Monday, April 24, 2017

කුණු කුණු සහ තවත් කුණු

   
 මම නම් ඉතින් ඉතිහාසය , සාහිත්‍ය වගේ මාතෘකාවලට කොටු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි.. ඒක නිසා කුණු ගෑවුණත් කමක්නෑ කියල කුණු ප්‍රශ්නෙ ගැන ලියන්න කල්පනා කලා..
     මීතොටමුල්ල ඛේදවාචකය තමයි මේ ලිපිය ලියන්න මූලික වුනෙ..
      ඇත්තටම අද වෙනකොට ඇයි මෙච්චර කුණු , මේ කුණු වලට මොකක්ද කරන්නෙ.. මෙව්ව ගැන කතාකරන්න ගත්තහම කියන්න සුරංගනා කතා කන්දක් තියෙනව ..කුණු ගැන කියනකොට ලගින්ම යන වචනයක් තමයි  "ප්‍රතිචක්‍රිකරණය" ,, ඒත් ඇත්තටම මීතොටමුල්ල වගේ කන්දක් ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන් ද? සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මගේ අදහස තමයි , ඒ ගැන කතා කරල වැඩක් නෑ කියන එක.. ඔය කුණු කන්ද ප්‍රතිචක්‍රිකරණය කරන්න ගියොත් පරම්පරා දහයක් විතර යනකම් ප්‍රතිචක්‍රිකරණය කරන්න වෙයි.. ඕකට මගෙ ගාව තියෙන සරල විසඳුම තමයි , අධික තාපයක් යටතෙ පුලුස්සන  එක... ඕක කරන්න පුලුවන් ද කියල මම හරියටම දන්නෑ මගෙ අයිඩියා එක තමා ඒක..
    දැන් ඉස්සරහට එකතු වෙන කුණු වලට අපි මෙ⁣ාකද කරන්නෙ? මම දැක්ක පත්තර ටීවී වල ලොකු මහත්තුරු කියනව  ඉස්සර ක්‍රම වලට අපි පුරුදු වෙන්න ඔ්න, දේශීය දිරාපත්වෙන දේවල් පාවිච්චි කරන්න ඕන,, පොලිතින් භාවිතය අවම කරන්න ඔ්න, ගෙදර කොම්පෝස්ට් වලක් හදන්න ඕන ( පර්චස් දෙක තුනක ඉන්න අයට සාලෙ මැද්දෙ තමා හාරගන්න වෙන්නෙ) කියන දේවල්.. ඇත්තටම මහත්තයෝ ඒව කරන්න ඕන තමයි. කවුද ඒව කරන්නෙ.. ඔබතුමාලගෙ ගෙවල්වලවත් එහෙම කරනවද? ඕව සමාඡයට තේරුම් කරන්නම අවුරුදු දහයක් විස්සක් යනව..
              ඇත්තටම මගේ අදහස තමා මෙන්න මේක.. මේකත් ටිකක් ( ගොඩක් ) අමාරු ක්‍රමයක් , මගෙ පොඩි මොලේට වැටහිච්ච හොඳම අදහස තමා මේ..

1...පළවෙනි පියවර තමයි කූණු එකතු කිරීම .. ( ප්ලාස්ටික් , දිරාපත් වන දේවල් , වෙනත් මේ විදිහට තමා වර්ගීකරණය කරන්න ඕන.. )  ඔය වෙනත් කියන කෑල්ලට 100% පට්ටම ගඳ ගහන ඡහඡරාව දාන්න පුලුවන් ..

2. දෙවනි පියවර තමයි මේ එකතු කරන ද්‍රව්‍ය ලංකාව පුරා ගොඩනගපු කුණු ප්‍රතිචක්‍රිකරණය ආයතන දහයට බෙදා හරින්න ඕන.. (එහෙම ආයතන ගොඩනගල)

  මේ ගොඩනගන ආයතන දහයෙන් හතරක් තාපයෙන් කුණු පුලුස්සන තැන් වෙන්න ඕන... අර වෙනත් ගොඩේ තියෙන ඔක්කොම කුණු මේවට යවල පුලුස්සන්න ඕන.. එතකොට අනික් හයෙන් තුනක් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කරන තැන් වෙන්න ඕන, අනිත් තුන කොම්පෝස්ට් නිපදවන තැන් වෙන්න ඕන..

3. දැන් තුන්වෙනි පියවර විදිහට එකතුකරන කුණු ගොඩගසා ගැනීමකින් තොරව කෙලින්ම අර මධ්‍යස්ථාන වලට යවන්න ඕන.  මේ එක මධ්‍යස්ථානයකට අක්කර දහය  පහළොවක ඉඩමක් ගත්තනම් හරියටම හරි...

