මගෙ වැඩත් එක්ක දැං මගෙ බ්ලොග් කට්ටත් පාලුවීගෙන එන්නෙ.ලියන්න දේවල් නම් ඕන තරම් තියෙනව , ඒ ඒව ලියාගන්න වෙලාවක් නෑ... ඩ්‍රැකිය යාං හෑල්ලෙ ලින්කුව දුන්නට පස්සෙ ඒකෙ තිබුන කතාවක් බලල මටත් මගෙ පාසල් කාලෙ වෙච්ච අලකලංචියක් ලියන්න හිතුන..කතා නම් ගොඩක් තියෙනව ඒත් මම තාම පාසලෙන් අස්වීමවත් ගත්තෙ නැති පොඩිම පොඩි කොල්ලෙක් නිසා එව්ව දැම්මම ලියන්න හොඳ නෑ.
මට මතක විදිහට මම ඒ දවස්වල අට වසරෙ.. කොහොම උනත් මම ඔය ලව් සීන්, තක්කඩිකම් වලට නැති හතර පෝයටම සිල් ගන්න බොහොම අහිංසක කොලුවෙක්. ඒත් ඉතින් පංතියෙ යමක් සිද්දවෙනවනම් මමත් ඉතින් පොඩ්ඩක් හොම්බ දානව..
අපේ පන්තියෙ කොල්ලෙක් හිටිය නිමන්ත කියල. ඒ කාලෙ මිනිහ විතරයි අපේ පන්තියෙන් කෙල්ලෙක්ව දාගත්ත එකම ඩෑල් එක. පොල්තෙල් බෝතලයක් විතර ඔලුවෙ වක්කරගෙන , සෙන්ට් කුප්පියක් නාල පොර එක විදිහක්. මිනිහ ඒ කාලෙ කමිසෙ ඇන්දෙත් අපි වගේ නෙවෙයි, බොත්තම් හතරක්වත් ඇරල පපුව පේන්න..
උගෙ කෙල්ලගෙ නම රෝෂිණී .ඒකි අපිට වඩා අවුරුද්දක් බාලයි..ලව් එක නිසා ඒකි පට්ටම ගණන් උස්සල හිටියෙ , අපිට ඒකිව පේන්නන්න බෑ., ඒකි අපේ මූණක්වත් බැලුවෙ නෑ.. අපේ පන්තියෙ එවුන් ඒකිට දඟරලතා කියල නමකුත් දාල තිබ්බෙ.ඒකිගෙ ඒ හැටි ලස්සනක් තිබුනෙත් නෑ, රොටි තැටියක් වගේ රවුම් මූණකුයි , කලු කොටට කපපු කොන්ඩෙකුයි තමා ඒකිට තිබ්බෙ . කොහොම කොහොම හරි දවසක් ඒ කෙල්ල නැටුම් තරගෙකට ගිහින් තිබුණ. ඒ නැටුම් තරගෙ රෙකෝඩ් කරපු cd එකක් රුපියල් පන්සීයක් විතර වෙනව. ඒත් කෙල්ලට එයින් එකක් ගන්න සල්ලි තිබුණෙ නෑ .. ඒවෙලාවෙ තමා නිමන්තයගෙ ඔලුවට අපි මරු අයිඩියා පාරක් දැම්මෙ.. ඒ තමයි cd එක ගත්ත කෙල්ලෙක්ගෙන් ඒක දවසකට ඉල්ලගෙන කොපියක් ගහල, සල්ලි වලට අරගත්ත කියල එයාට දෙමු කියන එක.එතකොට කෙල්ලගෙන් ලකුණුත් වැටෙනවනෙ.කියන්න කණගාටුයි පින්වතුනි ඒ කාලෙ අපේ පන්තියෙ එකෙක් දෙන්නෙක් හැරුනම අනිත් එකෙක්වත් කම්පියුටර් එකක් දැකලවත් නෑ. ඉතින් කම්පියුටර් එකක් තියෙන කොල්ලෙක් ගාවට ගිහින් පිංසෙණ්ඩු වෙල..ඌ කොපියක් ගහන්න වැඩේ සෙට් කරගත්ත...
කොල්ලගෙන් රුපියල් පනහක් ඉල්ලගෙන අඩුවට එම්ටියක් අරගෙන ගහල ඉස්කෝලෙටම ගෙනල්ල දෙන්න ඩෑල් එක පොරොන්දු වුන.. දැන් ඉතින් cd එක රයිට් කරල අරගෙන එන දවසත් ආව.ඒ දවස්වල cd එකක් රයිට් කරනව කියන්නෙත් අපිට මහ මෙරක් වගේ වැඩක්. මේක ඉස්කෝලෙ ඉවර වෙනකම් තියන් ඉන්න එකත් බොහොම අවදානම් වැඩක්..
ඉස්කෝලෙන් සතියට දෙපාරක් අහඹු විදිහට පැනල අපේ බෑග් චෙක් කරනව , cd එකක් , ලව් ලෙටර් එකක් ඒ වෙලාවට මාට්ටු වෙනව කියන්නෙ මරණීය දණ්ඩනය ලැබෙන වරදක්.. මතක් වෙනකොටත් ඇඟ සීතල වෙලා යනව...
ඒකෙන් බේරෙන්න ඒ කාලෙ අපි කරපු වැඩේ තමයි අච්චු පොත්වල පිටකවරෙ ගලවල cd එක ඒක අස්සට රිංගවල ආයෙ ස්ටේපර් පාරක් ගහන එක.
