මේ කතාව දැනට අවුරුදු පහක්ට විතර කලින් වුන සිදුවීමක් සම්බන්ධ කතාවක්. අපේ වාහනේ වැඩකරන්න ආපු ඩ්‍රයිවර් අංකල් කෙනෙක් ගැන තමයි කතාව.පොර තාම ඉන්න නිසා කතාවෙ සැර බාල කරල තමා ලියන්නෙ, මොකද අර පාලගෙ කතා ලියන ප්‍රසාද් අංකල්😂😂😂 වගේ මම විදෙස් ගත වෙල නෙවෙයිනෙ ඉන්නෙ, මෙව්ව ආරංචි උනොත් මේ අංකල් මාව ටිකට් නැතුව විදෙස් ගත කරයි.
ඔන්න මීට අවුරුදු පහකට විතර කලින් මම අපේ ගෙදර සෙටියෙන් වාඩි වෙලා කාටූන් එකක් බල බල ඉන්නකොට කවුද පොරක් ඇවිත් මට මල්ලී මල්ලී කිව්ව. මේ සිද්ධිය වෙනකොට මට පහළොවයි මාසයයි නැත්නම් දාසයයි මාසයයි. මමත් ඉතින් චුට්ටක් ඔලුව අංශක විසි තුනහමාරක් ඇල කරල කවුද මට මල්ලි කියන්නෙ කියල බැලුව. මොකද මම ඒ කාලෙ වැඩිය අයියල ආශ්‍රය කලෙ නෑ. අවුරුදු 60ක විතර ලුක් එකක් තියෙන අංකල් කෙනෙක් අපේ උලුවස්සට හේත්තු වෙලා ඉන්නව. මම මේ ලොරියට ඩ්‍රැයිවර් කෙනෙක් හොයනව කියල ආරංචිය ලැබිල ආවෙ එයා කිව්ව.
අපේ ලොරිය වැඩ කරන්න ඩ්‍රැයිවර් කෙනෙක් හොය හොයා තමා හිටියෙ. එන්න අංකල් වාඩි වෙන්න,,, හෝව් හෝව් මම එහෙම කිව්වෙ නෑ හොඳට කල්පනා කරල එන්න අයියෙ වාඩි වෙන්න කියල කතා කලා.
අපේ තාත්ත එක්ක සාකච්ඡා කිරීමෙන් පස්සෙ එයා අපේ ලොරියෙ ඩ්‍රයිවර් උනා,
එයා අපේ තාත්තට කතා කලේ අයියෙ කියල, ඒ වෙනකොට අපේ තාත්තට හතලිස් පහට කිට්ටුයි.. තාත්තත් එයාට කතා කලේ අයියෙ කියල. අයියල දෙන්නයි.
අම්මයි මායි ඕවට කිව්වෙ මළ කෝලම් කියල. තාත්තනං කිව්වෙ පෙනුමෙන් මිනිස්සුන්ගෙ වයස මනින්න බෑ සමහර විට එයා තාත්තටත් වඩා බාලද දන්නෙත් නෑ කියල..
ඒ අයිය අපේ අම්මට කතා කලෙ නංගි කියල, මට මල්ලි කියල..
නමුත් පවුලෙ සැම ඉන්න තැන කතා කිරීමේ පහසුවට පස්සෙ එයා මට පුතා කියන්න පුරුදුඋනා.මමත් අයිය කෑල්ල කපල අංකල් කරගත්ත.
