Saturday, July 22, 2017

මහාභාරතය 1 ( භීෂ්මගේ උපත සහ යුගයක ආරම්භය )

     
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න 
    මම අද ඉදල ලියන්න යන දීර්ඝ ලිපි මාලාවක පළවෙනි ලිපිය විදිහට මේ ලිපිය හදුන්වන්න පුලුවන් . මේ කතාව මම ලියන්නෙ කතාවක කෙලින්ම පරිවර්තනයක් විදිහට නෙවෙයි , ඒක නිසා ලියපුව ටිකක් විතර කියවන්න එපා වෙන්නත් පුලුවන්.
     එහෙනම් අපි මුලින්ම මහාභාරතය කියන්නෙ මොකක්ද කියල දැනගනිමු. මහාභාරතය කියන්නෙ අතීත භාරතයෙ, එහෙමත් නැත්නම් ඉපැරැණි ඉන්දියාවෙ ,  කුරු කියන රාඡ්‍යය අලලා සකස්කරන ලද ඉතාමත් පැරණි වීර කාව්‍යයක්. ක්‍රිස්තුවර්ෂ 8 -14  වන සියවස් අතර කාලයකදී කුරු රාඡ්‍යයත් පංචාල රාඡ්‍යයත් අතර ඇතිවූ සත්‍ය යුද්ධයක තොරතුරු අලලා එයට අත⁣ිශෝක්ති එකතු කරමින් සකස් කරන ලද මෙම කාව්‍ය භාරතීය ඉතිහාසයේ විශාලම වගේම ශේෂ්ඨතම කාව්‍යය විදිහට සලකනව.වචන මිලියන 1.8 ක් පමණ තියෙන මෙම කාව්‍යයේ කවි පද ලක්ෂයක් පමණ ඇතුලත් වෙනව. මේ මහා කාව්‍යයේ රචකයා ගැන කතාකරනකොට නම් ඒ සම්බන්ධව ගැටලු ඡාලයක් පැණ නගිනව.
ඉන්දියානුවන් වැඩිපුරම විශ්වාස කරන කරුණ තමයි ව්‍යාස කියන මහ ඝෘෂි තුමන් විසින් පවසන ලදුව ගණ දෙවියන් විසින් තම දකුණු දළයෙන් මහාභාරතය රචනා කරපු බව , ඒ වගේම තවත් පිරිසක් විශ්වාස කරනව මේ කෘතිය ව්‍යාස ඝෘෂිවරය විසින්ම රචනා කලා කියල, ඒ වගේම ව්‍යාස ඝෘෂිතුමාගෙ ගෝලයෙක් විසින් මහාභාරතය රචනා කලා කියල කතාවක් තියෙනව . කොහොම උනත් දැන් තවත් මතයක් තියෙනව මහාභාරතයට කතුවරු ගොඩක් ඉන්න පුලුවන් කියල , මොකද මහාභාරතයෙ ඇතැම් කොටස් අනෙක් කොටස් වලට වඩා ගොඩක් පැරණියි, එම නිසා කතුවරු රාශියගෙ එකතුවකින් විවිද කාල පරතර ඔස්සේ කාව්‍යයන් විකාශනය වෙලා කියලයි හිතන්නෙ.
  දැන් විස්තර ඇති , එහෙනම් කතාව පටන්ගමු.
 අතීත හස්තිනාපුර නැමැති රාඡ්‍යයේ රඡතුමා වුන සන්තානු මහරඡතුමා විසින් ගංඟා දේවියව සරණපාවා ගත්ත..(මේ ගංඟා දේවිය කියන්නෙ ගංගානම් ඟගට අධිපති දෙව්දුව බව තමා සැලකෙන්නෙ) මේ දෙපළගෙ විවාහයේ එකම එක කොන්දේසියක් තිබුණ , ඒ තමයි, ගංගා දේවිය කරන කිසිම ක්‍රියාවක් ප්‍රශ්න කරන්න හෝ වලක්වන්න රඡතුමාට අයිතියක් නෑ .. ඔහු එහෙම කලොත් ගංඟා දේවිය ඔහුව හැරදමා යන බව පවසලයි තිබුන. මොවුන් දෙදෙනාගේ විවාහයෙන් පුත්‍රයන් හත් දෙනෙක් උපත ලැබුව.. ඒ සියලුම දෙනාව ගංගා දේවිය ඡලයේ ගිල්ලවල මරා දැමුව.(එයට හේතුව තමයි මොවුන් ශාපයකින් මනු ලොවට පැමිණි දෙවිවරු වීම) .
අටවන පුත්‍රයාව මරා දමන්නට හදන විට සන්තානු රඡතුමාට බිරිඳ කෙරෙහි කෝපයක් හටගත්ත,, ඔහු මේ ක්‍රියාව නවත්තන්න කියල ගංගා දේවියට පැවසුව. ඇය එය පිළිගත්ත , නමුත් පොරොන්දුව කැඩීම නිසා ඇය සන්තානු රඡතුමාව හැරල ගිය. ඒ නොමරා ඉතුරු කරගත් දරුවා වුණු දේව්රත් සමඟ. ඔහුව රඡුට නැවත අවශ්‍ය වෙන කාලයේදී ලබා දෙන බවට ඇය පොරොන්දු වුන...
වසර ගණනක් ගතවුනා, ගංගා දේවිය තම පුත්‍ර දේව්රත් යුගයේ විශිෂ්ටතම රණකාමිය කරන්න හැම දෙයක්ම කල. ඉන්ද්‍ර දෙවියන් ඇතුලු සියලුම දෙවි වරුන්ගෙන් ඔහු සකල කලාවන් ඉගෙනගත්ත.. ඒ වගේම විෂ්ණු දෙවිඳුගේ අවතාරයක් ලෙස සැළකෙන සියලු යුධ කලාවන්ට අධිපති පරුෂරාම් දෙවියන්ගෙන් සියලුම යුද කලාවන් ඉගෙන ගත්ත..
සියලුම කලාවන් ඉගෙන ගැනීමෙන් පසු ඔහුගේ මව ඔහුව සන්තානු රඡතුමා වෙත භාර දුන්න. ඒ සාමාන්‍ය පුත්‍රයෙක් විදිහට නෙවේ , මෙතෙක් පහළවූ විශිෂ්ටතම රණකාමියෙක් විදිහට . තමන්ගෙ පුතාව සාදරයෙන් පිළිගත්ත රඡතුමා ඔහුව යුවරඡු කරන්න තීරණය කලා........

දේව්රත් භීෂ්ම වීම සහ රඡපවුලේ පෙරළිය දෙවනි කොටසින්........

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...