මේ කතාව ටිකක් විතර යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ එකක් , මම හිතලම තමා එහෙම ලිව්වෙ. මොකද මෙතන සිද්ධවුන කතන්දරේ , ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ කිව්වම කිසිම රසයක් නෑ කියලයි මට හිතෙන්නෙ.
ඕං එහෙනං කියවන්න....
රිලව කියන්නෙ පට්ටම අහිංසක සතෙක්.රිලවෙක්ගෙ මූණ දිහා බැලුවත් පුදුම අහිංසක කමක් තමයි පේන්නෙ. තායිලන්තය වගේ රටවල්වල ගස් නැගල පොල් කඩල දෙන්නත් රිලවුන්ව පුරුදු කරල තියෙන්නෙ ඒකයි. ඇත්තටම රිලවුන්ට පැහිච්ච පොල්ගෙඩි තෝර ගන්න තියෙන්නෙ පුදුම හැකියාවක්.උන්ට ඒක උපතින්ම එන හැකියාවක්..
රිලා මස් කියන්නෙ චීනයෙ අති විශේෂ කෑමක්. ඉස්සර ලංකාවෙත් එහෙම තමා,නමුත් චීනයේ රිලා මස් කන්නෙ සතා පණපිටින් හිටිද්දිමයි.ඒකෙදි එයාල රිලවට පණ තියෙද්දි රිලා මොලය ආහාරයට ගන්නව.(ඒ වගේ ආහාර ගැන සම්පූර්ණ තොරතුරු ඇතුලත් ලිපියක් මම ඊලඟ පෝස්ට් එකෙන් දාන්න බලාපොරොත්තු වෙන නිසා , තව මුකුත් කියන්නැ)
මට මතකයි මම පුංචි කාලෙ රිලව් නටවන අය අපේ පාරෙ යනව. අපේ සීය රිලව් නටවන මනුස්සයව නවත්තල, ගෙදර හැමෝවම අඬගහගෙන ඇවිල්ල රිලා නැටුම් පෙන්නවනව.රු 150 විතර මුදලකට තමයි එයා ඒ කාලෙ නැටුම් පෙන්නන්නෙ , ගෙදරක නැතුව පාරෙ හංදියක පෙන්නවනව නං සෙනඟ එකතුවෙනකං ඉදල මිසක් මිනිහ මොන නැටුමක්වත් පෙන්නන්නෑ.ඒ කාලෙ රිලවෙක් එක්ක යන අහිකුණ්ඨිකයෙක් කියන්නෙ මැඡික් එකක්. එයාලත් ඒක දැනගෙන හිටිය. අහිකුණ්ඨිකයන් කොච්චර හිටියත් , පුහුණු කරපු රිලවෙක් ඉන්න අය පළාතටම එක්කෙනයි වගේ හිටියෙ.
"පුතා මනමාලි බලන්න ගිය හැටි පෙන්නන්න"
"පුතා මනමාලි උබේ දිහා බලල මූණ හංග ගත්ත හැටි පෙන්නන්න"
"පුතා නැන්දම්මවයි මාමණ්ඩිවයි බලන්න නෑගම් ගිය හැටි පෙන්නන්න"
ඔහොම කිව්වම රිලව බොහොම අපූරුවට එ්ව රඟදක්වල පෙන්නනව.
ඕං ඔය වගේ සිද්ධි නිසා මට රිලව් ගැන තිබුනෙ මාරම ඉන්ටරෙස්ට් එකක්.
අපේ ගම් පළාතට එක කාලෙක ලොකුම ලොකු රිලා රංචුවක් ආව. මෙයාලට
කලිනුත් රංචුවක් හිටිය, ඒත් එයාලට නං පමණ ඉක්මවා ගිය පෙරේතකම නිසා බොහොම අවාසනාවන්ත ඉරණමකට ලක් උනා.අපේ පලාතෙ රබර් වතු වගේම කටුපොල් වතුත් ගොඩාක් තියෙනව. රබර් ඇට ගිලපු රිලව්, තටමල තටමල පට්ටම අමාරුවෙන් තමයි ඒව පිට කරන්නෙ.ඉතිං එක පාරක් හරි ඔය අත්දැකීමට මුහුණ දීපු රිලවෙක් ආයෙ රබර් ඇට දිහා නං හීනෙන්වත් බලන්නෑ..
ඉතිං මේ පරණ රිලා රංචුව වතු පාලු කරගෙන යන ගමන් දවසක් කටුපොල් වත්තකට පැනල.රතට රතේ රටඉඳි වගේ තියෙන කටුපොල්
දැකපු රිලා රංචුව, කටුපොල් ටික සට සට ගාල ගිලල දාල තියෙනව.ගිල්ලට මොකද ගිලපුව පිට කරන්නෙ කොහොමද, කට වගේද පු#. පස්ස පැත්තෙ කටුපොල් ඇට හිරවෙල තිහක් විතර හිටපු රිලව් රංචුවෙන් 20 විතර කටුපොල් වත්තෙ තැන තැන අභාවප්‍රාප්ත වෙලා.වත්තෙ වැඩකරපු දෙමළ මනුස්සයෙක් තමා මටත් මේ සීන් එක කිව්වෙ. එයා දකින කොටත් වැඩේ ඉවරවෙලාලු. ගඳ ඉවසන්න බැරි නිසා , එයා සමූහ මිනි වලක් කැනල කට්ටියවම දාල වහල තිබුන.
