ලෝකයම අඬා වට්ටපු , ලෝකෙම දන්න , ප්‍රසිද්ධම ආදර කතාවක් තියෙනව නම් ඒ තමයි මේ ආදර කතාව. ටයිටැනික් චිත්රපටියෙ තිබ්බ මේ ආදරය ඇත්තම ආදර කතාවක් නම් නෙවෙයි , ඒත් ඒකෙ තිබුණු ආදරේ නම් ලෝකෙටම දැණුන.
ඡැක් ඩෝසන් කියන්නෙ දුප්පත් තරුණයෙක්, යහලුවෙක් එක්ක පොකර් ක්‍රීඩාවට ගිහින් දිනා ගන්න තුන්වෙනි පන්තියෙ ටිකට්පතකින් තමයි ඔහු ටයිටැනික් නැවට නගින්නෙ .
එතකොට රෝස් , එයා පළවෙනි පන්තියෙ ආඩම්බරකාර මගියෙක්. ටයිටැනික් නැවේ ගිය හෝක්ලි නැමැති කෝටිපතියත් එක්ක විවාහවෙන්න කියන පවුලෙ බලපෑම් මත තමා ඇය මේ නැව් ගමනට එකතුවෙන්නෙ. අන්තිමට මේ විවාහය එපාවෙල සියදිවි නසාගන්න යන ඇයව බේරගන්නෙ අපේ ඡැක් ඩෝසන් ඉලන්දාරිය....
ඒ සිදුවීමෙන් පස්සෙ ඒ දෙන්න අතර ඇතිවෙන හිතවත්කම ආදරේකට පෙරලෙනව. මේ කුලුඳුල් ආදර කතාව ගලාගෙන යන අතරෙදිම තමා ටයිටැනික් නැව අයිස් පර්වතේක හැපිල ගිලෙන්න යන්නෙ,, ඒ අවස්ථාවෙදි නෞකා කාර්යමණ්ඩලය පළමුපන්තියෙ මගීන්ව බෝට්ටු මගින් පිටත්කරනව.. නමුත් රෝස්, ඡැක් සමඟම පිටවෙන අරමුණෙන් නැවෙන් පිට නොවී ඉන්නව. දෙන්න එකතුවෙල නැවෙන් පිටවෙන්න මාර්ගයක් හොයන අතරෙ ටයිටැනික් නැව සම්පූර්ණයෙන් මුහුදුබත් වෙනව. දරාගන්න බැරි සීතල වතුරට මේ දෙන්නව වැටෙනව.. ඒ අතරෙදි ඡැක් හොයාගන්නව වතුරෙ පාවෙන බෝඩ් කෑල්ලක්.. ඡැක් බොහොම අමාරුවෙන් රෝස්ව ඒක මතට ගොඩ කරවල ඔහු වතුරට වෙලා ඉන්නව.. මොකද ඒ බෝඩ් එකට දෙන්නෙක්ගෙ බර දරන්න බෑ , අන්තිමට සීතල දරාගන්න බැරුව ඡැක් මියයනව ,
ඒ සදාදරණීය ආදරයේ මතකසටහන් රෝස්ගෙ හිතේ ඉතුරු කරමින්. නෞකා අනතුරින් ඡීවිතේ බේරගන්න රෝස්ගෙ හිතේ ඔහු සදාකාලිකවම ඡීවත්වෙනව..
රෝමියෝ ඡුලියට් ආදර අන්දරය
ඉතාලියේ වේරෝනා නගරයේ හිටපු සැබෑම ආදර වන්තයො යුවලකගෙ කතාවකට අතිශෝක්තියක් එකතුකරමින් තමයි විලියම් ශේෂ්පියර් විසින් මෙම ප්‍රේම වෘත්තාන්තය රචනා කරල තියෙන්නෙ. ලෝකෙ පුරා ඉන්න පොඩි ළමයෙක් උනත් දන්න ප්‍රසිද්ධ ආදර කතාවක් බවට මේක ඒ කාලෙම පත්වුනා..
