Thursday, October 18, 2018

පැරණි සිනමාවේ සැඟවුණු කෘරත්වයට නිදසුනක් cannibal holocaust (21+)

 
පැරණි කාලෙ කියන්නෙ අද කාලෙ වගේ කාලයක් නෙවෙයි.තාක්ෂණික ප්‍රයෝග, පරිගණක නිර්මාණ ඉතාමත් දුර්වලව පැවති ඒ කා⁣ලයේ , චිත්‍රපටියක් නිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරු උන මහන්සිය වචනයෙන් විස්තර කරන්න බැහැ. අදකාලෙ ලස්සන ලස්සන කලාගාර වලට වෙලා මාසෙන් දෙකෙන් කරන රූපගතකිරීමුයි, ඒ කාලෙ වසර කිහිපයක් ෆීල්ඩ් එකට බැහැල කරන රූගතකිරීමුයි අතර තියෙන්නෙ විශාල වෙනස්කමක්..
වර්තමානයේ තාක්ෂණය කොච්චර දියුණු උනත් ඉස්සර හදපු චිත්‍රපට වලට සමාන චිත්‍රපට අද බිහි නොවන්න හේතුව ඒකයි.
Jurassic park චිත්‍රපට පෙළේ භයානකකම justice world චිත්‍රපට වල නොමැති වීමටත් pradiator පැරණි චිත්‍රපට වල සඡීවිබව වර්තමාන pradiator චිත්‍රපටයෙහි නොමැති වීමටත් , jaws චිත්‍රපට වල තිබූ භයානකකම meg චිත්‍රපටයෙන් නොදැනීමත් මේකට හොඳම උදාහරණ කියල අපට පෙන්නන්න පුළුවන්.
       එහෙනං දැන් මාතෘකාවට එමු, අද මම ලියන්න කල්පනා කලේ cannibal holocaust කියන චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය වෙනුවෙන් අධ්‍යක්ෂකවරය කළ කී දේ ගැන. Cannibal Holocaust කියන්නෙ 1980 දි තිරගත උන horror චිත්‍රපටයක්.මේ චිත්‍රපටය ඉතාලි චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Ruggero Deodato කියන අධ්‍යක්ෂකතුමා. මේකෙ තිර පිටපත සකස්කලේ Gianfranco Clerici කියන තිර පිටපත් රචකයා. කොහොම නමුත් ඔහුගේ තිර පිටපතේ සමහර කොටස් කපල කොටල තමා චිත්‍රපටය නිෂ්පාදනය තියෙන්නෙ.
චිත්‍රපටයෙ කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි.

1970 වසරෙදි ඇමසන් වල මිනී මස්කන ගෝත්‍රිකයො ගැන වාර්තාමය චිත්‍රපටයක් හදන්න තරුණ තරුණියො කිහිපදෙනෙක් පිටත් ⁣ෙවනව.නමුත් ඔවුන් ආපහු එන්නෙ නැහැ,
මෙවුන්ට සිදුවුණු දේ සොයාගෙන බේරගෙන එන බලාපොරොත්තුවෙන් නිව්යොක් විශ්ව විද්‍යාලයෙ මහාචාර්යවරයෙක් වනාන්තරය කරා යනව.එතුම⁣ට මෙයාලව හම්බවෙයිද?
ඒ ගැන කියන එක හොඳ නෑ.⁣ඒක චිත්‍රපටය නොබලපු අයට කරන අසාධාරණයක්. එයාල මේ චිත්‍රපටය  බලලම  තේරුම් ගන්න.

මේ චිත්‍රපටය රූගත කිරීමට රටවල් කිහිපයකම වනාන්තර යොදාගෙන තියෙනව , ඒ අතරින් අැමසන් වනාන්තරය වශේෂයි. මොකද එහෙ තියෙන බිහිසුණුකම නිසාම ගොඩක් අය එහෙ යන්නෑ.

