Tuesday, October 2, 2018

මීයන් අල්ලන්

මීයන් ඇල්ලීම ගැන කතා කරනකොට අපේ ඡීවිතේ මීයන් ඇල්ලීමේ කාල සීමා කීපයක්ම තියෙනව තියෙනව

අංක එක තමයි චුට්ටි කාලෙ මීයෙක්ව දැකීම, මේකට පුදුම කුතුහලයක් තියෙන්නෙ. හරිම භයානක සතෙක් නො⁣වැ.

අංක දෙක තමයි චුට්ටක් ලොකු කාලෙ මී කතුරු අටෝනව දැකීම, මේක හරියට පරමාණු බෝම්බයක් සෙට් කරනව වගේ භයානක දෙයක්. ඡීවිතේට අමතක වෙන්නෙ නෑ.අතක් එහෙම අහුවුනොත් , හම්මේ දැනෙන සැප.

අංක තුන තමයි ඉස්කෝලෙ හත අට වසරවල මීයන් ඇල්ලීම. ඕක චුට්ටක් 18+ සීන් එකක්. ඒ මීය ඉන්නෙ කලිසම් අස්සෙ😂😂😂

අංක හතර තමයි ගෙදර මීයො අල්ලන එක.. ආන් ඒක තමා මම මේ ලියන්න යන එක😂😂😂

එතනින් එහාට මීයන් අල්ලන් ගැන අපි කතා නොකර ඉමු.

මම මීයන්ට බයයි. අපෙ ගෙදර හැමෝම බයයි.මීයෙක් දැක්කොත් ගෙදර ඔක්කොම  මේස පුටු උඩ තමා.. කොහොමින් කොහොමින් හරි දවසක් අපේ ගෙදරට මීයො කීප දෙනෙක් එන්න පුරුදු උනා. එන්න පුරුදු උනා කිව්වෙ මුං පදිංචි වෙලා නෑ , රෑ එනව උදේ යනව..
රස්සාවට ආව උනත් මේ මී හාදයො දවසක් හරි නරක වැඩක් කලා.ඒ තමයි උදේ අපේ ටිවි එක උඩට නැගල මම එනකං ඉදල මගෙ ඇඟට පැන්න. කමිසෙ අස්සට රිංගල පටන්ගත්ත ගේම ඉවරඋනෙ, මම වැදි සන්නි තුන හතරක් නටල හෙම්බත් උනාට පස්සෙ.
⁣ඉතිං එදා ඒ සිද්ධිය නිසා තාත්තයි මායි මේකට විසඳුමක් දෙන්න ගේමට බැස්ස. මී බෙහෙත් කියන්නෙ හරි කරදරකාර වස වර්ගයක් ඉතින් ඒව පාවිච්චි නොකර ගේම දෙන්න තමා අපි සැලසුම් කලෙ.
(මී පාසනං කැවිල මීය මැරිච්ච මනුස්සයගෙ කතාවත් අහල ඇතිනෙ)
දන්නැති අය ඒකත් අහගන්නකො.

"ඔන්න එකමත් එක කාලෙක ඡෝන් කියල හාදයෙක් හිටිය. එයා බොහෝම අහිංසක ප්‍රේමවන්තයෙක්.නමුත් කොහොමින් කොහොමින් හරි දවසක් එයාගෙ පෙම්වතිය මිනිහව රව⁣ට්ටල වෙන මනුස්සයෙක්ව කසාඳ බැඳ ගත්ත.
අපේ ඡෝන්ට හරිම දුකයි. එයාට එයාගෙ දුක කියන්න හරිහමං යාලුවෙක් වත් හි⁣ටියෙ  නෑ.මිනිහට මිනිහගෙ ජීවිතේ එපාවුනා. අවසානේ මිනිහා තීරනය කලා ඡීවිතේ නැති කරගන්න.
ඉතිං පොර මුලින්ම ෆාමසියකට ගිහින් නිදි පෙති ඉල්ලුව. කොහෙද ෆාමසිකාරය බැනල එලෙව්ව.ඊලඟට මැහි තෙල් ටිකක් ගන්න ගිය. කුඹුරකුත් නැතුව තෙල් ඉල්ලන නිසා එතනිනුත් මිනිහව පැන්නුව. ඊට පස්සෙ මිනිහ කඩේකට ගිහිල්ල මී පාසනං පැකට් එකක් ගත්ත. ඊට පස්සේ රෑට නිදාගන්න කලින් මී පාසානං පැකට් එක කාලා ඊට පස්සේ වතුර බිව්ව. ඊට පස්සෙ ආයෙ ඇහැරීමක් නෑ කියල හිතාගෙන මිනිහ නිදාගත්තා.
  මෙන්න ඊට පස්සෙ දවසෙ උදේ බලනකොට මිනිහා මැරිලා නෑ. උදේ නැගිටිනකොට කලිං හිටියටත් වඩා හොඳින් ඉන්නවා. මිනිහටත් මාර අප්ෂට්
අපරාදේ මී පාසනං වලට වියදම් කරපු සල්ලි කියල හිතපු මිනිහ මී පාසනං ගත්ත කඩේ මුදලාලිට බනින්න යන්න කියල හිතාගෙන ලෑස්තිවෙන්න ගියා, මූණ කට හොඳගත්ත පොර ඊලඟට උත්සාහ කලේ මුත්‍රා කරන්න.ඒත් කොච්චර උත්සාහ කලත් වැඩේ කරගන්න බැ .
.ටිකක්වෙලා හිතුවට පස්සෙ තමා තමා මිනිහට වැඩේ තේරුනෙ.
මලා ඡෝන්
මී පාසානං වලට මිනිහගෙ මීය මැරිල!!!

