Wednesday, November 7, 2018

ගණදෙවියන්ගේ උපත

 ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල පුතාටයි. ඔවුන්ගෙ වැඩිමහල් පුතා තමයි කාර්තිකේයන් හෙවත් කතරගම දෙවියන්..
   බාල පුතා උනාට ගණ දෙවියන් නුවණට අධිපති කියල තමයි කියන්නෙ.මෙයාගෙ මේ අසීමිත නුවණ නිසාම මෙයා හින්දු දේව මණ්ඩලේ ප්‍රධාන දෙවියන් කියන තනතුර ලබාගෙන තියෙනව. ඒ නිසා හින්දු භක්තිකයන් මොන සුබ වැඩේ පටන්ගත්තත් ගණේෂට පූඡාවක් තියලයි වැඩ ආරම්භ කරන්න ඕන.
     ගණ දෙවියො මෙච්චර බුද්ධිමතෙක් වෙන්න හේතුව තමයි ඔහුට මනුෂ්‍ය හිසක් වෙනුවට අලියෙකුගෙ හිසක් පිහිටා තිබීම කියල කට්ටිය කිව්වට ඒක එක්තරා කතා ගොඩකින් එක කතාවක් විතරයි
ගනේෂට මේ අලි හිස ලැබීම ගැන කතන්දර කිහිපයක්ම තියෙනව. අපි ඉදිරියෙදි ඒ ගැනත් බලමුකො.
ශිව දෙවියන්ගෙ පළමු බිරිඳ උනේ ආදි ශක්ති මාතාවගේ පළමු මනුෂ්‍ය උපත උන සතී දේවියයි.
නමුත් සති දේවියගෙ පියා උන බ්‍රහ්ම පුත්‍ර මහා ප්‍රඡාපතී දක්ෂිණන්ගෙ ක්‍රියාකලාපය නිසා සති සහ ශිව අතර රංඩුවක් ඇති වෙලා සති දේවිය පියා ලඟට ගියා. අනතුරුව පියා ඇයට කරන අපහාස නිසා ඒව ඉවසගන්න බැරුව ඇය සියදිවි නසාගත්ත.
සති කියන මනුෂ්‍ය ශරීරයෙන් මිය ගිය ආදි ශක්ති මාතාව කාලයක් ගිහින් පාර්වතී කියන නමින් නැවත මනුෂ්‍ය උප්පත්තියක් ලැබුව.ඒ නැවත ශිව දෙවියන්ව ලබාගන්න කියල හිතාගෙන.වෙන් වෙලා හිටපු ශිව දෙවියන්ව සහ පාර්වතී දේවියව එකතු කරන්න වැදගත් කාර්යභාරයක් කරපු කෙනෙක් තමයි අනංග දේවය හෙවත් අනංගයා. වසර ගානක් දෑස් පියාගෙන භාවනාවක අතරමන් වෙලා හිටපු ශිව දෙවියන්ව අවධිකරල පාර්වතී දේවිය ගැන ආදරයක් පහළ කරන්න කියල හිතාගෙන අනංගය ශිව දෙවියන්ට මල් දුන්නෙන් විදිනව ,(ඒ හීය වදින කෙනා ප්‍රේමයෙන් අන්ධ වෙන බව තමයි කියවෙන්නෙ) එ් හී පහර නිසා යෝග භාවනාවෙන් අවධි වෙලා කෝපයට පත් වන ශිව දෙවියන්  එතුමගෙ තෙවනි ඇස විවෘත කරල අනංගයා හෙවත් මල්සරාව දවා අලු කරල දානව.
 (තෙවනි ඇස කියන්නෙ ශිව දෙවියන්ට පමණක් තිබෙන විශේෂ ශක්තියක්. නළල මැද තිබෙන තුන්වෙන් ඇසක් විවෘත කිරීම මගින් අති බලවත්  ගින්නක් පිට කිරීම තමයි එහිදී වෙන්නෙ, ශිව දෙවියන් අධික කෝපයට පත් වුන අවස්ථා වලදි විතරක් මෙම ඇස විවෘත වෙනව.මේ තෙවනි ඇසෙන් එන ගින්න කොපමණ බලවත්ද කියනව නම් මේකට අහුවෙන මනුෂ්‍ය / අසුර / දේව යන කිසිම කෙනෙක්ට මේකෙ ප්‍රහාරයකින් දිවි බේරගන්න බැහැ. ඔවුන් ඕනම කෙනෙක් දැවිල අලු බවට පත් වෙනව)