4.. හතර වෙනි පියවර මේ කරන වැඩ වල කාර්‍යක්ෂමතාව මනින්න නිලධාරී මණ්ඩලයක් පත් කරන්න ඕන... ඒ අය අනිවාර්යයෙන් මේ වැඩ වල අක්‍රමිකතා උනොත් වගකීම ගන්න බැඳී සිටින්න ඕන.

5.. මේ තමයි අවසාන පියවර ,  කුණු එකතුකරන්න එන වාහනේ මොඩ් කරන්න ඕන.. රියදුරු  සහ සහයක ඇරුණහම වගකිවයුතු නිලධාරීයෙකුත් මේ ටැක්ට⁣ෙර් නැගල යන්න ඕන.. අපේ මිනිස්සු වර්ගීකරණය කරල කුණු දාන්නත් කැමති නෑනෙ.. අන්න ඒ අයට අර නිලධාරිය දඩ ගහන්න ඕන. ( රවි අංකල්ට කුණු බද්දකුත් එනව)


මේ වගේ සරල ක්‍රමයකින් පටන්ගත්තනම් කුණු ප්‍රශ්න ඔච්චර දුර දිග යන්නෑ...
   මේ දේවල් කරන්න දේශපාලන බල අරගල අතර කිසිම ඉඩක් නෑ, මොන පක්ෂ ආවත් ⁣ඒක එහෙම්මම තමා කියන එක තමා මගෙ අදහස..මම මේක ටයිප් කලේ මට හිතුන නිසා ,, හිතේ තියන් ඉන්නවට වඩා කොහෙ හරි කොටල දාන එක හොඳයිනෙ....

Monday, April 10, 2017

පරාජිත බව....

කාලය මැදින් ඡීවිතය ඡයගන්නා ඔබ.....

මුලු සමාඡයටම මෙහෙවරක් කරන්නා වූ ඔබ.....

දිවියේ අරුත වටහා දෙන්නා වූ ඔබ....සියල්ලම බලා සිටි මා....

අවසානයේදී ඔබ හා මම අතර පවතින වෙනස මම සොයාගතිමි....

ඔබ ඡීවයේ පැවැත්ම සුරකින අතර , මම ඔබගේ පැවැත්ම විනාශ කරමින් යන්නෙමි...

මට ඇති ශෝකය නම්,, මා සත්‍ය දැනගත්තද ඔබව රැකගැනීමට මා අපොහොසත් වීමයි.....
අද පොඩි වැඩකට ලී මෝල පැත්තට යැවුන,, කපල තිබ්බ කොස් ගස්වල මහත දැක්කාම මට සැබෑවටම දැණුන දේ මම කෙටුවෙ..

Monday, April 3, 2017

~ අමරණීය සැබෑ ආදරය 2 ~

 ටික දවසක නිහඬියාවකින් පස්සෙ මම ආපහු ආව.. කලින් ලියපු පෝස්ට් එකේ ඉතුරු ටික තමයි මේ...
ඡැක් රෝස් ආදර අන්දරය

         ලෝකයම අඬා වට්ටපු , ලෝකෙම දන්න , ප්‍රසිද්ධම ආදර කතාවක් තියෙනව නම් ඒ තමයි මේ ආදර කතාව. ටයිටැනික් චිත්‍රපටියෙ තිබ්බ මේ ආදරය ඇත්තම ආදර කතාවක් නම් නෙවෙයි , ඒත් ඒකෙ තිබුණු ආදරේ නම් ලෝකෙටම දැණුන.