මේ ඩ්‍රැයිවර් අංකල් එක්ක තාත්ත රට වටේ ලොරියෙ හයර් ගියා. ඒත් ටික දවසක් යනකොට අම්මටයි මටයි තේරුන වාහනේ ආදායමේ අය පක්ෂයට වඩා වැය පක්ෂය ඉහළ ගිහින් බව . තාත්තව මධ්‍යම කමිටුවට ගෙනල්ල අම්මයි මායි ප්‍රශ්න කලා, අයියට හැමදාම හවසට අරක්කු කාලක් අරන් දෙනව. අනික්ව ඔක්කොම කෑමට තමා යන්නෙ කියල තාත්ත කිව්ව.අම්මයි මමයි මේ ගැන පරික්ෂා කරල විසඳුමක් ගේන්න තීරණය කලා,
ඒ මේ දෙන්නට උදේ කෑම ගෙදරන් දෙන්න. ඔන්න ඉතින් දැන් ගෙදරින් උදේ කෑම දෙනව. මාලු / මස් හොඳි සමඟ ඉදිආප්ප , පාන් ගෙඩියක් සමඟ හොදි , බත්. තව අංකල් හෙන බුලත්විට කාරය ,, මග දිගටම වාහනේ නවත්ත නවත්ත බුලත්විට ගන්නවලු, අපේ ගෙදර පුවක් බුලත් තිබුන, ඉතින් දැන් විටත් හැමදාම උදේට අපේ ගෙදරින් සපයල දෙනව..දැන් මේ කෝස් එකත් මාසයක් ගියා, ඒත් වියදමේ කිසිම වෙනසක් නෑ. අපේ තාත්ත කොහොමත් වැඩිය විස්තර කතා කරන්න හොරයි. ගල් බමුණ වගේ ඉන්නව, තාත්ත හවසට කාලක් ගහල එනවද කියල අම්මටයි මටයි සාදාරණ සැකේකුත් ආව. ඒත් තාත්තව චෙක් කලාම එයා බීලත් නෑ..ඩ්‍රැයිවර් අංකල් දියවැඩියා කාරය , අපේ ගෙදරින් කවදාවත් සීනි දාපු තේ එකක්වත් බොන්නෙත් නෑ. ඉතින් මේ ගමන් වියදම් අම්මටයි මටයි ලොකු ප්‍රශ්ණයක් උනා.
මේ හැම ප්‍රශ්නෙකටම උත්තර ලැබෙන දවසකුත් වැඩි ඈතක් නැතුවම ආව..දවසක් kcc එහෙමත් නැත්නම් කැන්ඩි සුපර් සෙන්ටර් එකට ඩිලිවරියක් සෙට් උනා. ඒ ගමන අතරතුර නුවර දළදා මාලිගාවට යන්නත් පුලුවන් නිසා මමත් එයාලත් එක්ක ගමනට සෙට් උනා. ගෙදරින් උදේ කෑම එකත් සුපුරුදු විදිහට අරගෙනමයි ගියේ.
ඔන්න අපි පාන්දර 4ට විතර ගමනාරම්භ කලා, දැන් යනව යනව යනව. උදේ 8 වෙනකොට අංකල් කිව්ව උදේට කමු කියල. දැන් ඉතින් අපි පාන් කාල ආපහු ගමන පටන්ගත්ත. ඔන්න දහයට අංකල් කඩයක් ගාව වාහනේ නැවැත්තුව, බඩගිනියි මොනවහරි කමු කිව්ව. මගෙයි තාත්තගෙයි නං බඩ පිරිල තිබුනෙ අපි කෑවෙ නෑ. අයිය පාන් ගෙඩියකුයි කිරි මාලු කෑලි දෙකක් දාල හොද්දකුයි අරං කෑව. ඊලඟට එලවලු රොටි දෙකක් කෑව.මෙන්න තේත් ඕඩර් කලා, දියවැඩියාව කොහෙ ගියාද දන්නැ , තේ බීල සිගරට් දෙකකුයි බුලත් විට දෙකකුයි අරගත්ත..
මහත්තය මං කාල ඉවරයි කියල එයා වාහනේ පැත්තට ගියා..
තාත්ත මගෙ දිහාත් බලල හිනාවෙල ඒකට ගෙව්ව.
දැන් අපි ආයි ගමනෙ, මම අංකල්ගෙන් ඇහුව ඇයි ගෙදරින් බුලත්විට ගෙනල්ල කඩ වලිනුත් කන්නෙ කියල, උදේ බුලත්විට දවල් දහය වෙනකොට සවුත්තු වෙනවලු ඒකලු.
දවල් දොළහ වෙනකොට අපිට නුවරට ඒගන්න පුලුවන් උනා. තාත්තයි අංකලුයි බඩු බාන්න ගියා, මම මාලිගාව පැත්තට ගියා . දොළහ මාර වෙනකොට තාත්තයි අංකලුයි දෙන්නත් මාලිගාවට ආව.. තාත්තත් මාලිගාව ටිකක් වැඳල එන්නං කිව්ව..
