Friday, August 3, 2018

රිලා මොටාලාගේ දස්කම් විස්කම් ගොංකම් හා ශෝකාන්ත

මේ කතාව ටිකක් විතර යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ එකක් , මම හිතලම තමා එහෙම ලිව්වෙ. මොකද මෙතන සිද්ධවුන කතන්දරේ , ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ කිව්වම කිසිම රසයක් නෑ කියලයි මට හිතෙන්නෙ.
ඕං එහෙනං කියවන්න....

  රිලව කියන්නෙ පට්ටම අහිංසක සතෙක්.රිලවෙක්ගෙ මූණ දිහා බැලුවත් පුදුම අහිංසක කමක් තමයි පේන්නෙ. තායිලන්තය වගේ රටවල්වල ගස් නැගල පොල් කඩල දෙන්නත් රිලවුන්ව පුරුදු කරල තියෙන්නෙ ඒකයි. ඇත්තටම රිලවුන්ට පැහිච්ච පොල්ගෙඩි තෝර ගන්න තියෙන්නෙ පුදුම හැකියාවක්.උන්ට ඒක උපතින්ම එන හැකියාවක්..
   රිලා මස් කියන්නෙ චීනයෙ අති විශේෂ කෑමක්. ඉස්සර ලංකාවෙත් එහෙම තමා,නමුත් චීනයේ රිලා මස් කන්නෙ සතා පණපිටින් හිටිද්දිමයි.ඒකෙදි එයාල රිලවට පණ තියෙද්දි රිලා මොලය ආහාරයට ගන්නව.(ඒ වගේ ආහාර ගැන සම්පූර්ණ තොරතුරු ඇතුලත් ලිපියක් මම ඊලඟ පෝස්ට් එකෙන් දාන්න බලාපොරොත්තු වෙන නිසා , තව මුකුත් කියන්නැ)
      මට මතකයි මම පුංචි කාලෙ රිලව් නටවන අය අපේ පාරෙ යනව. අපේ සීය රිලව් නටවන මනුස්සයව නවත්තල, ගෙදර හැමෝවම අඬගහගෙන ඇවිල්ල රිලා නැටුම් පෙන්නවනව.රු 150 විතර මුදලකට තමයි එයා ඒ කාලෙ නැටුම් පෙන්නන්නෙ , ගෙදරක නැතුව පාරෙ හංදියක පෙන්නවනව නං සෙනඟ එකතුවෙනකං ඉදල මිසක් මිනිහ මොන නැටුමක්වත් පෙන්නන්නෑ.ඒ කාලෙ රිලවෙක් එක්ක යන අහිකුණ්ඨිකයෙක් කියන්නෙ මැඡික් එකක්. එයාලත් ඒක දැනගෙන හිටිය. අහිකුණ්ඨිකයන් කොච්චර හිටියත් , පුහුණු කරපු රිලවෙක් ඉන්න අය පළාතටම එක්කෙනයි වගේ හිටියෙ.
   "පුතා මනමාලි බලන්න ගිය හැටි පෙන්නන්න"

  "පුතා මනමාලි උබේ දිහා බලල මූණ හංග ගත්ත හැටි පෙන්නන්න"

"පුතා නැන්දම්මවයි මාමණ්ඩිවයි බලන්න නෑගම් ගිය හැටි පෙන්නන්න"

      ඔහොම කිව්වම රිලව බොහොම අපූරුවට එ්ව රඟදක්වල පෙන්නනව.