වටේ ගිය ඇති ආපහු කතාවට එමු
 මී කතුරු කියන්නෙ බොහොම භයානක දරුණු දෙයක් කියල මායි තාත්තයි දැ⁣නගෙන හිටිය. ඒක පාවිච්චි කරන එකත් භයානකයි , මීයො මැරෙනව බලන්නත් බෑ. ඉතින් අපි දෙන්න කඩෙන් මී පෙට්ටියක් ගෙනාව..
පෙට්ටියක් කිව්වෙ මේක පෙට්ටියක් නිසයි.
කම්බි දැල් වලින් හදල තියෙන මේ පෙට්ටියට පොල් කෑල්ලක් ගහල උගුල අටවල තිබ්බම මීය ඒක කන්න ඇතුලට රිංගල පොල් කෑල්ල කාපු ගමන් පෙට්ටියෙ දොර වැහෙනව.
         ඉතින් අපි දෙන්න පොතේ හැටියට උගුල අටවල උදේ බලනකොට තඩි මීයෙක් අහුවෙල..
උදේ තියෙන වැඩත් එක්ක මූව මුදාහරින මෙහෙයුම දියත් කරන්න කාලයක් නැති නිසා තාත්තයි මායි ඌව එලියෙන් තියල, හවස වැඩ ඉවරවෙලා  මුදාහරින්න කියල ගිය.. මේන් බොලේ හවස ඌ මැරිල.
හිතටත් හරි මදි, මොකක් උනාද කියල හිතා ගන්නත් බෑ.
දෙවනි දවසෙත් එකෙක් අල්ලල එළියෙන් තිබ්බ. ඌත් මැරිල.
මේක හරි අප්‍රබ්‍රංස වැඩේ. කූඩුවෙ ඉන්න බෑ කියල මීය සියදිවි නසාගන්නවැ.
තවත් දවසක එකෙක් අහුවුන. එදා මම ගෙදර.
මූට මොකද වෙන්නෙ කියල පරික්ෂා කරන්නත් එපෑ. ඉතින් මම තකහනියක්ම මිදුලට වෙලා මීය දිහා බලාගෙන හිටිය. ඒත් මූ ඉබේම මැරුන😖😖😖
ඉතිං අන්තිමට තාත්තයි මමයි නිගමනය කලා කූඩුවෙ බරපතල විසක් තියෙනව තමා. මීය කූඩුවෙ කම්බි හැපුවම තමා මැරෙන්නෙ කියල..
අපි කූඩුව සබන් දාල දෙතුන් පාරක්ම හොඳට හේදුව.
ඒත් ප්‍රතිඵලය ඒකමයි.උදේ හොඳට ඉන්න මීය හවසට මැරිල.
ඊට පස්සෙ මීයෙක් අහු උනොත් අපි දෙන්න මොන වැඩේ තිබුනත් උදේම ඌව නිදහස් කලා..
කොහොමින් කොහොමින් හරි මේ සිද්ධිය වෙලා අවුරුදු කිහිපයකට පස්සෙ මේ ලඟදි දවසක් මායි තාත්තයි අපි අඳුරන ගෙදරකට ගියා. එතකොට එ් ගෙදර ඉන්න මාම මී කූඩුවක් මිදුලෙ තියාගන  බංකු කෑල්ලක වාඩි වෙලා ඒ දිහා බලාගෙන ඉන්නව. ඉතින් අපි දෙන්නත් පොඩ්ඩක් ඒ ගැන විමර්ශනය කරන්නත් එක්ක , මොකෝ මේ කියල ඇහුව.

