,, බ්ලොග් ගැන මෙලෝ හසරක් නොදන්න මට බ්ලොග් එකක් හදල දීල බ්ලොග් ලියන්න කියල දුන්නෙත් එයා තමයි,, මට ප්‍රශ්නයක් ආවොත් උදව්කරන්න එයා දිගටම බ්ලොග් එකේ ඉන්නව....

      Delete
    3. ඇත්තම කියනව නම් මට හම්බවෙච්ච හොඳම යාලුවෙක් තමයි මිතිල..

      Delete
    4. ඒ වගේ මිත්‍රකම් හරි අඩුයි තරිඳු. ඒ මිත්‍රකම රැකගෙන ඉදිරියට යන්න හැකිනම් එයයි වටින්නේ.

      ජයවේවා!!!

      Delete
  2. ඔය හැම සංස්කෘතියක්ම අතර සම්බන්ධයක් තියෙනවා... හැම සංස්කෘතියක්ම හැදිලා තියෙන්නේ තවත් සංස්කෘතියකින් ණයට ගත්ත දේවල් වලින්... පස්සේ කාලෙ ඒවා ඒ ඒ පරිසරයට කාලයට උචිත විදිහට වෙනස් වෙනවා... මේ සැසදීම බොහොමත්ම නිවැරදියි... දිගටම ලියන්න...

    ReplyDelete
  3. හොල්මන් ගැන තියන සිංහල වෙබ් සයිට්ස් දන්නවනම් කියපල්ලකෝ

    ReplyDelete
  4. මම නම් දන්නෑ ,, fb page , gruap වලනම් තියෙනව

    ReplyDelete
  5. හොද සැසදීමක් තරිදු...
    සමහර ඒවා ගැන දන්නවා උනත් ඔය විදියට සසදලා බැලුවෙ අදයි

    ReplyDelete
  6. Elama post ekak. Patta brother.

    ReplyDelete
  7. Mama me wage dewal gena hoyanna godak asay podi kale idanma. Good job

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...