ඉස්කෝලෙ ඇරුනට පස්සෙ ඉස්කෝලෙ පල්ලෙහා තිබ්බ බස් හෝල්ට් එකේදි තමයි cd හුවමාරුව සිද්ධවුනෙ. රයිට් කරපු එකාගෙන් නිමන්තයගෙ බෑග් එකට , නිමන්තයගෙ බෑග් එකෙන් ඒ කෙල්ලලෙ බෑග් එකට ඕං ඔහොමයි ඒක වුනෙ..දැන් ඊලඟ දවස වෙනකම් අපිට ඉවසිල්ලක් තිබ්බෙ නෑ..ඌට කෙල්ල මොනවද කිවුවෙ කියල අහන්න , ඒත් කොල්ලයි, කෙල්ලයි දෙන්නම එදා ඉස්කෝලෙ ඇවිත් තිබුනෙ නෑ.ඊලඟ දවසෙ ඉස්කෝලෙදි අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමා මුන් දෙන්නට මොකද වුනෙ කියන එක...
ඊට පස්සෙ දවසෙ උදේම නිමන්තය ඉස්කෝලෙ ආව.
මචං මොකද උනෙ , උබට අසනීප උනාද ආවෙ නැත්තෙ , කෙල්ලව හම්බවුනාද? cd එක හොඳලුද?
පොර මුකුත්ම කිවුවෙ නෑ... පැත්තකට වෙලා කල්පනා කර කර හිටිය.
මචං අර cd එක... ඒක අර නැටුමෙ cd එක නෙවෙයිනෙ බං..නැටුමෙ cd එක තාම මං ගාව.. මම ගෙදර ගිහින් බැලුවම බං දැක්කෙ..මගෙ බෑග් එකේ cd දෙකක් තිබ්බ , මට හිතෙන්නෙ ඒ දෙක මාරු වෙල මෙන්න බොලේ cd එක රයිට් කරපු කොල්ල මැද්දට පැනල කිවුව..හුටා එතකොට කෙල්ලට දුන්න CD එක මොකක්ද ???
ඒ ගැන ඉතින් දන්නෝ දනිති කිවුවලු😂😂😂
තව පොඩ්ඩෙන් එතන මිනීමැරුමකුත් වෙනව.. නිමන්තයට අම්බානට මළ පැනල අරූගෙ බෙල්ල මිරිකන්න හැදුවෙ . මිනිහගෙ ලව් ස්ටෝරි එකත් එතනින්ම ඉවර උන. මොඩ් වෙච්ච ගතියත් නැත්තටම නැති වෙලා ගිය.
එදා තමා ඒ කෙල්ලව අපේ ඉස්කෝලෙ දි අන්තිම වතාවට දැක්කෙ.එදා ඒ කෙල්ලට ගෙදරදි මොනව උනාද කියල හරියටම දැනගන්න උන්නෑ..නිමන්තය ඒ ගැන වචනයක්වත් කිවුවෙත් නෑ. පවුලේ සැම සමඟ නැටුම් CD එක බැලීමෙන් අනතුරුව තාත්ත ඒකිව ටවුමෙ ලොකු ඉස්කෝලෙකට දැම්ම කියල තමා පස්සෙ ආරංචි වුනෙ...
ඒ කියන්නේ සිස්සත්තෙ පාස් උනා වගේ තමයි. ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් වෙනවා එහෙම එකක් බැලුවහම. ඔය ඉතිං කියන්න පුළුවන් කතා විතරයි නෙ. බැරි එව්වා කොච්චර ඇතිද.
ReplyDeleteඑව්වත් දාන්න පුලුවන් දවසක් එයි , සමහර විට
Deleteයාං හෑල්ල නම් පට්ටයි ඈ
Deleteහැක්.. පවුල් සංස්ථාව ඉස්සරහම අර ගෑණු ළමයි හොඳ නැටුමක් පෙන්නන්න ඇති. අයියෝ සංසාරේ..
ReplyDeleteඒ දරුවට ඒකෙන් උසස්වීමකුත් ලැබුන අලුත් ඉස්කෝලෙකට, අන්නේකයි වාසනාව
Deleteපව් බං අහිංසක කොල්ලා....
ReplyDeleteහිකි හිකි ප්‍රථම ප්‍රේමයේ අවසානය
Deleteහෆොයි නොවේවා මෙවන් ව්පත් මතු සසරෙවත්
ReplyDeleteඒහෙමද ආස.. බොට ඔයිට වඩා කූඡිත දෙයක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව මචං
Deleteමං හිනා වෙච්ච විදිහ මේකෙ ලියන්ඩ බෑනෙ අප්ප...!
ReplyDeleteහිනා ගියා නම් එච්චරයි
Delete
ReplyDeleteහයියෝ මොන වින්නැහියක්ද ඒ උනේ
සුලු අත්වැරදීමක් තමා උනෙ...
Deleteයකෝ ඒකනම් පට්ට
ReplyDeleteEla
Deletesinhala sub
ReplyDeleteඑල එල, බාගෙන බලන්නම්කො
Deleteඒක පට්ට.. කෝමද මල්ලී නිකං ෆුල් සවුන්ඩ්ස් දාල අහල පහල ඈයො එක්ක වැඩේට එන්ටර් වෙද්දි අර වගේ පුල් මාවලස් ආතල් එකක් තිබ්බම දැනෙන සොමිය..
ReplyDeleteනෑනේ. නෑනේ.. විඳල නෑනේ..
ඒ ආතල් එකත් ඇරං බලපං
ඒක පට්ට
😂 😂 😂
ආතල් එක දන්නෝ දනිති..
Deleteඅනේ දෙවියනේ
ReplyDeleteපවු නේද
Deleteමෙවා අපිට හොද පාඩම්
ReplyDelete- ජෑ මා කාලී -
මේව බලල, කාටවත් කරන්න යන්න එපා මකරෝ
Delete