ඉතාලියෙ ඉඳපු ඉතාමත් හතුරු පරම්පරා දෙකකට තමයි රෝමියෝ සහ ඡුලියට් අයිතිවෙන්නෙ. මේ පරම්පරා දෙකේ හතුරුකම් කොච්චර දුරකට විහිදිලා ගියත් රෝමියෝ සහ ඡුලියට් දිනක් ආදරෙන් බැඳෙනව..
මේ දෙන්න හැමෝටම හොරෙන් ප්‍රසිද්ධ පූඡකතුමෙක් හමුවෙල විවාහ වෙනව. නමුත් විවාහය හැමෝටම රහසක් විදිහට තමයි මේ දෙන්න තියාගන්නෙ.
දවසක් ඡුලියට්ගෙ නැදෑයෙක් මියයනව.. මේ පුද්ගලයගෙ මරණයට වැරදිකරු විදිහට සැක කරන්නෙ රෝමියෝව.තවදුරටත් වෙරෝනා නගරයෙ ඡීවත්වීම අවධානම් බව දැනගන්න රෝමියෝ වහාම නගරයෙන් පළායනව.
ටික කාලෙකට පස්සෙ ඡුලියට්ගෙ දෙමව්පියන් ඇයව තරුණයෙක්ට විවාහ කරල දෙන්න තීරණය කරනව. මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන ඡුලියට්ට මතක්වෙන්නෙ ඇය සහ රෝමියෝගෙ විවාහය කරවපු පූඡකතුමා , ඇය ගිහින් එතුමගෙන් උදව් ඉල්ලනව. එතුමා විසින් සකස්කරපු ව්‍යාඡ විදිහට මිය යන ඖෂධයක් එතුමා ඡුලියට්ට දෙනව.. එමගින් ඇගේ පවුලෙ කට්ටියට ඇය මියගියා කියල අඟවන එක තමා එතුමගෙ අරමුණ උනෙ.... ඒ වගේම පූඡක තුමා තමන්ගෙ සම්පූර්ණ සැලසුම ලියල ලියුමක් රෝමියෝ වෙතට යවනව. නමුත් අවාසනාවට ඒ ලියුම රෝමියෝ අතට පත්වෙන්නෙ නෑ.
ඡුලියට් මිය ගිහින් කියල ආරංචි වෙන රෝමියෝ වහාම දේවස්ථානය වෙත යනව. මිනී පෙට්ටියක දාල තියෙන ඡුලියට්ගෙ මළ කඳ දකින රෝමියෝ දුක ඉවස ගන්න බැරුව සියදිවි නසාගන්නව.. ටික වෙලාවකට පස්සෙ ඖෂධ වල බලය අයින්වෙල අවදිවෙන ඡුලියට් දකින්නෙ , සියදිවි නසාගත්ත තමන්ගෙ ආදරවන්තයව.. ඇයත් දුක ඉවසගන්න බැරුව සියදිවි නසාගන්නව.
මේ මරණ ගැන ආරංචි වෙන පවුල් දෙකේ අය විරුද්ධවාදීකම් සඳහටම අතහැරල දාල ඒ දෙන්නගෙ අවසන් චාරිත්‍ර ඉෂ්ට කරනව...
සාඡහන් සහ මුම්ටාස් ආදර අන්දරය
ටඡ්මහල් මන්දිරයේ ආරම්භය වෙච්ච මේ සැබෑ ආදර කතාව අවසන් වෙන්නෙනම් මහා ශෝකාන්තයක් විදිහට ,
සාඡහන් කුමාරය ,, ඔහුට අවුරුදු පහළවෙදි මුණ ගැසෙන මුම්ටාස් දේවියට ආදරේ කරන්න පටන්ගන්නව. පිය රඡතුමාට දැනුම් දුන්නට පස්සෙ ඔහුගෙත් අවසරය මත ඊට අවුරුදු පහකට පස්සෙ , අවුරුදු විස්සෙදි ඔහු පර්සියානු කුමාරිකාවක් වෙච්ච මුම්ටාස්ව විවාහ කරගන්නව.. මේ තමයි ආදර කතාවේ ආරම්භය .