අංකල්ට නං පට්ටම බඩගිනි නිසා එයාට ඇවිදගන්නත් බෑ ඉක්මනින් එන්න කියල එයා කිව්ව. තාත්තයි මායි එයා ගැනත් හිතල අඩිය ඉක්මන් කරල ගිහින් ආව.
දැන් අපි ආපහු එන්න ගමනෙ, මම වාහනේ සිට් එක අයිනෙ තිබ්බ අංකල්ගෙ ලයිසොම පොඩ්ඩක් බැලුව පොර 1945 කෙනෙක්, තාත්තත් ඒක දැක්ක,එයාට හිනා.
දැන් පාර දිගට කෑම කඩ අම්බානට තියෙනව , ඇවිදගන්න බැරි තරම් බඩගින්නෙ හිටපු අංකලය ඒ එක තැනකවත් වාහනේ නවත්තන්නෑ, දැන් 2ටත් කිට්ටුයි , මටත් හොඳටම බඩගිනියි , අංකල් කොහෙද මේ දිගටම යන්නෙ මට බඩගිනියි කොහෙ හරි නවත්තන්න කියල මම එයාට කිව්ව.
මේ හරියෙ හොඳ කඩ මුකුත්ම නැ පුතා කියල දැන් පොර කඩුගන්නාවත් පහුකරල යනව.
ඔන්න අන්තිමට අංකල් කඩේක නැවැත්තුව , ඒක සුපිරිම හෝටලයක්, අපි කතා කරන්නත් කලින් අංකල් ඇතුලට දුවල ඕඩර් කරලත් ඉවරයි.. එයාට ෆුල් චිකන් කොත්තුවක්, තාත්තටයි මටයි හාෆ් රයිස් දෙකක්. අපිට කටඋත්තරත් නෑ.. දැන් අපි ටේබල් එකේ වාඩි උනා, රයිස් දෙක ගෙනාව, ඒත් කොත්තුව තාම හදනව. ඩ්‍රැයිවර් අංකල් අපේ රයිස් එක දිහා බැලුව.
හපෝ කොත්තුව හදන්න තව විනාඩි පහක් විතර යනව, මට ඉවසන්න බෑ , මම ගිහින් මොනව හරි අරන් එන්නං කියල ගියා..
මෙන්න මේ මනුස්සය ආප්ප දහයකුයි මස් හොදියි අරං ඇවිල්ල. ආප්ප දෙකක් එකට තියල මැද්දට මස් කෑල්ලකුයි හොදියි දාල කටවල් දෙකට ගිලිනව. මට හිතාගන්න බෑ..ඒ කාල ඉවර කරන්නත් කලින් කොත්තුව ගෙනාව, දැන් අංකල් කොත්තුවයි ආප්පයි දෙකම එකට කනව..
ඊලඟට එයා ඒකෙ කවුන්ටරේකින් සිගරට් දෙකක් ගත්ත.. තාත්ත සල්ලි ගෙව්ව. අපි ආපහු ගමනෙ. ඔන්න අපි දැන් දිගටම එනව.
හවසත් උනා,, ඔය අතරෙදි අංකල් පොඩි කඩයක් ලඟ නතර කලා, රෝල්ස් 5යි කෝක් එකයි ගත්ත. තාත්ත ඒකටත් ගෙව්ව.
තාත්තටයි මටයි රෝල්ස් දෙකක් දීපු එයා කෝක් බිබී ඉතුරු රෝල්ස් තුනම කෑව.
කොහොමත් එකයි දැන් ගෙවල් කිට්ටුනෙ කියල මම කල්පනා කලා, කොහොමින් කොහොමින් හරි රෑ 8 වෙනකොට අපි ගෙදරට ආව..
ආව වෙලේ ඉදල අංකල් තාත්ත එක්ක කසු කුසුව , පස්සෙ තාත්ත එයාට කීයක්හරි දුන්නම එයා කොහෙද ගියා..