ආ..මේ මීයෙක් අහුඋනානෙ. මම මේ මූව අව්වෙන් තියල තිබ්බ , කූඩුව රත්වුනාම මැරිල යන්න කියල. මළ කරදරේ😂🔨

...................................................
මීයො ඇල්ලීම කියන කලාව ගැන මම පොඩි කාලෙ බලපු ලස්සන චිත්‍රපටියක් තියෙනව.ඔයාලට බලන්න කියල ඔන්න මම ඒකත් මෙතනට එකතුකලා.බලපු නැති අය ඒකත් බලලම යන්නකො.

සිංහල හඬ කවපු මවුස් හන්ට් ළමා චිත්‍රපටය මෙතනින් ඩවන්ලෝඩ් කරගන්න >> ##මවුස් හන්ට්##

22 comments:

  1. අපේ ගෙදර පෙල්ලපු මීයො සැට් එක ඩවුන් කරන්න අපි පාවිච්චි කලේ කළු බලලෙක්. දැන් ආයෙත් ටික ටික මීයො බෝවීගෙන එනව. දැන් ඉන්න බලල් තඩියටනං ඒක ගානක්වත් නෑ.
    බොලාගෙ මීයත් පෙට්ටියක දාල අවුවෙ තියල බලහං. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ මීය පෙට්ටියෙ දාල ලොක් කරල තියෙන්නෙ

      Delete
    2. උඹ නයානෙ. මියො ගිළපං

      Delete
  2. ඔය ෆිල්ම් එක මම කීප පාරක්ම බලල තියෙනව. මීයො හින්ද නැතිවෙච්ච එකා මීයො හින්දම ගොඩ යන හැටි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඒකෙ මීය උන්ගෙ තාත්තද මන්ද

      Delete
    2. මටත් හිතෙනව එහෙම

      Delete
  3. ඔයිට හොඳා රැටටූයි... නැද්ද?

    ReplyDelete
  4. සහජීවනයෙන් ජීවත් වෙන්නයි ඕනෙ

    ReplyDelete
    Replies
    1. නින්ද යන්නැද්ද? ගිහිං බුදියගනිං මේ යක්කුත් ගහෙං බහින වෙලාවෙ

      Delete
    2. තාම නිදි නෑ, බුකියෙ නයිට් ඩියුටි

      Delete
  5. හුටා... මං මටම රිප්ලයි කරගෙන තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හැබෑවටම ඩ්‍රැකියට පිස්සුද?

      Delete
    2. ඕකා මේ ලඟදි පිස්සන් කොටුව පැත්තේ කැරකිලා පිස්සෙක්ගේ බෙල්ල හිල් කරලා ලේ උරා බීලා, එදා ඉඳල මුටත් ටිකක් නුහුගුණේ තමා...

      Delete
    3. පිස්සු වවුලො කෑවොත් ජලභීතිකාව හැදෙනව.

      Delete
    4. නයාට චයිනිස් ටෝච් එකකිං ගැහුවමත් පිස්සු හැදෙනව

      Delete
  6. ඇයි බං ** වහන්සේ අර පුරැගාල මීයො අල්ලන යන්තරයක් ගේන්න තිබ්බනෙ.

    අර වදංතද ගැන කියපු කතා එක්ක මට දැන් තේරෙනව කොයි මීය උනත් බොට අල්ලන්න පුළුවන් කියල.

    කෝකටත් සාක්කුවේ හිල් තියන කලිසම් අම්මට කියල මහ ගනිං. පොකට් බිලියඩ් ගැහුව වගේ නෙමෙයි සල්ලි හෙම හැලුනොත් ?

    ReplyDelete
    Replies
    1. වදංතද වලින් මෙව්වැයි කොමෙන්ට් කොටන්න පුලුවනැයි.

      Delete
  7. ගූගල් වලින් වර්ඩ්ප්‍රෙස් ප්‍රොෆයිල් වලින් ලොග් වීමට ඉඩ නොදීම වර්ඩ්ප්‍රෙස් වල ප්‍රශ්නයක් ගූගල් වල ප්‍රශ්නයක් නෙමෙයි.

    පොඩ්ඩක් හොයල බැලුවනං මොකද :)

    කොටන්න පෙර සොයා බලනු !

    ReplyDelete
    Replies
    1. නැත්තේ මොකද , වදංතද මලජරාව

      Delete

ලංකාපුර දේව

      කාලයේ වැලි තලාවට යටවුණු එක්තරා වීරයෙකුගේ කතාවක්!!!              මේ ක්‍රිස්තු වර්ෂ 1166 අවුරුද්දයි. එක්තරා සුවිශාල මහා දේශයක පිහිටි තවත...