වර්ෂ 1628 දි සහඡාන් මහරඡු බවට පත්වෙනව ,, ඔහුට කොපමණ බිසෝවරු සිටියත් ඔහු අසීමිතව ආදරය කලේ මුම්ටාස්ට විතරයි..ඒ අතර ඔහුට දාව ඇයට දරුවන් දහතුන් දෙනෙක් සිටිනව , දහහතර වෙනි දරුවා ලැබබෙන්න යන විට ඇතිවෙන සංකූලතාවයක් නිසා ඇය මරණාසන්න වෙනව ඒ ඇයට අවුරුදු 32 දි. එවිට ඇය අසලට එන රඡතුමා ඇයට පොරොන්දුවක් ලබා දෙනව ඒ තමයි ඔහු නැවත කවදාවත් විවාහ නොවන බව සහ වටිනාකමින් මිල කල නොහැකි සිහිවටනයක් ඇය වෙනුවෙන් හදන බව.
"" ඇය මියයනව """
තමන් ලබාදීපු පොරොන්දුවෙ හැටියට රඡතුමා සිහිවටනය හදන්න පටන්ගන්නව , සේවකයො විසි දෙදාහක් යොදාගෙන අවුරුදු විසි දෙකක් තිස්සෙ රඡතුමා තම බිසව වෙනුවෙන් ඒ හදපු සිහිවටනය තමා ටඡ්මහල.
ඒකෙ දේවියගෙ දේහයත් තැම්පත් කෙරුණ..
ටඡ්මහල හදල ටික කාලයකට පස්සෙ රඡතුමා අසනීප උනා.. ඒ අවස්ථාවෙන් ප්‍රයෝඡන ගත්ත රඡතුමාගෙ පුතා , රඡතුමාව සිරබාරයට පත් කරල රාඡ්‍ය පාලනය අතට ගත්ත.. එදා ඉඳල රඡතුමා ඡීවත් උනෙ කුඩා කවුලුවකින් ටඡ්මහල පේන මාලිගාවක සිරකරුවෙක් විදිහට.. 1666 ඡනවාරි 22 , අවුරුදු 74ක ඡීවිත කාලයක් ගතකරපු සහඡාන් රඡතුමා දිවියෙන් සමු ගත්ත...අවසානයේ ඔහුගේ දේහයත් දේවියගේ දේහය සමඟ ටඡ්මහල් මන්දිරයේම තැන්පත් කලා...
තොරතුරු අන්තර්ඡාලය ඇසුරිනි .
වෙනදා වගේම ආසාවෙන් කියෙව්වා... මටනන් මේ මදි... තව ඕනේ...
ReplyDeleteස්තුතියි මචන්
Deleteපෝස්ට් එක මදි යකෝ.....
ReplyDelete- ජය බෝලී නාත් -
හා හා දාන්නම් thanks
Deleteනොව මියැදෙන්නෙ ඒ නම් ටික මතක ඇතේ
ReplyDeleteලොව හැම හිතක හැම කාලෙම රැඳී ඇතේ
මෙවරත් තරිඳුගේ ලිපියේ රසය ඇතේ
තව ලිපියකින් කියවන්නට ආස ඇතේ.....
ජයවේවා!!!
ස්තුතියි දුමී
Delete👍👍👍
ReplyDeleteහැබෑ ආදරයට වැඩි ආයුෂක් නැත.සියල්ලෝම අඩු වයසින් මිය යති
ReplyDeleteඒක ඇත්ත..
Deleteසැබෑ ආදරේ කරලා අවධානමක් ගන්න හොද නෑ වගේ නේ බන්
ReplyDeleteDR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
ReplyDeleteමා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159
Thanks and that i have a dandy provide: Where To Start House Remodeling affordable home renovations
ReplyDelete