      ඕං ඔය වගේ සිද්ධි නිසා මට රිලව් ගැන තිබුනෙ මාරම ඉන්ටරෙස්ට් එකක්.
     අපේ ගම් පළාතට එක කාලෙක ලොකුම ලොකු රිලා රංචුවක් ආව. මෙයාලට
කලිනුත් රංචුවක් හි⁣ටිය, ඒත් එයාලට නං පමණ ඉක්මවා ගිය පෙරේතකම නිසා බොහොම අවාසනාවන්ත ඉරණමකට ලක් උනා.අපේ පලාතෙ රබර් වතු වගේම කටුපොල් වතුත් ගොඩාක් තියෙනව. රබර් ඇට ගිලපු රිලව්, තටමල තටමල පට්ටම අමාරුවෙන් තමයි  ඒව පිට කරන්නෙ.ඉතිං එක පාරක් හරි ඔය අත්දැකීමට මුහුණ දීපු රිලවෙක් ආයෙ රබර් ඇ⁣ට දිහා නං හීනෙන්වත් බලන්නෑ..
        ඉතිං මේ පරණ රිලා රංචුව වතු පාලු කරගෙන යන ගමන් දවසක් කටුපොල් වත්තකට පැනල.රතට රතේ රටඉඳි වගේ තියෙන කටුපොල්
 දැකපු රිලා රංචුව, කටුපොල් ටික සට සට ගාල ගිලල දාල තියෙනව.ගිල්ලට මොකද ගිලපුව පිට කරන්නෙ කොහොමද, කට වගේද පු#. පස්ස පැත්තෙ කටුපොල් ඇට හිරවෙල තිහක් විතර හිටපු රිලව් රංචුවෙන් 20 විතර කටුපොල් වත්තෙ තැන තැන අභාවප්‍රාප්ත වෙලා.වත්තෙ වැඩකරපු දෙමළ මනුස්සයෙක් තමා මටත් මේ සීන් එක කිව්වෙ. එයා දකින කොටත් වැඩේ ඉවරවෙලාලු. ගඳ ඉවසන්න බැරි නිසා , එයා සමූහ මිනි වලක් කැනල කට්ටියවම දාල වහල තිබුන.
     දැන් පරණ කතාව අමතක කරල දැන් ඉන්න සෙට් එක ගැන කතාකරමුකො.
මුන් ටිකත් ගහක කොලක මෙලෝම දෙයක් ඉතුරු කරන්නෑ. තත්වෙ කොච්චර දරුණුද කිව්වොත් අපේ වත්තෙ මගෙ කාමරේ ගාව තියෙන රඹුටන් ගහේ හැදුන රඹුටන් ගෙඩි වලින් , මම කෑවෙ ගෙඩි පහයි හයයි ඉතුරු ටිකට වෙච්ච දේ ඉතිං කියන්න දෙයක් නෑනෙ.
      අපේ මාම කෙනෙක් ඉන්නව පට්ටම සත්ව කරුණාවක් තියෙන. මිනිහ කුරුල්ලන්ට කෑම දාන ලෑල්ලටත් මේ රිලා රංචුව එන්න පටන් අරගෙන.
මාමගෙ සත්ව කරුණාවෙ තරම කොහොමද කියන්නෙ, මාම රතිඤ්ඤා පත්තු කරල ,අහස්කූරු යවල පොලු කෑල්ලක් අරගෙන වනල තමා සෙට් එක එලවල තියෙන්නෙ.. මේ රිලව් රංචුවෙ ඉන්නව අනෙක් එවුන්ට වඩා ටිකක් විතර ලොකු නායක රිලවෙක් ⁣මූ නම් නියම නසරාණිය. ඒ වගේම පට්ටම ගේම් කාරය. ඔය පොලු සීන් එක නිසා මූ අපේ මාමත් එක්ක පට්ටම ⁣තරහකින් තමා ඉදල තියෙන්නෙ.
ඉතිං දවසක් මාම ඉරිද දවසක නිවාඩු පාඩුවෙ ටිවි එක බලනකොට එකපාරටම චැනල් පේන්නෙ නැතුව ගියාලු. ගේ අැතුලෙ ඉදල කරන්න පුළුවන් හැම ගොඩ වෙදකමක්ම කරල බැරිම තැන, මාම මිදුලට බැහැල. මෙන්න බොලේ රිලව ඇන්ටනාව අතින් ඇදල කරකවනවලු. මාමව දැක්ක විතරයි රිලව පුදුම වේගෙකින් පැනල ගිහින්.