අම්ම ඇහුව රෑ කෑමත් නොකා එයා ගෙදර ගියාද කියල. හපොයි නෑ, අද මම හිටපු නිසා එයාට අරක්කු කාල ගන්න බැරි වෙලා ඒකත් අරං ආපහු කන්න එනව කියල එයා ගියා කියල තාත්ත කිව්ව,
රෑ දහය වෙනකොට අංකල් ආව. අපිත් එක්ක කතා කලෙ නෑ.
එයා කෑමත් කාල මුල්ලකට ගිහින් සාක්කුවෙන් මොනවද අරං කාල මොකක්හරි විසි කලා. අංකල් නිදා ගන්නකං ඉදල මම ඒකත් පොඩ්ඩක් පරික්ෂා කලා..
චොක්ලට් කෑල්ලක කවරයක් එක්ක හිස් යෝගට් කප් එකක් එකක්!!!
අංකල්ගෙ තව සීන් බරටම තියෙනව , පස්සෙ දාන්නං...
ොරිය තාත්තගෙද?
ReplyDeleteඔව් මද්දා
Deleteඈ බං රතු පැණ්ඩො තාත්ත බිස්නස් එකක්ද දන්සැලක්ද කරේ ?
ReplyDeleteදන්සලක් කලෙ බං, දැන් බිස්නස් කොට උඩ.
Deleteඅන්තිමට කොට්ටං මදේකුත් කෑවනං තමා හරියටම බඩ පිරෙන්නේ
ReplyDeleteකරන වැඩ වලට එයාට පුවක් ගෙඩියක් ගිල්ලවන්න ඕන.
Deleteනියමයි 👍👍👍👏👏👏
ReplyDeleteස්තූතියි D.H.S.L
Deleteඅපරාදෙ බං අච්චර කාපු එකේ ඩෙසර්ට් එකටත් මොනව හරි අරන් දෙන්නනෙ තිබුණෙ. හැක්..
ReplyDeleteබොලාගෙ වාහනේකට ඩැයිවරල ගන්නවනං කියහං. මටත් ලැයිසං තියෙනව.
Deleteනයින්ට ලයිසන් ලැබුනෙ මොන රටෙද ..හැක්.
Deleteඔය ලොරි ඩ්‍රයිවර් විතරක් නොවේ ප්‍රයිවට් බස් සේවකයන්ගෙත් කෑමේ හැකියාව ඉතාම ඉහලයි. මිනිසුන්ගේ කෑමේ හැකියාව අවතක්සේරු කරලා මම කාපු පරිප්පුවක් ගැන වෙබ් අඩවියකට මම ලියාපු පිළිතුරක් පහලින් පේස්ට් කරනවා .
ReplyDelete1984-86 කාලයේ මා සේවය කල රාජ්‍ය ආයතනයේ සුළු සේවකයෙක් උදෑසන සහ දිවා ආහාර සැපයීමේ සයිඩ් බිස්නස් එකක් කළා. මමත් බොහෝවිට ඔහුගෙන් කෑම ලබාගන්නවා. ඔහුගෙන් දවල් කෑමට බත් පැකට් එකක් ගත් සේවකයෙකු එය ඉතා කුඩා බවත් එවැනි බත් පැකට් හතර පහක් උනත් ඔහුට නොසෑහෙන බව කියමින් විහිලු කරන බවත් මට පැමිණිලි කළා. ඒ විහිලු කතා නිසා එදින ඔහුගේ බත් පැකට් පහක් නොවිකිනී ඉතුරු වූ බවත් කිව්වා.මම ඒ සේවකයාට දොස් පවරා නැවත එසේ නොකියන ලෙසත් මින් පසුව මේ තැනැත්තාගෙන් කෑම නොගෙන වෙන තැනකින් කෑම සපයා ගන්නා ලෙසත් කිව්වා. එවිට ඔහු මටත් කිව්වේ මේ බත් පැකට් කුඩා බවත් එයින් පහක් උනත් කෑමට තමන්ට හැකි බවය. මම එවිට මේ සේවකයා ලැජ්ජාවට පත් කර නැවත මෙවැනි අපහාස කතා නොකිරීමට දඬුවමක් හැටියට ඔහුට