තමන්ගෙ සැමිය නැතිවුන එම අවස්ථාවේදී දුකටත් කෝපයට පත් උන අනංගයගෙ බිරිඳ හෙවත් රති දේවිය පාර්වතී දේවියට ශාපයක් කලා කවදාවත් පාර්වතී දේවියගෙ ගර්භයෙන් දරුවෙක් බිහි නොවේවා කියල. මේ නිසා පාර්වතී දේවිය හා ශිව දෙවියන් දරුවන් නැතුව බොහෝ කාලයක් හි⁣ටිය.
  පසුව විශ්වයේ පවතින ගැටලු ගැන හිතල පාර්වතී හා ශිව දරුවෙක් හදන්න තීරණය කලා. රති දේවියගෙ ශාපය නිසා කුසින් දරුවෙක් නොලැබෙන නිසා ඔවුන් දෙදෙනා භාවනා කරල යෝගී බලයෙන් ඔවුන් පළමු දරුවා වන කාර්තිකේයන්ව මැවීම සිදුකලා.
    කාර්තිකේයන්ගෙ උපතින් කාලයකට පස්සෙ ඔහු දේව සභාවෙ සේනාපති තනතුර ලබාගෙන අසුරයන්ගෙන් ලෝකය ආරක්ෂා කිරීමට පිටත්වෙලා යනව.
ඊට ටික කාලයකට පස්සෙ ශිව දෙවියොත් තමන්ගෙ තපස නැවතත් ආරම්භ කිරීමට පිටත්වෙන්න තීරණය කරනව. නමුත් මනුෂ්‍ය කාන්තාවක් උන පාර්වතී දේවියට ශිව දෙවිඳුන් වගේ දීර්ඝ තපස් රකින්න ආසාවක් නැහැ. (පාර්වතී දේවිය කියන්නෙ ආදි ශක්තිගෙ මනුෂ්‍ය ස්වරූපයකට, මේ ආදිශක්ති කියන්නෙ පුරාණ විශ්ව බලයක මනුෂ්‍ය ඉපදීමක්. ඒ බලය මනුෂ්‍ය ස්වරූපයෙන් ඉපදුන නිසා එය තුළ තවමත් මනුෂ්‍ය ගති තියෙනව කියල කියවෙනව.මනුෂ්‍යයෙක් උනත් පාර්වතී උත්සාහය අත් නොහැර කටුක තපස් රැකල ශිව දෙවිඳුන්ව තමන්ගෙ සැමිය බවට පත් කරගෙන දේවත්වයට පත්වෙනව. නමුත් ඇය දේවත්වයට පත් උනත් ඇය තුළ තිබෙන මනුෂ්‍ය ගතිගුණ පහවෙලා යන්නෙ නැහැ)
ඉතිං සැමියයි පුත්‍රයයි පිටත්වෙලා ගියාට පස්සෙ පාලුවෙන් තනියෙම ඉන්න පාර්වතී දේවිය තීරණය කරනව තවත් පුතෙක්ට ඡන්මය ලබා දෙන්න. ඒ ඇගේ තනිකම සහ පාලුව මකා ගැනීමටයි.
නමුත් ඇය මැවීම් ගැන හරියට දන්නෙ නැහැ. ශිව දෙවියන් නැති නිසා දරුවෙක්ව ලබාගන්න ක්‍රමයක් නැති බව කල්පනා කරන පාර්වතී දේවිය ඉතාමත් පාලුවෙන් කල් ගෙවනව , දිනක් ඇය ස්නානය කරන ගමන් ඇයගේ ඇගේ ගාපු කහ ස්වල්පයක්(ඇතැම් අය මෙය කුණු කියලත් අර්ථ දක්වනව) අරගෙන තමන්ගෙ හිතේ ඇඳිල ඉන්න දරුවාව එයින් අඹනව..
ඒ අතරම ඇය පාර්ථනය කරනව මේ දරුවා,