දැන් පරණ කතාව අමතක කරල දැන් ඉන්න සෙට් එක ගැන කතාකරමුකො.
මුන් ටිකත් ගහක කොලක මෙලෝම දෙයක් ඉතුරු කරන්නෑ. තත්වෙ කොච්චර දරුණුද කිව්වොත් අපේ වත්තෙ මගෙ කාමරේ ගාව තියෙන රඹුටන් ගහේ හැදුන රඹුටන් ගෙඩි වලින් , මම කෑවෙ ගෙඩි පහයි හයයි ඉතුරු ටිකට වෙච්ච දේ ඉතිං කියන්න දෙයක් නෑනෙ.
අපේ මාම කෙනෙක් ඉන්නව පට්ටම සත්ව කරුණාවක් තියෙන. මිනිහ කුරුල්ලන්ට කෑම දාන ලෑල්ලටත් මේ රිලා රංචුව එන්න පටන් අරගෙන.
මාමගෙ සත්ව කරුණාවෙ තරම කොහොමද කියන්නෙ, මාම රතිඤ්ඤා පත්තු කරල ,අහස්කූරු යවල පොලු කෑල්ලක් අරගෙන වනල තමා සෙට් එක එලවල තියෙන්නෙ.. මේ රිලව් රංචුවෙ ඉන්නව අනෙක් එවුන්ට වඩා ටිකක් විතර ලොකු නායක රිලවෙක් මූ නම් නියම නසරාණිය. ඒ වගේම පට්ටම ගේම් කාරය. ඔය පොලු සීන් එක නිසා මූ අපේ මාමත් එක්ක පට්ටම තරහකින් තමා ඉදල තියෙන්නෙ.
ඉතිං දවසක් මාම ඉරිද දවසක නිවාඩු පාඩුවෙ ටිවි එක බලනකොට එකපාරටම චැනල් පේන්නෙ නැතුව ගියාලු. ගේ අැතුලෙ ඉදල කරන්න පුළුවන් හැම ගොඩ වෙදකමක්ම කරල බැරිම තැන, මාම මිදුලට බැහැල. මෙන්න බොලේ රිලව ඇන්ටනාව අතින් ඇදල කරකවනවලු. මාමව දැක්ක විතරයි රිලව පුදුම වේගෙකින් පැනල ගිහින්.
ඉතිං මක් කරන්නද, මාම බොහොම අමාරුවෙන් ඉනිමගකුත් ගෙනල්ල වහලට නැගල ඇන්ටනාව හදන්න. මාම ඇන්ටනාව ලඟට ගියා විතරයිලු කොහෙද හැංගිලා හිටපු රිලව පුදුම වේගෙකින් එනවලු මාමගෙ ඇඟට. අතේ කිසිම ආයුධයක් තිබිලත් නෑ. මාම වහල දිගේ දුවල.
රිලවත් ගේම අත් නොහැරම එනවලු.කලබලේට මාමගෙ සරමත් කැඩිල. නිවාඩු පාඩුවෙ ගෙදර හිටපු දවස නිසා මිනිහ සිවිල් පිට ඉදල තියෙන්නෙත්.
රිලවත් එක්ක සරම ඇද ඇද ඉන්න පුලුවන්යෑ. ඒ මදිවට අමු නිර්වස්තරෙන් වහළ උඩට වෙලා චිත්රපටියයක් පෙන්නන්නයෑ,කරගන්න දෙයක් නැති තැන මාම වහලෙන් බිමට පැනල.. වැඩි අමාරුවක් නෑ. තාම කකුලට පත්තු බඳිනව.
අන්න එහෙමයි රිලා මොටා එයාගෙ පළිය ගත්තෙ.
ඊලඟ සිද්ධිය උනේ අපේ ගෙවල් ලඟ ආච්චි කෙනෙක්ට, එයාගෙ පොල් ගස් වලටත් මේ රිලා රංචුව කරදර කරනව. රතිඤ්ඤා පත්තු කලාම රිලව් රංචුවම ගියත් මේ නායක රිලව හෙලවෙන්නෑ. ඌ උගෙ පාඩුවෙ හිමීට පොල් ටික කොටා බානව. මේ වැඩේ ඉවසන්න බැරිම තැන ආච්චි ගහ යටට ගිහින් ඌට හොඳටම බැනල..
චොර චොර සද්දයක් ඇහුණලු , බලනකොට මූ ආච්චිගෙ ඇඟට චූ දානවලු. දුවාගන්න ලැබිල නැ. ආච්චි රිලා චූ නාල. මූ ආච්චි දිහා බල බල විරිත්තනවලු.
ගමටම ගේම දීපු මේ රිලව දවසක් වැඩ වරද්ද ගත්ත.ඒ අපේ දඩෝරියව කන්න ගිහින් තමයි..
