වතුර මැද්දෙ කතන්දර

 
  මේ පාර ගං වතුර ගොඩක් සැර⁣ටම ආව කියල ඔයාල හැමෝම දන්නවනෙ.ඉතින් මේ ගංවතුර කාලෙ අපේ ගමේ ඒ වගේම අහලපහළ පැතිවල සිද්දවුන රස කතා ටිකක් ලියන්න තමා මම කල්පනා කලෙ. රස කතා කිවුවට මේව දුක හිතෙන කතා , ඒ වගේම මේ කතා සම්පූර්ණයෙන්ම ඇත්ත , ඒත් ඉතින් මම ඒවට මිරිස් තුනපහ ටිකකුත් කලවම් කලා..
      පළවෙනි සිද්ධිය සිද්ධ වුනෙ අපේ ගෙවල්පැත්තෙ ඉන්න මාම කෙනෙක්ට.. ඩ්‍රයිවින් ඡොබ් එකක් කරන එයා, හොඳට කන නැතත් බොන මිනිහෙක් කියල හැමෝම දන්නව.මේ සිද්ධිය වෙච්ච දවසෙ එයා බීලද නැද්ද කියලනම් මට හොයාගන්න බැරි වුන.. ඒත් අනිවා බීල ඉන්න ඇති. ඉතින් එයා වැඩට ගිහින් ඇවිල්ල රෑ වෙල සැපට නිදාගෙන.. වැස්ස , ගං වතුර එයාට අදාළ දේවල් නෙවේ , මොකද මෙච්චර කාලෙකට කවදාවත් එයාල ඉන්න හරියට ගංවතුර දාල නෑ.. ආ.. කියන්නත් අමතක වුන , එයා තනිකඩයක් තනියෙම තමා වාසෙ. ඉතින් වෙනද වගේම එයා උදේ හයට නැගිටල තියෙන්නෙ වැඩට යන්න කියල හිතාගෙන.. නිදි මරගාතෙ ඇදෙන් බිමට බැහැපු එයා ඡබොස් ගාල ඇදේ මෙට්ටෙ ගාවටම ඇවිල්ල තිබුන ගං වතුරට වැටිල.. වැටිලත් විනාඩි පහක් විතර ගියාට පස්සෙ තමා එයාට මීටර්වෙලා තියෙන්නෙ ගෙට වතුර දාල නේද කියල.
    දෙවනි සීන් එකත් අපේ හරියෙම නැතත් අපේ ගමේ පවුලකට වෙච්ච දෙයක් , ඒ අයටත් කවදාවත් වතුර දාන්නෑ. ඒත් ඒගොලන්ගෙ ගෙවල් වලට ඉස්සරහ තියෙන ගෙවල්වලට වෙනදත් ලාවට වතුර දානව. එදා වැස්ස දවසෙ පාන්දර හතරට විතර මේ අයට ආරංචි වෙල ලාවට වතුර දාගෙන එනව කියල. ඉතින් ඒගොල්ලො පුලුවන් තරම් ඉක්මනින් වතුර ගලන ගෙවල්වල අයට උදව්කරන්න ගිහින් , පාන්දර නිසා කරුවලත් එක්ක. මේගොල්ලො වතුරෙ බැහැගෙන අනිත් අයට උදව්කරල ගෙදර එනකොට මේගොලන්ගෙ ගෙදර දණකට වඩා වතුර . බිම තියල තිබ්බ බඩුයි , මෙට්ටයි ඔක්කොම තෙමිල කියල තමා ආරංචි වුනෙ.
   තුන්වෙනි සීන් එක උනෙ අපෙ ලොකුඅම්මට. එයාලගෙ ගෙදරට කලිනුත් වතුර දාල තිබ්බ..කලින් ලොකු ගං වතුරක් ආවමත් දණකින් එහා කවදාවත් ඒගොලන්ගෙ ගෙදරට වතුර දාන්නෙ නෑ. ඒ බව විශ්වාස නිසා අපේ ලොකුඅම්මයි මහප්පයි ගෙදර තිබ්බ බඩු ටිකක් අල්ලපු ගෙදරට ඇදල දාල , ඉතුරු ටික ගෙදර තිබ්බ මේස උඩින් තියල. අල්මාරියෙත් පහළ තට්ටු දෙක විතරක් අස් කරල ඉතිරිව එහෙම්මම තියල. ඒ ගොල්ලො ගෙදර පොඩි ටේලර් ශොප් එකකුත් කරනව.. ඒකට අලුතින් ගෙනාපු මහන මැෂින් ටිකත් ගෙදර පොරණුවෙන් දාල තියල ,ගෙදර කරන්ට් එකත් නැති නිසා ඒ දෙන්න අල්ලපු ගෙදරට ගිහින් නිදාගෙන.
   ලොකුඅම්මයි මහප්පයි උදේ නැගිටල බලනකොට වතුර තිබිල තියෙන්නෙ ඒගොලන්ගෙ ගෙදර වහල මට්ටටමේ.... බඩු ඔක්කොටම අබ සරණයි.
     හතරවෙනි එකනම් අපේ ගමේ නෙවෙයි , මට අහන්න ලැබුන එකක්..රඡයෙ ආයතන වලින්  ගංවතුර ආධාර දෙනකොට ගමේ යමක් කමක් දන්න පුද්ගලයෙක්ට ⁣බාර දෙනවනෙ ගෙවල්වලට යන්න . අන්න ඒ වැඩේට අපි දන්න අංකල් කෙනෙක්ව තෝරගෙන තිබ්බ. එයා ආධාර මලු අරගෙන ගෙයක් ගානෙ යනකොට ගෙවල් කීපයක ඉඳපු යමක් කමක් තියෙන ඇන්ටිල කීපදෙනෙක් එයාට කියල තියෙනව  ""අපි රඡයෙ සේවකයොනෙ අපිට ඔය ආධාර එපා කියල ""  එහෙම කියපු හැමෝම දිහා අනුකම්පාවෙන් බලපු අංකල්.. " මේව දුන්නට ගත්ත අයගෙ නම් ලියාගන්නෑනෙ. ඔය ටික එහෙනම් දොරකඩින් තියල තියන්න මම යනකොට අරගෙන යන්නම් කියල කියල තියල ගිහින් "
   ඊට පස්සෙ ඉතින් වෙච්ච දේ කියන්න දෙයක් නෑනෙ.