මෙම චිත්‍රපටය ඉතාලියෙ මිලානෝ නගරයේ තිරගත වීමෙන් පස්සෙ චිත්‍රපටයට විවිධ චෝදනා එල්ල වෙලා තියෙනව.අධ්‍යක්ෂක Ruggero Deodato මිනිමැරුම් චෝදනාමත අත්අඩංගුවට අරගන්න අතර ඔහුට එල්ල උන චෝදනා උනේ චිත්‍රපටයේ දර්ශන වෙනුවෙන් මිනි මැරීමයි.
අවසානයේ අධ්‍යක්ෂකවරයා කොහොමහරි නලු නිළියන්ව උසාවියට ගෙනල්ල ඔවුන් ඡීවත් වෙන බව ඔප්පු කරන්න සමත් වෙනව.
⁣ඒ නිසා අධ්‍යක්ෂකතුමා මිනිමැරුම් චෝදනාවෙන් නිදහස් උනත්, ඇතැම් දර්ශන වල ස්වාභාවයන් නිසා චිත්‍රපටය තවත් වසර තුනකට ඉතාලියෙ ප්‍රදර්ශනය තහනම් වෙනව..

මෙම චිත්‍රපටයෙ සිදුවුන සතුන් මැරීමේ දර්ශන සියල්ලම තියෙන්නෙ ඇත්ත දේවල්.ඒ වගේම ඒව සඡීවීව පෙන්නන්න තරම් අධ්‍යක්ෂක තුමා කෘරද කලාකාමිද කියන එක නම් ප්‍රශ්නයක්?

ඉබ්බෙක්






නයෙක්


මකුළු වඳුරන් දෙදෙනෙක්



ඌරෙක්



දුර්ලභ දිවි මකුළුවෙක්



මේ චිත්‍රපටය වෙනුවෙන් මරා දමනව.
ඉබ්බගෙ මරණය නම් ඉතාමත් කෘර ක්‍රියාවක් කියල බොහෝ දෙනාගෙ පිළිකුළට භාඡනය වෙලා තියෙනව.

 මේ චිත්‍රපටය ඉතාමත් අපකීර්තිමත් චිත්‍රපටයක් විදියට ලෝකෙ පුරාම කතා බහට පත් වෙනව. ඒ නිසා මේක රටවල් 50කට වඩා අධික ප්‍රමාණයක තහනම් වෙන අතරම වඩාත් තහනමට ලක්වුන චිත්‍රපටය විදියට ලෝක වාර්තාවකටත් හිමිකම් කියල තියෙනව.

මේකෙ අධ්‍යක්ෂක තුමාට පිරානා ප්‍රහාරයක් ගැන කොටස් කිහිපයකුත් චිත්‍රපටයට එකතු කරන්න උවමනාවක් තිබුනත් වතුර යට වැඩකරන කැමරා නොමැති වීම නිසා ඔහු අකමැත්තෙන් තමන්ගෙ අදහස වෙනස්කර ගන්නව.(සමහර විට ඒකෙ රඟපාපු එවුන්ට වාසනාවක් තියෙන්න ඇති පීරානල අතින් මැරෙන්නැතුව ඉන්න)

මෙම චිත්‍රපටයෙ තියෙන තවත් අති බිහිසුණු දර්ශනයක් තමයි කාන්තාවක් උළ තබල තිබෙන දර්ශනය.
මේක රූගත කරන්න, අධ්‍යක්ෂක තුමාගෙ අධීක්ෂණය යටතෙ බයිසිකල් සීට් එකක් කොටයකට සවි කරල, ඒක උඩ කාන්තාව වාඩි කරවල කටට තවත් ලී කැබැල්ලක් සවි කලා කියලයි කියවෙන්නෙ
(නමුත් මේ දර්ශනට සැබෑම මළ සිරුරක් ගෙනවිත් උළ තැබීමක් කලා කියලත් යටින් කතාවක් තියෙනව)ඒ කාලයෙ හැටිය⁣ට ඒක පුදුමාකාර විදියට තාත්විකයි.

2005 වසරෙදි චිත්‍රපටයෙ ප්‍රධාන නලුවෙකු උන Carl
Gabriel Yorke (Alan Yates) කියල තියෙන ආකාරයට , චිත්‍රපටයේ ඔහුත් Francesca Ciardi (Faye Daniels)අතර තිබුණු ලිංගික සංසර්ගය පුහුණු වීමෙදි එය සැබෑවටම සිදු කලාලු. කැලෑව මැදට ගිය ඩබල සැබෑවටම ඩිස්ටි ඩිඩිං කලාලු. නමුත් පස්සෙ තරුණිය මේක ගැන හිත් අමනාපෙකින් හිටපු බවත් කියල තියෙනව.