දවසක් ඔය රිලා නායකය ප්රමුඛ රිලා රංචුව ගස් වලින් බිමට බැහැල අපේ දඩෝරියව කෑව.දඩෝරියට තෙල් බෙහෙත් සාත්තුවක් කරන ගානට තුවාල. දඩෝරිය එදා ඉදල රිලා රංචුව ගැනම තමයි අවධානයෙන් හිටියෙ.දවසක් වත්ත පහළ කලබලයක් ඇහිල මම යනකොට දඩෝරිය එයාගෙ වාඩුව අර ගන්න ලෑස්ති වෙලා.. නායක රිලවගෙ බෙල්ලෙන්ම අල්ලගෙන. මම බොහොම අමාරුවෙන් රිටකින් ඇනල රිලවව බේරුව.එදායින් පස්සෙ නං එයා අපේ වත්ත පැත්තට පය තියන්නෑ.
ඔන්න ඔහොමයි ඉතිං රිලා කතා. කොහොම නසරාණි වැඩ කලත් මම නං රිලවුන්ට කැමතියි. ඊලඟ රඹුටන් වාරෙට කලින් වායු රයිෆල් එකක් ගන්න ඕනද නැද්ද කියන ආදරබර සිතුවිල්ල එක්ක තමයි මම මේ දවස්වල ඉන්නෙ.
.A/l සිතුවිලි නං අහල පහලකවත් නැලු..
Friday, August 3, 2018
Wednesday, June 13, 2018
අඳුරු කුමරා නොහොත් සයිබර් යක්ෂයාගේ ආගමනය(විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව)
ඔයා හොල්මන් විශ්වාස කරනවද?
කොහෙත්ම නෑ.
ෆේස්බුක් එකේ හැම හොල්මන් ගෘප් එකකම වගේ ගොඩක් අය නිතර අහන ප්‍රශ්නෙට මම උත්තර දුන්නෙ ඔන්න ඔය විදියට . මම හොල්මන් කතා ගෘප් වලට ගියෙ විනෝදෙට හොල්මන් කතා කියවන්න විතරයි.එහෙම නැතුව ඒව ගැන විශ්වාස කරන්නවත් , ඒව කියන අයට හිනාවෙන්නවත් නෙවෙයි.
නමුත් facebook ගෘප් එකක තිබුණ හොල්මන් කතාවකින් මගේ මුලු ඡීවිතේම උඩු යටිකුරු වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.
""ඔයා හොල්මන් විශ්වාස කරනවද"" ඔය ලංකාවෙ ප්‍රසිද්ධ හොල්මන් කතා ගෘප් එකක දාල තිබුණ පෝස්ට් එකක්.ඒක දාල තිබුණෙ අඳුරු කුමරා කියල කෙනෙක්.
ඒ ගෘප් එකේ ගොඩක් අය හොල්මන් විශ්වාස කරනව කියල කොමෙන්ට් කරල තිබුණ. ඒත් කීප දෙනෙක් විතරක් විශ්වාස කරන්නෑ කියල තිබුණ. මමත් ඉතිං සුපුරුදු විදියට විශ්වාස කරන්නෑ, පුළුවන් නං සාක්ෂි එක්ක ඔප්පු කරන්න කියල කොමෙන්ට් එකක් දැම්ම. එදා රෑ දොළහට විතර අඳුරු කුමරා මගෙ කොමෙන්ට් එකට උත්තර දීල තිබුණ, ඔයා ඇත්තටමද හොල්මන් විශ්වාස කරන්නෑ කිව්වෙ කියල. මම ඔව් කියල උත්තරයක් දැම්ම. එයාගෙන් උත්තරයක් ආව ඔයා ලඟදිම විශ්වාස කරයි කියල.
මම ඔය විකාර විශ්වාස කරන්නෑ කියල මම දාපු කොමෙන්ට් එකකින් පස්සෙ අපේ හොල්මන් කතාව අවසන් වුනා..
ඊට පහුවෙනිද උදේ මම වෙනද වගේම fb ආවහම අඳුරු කුමරගෙන් friend request එකක් තිබුණ.මම සාමාන්‍යයෙන් fake account වල අයව ඇඩ් කරගන්නෑ.ඒත් මොනව උනත් මේත් මම වගේම හොල්මන් කතා පිස්සෙක්නෙ කියල හිතල මම request එක accept කලා.
එදා රෑ දොලහට විතර අඳුරු කුමරා මට මැසේඡ් එකක් දාල තිබුන ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නෙ නැද්ද කියල. පිස්සුද බං කියල මම එයාට උත්තර දුන්න.
මෙන්න එයා මට එක එක ඡාතියෙ පොටෝ එවන්න පටන්ගත්ත..
එයා පොටෝ තුනක් එවල තිබුණ. එකක හිටියෙ ලස්සන කෙල්ලෙක් , හැබැයි මූණ තැලිල විකෘති වෙලා හරියට වාහනේකට අහුවෙල වගේ. දෙවනි එකේ හිටියෙ computer එකකින් එඩිට් කරල හදපු කැත යකෙක්. තුන්වෙනි එකේ හිටියෙ අවුරුදු තිහක් විතර උන නෝමල් පෙනුමක් තියෙන මැදිවයේ පිරිමියෙක්.