⁣ඡායාරූප අන්තර්ඡාලය ඇසුරිනි .

Comments

  1. අපෝ තරිඳු මොනද මේ ලියලා තියෙන්නේ.. ඔයා ෆන් එකට වගේ ලිව්වට පව් ඒ මිනිස්සු... ^_^
    අර මැෂින් ටිකත් ගන්න දෙයක් නැද්ද... පව් ඉතින් මිනිස්සු..
    ඔයාලටත් ගං වතුරෙන් කරදර වුනාද?

    ReplyDelete
    Replies
    1. ුඅපිව වතුරට යටවුනේ නම් නෑ , වතුරෙන් වටවුන.දවස් පහක් කොහෙටවත් යන්න බැරුව කරන්ට් නැතුව හිටිය. ඇත්තටම මම මේක ෆන් එකට ලිවුවෙ නෑ , ඒකයි මම දුක හිතෙන කතා කියලත් කිවුවෙ , අපේ කට්ටියගෙ අවධානය මදි කම නිසයි වෙච්ච පාඩු ඩබල් වුනෙ. මැෂින් ටික හදාගන්න ඕන,, ඉතින් ඒ හැම දේකටම මම උදව්කරන්න යනව.. අපි තමා ලොකුඅම්මගෙ ගේ හේදුවෙත්.
      ආවට ස්තුතියි අරූ

      Delete
    2. අයියෝ හිත රිදුනද.. සමා වෙන්න හොඳේ... නමුත් ලියලා තියෙන්නේ ෆන් එකට වගේ.. පොඩි ෆන් එකකුත් ඒකේ තිබ්බා..ඒකයි මං කිව්වේ පව් ඒමිනිස්සු කියලා...

      මැෂින් ටික වගේම සියලූ දේවල් ඉක්මනින් යථා තත්වයට පත් කර ගන්න ඉක්මනින් පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
      ඒත් රජය වුනත් ආපදා කලමණාකාරනය මීට වඩා වගකීම් සහිතව කරන්න අවශ්‍යයි.. මිනිස්සු අවධානයක් යොදන්නේ දෙයක් වුනාම කියලා කියන්නේ කට කහනවට නෙවෙයිනේ..

      Delete
    3. රෙපයාර් පස්සේ කරහං ...ඔය මෙෂින් වලට භුමිතෙල් දාල හෝදලා ...තෙල් යහමින් දාල තියපං .. නැත්තං හදන්ඩ ගියහම කෙලවෙනවා .....

      බ්ලොග් එකට බ්ලොගර් පලෝවරය දාහං

      Delete
  2. හැම දෙයක් ගැනම අඩු තක්සේරුවකින් ඉන්න හොඳ නෑ කියලා මේක කියවපුවාම හිතුණා. ආපදා තත්වයට ලවූ හැම ජන ජීවිතයක්ම ඉක්මණින්ම යථා තත්වයට පත්වෙයි කියලා හිතනවා. මුකුත් නොලියා ඉන්නවට වඩා ගංවතුර ගැන හරි ලිපියක් ලිව්ව එක වටිනවා. ළොකු අම්මලාගේ ගෙදර දැන් තත්වය හොඳ ඇති කියලා හිතනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් තත්වෙ යහපත්, ස්තුතියි දුමී

      Delete
  3. අපි හිතන විදිහට හැමදේම වෙන්නෑනේ... දුමී කිව්වා වගේ අඩුතක්සේරුවෙන් හිතන්න හොද නෑ... අපෙහෙටත් ඉස්සර වතුර දැම්මා... ජා ඇල ඇල උතුරලා... ඒකෙන් වටේ පිටේ සේරෝම යටවුනා... බෝට්ටු වලින්ම තමා ගියේ... ඒත් දැන් නන් වතුර දාන්නෑ මොකද ඇලේ වටේම බැමි ඉස්සුවා... අයේ වතුර ආවොත් ඒවටත් මුහුණදෙන්න වැඩපිලිවෙලක් ආරම්භ උනා... මේ විදිහට ආයෙ වතුර දාන්නෙ නැති වෙන තත්වයක් ඇති කරන්න මොකක්හරි වැඩපිලිවෙලක් ඔය ප්‍රදේශවලත් ක්‍රියාත්මක උනොත් තමා හොද...

    ReplyDelete
  4. අන්තිම කතාව බලහල්ලකො ඉතින්....
    කෝම හරි ගං වතුර ගැන හරි ලියපු එක වටිනවා

    ReplyDelete
    Replies
    1. අන්තිමට තමා ඇත්ත ලියවෙන්නෙම

      Delete

Post a Comment

Popular posts from this blog

ශාපලත් භාණ්ඩ 1 (ඇනබෙල් )

මමියේ ශාපය

ශාපලත් භාණ්ඩ 3 (බෝනික්කන් පිළිබඳ අවසන් ලිපිය )