ඉතිං මක් කරන්නද, මාම බොහොම අමාරුවෙන් ඉනිමගකුත් ගෙනල්ල වහලට නැගල ඇන්ටනාව හදන්න. මාම ඇන්ටනාව ලඟට ගියා විතරයිලු කොහෙද හැංගිලා හිටපු රිලව පුදුම වේගෙකින් එනවලු මාමගෙ ඇඟට. අතේ කිසිම ආයුධයක් තිබිලත් නෑ. මාම වහල දිගේ  දුවල.
 රිලවත් ගේම අත් නොහැරම එනවලු.කලබලේට මාමගෙ සරමත් කැඩිල. නිවාඩු පාඩුවෙ ගෙදර හිටපු දවස නිසා මිනිහ සිවිල් පිට ඉදල තියෙන්නෙත්.
රිලවත් එක්ක සරම ඇද ඇද ඉන්න පුලුවන්යෑ. ඒ මදිවට අමු නිර්වස්තරෙන් වහළ උඩට වෙලා චිත්‍රපටියයක් පෙන්නන්නයෑ,කරගන්න දෙයක් නැති තැන මාම වහලෙන් බිමට පැනල.. වැඩි අමාරුවක් නෑ. තාම කකුලට පත්තු බඳිනව.
අන්න එහෙමයි රිලා මොටා එයාගෙ පළිය ගත්තෙ.
        ඊලඟ සිද්ධිය උනේ අපේ ගෙවල් ලඟ ආච්චි කෙනෙක්ට, එයාගෙ පොල් ගස් වලටත් මේ රිලා රංචුව කරදර කරනව. රතිඤ්ඤා පත්තු කලාම රිලව් රංචුවම ගියත් මේ නායක රිලව හෙලවෙන්නෑ. ඌ උගෙ පාඩුවෙ හිමීට පොල් ටික කොටා බානව. මේ වැඩේ ඉවසන්න බැරිම තැන ආච්චි ගහ යටට ගිහින් ඌට හොඳටම බැනල..
   චොර චොර සද්දයක් ඇහුණලු , බලනකොට මූ ආච්චිගෙ ඇඟට චූ දානවලු. දුවාගන්න ලැබිල නැ. ආච්චි රිලා චූ නාල. මූ ආච්චි දිහා බල බල විරිත්තනවලු.
  ගමටම ගේම දීපු මේ රිලව දවසක් වැඩ වරද්ද ගත්ත.ඒ අපේ දඩෝරියව කන්න ගිහින් තමයි..
      දවසක් ඔය රිලා නායකය ප්‍රමුඛ රිලා රංචුව ගස් වලින් බිමට බැහැල අපේ ද⁣ඩෝරියව කෑව.දඩෝරියට තෙල් බෙහෙත් සාත්තුවක් කරන ගානට තුවාල. දඩෝරිය එදා ඉදල රිලා රංචුව ගැනම තමයි අවධානයෙන් හිටියෙ.දවසක් වත්ත පහළ කලබලයක් ඇහිල මම යනකොට දඩෝරිය එයාගෙ වාඩුව අර ගන්න ලෑස්ති වෙලා.. නායක රිලවගෙ බෙල්ලෙන්ම අල්ලගෙන. මම බොහොම අමාරුවෙන් රිටකින් ඇනල රිලවව බේරුව.එදායින් පස්සෙ නං එයා අපේ වත්ත පැත්තට පය තියන්නෑ.

     ඔන්න ඔහොමයි ඉතිං රිලා කතා. කොහොම නසරාණි වැඩ කලත් මම නං රිලවුන්ට කැමතියි. ඊලඟ රඹුටන් වාරෙට කලින් වායු රයිෆල් එකක් ගන්න ඕනද නැද්ද  කියන ආදරබර සිතුවිල්ල එක්ක තමයි මම මේ දවස්වල ඉන්නෙ.
.A/l සිතුවිලි නං අහල පහලකවත් නැලු..

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...