විෂ්ණු තරමටම රූමත්,
මහා බ්‍රහ්මය තරමටම බුද්ධිමත්,
ඊශ්වර නැත්නම් ශිව වගේම බලවත්

සැබෑ දරුවෙක් වේවා කියල.

ඉන් අනතුරුව ඇය ස්නානය කරල ඉවරවෙලා ඇවිත් පසෙකින් තබපු කහ රූපය දිහා බලනකොට එය සැබෑ බවට පත් වෙලා තියෙනව.
   ඒ වගේම ඒ දරුව අැය බලාපොරොත්තු උන සියලුම දේවල් වලින් සමන්විත වෙලා සිටිය කියල තමයි කියවෙන්නෙ..
   විශ්ණු වගේම රූමත් උන, බ්‍රහ්ම තරමටම බුද්ධිමත් උන මේ දරුව කවදාවත් තමන්ගෙ මවගෙ කීමට පිටින් කිසිම දෙයක් නොකරන අයෙක්. ඔහුගේ දිවියෙ අරමුණ වෙන්නෙ මෑණියන්ගෙ නියෝග වලට කීකරු වීම පමණමයි.මොහු වැනි බලවත් ශක්තිමත් බුද්ධිමත් දේව දරුවෙක් කිසි කලෙක බිහි වෙලා තිබුනෙ නැහැ. ඉතින් මොහු කාර්තිකේයන් වගේ මෑනියන්ගෙන් දුරස් නොවී මෑනියන් අසලටම වෙලා කාලය ගත කර කර හිටිය.

දෙවනි ලිපිය
(ගණ දෙවිඳුන්ට අලියෙකුගේ හිසක් ලැබීමේ පුවත බලාපොරොත්තු වන්න)

11 comments:

  1. ශිව දෙයියො දැන් පොට්ට ඇති බං හෙන නාකියිනෙ ? මොකද එහෙනං ඉන්දියාවෙ ලදු අස්සෙ රේල් පාරවල් අයිනෙ රීල යන එවුං දවල අලු කරනව එහෙනං !!!

    ReplyDelete
    Replies
    1. දෙයියන්ට තරහ යයි පරිස්සමෙන් හිටහං

      Delete
    2. නෑ පොර තාම ඇස් පියාගෙන තපස් රකිනවා.

      Delete
  2. දෙයියනේ මේක නියම කතාවක්නෙ.

    ReplyDelete
    Replies
    1. තව තව නියම කතා තියෙනව.ඉස්සරහට දාන්නම්

      Delete
  3. "ප්‍රතමංච" යනුවෙන් ගණදෙවියන් හදුන්වයි . "ප්‍රථමයෙන් වැදියයුතු" යන්න සිංහල අරුත වේ . පූජාවට්ටියක පොල් ගෙඩිය සැමවිටම අයිති වන්නේ ද ගණ දෙවියන්ටය . ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ට මුලින් ම වන්දනා කරද්දී ශිව දෙවියන් කීවේ ගණදෙවියන්ට වන්දනා කර එන ලෙස බවය.

    ReplyDelete
    Replies
    1. ඔබ කියපු කරුණු හරියටම හරි.ගණේෂ කියන්නෙ පරම් බ්‍රහ්මගෙ පරම අවතාරයක් කියල ඇතැම් විශ්වාස තියෙනව. ඔහුට ප්‍රථම පූඡාව ලබාදෙන්න ඒකත් හේතුවක් වෙන්නැති

      Delete
  4. ශිව මහ කැරියෙක්නෙ බං. ගෑනිව ගෙදර යවල වෙන ලාබාල එකියක්නනෙ බැදගෙන තියෙන්නෙ

    ReplyDelete