තව බත්මුල් පහක් කෑමට හැකිදැයි චැලේන්ජ් කළා. බත් ගෙන එන්නාට ඔහුගේ ඉතිරි වූ බත් පහම මගේ එකවුන්ට් එකට දමා, මොහුට දෙන ලෙසත් ඔවුන්ගේ කෑම කාමරයට ගොස් එම බත්මුල් පහම කන ලෙසත් කිව්වා. විනාඩි දහයක් ඇතුලත එම බත්මුල් පහම (මාළු කටු, කරපිංචා කොළ රම්පෙ කොළ කැබැල්ලක් වත් ඉතුරු නොකර ) කිසිම අපහසුවකින් තොරව කෑ ඒ මිනිහා (එතකොට බත් පැකට් හයයි) මං කිව්වේ බොරු නෙමෙයි නේද සර් කියලා මගෙන් ඇහුවාම මට කට උත්තර නැතුව ගියා. අපිට කන්න බැරි උනාට කන්න පුළුවන් මිනිස්සු ඉන්නා බවත් ඔවුන්ගේ මුළු ශරීරයේම තියෙන්නේ ආමාශය පමණක් බවත් මට වැටහුනේ එදායි . ඒක ඉගෙන ගන්න මට රුපියල් 30 (එකල බත් පැකට් එකක් රු. 6 යි.) ක් වියදම් උනා.
මහත්මයා ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත. ඇඟ පුරාම ආමාශය තමා,
Deleteමෙම කතාවට සම්බන්ධ කෙනා විශ්‍රාමික බස් රථ රියදුරෙක්
අපි එක්කත ඔහොම අරුම පුදුම හැකියාවක් තියෙන එකෙක් හිටියා...
ReplyDeleteඒ දවස් වල කැම්පස් එකේ එළියේ බත් එකක් කියන්නේ තරමක් ලොකු බත් එකක්, කැන්ටිමේ බත් එක රු 11/- වෙනකොට එළියේ බත් එකක් රු 35/- ක් වගේ...
මේකා දවසක් ඔට්ටු ඇල්ලුවා එළියේ බත් එකක් විනාඩියෙන් කනවා කියලා. බත් එක ගත්තු ගමන්ම එක කටට බිත්තරේ ගිල්ලා. ඊට පස්සේ බස බස ගාල බත් එක. ඌ විනාඩියෙන් කාල ඉවරයි...
ඌ ඉස්කෝලේ යන කාලේ හොස්ටල් එකේදී තව එකෙක් එක්ක කෑම තන්ගයක් තියලා තිබුනා. හැමෝම වටවෙලා අනිත් මේස වල තියෙන ඉඳි ආප්ප, බිත්තර, අල හොදි ගෙනත් එහෙම වැඩේ සෙට් කරලා...
අන්තිමට මුන්ගේ තරඟේ ඉවරවෙලා තියෙන්නේ වෝඩ්න් ඇවිත් මුන් ඔක්කොම එලවපු නිසා මිසක් කාල ඉවරවෙලා නෙමෙයි...
ඒ වෙද්දී මේකා ඉඳි ආප්ප 84 කුයි බිත්තර 16 කුයි ඉවර කරලා තිබුනා අල හොදිත් එක්ක...
ොකු පුතා කවුද කියල අදයි ඕං අඳුරගත්තෙ
Delete😂😂😂
Deleteඒහ් මේහ් ඔයාගේ ලිස්ට් එකත් ඒ අහිංසක මනුස්සයා පිටින් දැම්මා නේහ් 😂😁
ReplyDeleteඒක තමා කලේ,
Deleteදැකපු කල් , ඔයා රට ගියාද යොමාලි
හී හී ඒ වගේ..ෆ්බී නෑ හලෝ දැන්
Deleteහාම් හාම්, මට මැසේඡ් එකක් දාහං
Deleteඔන්න අපිත් ොඩවැදුනා...
ReplyDeleteආපහු එනවා...
ආදරයෙන් සාදරයෙන් පිළි ගන්නව ප්‍රදීප් , ගොඩවැදුණට ස්තූතියි
Delete