කෑල්ලනං මරු මූණ ලස්සන උනානං , දෙවනි එකට නං බය හිතෙන්නෑ , තුන්වැනි එකේ ඉන්නෙ උබද , මම මැසේඡ් කලා.
තුන්වැනි එකේ ඉන්නෙ මම තමයි , එයා උත්තර දුන්න. හා හා ලස්සනයි කියල මැසේඡ් එකක් දාල මම නිදාගත්ත. මොකද ඒ වෙනකොටත් හොඳටම රෑ වෙලා.
පහුවෙනිද උදේ මම ඡොබ් එකට යන්න බස් එකේ ටවුමට ගියාම තමයි මේ දේ උනේ. අර පොටෝ එකේ කෙල්ල කලුතර පාරක් අයිනෙ ඉන්නව මම බස් එක ට්‍රැපික් එකේ තියෙනකොට දැක්ක. මූණ කෑල්ල නැතත් , ඇඳුමෙනුයි පෙනුමෙනුයි 100% ක්ම ඒ කෙල්ල කියල කියතෑකි.මම පෝන් එක අතට අරන් අර පොටෝ එක බැලුව , එයාම තමයි.මම බස් එකේ ඡනේලෙන් ඔලුව දාගෙන එබිල බැලුව , හැඩහුරු කම බලාගන්න , එතකොටම ඒ කෙල්ල පාර පනින්න ගිය.පාරෙ එහාපැත්තෙන් වේගෙන් ආපු වෑන් එකකට එයාව හැප්පුන. ගොඩක් කට්ටිය එතනට දුවනව මම දැක්ක.
එයාගෙ ඔලුව😱😱😱
ඒ ගැන කියන්නත් බෑ , මට එවපු පොටෝ එකේ විදිහමයි, මගෙ ඔලුවත් කැරකෙන්න පටන්ගත්ත , මම පුළුවන් තරම් ඉක්මනින් බස් එකෙන් බැහැල ආපහු ගෙදර ගියා.වෙච්ච දේ ගැන හිතාගන්නවත් බෑ. මේ ගැන හිතල මට පිස්සු වගේ , කවුද මේ අඳුරු කුමරා. යකෙක්ද , අනාගතේ දකින කෙනෙක්ද. මෙයා කොහොමද අද වෙච්ච දේ කලින්ම පොටෝ ගහල මට එවුවෙ කොහොමද , මම fb එකට ගිහින් අඳුරු කුමරාට මැසේඡ් එකක් දැම්ම.
තමුසෙ කවුද ? තමුසෙ කොහොමද මේ වෙච්ච දේවල් දැනගත්තෙ. , එයාගෙන් උත්තරයක් එනකං මම දවස පුරාම බලාගෙන හිටිය. රෑ දොළහට , ඔවු රෑ දොළහට එයා මට reply කලා, ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද? එයා ඒක විතරමයි ඇහුවෙ. වෙන කිසිම දෙයක් මැසේඡ් කලේ නෑ. මේපාර නං මගෙ හිත චුට්ටක් ගැස්සුන. ඇක්සිඩන්ට් එකකයි මේ හොල්මන් කතාවෙයි කිසිම සම්බන්ධයක් නෑ කියල තදටම හිතාගෙන හිත හදාගත්ත මම,, මම තාමත් හොල්මන් විශ්වාස කරන්නෑ කියල යැව්ව.
"හොඳයි"
එච්චරයි එයා එව්වෙ..එයා ආපහු offline. මට හෙන අප්සට් , මම ඒ ගැන අමතක කරල නිදාගත්ත. එදා රෑ මම හීනෙන් බයවුන , අර පොටෝ එකේ හිටපු යකා හීනෙන් ඇවිත් මගෙ බෙල්ල මිරිකන්න ට්‍රයි කලා, මම එයත් එක්ක හීනෙන් රංඩු කල, දඩස් ගාල ඇදෙන් බිමට වැටුනහම තමයි මාව ඇහැරුනෙ, තාමත් කරුවලයි , මම පෝන් එකෙන් වෙලාව බැලුව , පාන්දර හතරයි.මේක හීනයක්නෙ කියල හිතල, මම ආපහු නිදාගන්න ඇදට නගින්න හදනකොටම මම කාමරේ දොර ගාව ඡායාවක් දැක්ක. හම්මට පොටෝ එකේ හිටපු යකා😱😱😱
එතකොට අඳුරු කුමරා මාව හොයන් ඇවිල්ලද මම ඔලුවෙ ඉඳලම රෙද්ද පොරෝගෙන බයේ ගැහි නිදාගත්ත.