මේ චිත්‍රපටයේ ගෝත්‍රිකයෙක් නිරුවත් කාන්තාවකට වද දෙන දර්ශනයකුත් තියෙනව.
මේ සඳහා අධ්‍යක්ෂකවරයා ස්වදේශීය කාන්තාවක් සොයා ගැනීමට කොච්චර උත්සාහ කලත් වැඩේ හරි ගිහින් නැහැ . අවසානයේදි විදේශික නිළියක් වන Lucia Costantini ගෙ මුලු ඇගේම මඩ ගාල මෙම දර්ශනයට ගෝත්‍රික කාන්තාවක් විදියට අරගෙන තියෙනව.

මේ චිත්‍රපටය හදන්න ඒ අය කරල තියෙන දේවල් බලනකොට, චිත්‍රපටයක් කියන්නෙ හුදෙක් පැයක දෙකක ආතල් එකක් ගන්න  නිර්මාණයක් විතරක් නෙවෙයි කියල ඔයාලට තේරුනාද?

අන්න ඒක තමයි මට ඔයාලට පෙන්නන්න ඕන උනෙ.

සමාඡය දියුණු කරන්නෙත්, පිරිහීමට පත් කරන්නෙත් මිනිස්සුම තමයි. චිත්‍රපටයෙ අරමුණ ඒක පෙන්නල දෙන එක.
නමුත් චිත්‍රපටය හදපු අයගෙ මතයට අනුව සත්තුන්ගෙ පැවැත්ම කලාවට අදාල නෑ වගේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ , මේකෙ තියෙන දර්ශන අතිශය වැඩිහිටියන්ට තමයි සුදුසු..ඉතිං සංවේදී හිත් තියෙන ළමයි වගේ වැඩිහිටියොත් මේක නොබලන එක තමා වඩාත් සුදුසු.

11 comments:

  1. නියම විස්තරයක්. මිනීනං මැරුවත් කමක් නෑ සත්තු මරන එක හින්ද ඕක බලන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. පෑනෙන් මිනි මරන්න ඇහැකි ⁣බොල, සත්තු මරනවට බය වෙන්න විදිහක් නැ නොවැ.නයාද ප්‍රශ්නෙ

      Delete
  2. ඇයි බන් ඔය අදටත් බෙයාර් ගිල්ස් ප්‍රසිද්ධියේ සත්තු මරන්, අමු අමුවේ කන්නේ.. දවසක් තලගොයෙක්ද කොහෙද ඇදලා අරන් ගහක ගහලා මැරුවා...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔය දැනටත් ඩිස්කවරි එකේ පෙන්නන්නෙ.

      Delete
    2. ඔව් අද තත්වෙනං එහෙම තමා බං, ඒ කාලෙ හැටියට ඕව පෙන්නන එක හෙනම සීන් එකක් වෙලා නිසයි ඔය චිත්‍රපටියට කෙළවුනෙ

      Delete
    3. අධ්‍යක්ෂකට මිනී මැරුවා කියලා චෝදනාවක් ආවේ මොකද ? කවුරු හරි මිසින් වුනාද ‍ෆිල්ම් කරලා ඉවර වෙනකොට ? ඒක ටිකක් ඉන්ටරස්ටිං කතාවක් වගේ...

      Delete
    4. චිත්‍රපටය හදපු කාලෙන් පස්සෙ තිරගත වෙනකම්ම සෙට් එකේ තුනක් මිසින්, පස්සෙ උන්ව උසාවියට ගෙනල්ල පෙන්නුවලු. ඒ මදිවට ඒ කාලෙ ෆිල්ම් වල හැටියට මේකෙ මිනි මැරුම් මාරම තාත්විකයි. ඉතින් සැකයක් ඇවිත්.
      ඔය චිත්‍රපටය ඉන්න මිනිමරු ගෝත්‍ර දෙකත් ඇත්තටම ඉන්න නිසා සැකේ තවත් වැඩි වෙලා.
      කෙල්ලව උල තියපු එකත් සැක කටයුතුලු

      Delete

ලංකාපුර දේව

      කාලයේ වැලි තලාවට යටවුණු එක්තරා වීරයෙකුගේ කතාවක්!!!              මේ ක්‍රිස්තු වර්ෂ 1166 අවුරුද්දයි. එක්තරා සුවිශාල මහා දේශයක පිහිටි තවත...