Thursday, June 28, 2018
කාන්තා හිංසන සහ මම නා ගැනීම
මුලින්ම කියන්න ඕන මේ සිද්ධිය මට උන සත්‍ය සිදුවීමක් මිසක් ආතල් එකට ලියපු එකක් නෙවෙයි. මේ සිද්ධිය වෙලා දැන් මාසෙකටත් කිට්ටුයි. මම මේක මේ ලියනවද නැද්ද කියල ගොඩක් හිත හිත ඉදල අන්තිමට ඔන්න ඔහෙ ලියල දාන්න තීරණය කලා, බ්ලොග් කට්ට බලන කට්ටිය මෙව්ව බලල මට කෝචොක් පාරවල් එහෙම දාන්න එන්න එපා ඈ.....
කට්ටිය දන්නවත් ඇතිනෙ, මම මේ බ්ලොග් කට්ටක් ලිව්වට තාම ස්කෝලෙ යන සූටි එකෙක් කියල, නෑ නෑ සූටි නෑ , දැන් ඉස්කෝලෙ යන්නෙත් නෑ , පන්ති තමා යන්නෙ.. ඉතිං මම මේ ලඟදි දවසක් හවස්වරුවක පන්ති යන්න කියල මතුගම කලුතර බස් එකකට නැග්ග.බස් එකේ එච්චරම සෙනග හිටියෙත් නෑ , මම ඉතිං බස් එකේ පිටිපස්සට කිට්ටුවෙන් තියෙන සීට් එකක වාඩි උනා.මොකද බස් එකේ ඉස්සරහ සීට් මට ඇලඡික්..මම වාඩිඋන සීට් එකේ,මට එහා පැත්තෙ අයිනෙ හිටියෙ මට වැඩිය අවුරුදු පහක් විතර වැඩිමල් කොල්ලෙක්.
තව මම වාඩිවෙලා හිටපු සීට් එකට ඉස්සරහ සීට් එකේ හිටියෙ , මට වැඩිය බාලයි වගේ පේන නංගියෙකුයි , එයාගෙ අම්මයි. නංගි කිව්වට 18 -20 විතර වෙනව..
ඉතිං බස් එක ටික දුරක් ධාවනය උනා..ඒ අතරතුර අර මට ඉස්සරහ සීට් එකේ හිටපු ඒ කාන්තාවො දෙන්න,පොඩි අවුලකින් ඉන්නව කියල මට පෙනුන. අම්මයි දූයි මුණු මුණු ගානව.. ඒ අස්සෙ අම්ම දූගෙ අතිනුත් අල්ලගත්ත.(ඒ නං ඉතිං දූව සීට් එකෙන් ලිස්සල වැටෙයි කියල වෙන්නැති)
මෙන්න එකපාරටම ගෑල්ලමයගෙ අම්ම මගෙ දිහා රවල බලල දූවත් එක්කගෙන වෙන සීට් එකකට ගිය..මට ඒක එච්චර ගානක් උනෙ නෑ, හැබැයි ඊට පස්සෙ උන දෙයින් නං මට දාඩිය ටිකකුත් දැම්ම.
මේ ගෑණු කෙනා මගෙ දිහා බලාගෙන මහ හයියෙන් මුලු බස් එකටම ඇහෙන්න ""අර වනචරය මගෙ දූගෙ පපුව අතගාල කියල කිව්ව""
බස් එකම මගෙ දිහා බලනව. කරුමෙකටද මන්ද එදා මම ඇදගෙන ගියෙත් මගෙ වාසනාවන්ත අහිංසක ශාන්ත දාන්ත කිට් එකත් නෙවෙයි.. තද කලු කලිසමයි , කලු කමිසෙයි , කලු සපත්තු දෙකයි තමයි එදා මම ඇද පැළඳගෙන හිටියෙත්..පට්ටම අමුතු පෙනුමයි..