ඊලඟ දවසෙ උදේ මට ටිකක් සනීප මදි වගේ දැනුන. මම ඒක නිසා එදත් ඡොබ් එකේ නිවාඩුවක් දැම්ම. ගෙදර අයට වෙච්ච දේ ගැන කිවුවෙ නෑ, එදත් රෑ මම කොයි එකටත් කියල facebook එක පැත්තට ගිය. රෑ දොළහට සුපුරුදු වෙලාවට අඳුරු කුමරා ඔන්ලයින් , එයා මගෙන් සුපුරුදු ප්‍රශ්නයම ඇහුව. ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද?
මු නං මනුස්සයෙක් නෙවෙයි කියල මට දැන් හොඳට විශ්වාසයි..
මට එදා නං හොඳටම අප්සට්. ඒත් මම එයාට මම ඕව විශ්වාස කරන්නෑ කියල තව කුණුහරප කන්දරාවකුත් කියල දැම්ම. කුණුහරප වලට හොල්මන් බයලුනෙ😂😂😂
හොඳයි මම ම ඇවිත් ඔයාට තේරුම් කරන්නම්කො එයා මැසේඡ් කලා.
මේ මොන කරදරයක්ද මම එයාව මගෙ fb friend list එකෙන් බ්ලොක් කල.
එදා රෑ මට හොඳට නින්ද ගිය.
අද ඒ කියන්නෙ අර සිදුවීම වෙච්ච දවසට පස්සෙ දවස, අද මම වෙනද වගේම මගෙ රස්සාවට පටත්වුන. අද අපේ ඔෆිස් එකට සීනියර් මැනේඡර් කෙනෙක් ඇවිත්, එයා උදෙන්ම ඇවිල්ල රූම් එකේ වැඩ. එයාව පුද්ගලිකවම හම්බවෙල සුභපතන එක අපේ යුතුකමක්, මම යනකොට හැමෝම ගිහින් සුභ පතල තිබුණ.ඉතිං මමත් සුභපතන්න කියල ගියා.
මම යනකොට අලුත් බොසා පත්තරයක් බලනව. එයා එහෙම්මම ටේක් අ සීට් කියල මට කිවුව. මමත් ටැන්ක්යූ සර් කියල වාඩි වුන.
සර් මම සර්ට සුභ පතන්න කියල ආවෙ ආවෙ..
සර් මූණ වැහෙන්න බල බල හිටපු පත්තරේ දෙකට නවල මගෙ මූණ දිහා කෙලින්ම බලල මෙහෙම කිවුව.
දැන්වත් ඔයා හොල්මන් විශ්වාස කරනවද
අඳුරු කුමරා !!!
මම හිතට ධෛර්යය අරගෙන බොස් දිහා බැලුව. අර තුන්වැනි චායාරූපයෙ හිටිය තරුණය තමයි බොස්...
නෑ සර් මම හොල්මන් විශ්වාස කරන්නෑ...
මම බොහොම අපහසුවෙන් කිව්ව..
මගේ සුභ පැතුම් ගයාන්, ඔයාව අපි අපේ අලුත්ම ප්‍රොඡෙක්ට් එක මෙහෙයවන්න තෝර ගන්නව..බොස් හිනා වෙවී කිව්ව.
මට මේක හීනයක් වගේ...
ගයාන් අපේ මාධ්‍ය ආයතනය පහුගිය කාලෙ හොල්මන් අත්භූත දේවල් පිළිබඳව ගවේශනාත්මක වැඩසටහනක් කරන්න තීරණය කලා. ඒකෙ ප්‍රොඡෙක්ට් එක බාර දෙන්න ඔයාවයි තව තුන්දෙනෙක්වයි යෝඡනා උනෙ . ඒත් මේ ප්‍රොඡෙක්ට් එක ලේසි පහසු වැඩක් නෙවෙයි , රටෙ හැමතැනම තියෙන අත්භූත හොල්මන් ගැවසෙනව කියන කතා පවතින ස්ථාන වලට ඔයාල යන්න ඕන.ඉතිං මේක ලීඩ් කරන කෙනා හොල්මන් වලට බය නැති කෙනෙක් වෙන්න ඕන , ඉතින් අපි ඔයාල තුන් දෙනාට පොඩි මානසික පරීක්ෂණයක් තිබ්බ...
ඒකෙන් සමත්වෙච්ච එකම කෙනා තමයි ඔයා..
අනිත් අය මේ පරික්ෂණයෙදි හොඳටම බයවුන .ඉතිං එයාලට තරඟ කොන්දේසි කියල තරඟයෙන් ඉවත් කරන්න උනා.
ගොඩක් ස්තූතියි සර්...
සර් එතකොට අර පොටෝ එකේ හිටපු කෙල්ල , මම දැකපු හීන , මගෙ කාමෙර් දි දැකපු ඡායාව මේ ඔක්කොම කොහොමද කලේ.
ආ... ඒ කෙල්ල අපි computer එකෙන් හදපු කෙනෙක්.ඔයා බස් එකේ එනකොට අපි කලින් කරපු පටිගත කිරීමක් ඔයාගෙ මනසට මවල පෙන්නුව. ඔයාගෙ පිටිපස්සෙ සිට් එකේ හිටපු මගෙ ඇසිස්ටන් රංගන තමයි ඒ පුංචි උපකරණය ඔයාගෙ කණ ගාව රැඳෙව්වෙ,ඒකෙන් ඔයාට තාවකාලික මායාවන් දර්ශය උනා..