   ඡැක් ඩෝසන් කියන්නෙ දුප්පත් තරුණයෙක්, යහලුවෙක් එක්ක පොකර් ක්‍රීඩාව⁣ට ගිහින් දිනා ගන්න තුන්වෙනි පන්තියෙ ටිකට්පතකින් තමයි ඔහු ටයිටැනික් නැවට නගින්නෙ .
     එතකොට රෝස් , එයා පළවෙනි පන්තියෙ ආඩම්බරකාර මගියෙක්. ටයිටැනික් නැවේ ගිය හෝක්ලි නැමැති කෝටිපතියත් එක්ක විවාහවෙන්න කියන පවුලෙ බලපෑම් මත තමා ඇය මේ නැව් ගමනට එකතුවෙන්නෙ. අන්තිමට මේ විවාහය එපාවෙල සියදිවි නසාගන්න යන ඇයව බේරගන්නෙ අපේ ඡැක් ඩෝසන් ඉලන්දාරිය....
    ඒ සිදුවීමෙන් පස්සෙ ඒ දෙන්න අතර ඇතිවෙන හිතවත්කම ආදරේකට පෙරලෙනව. මේ කුලුඳුල් ආදර කතාව ගලාගෙන යන අතරෙදිම තමා ටයිටැනික් නැව අයිස් පර්වතේක හැපිල ගිලෙන්න යන්නෙ,, ඒ අවස්ථාවෙදි නෞකා කාර්යමණ්ඩලය පළමුපන්තියෙ මගීන්ව බෝට්ටු මගින් පිටත්කරනව.. නමුත් රෝස්, ඡැක් සමඟම පිටවෙන අරමුණෙන් නැවෙන් පිට නොවී ඉන්නව. දෙන්න එකතුවෙල නැවෙන් පිටවෙන්න මාර්ගයක් හොයන අතරෙ ටයිටැනික් නැව සම්පූර්ණයෙන් මුහුදුබත් වෙනව. දරාගන්න බැරි සීතල වතුරට මේ දෙන්නව වැටෙනව.. ඒ අතරෙදි ඡැක් හොයාගන්නව වතුරෙ පාවෙන  බෝඩ් කෑල්ලක්.. ඡැක් බොහොම අමාරුවෙන් රෝස්ව ඒක මතට ගොඩ කරවල ඔහු  වතුරට වෙලා ඉන්නව.. මොකද ඒ බෝඩ් එකට දෙන්නෙක්ගෙ බර දරන්න බෑ , අන්තිමට සීතල දරාගන්න බැරුව ඡැක් මියයනව ,
ඒ සදාදරණීය ආදරයේ මතකසටහන් රෙ⁣ා්ස්ගෙ හිතේ ඉතුරු කරමින්. නෞකා අනතුරින් ඡීවිතේ බේරගන්න රෝස්ගෙ හිතේ ඔහු සදාකාලිකවම ඡීවත්වෙනව..

රෝමියෝ ඡුලියට් ආදර අන්දරය

    ඉතාලියේ වේරෝනා නගරයේ හිටපු සැබෑම ආදර වන්තයො යුවලකගෙ කතාවකට අතිශෝක්තියක් එකතුකරමින් තමයි විලියම්  ශේෂ්පියර් විසින් මෙම ප්‍රේම  වෘත්තාන්තය රචනා කරල තියෙන්නෙ. ලෝකෙ පුරා ඉන්න පොඩි ළමයෙක් උනත් දන්න ප්‍රසිද්ධ ආදර කතාවක් බව⁣ට මේක ඒ කාලෙම පත්වුනා..
    ඉතාලියෙ ඉඳපු ඉතාමත් හතුරු පරම්පරා දෙකකට තමයි රෝමියෝ සහ ඡුලියට් අයිතිවෙන්නෙ. මේ පරම්පරා  දෙකේ හතුරුකම් කොච්චර දුරකට විහිදිලා  ගියත් රෝමියෝ සහ ඡුලියට් දිනක් ආදරෙන් බැඳෙනව..
   මේ දෙන්න හැමෝටම හොරෙන් ප්‍රසිද්ධ පූඡකතුමෙක් හමුවෙල විවාහ වෙනව. නමුත් විවාහය හැමෝටම රහසක් විදිහට තමයි මේ දෙන්න තියාගන්නෙ.
    දවසක් ඡුලියට්ගෙ නැදෑයෙක් මියයනව.. ⁣මේ පුද්ගලයගෙ මරණයට වැරදිකරු විදිහට සැක කරන්නෙ රෝමියෝව.තවදුරටත් වෙරෝනා නගරයෙ ඡීවත්වීම අවධානම් බව දැනගන්න රෝමියෝ වහාම නගරයෙන් පළායනව.
   ටික කාලෙකට පස්සෙ ඡුලියට්ගෙ දෙමව්පියන් ඇයව තරුණයෙක්ට විවාහ කරල දෙන්න තීරණය කරනව. මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන ඡුලියට්ට මතක්වෙන්නෙ ඇය සහ රෝමියෝගෙ විවාහය කරවපු පූඡකතුමා , ඇය ගිහින් එතුමගෙන් උදව් ඉල්ලනව. එතුමා විසින් සකස්කරපු ව්‍යාඡ විදිහට මිය යන ඖෂධයක් එතුමා ඡුලියට්ට දෙනව.. එමගින් ඇගේ පවුලෙ කට්ටියට ඇය මියගියා කියල අඟවන එක තමා එතුමගෙ අරමුණ උනෙ.... ඒ වගේම පූඡක තුමා තමන්ගෙ සම්පූර්ණ සැලසුම ලියල ලියුමක් රෝමියෝ වෙතට යවනව. නමුත් අවාසනාවට ඒ ලියුම රෝමියෝ අතට පත්වෙන්නෙ නෑ.
       ඡුලියට් මිය ගිහින් කියල ආරංචි වෙන රෝමියෝ වහාම දේවස්ථානය වෙත යනව. මිනී පෙට්ටියක දාල තියෙන ඡුලියට්ගෙ මළ කඳ දකින රෝමියෝ දුක ඉවස ගන්න බැරුව සියදිවි නසාගන්නව.. ටික වෙලාවකට පස්සෙ ⁣ඖෂධ වල බලය අයින්වෙල අවදිවෙන ඡුලියට් දකින්නෙ , සියදිවි නසාගත්ත තමන්ගෙ ආදරවන්තයව.. ඇයත් දුක ඉවසගන්න බැරුව සියදිවි නසාගන්නව.
    මේ මරණ ගැන ආරංචි වෙන පවුල් දෙකේ අය විරුද්ධවාදීකම් සඳහටම අතහැරල දාල ඒ දෙන්නගෙ අවසන් චාරිත්‍ර ඉෂ්ට කරනව...