මම සීන් එක ඇහිච්ච නැති ගානට ඉන්න විදිහටම හිටිය.මොකද අනවශ්‍ය විදිහට කලබල උනොත් මම ම තමයි අමාරුවෙ වැටෙන්නෙ කියල මම කල්පනා කෙරුව. මට එහාපැත්තෙ වාඩිවෙල ඉන්න එකත් මම දිහා කන්න වගේ බලනව..
වැඩේ එතනින් නතර උනෙ නෑ.අර ගෑනු කෙනා දිගට හරහට කියෝනව. සීට් එකට උඩින් අත දාල තමයි ඌ මේ පාහර වැඩේ කරල තියෙන්නෙ.මේ වගේ වනචරයන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල ආපහු අර ගෑණු කෙනා කියවන්න ගත්ත. දැන් බස් එකේ හිටපු වැදගත් මහත්තුරුන්ටත් මේක හොඳටම අැහිල ඉවරයි. කට්ටිය මට සලකන්න ලෑස්ති වෙන බවක් තමයි පෙනුනෙ.එයාලගෙ මූණු දිහා බැලුවම මට ඒක හොඳටම පෙනුන.
""අම්මේ , ඔය අයිය නෙවෙයි අර එහාපැත්තෙ එකා""
දහසක් රකුසු හඩවල් අස්සෙ ඇහුන ඒ ලස්සන සුරංඟනාවියගෙ කටහඬ මට තිබුන ඔක්කොම ප්‍රශ්න නැති කරල දැම්ම..
මුලු බස් එකම නිහඩයි. කිසිම සද්දයක් නෑ.හැමෝම ඒ කතාවෙන් ඩිම් වෙලා..
එකපාරට මට එහාපැත්තෙ හිටපු එකා මාවත් පෙරලගෙන පැනල බස් එකෙන් බිමට පැනල දිව්ව...
කෙල්ලගෙ අම්ම හූම් සද්දයක්වත් නෑ.
ඔහොම සද්දයක් නැතුවම මගේ ගමනෙ ඉතුරු ටිකත් ගෙවුන..
ඉතිං ඊට පස්සෙ, මම ඒ නංගිට ස්තූති හිනාවකුත් දාගෙන කිසිම කරදරයක් නැතුව බස් එකෙන් බැහැ ගත්ත.
එතකොට තමයි ඊලඟ කූඡිත සිදුවීම උනේ. බස් එකේ කොන්ද බස් එකේ පඩිය ලඟට ඇවිත් , මගෙ පිටට තට්ටුවක් දාල බක බක ගාල මහ හයියෙන් හිනා වෙන්න ගත්ත. ඩ්රැයිවරයත් එ්කට හවුල් උනා..බස් එකේ අනිත් එවුනුත් හිනා වෙනව..මමත් ඉතිං බොහොම අමාරුවෙන් හිනාවීගෙන පිටත් උනා... ඒ අස්සෙත් මට මතක්වුනෙ ,අර කෙල්ල කට පියාගෙන හිටියනං , ඔය හිනාවෙන එවුන් මට එවලෙ අඩන්න සලස්වනව නේද කියල...
Subscribe to:
Post Comments (Atom)
ලංකාපුර දේව
කාලයේ වැලි තලාවට යටවුණු එක්තරා වීරයෙකුගේ කතාවක්!!! මේ ක්‍රිස්තු වර්ෂ 1166 අවුරුද්දයි. එක්තරා සුවිශාල මහා දේශයක පිහිටි තවත...

-
ඔන්න මම ඔයාලට මෙදා පොටේ අරගෙන ආවෙ ඇත්තම ඇත්ත ගැමි රස කතාවක්.මේකට ගෑවුන අයගෙ පරම්පරාවෙ අයට අදටත් ඔය සිද්දිය මතක් කළාම හොඳටෝම කේන...
-
ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල ප...
-
අද මම ලියන්න කල්පනා කලේ මම මීට කලින් ටයිටැනික් ගැන ලියපු ලිපිය සම්බන්ධ අතුරු ලිපියක් . මේ ලිපියෙදි මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්...