හීන ගැන කියනවනං , අපි ඔයා ඔෆිස් එකන් දෙන ෆ්ලැට් එකේ පදිංචි බව කලින්ම දන්නව. ඉතිං අපි ඔයාගෙ කාමරේ හීන පාලක ස්ප්‍රේ එකක් ගැහුව..
අද වෙච්ච සිදුවීම නිසා ඔයාගෙ යටි සිතේ තියෙන දේ උද්දීපනය වෙයි අපි විශ්වාස කලා ,ඒ වගේම ඒක ඒ විදිහටම උනා.
අර ඔයා කාමරේ ඔයා දැකපු ඡායාව තමයි , රංගන..
මමයි එයාට ඒ හොල්මන් ඇඳුම දීල ඔයාගෙ කාමෙර්ට එව්වෙ. බය වෙලා නැත්තං තව චුට්ටක් බය කරන්න කියල.
එහෙනං දැං ප්‍රොඡෙක්ට් එකේ වැඩ බාරගන්න , හෙට අලුත් අවුරුද්දත් එනවනෙ , අද කලින් වැඩ ඇරිල ගියාට ප්‍රශ්නයක් නෑ.
මම නිවාස සංකීර්ණය වෙත ගමන් කරන අතරද මේ සිදුවීම ගැන කල්පනා කලෙමි... රැකියාවේ මානසික යෝග්‍යතාවය පරික්ෂා කිරීමට කළ දෙයක තරම.,
නිවස වෙත පැමිණි මා තනිවම සිනාසුනෙමි. අනතුරුව විද්‍යුත් කැලැන්ඩරයේ දිනය දෙස බැලුවෙමි.
2099, 12 , 31
හෙට නව වසරක් උදාවෙයි.අලුත් රාඡකාරිය බාර ගැනීම පිණිස උදෙම අවදිවිය යුතුය.මම නිදාගත්තෙමි...මට එදින නම් කිසිදු නපුරු සිහිනයක් නොපෙනුනි.

Thursday, April 26, 2018
පැනයාම (කෙටිකතාව)
"මචං ඒකි තාම නැද්ද"
තව ටිකක්වෙලා හිටියොත් අපිව මාට්ටු වෙයි...
උබ නිසා මාත් දාගන්න ලෙඩ.
රවිදු කීප වරක්ම රහසේ මා හට පැවසීය.
ඔහුට ත්‍රීවිල් එකක් නොතිබුණා නම් , මෙවැනි වැඩකට මා ඔහුව කෙසේවත් රැගෙන නොයන්නෙමි.
මන්දයත් ඔහු මාගේ මිතුරන් අතරින් ලොකුම බියසුල්ලා බව නොරහසකි.
පහල හංදියේදී කොලු රැළ හා සිදුවූ රංඩුවේදී , මා අතහැර දමා ඔහු ත්‍රීරෝද රථයෙන් පලා ගිය අයුරු මට කිසිදා අමතක නොවේ.
මුතූ මෙතරම් වෙලා කුමක් කරනවාද?
මාගේ ඉවසීමද කෙමෙන් කෙමෙන් අවසන් වී යාමට පටන්ගැණිනි..
තවත් පරක්කු උවහොත් දුම්රියද මඟහැරෙනු ඇත..
මගේ ඉවසීම නැතිවී ගිය නිසා මම ඇයව බැලීමට ඇගේ නිවස වෙත යාමට තීරණය කලෙමි. හාත්පස අඳුරේ ගිලී පැවතියත් , මුතුගේ කාමරයෙන් යම් තරමක ආලෝකයක් නිකුත් වන අයුරු මම දුටුවෙමි. ඇයව දෙමව්පියන්ට අසුවුනාවත්ද ,මම වහාම ඇගේ නිවස වටා වූ කම්බි වැටෙන් පැන නිවස වෙත යාමට තීරණය කලෙමි..
...........................................
මුතු ""
මුතු යනු මා කලක සිට ආදරය කල තරුණියයි. මා පාසල් යන සමයේ දී පාසලේ සිටි හැඩකාරම මෙන්ම ආඩම්බරකාරම තරුණිය වූ ඇයගේ සිත දිනාගැනීමට මා ඇතුලු බොහෝ කොල්ලන් උත්සාහ කල නමුත් ඒ සියල්ලම ගඟට කැපූ ඉණි මෙන් ව්‍යර්ථ විය. අනතුරුව ඇගේ මතකයන් මගේ දිවියෙන් ඈත් වී ගොස්,පාසල් සමය ගතවී වසර පහක් ගතවිය.. නමුත් දිනක් මා රැකියාවට යන අතරතුර ඇයව දුම්රියේදී හමු වූයේ දෛවය නිසා යැයි කිසිවිවෙකු පැවසුවහොත්, එය මුසාවක් නම් නොවේ.