සාඡහන් සහ මුම්ටාස් ආදර අන්දරය

   ටඡ්මහල් මන්දිරයේ ආරම්භය වෙච්ච මේ සැබෑ ආදර කතාව අවසන් වෙන්නෙනම් මහා ශෝකාන්තයක් විදිහට ,
  සාඡහන් කුමාරය ,, ඔහුට අවුරුදු පහ⁣ළවෙදි මුණ ගැසෙන මුම්ටාස් දේවියට ආදරේ කරන්න පටන්ගන්නව. පිය රඡතුමාට දැනුම් දුන්නට පස්සෙ ඔහුගෙත් අවසරය මත ඊට අවුරුදු පහකට පස්සෙ , අවුරුදු විස්සෙදි ඔහු පර්සියානු කුමාරිකාවක් වෙච්ච මුම්ටාස්ව විවාහ කරගන්නව.. මේ තමයි ආදර කතාවේ ආරම්භය .
      වර්ෂ 1628 දි සහඡාන් මහරඡු බවට පත්වෙනව ,, ⁣ඔහුට කොපමණ බිසෝවරු සිටියත් ඔහු අසීමිතව ආදරය කලේ මුම්ටාස්ට විතරයි..ඒ අතර  ඔහුට දාව ඇයට දරුවන් දහතුන් දෙනෙක් සිටිනව , දහහතර වෙනි දරුවා ලැබබෙන්න යන විට ඇතිවෙන සංකූලතාවයක් නිසා ඇය මරණාසන්න වෙනව ඒ ඇයට අවුරුදු 32 දි. එවිට ඇය අසලට එන රඡතුමා ඇයට පොරොන්දුවක් ලබා දෙනව ඒ තමයි ඔහු නැවත කවදාවත් විවාහ නොවන බව සහ වටිනාකමින් මිල කල නොහැකි සිහිවටනයක් ඇය වෙනුවෙන් හදන බව.
"" ඇය මියයනව """
  තමන් ලබාදීපු පොරොන්දුවෙ හැටිය⁣ට රඡතුමා සිහිවටනය හදන්න පටන්ගන්නව , සේවකයො විසි දෙදාහක් යොදාගෙන අවුරුදු විසි දෙකක් තිස්සෙ රඡතුමා තම බිසව වෙනුවෙන් ඒ හදපු සිහිවටනය තමා ටඡ්මහල.
ඒකෙ දේවියගෙ දේහයත් තැම්පත් කෙරුණ..
     ටඡ්මහල හදල ටික කාලයකට පස්සෙ රඡතුමා අසනීප උනා.. ඒ අවස්ථාවෙන් ප්‍රයෝඡන ගත්ත රඡතුමාගෙ පුත⁣ා , රඡතුමාව සිරබාරයට පත් කරල රාඡ්‍ය පාලනය අතට ගත්ත.. එදා ඉඳල රඡතුමා ඡීවත් උනෙ කුඩා කවුලුවකින් ටඡ්මහල පේන මාලිගාවක සිරකරුවෙක් විදිහට.. 1666 ඡනවාරි 22  , අවුරුදු 74ක ඡීවිත කාලයක් ගතකරපු සහඡාන් රඡතුමා දිවියෙන් සමු ගත්ත...අවසානයේ ඔහුගේ දේහයත් දේවියගේ දේහය සමඟ ටඡ්මහල් මන්දිරයේම තැන්පත් කලා...

තොරතුරු අන්තර්ඡාලය ඇසුරිනි .

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...