නෙද්දකිං කෙල්ල වැඩේ කාලනෙ.
ReplyDeleteඒක නේන්නං
Deleteයකෝ හිරේ යන වැඩක් ..උඹ අනුනමයෙන් ගැලවිලා තියෙන්නෙ
ReplyDeleteඇත්තටම පස්සෙ ඒ ගැන කල්පනා කලාම , බයත් හිතෙනව බං , හිරේ යන්න කලින් බඩ කට පුරා කාල යන්න වෙන්නෙ
Deleteඅර යකා මෙලෝ දහමක් හරියට කරන්න දන්නේ නැති පිස්සෙක්ද කොහෙද...
ReplyDeleteකාලෙකින් බස් එකක ගියේ නැහැ, ගියොත් ඉතින් බඩුම තමා...
හඳහනේ කෙසේ වෙතත් ඉස්කෝල කාලෙන් පස්සේ මගේ මුළු ජීවිතේටම හැමදාම වගේ සිකුරා...
කමෙන්ට් කරන්න පහසු වටපිටාවක් සළසන්න...
බ්ලොග්, වර්ඩ්ප්‍රෙස් මාරු වෙනවා මේ විදිහට තිබ්බම...
මම comment වැඩේ ගැන බලන්නං , ආවට ස්තූතියි ලොකු පුතා..
Deleteමගේ මතකෙට අනුව තරිඳුව අහිංසක පෙනුමක් ඇතී
ReplyDeleteදඟේ ඇති කලු පෙනුම හැමටම වැරදියට දකිනට ඇතී
තොගේ හඳහන එම වෙලාවේ යහපතක් වෙන්නට ඇතී
අගේ කෙල්ලත් නිහඬ වී නම් කුමක් සිදුවෙන්නට ඇතී......
ජයවේවා!!!
තරිඳු නම් කලු ඇත
Deleteකියන දුමියා සුදු නැත
හඳහන බලා නැත
එහෙත් ලක්ෂ්මිය මා සමඟ ඇත
ස්තූතියි දුමී අයියෙ, ඔයාට උත්තරයක් ලියන්න මට ටිකක් කල්පනා කරන්නත් උනා, ඒත් ඒකත් සාර්ථක නැද්ද මන්ද
සාර්ථකද අහනවා. ඔය තියෙන්නේ ලස්සනට ගළපලා. සතුටුයි මල්ලී බැහැ බැහැ කියලා කවි ලියන එකට.
Deleteජයවේවා!!!
සාර්ථක නං සතුටුයි
Deleteයකෝ ගෙරි කෝස් එකක් නෙ...මොනව කරන්නද ඉතින් පෝරියල් එකක් සෙට් උනොත් ඇඩ්රසුත් නෑනෙ.......හැබැයි බන් මට හිතෙන්නෙම ඒ දහජරා වැඩ කරන්න ඇත්තෙ උඹ කියලා. ෂික් අර කෙල්ල වැඩේ කාලෙනේ.....
ReplyDeleteරෝමා , බොල ඒ වගේ වැඩ කොලාට මම එහෙම කොරන්නෑ.පෝරියල් එකක් සෙට් උනත් බස් එකේ එවුන් පවු..මම උන් ඔක්කොටම ගහනව..
Deleteඒ කෙල්ලගෙ නම්බෙර් නොලැබුන එකට තමා දුක බං
කතාවෙ අග කොටස වෙනස් කළා නේද? ඒකෙං සමබරතාවය ගිළිහෙනව. ඇත්තම ලිව්වනං තමා හොඳ...
ReplyDeleteඩ්‍රැකියට හොරේ මාට්ටු උනා වගේ.. කොහොම උනත් මම රෙද්දක් ඇඳන් බ්ලොග් ලෝකෙ ඉන්නත් එපැයි
Deleteහා! උඹයි එහෙනම් මිනිහ නේහ්?
ReplyDeleteමම තමා ඒ වාසනාවන්ත පොර
ReplyDelete