මෙවර නම් නම් මා ඇගේ ආලය දිනා ගැනීමට සමත්වුවෙමි. නමුත් අපගේ ආලය විවාහය දක්වා ගෙනයාමට නොහැකි ලෙස විශාල බාදකයක් ගොඩනැගී තිබුණි.ඒ ඇගේ දුප්පත් කමයි.
මා අති විශාල කෝටිපතියෙකුගේ පුත්‍රයෙක් නොවූ නමුත් , මගේ පවුල මා ඡීවත්වන ප්‍රදේශය තුළ තරමක් ඉහළ තත්වයක සිටින පවුලකි. මා මුතූගෙ පවුල වැනි දුප්පත් පවුලකින් විවාහයක් කර ගන්නවාට පවුලේ කිසිවෙකුත් කැමති නොවන බව ,, ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සරල කරුණකි. එමනිසා මම මේ කරුණ ගැන මගේ පවුලේ කිසිවෙකුට නොපැවසීමි.
""නමුත් මුතූගේ දෙමව්පියන්""
මම ඔවුන් හමුවී මේ කරුණ ගැන සාකච්ඡා කලෙමි. වැදගත් තරුණයෙකු ලෙස ඔවුන්ගේ දියණියට මා විවාහ කර දීමට ඔවුන් කැමතිවූවද , මගේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් තොරව මෙම විවාහයට කිසිදා කැමති නොවන බව ඔවුන් මා හට පැවසුවෝය...
අවසානයේ මටත් මුතූටත් ඉතිරි වූ අවසාන විකල්පය නම් , පැන ගොස් හොරෙන් විවාහ වීමයි.
ඇයව හොරෙන් රැගෙන ගොස් විවාහ කරගෙන , කාලයක් ගත වී නිවසේ අය සන්සුන් වූ පසු ඇයත් සමඟ මගේ නිවස වෙත යාම මගේ සැලසුම විය.
නමුත් මුතූ මෙයට කිසිසේත්ම කැමති නොවීය. ඇය එකහෙලාම පැවසුවේ මෙය නොකලයුත්තක් බවයි. නමුත් මම තරයේ ඉල්ලා සිටීමෙන් පසු ඇය එයට එකඟ වූවාය..
අවසානයේ අප පැන යාමට දිනයක් ලෑස්ති කර ගත්තෙමු. අද මම පැමිණියේ , නිවසේ අයට හොරෙන් මුතූව කැටුව යාමටයි...
..............................................
තවත් ඇගේ නිවසට ලං වූ විට
ඇගේ කාමරයේ විදුලි පහන් දැල්වී තිබෙන අයුරු මම දුටුවෙමි.එය දුටු මා බියපත් වීමි. නිසැකවම අපගේ සැලසුම ඇගේ දෙමව්පියන්ට අසුවී විය යුතුය.
මම කෙමෙන් කෙමෙන් ඇගේ කාමරයේ ඡනේලය කරා ලඟා වීමි...
ඒ තුළින් කෙදිරිලි හඩින් යම් කතාවක් සිදු වන අයුරු මට ශ්‍රවනය විය.
මට යන්න බෑ අම්මෙ,
මට බයයි අම්මේ,
බය නැතුව ඉදහං කෙල්ලේ කොහොමද කෙල්ලෙ , ආයෙ පොඩ්ඩක් හිතල බලපං උබ ආයෙ ඔය වගේ පවුලක කොල්ලෙක් කොහොම අල්ලගන්නද?
අතට ආපු වාසනාවට පයින් ගහන්න එපා...
ඉතින් අම්ම කසාදෙට කැමතියි කිව්වනං ඉවරයිනෙ.ඇයි අම්මේ මෙහෙම විකාර වැඩක් කරන්න ඕන...
එහෙම කලොත් අපි කොහොම ඔය කොල්ලගෙ පවුලෙ එවුන් එක්ක පෑහෙන්නෙ, අපි උබව බලෙන් උගෙ කරේ එල්ලුව කියයි.උබ ඌව රවට්ටගත්ත කියයි.
උබව ඌ උස්සන්ගියාම උන්ට අපිට බනින්න එන්න බෑ.අපි උන්ට බැන්නත් උන්ට කර බාගෙන තමා ඉන්න වෙන්නෙ.
උන්ගෙ කොල්ලගෙ වැරැද්ද උන්ට බාරගන්නම වෙනව...
මම අද උදෑනැක්කෙම කොල්ලගෙ මහ එකාගෙ ගෙදට්ට ගිහින් කොලුවගෙ කෙරුවාව මුලු ගමටම ඇහෙන්න කියන්නංකො..
එතකොට උන්ට කවදාවත් උබව එලෝගන්න වෙන්නෑ මයෙ දුවේ.
ඒ අතර මුතු ඉකිබිඳින හඩක් ඇසෙන්නට විය,
ඔය ඇඩිල්ල නතර කරගනිං , අර කොලුව ගෙදර දොරකඩටම ඇවිල්ල ද දන්නැ ,
මම එයාට ඉස්සරහ තුන් මං හන්දියෙ ඉන්න කියල කිවුව අම්මේ..
හරි හරි සුනංගු නොවී මේ බඩු බෑග් එකත් අරං පලයං
බුදුසරණයි මගෙ දුවේ..
මම පුලුවන් වේගයෙන් එම ස්ථානයෙන් දිව ගොස් ත්‍රීරෝද රථයට ගොඩ උනෙමි..
තවත් විනාඩි පහකට පසු මුතු , බෑගයක්ද රැගෙන පැමිණියාය.
අම්මාත් තාත්තාත් , නිදි බවත් , ප්‍රධාන දොර ඇරීමෙන් ශබ්දයක් ඇසේ යැයි බියෙන් ඇය ඡනේලයෙන් පැන ආ බවත් මට පැවසුවාය.. මම ඇයට කිසිත් නොකීමි.. හිස වනා එය පිළිගත් බව ඇඟවීමි.
හරි එහෙනං තැනට ආව..
උබ එහෙනං පරිස්සමෙන් පලයන්
මම රවිදුට පැවසීමි.
අනතුරුව මමත් මුතූත් දුම්රියට ගොඩ වී වාඩි උනෙමු.
මුතු මොන මොනවාදෝ පැවසුවාය. නමුදු මම කල්පනා සාගරයේ අතරමන් වීමි..
මුතු ඔයා ඔහොම ඉන්න, මම කන්න දෙයක් අරන් එන්නං, ගමනත් ටිකක් දුරයිනෙ,
දැන් කෝච්චිය යන්නත් කිට්ටුයි , ඔයාට යන්න ඕනෙමද,
හා එහෙනම් ඉක්මනින් එන්න.
මම දුම්රියෙන් බැස දුම්රිය පළෙහි වූ ආපනශාලාව වෙත ගොස් බනිස් කිහිපයක් මිලදී ගත්තෙමි..
ඒ සමඟම දුම්රියේ ගමන ආරම්භ වන සංඥාව නිකුත් විය..
මුතූ දුම්රිය කවුලුවෙන් එබෙමින් මට දිව එන ලෙස කෑ ගැසුවාය..
එවිට උදෑසන මුතුගේ හා ඇගේ මවගේ කතාව මා හට සිහිපත් විය. මෙතරම් විශාල රැවටීමක්,
මා ආදරය කළ දෙමව්පියන්ටද විරුද්ධව ගොස් මා ඇයව රැගෙන යන්නේ විවාහ කර ගැනීමටයි.. නමුත් ඇයත් , ඇගේ මවත් , මගේ පවුලේ අයව පාගන අයුරු ගැන සැලසුම් සකස් කරයි...
දුම්රිය ගමනාරම්භ කරන ලදී.
මා දුම්රියට ගොඩ වීමට පමා කරන බව දුටු ඈ කෑ ගසමින් දුම්රියෙන් පැනීමට උත්සාහ කරන අයුරුද , දුම්රිය මගීන් කිහිපදෙනෙකු ඇයව වලක්වන අයුරුද මා නෙත් කොනෙන් දුටුවෙමි.
දුම්රියෙහි දොරටුව අසලට වී කෑ ගසන මුතූ දෙස හිස් බැල්මක් යොමුකළ මා දුම්රිය ස්ථානයෙන් පිටවන දොරටුව කරා ගමන් කලෙමි....

Monday, February 19, 2018
අත්භූත පළි ගැනීම
අද මම ඔබව අරගෙන යන්නේ 1960 අවුරුද්ද වෙතයි,
ස්ථානය - මහඋලුකන්ද වලව්ව
සිද්ධිය - යම් රහස් කටයුත්තක්
අප්පුවෝ ගමනක් යන්න ලෑස්ති වෙයං මේ දැන්මම.
ඒ කොහාටද හාමු මහත්තයො?
උබට යන තැනින් වැඩක් නෑනෙ ,, උබ ගිහින් ඉක්මනින් සේතුංවත් එක්කගෙන වරෙන් .මේ හවස්කොරේ ඌ අර මාටියගෙ රා ගුබ්බෑයමට වැදිල ඇත්තෙ, දැන්ම පලයං.
සේතු අයියේ , හාමු මහත්තය අපිට ගමනක් යන්න කතා කොල.
මේ තකහනියෙම කොහාට යන්නද මලයෝ,
මම දන්නෙත් නෑ බං අයියෙ, රාලයත් ඇවිල්ල හිටිය , දුර ගමනක් යන්න වෙන්නැ. නැත්නම් ඉතිං හාමු මහත්තයම වාහනේ අරගෙන යනව නොවැ.
ඒකත් ඇත්ත,,උබ පලයං, මම වෙන සරම් කඩමාල්ලක් දාගෙන එන්නංකො.
තව වෙලා ගියොත් එහෙම රාලහාමිගෙන් විසුමක් වෙන්නෑ ඕං.
හරි හරි මම එන්නං , උබ පලයන්කො.
හාමු මහත්තයෝ, මේ අප්පු මලය අතේ මට පණිවිඩයක් එවල තිබුණෙ. ඒකයි මම මේ තකහනියෙම ආවෙ.
හා. හා. උබ වෙලාවට ආපු එකත් මදෑ
සේතුවෝ මේ අප්පුවවත් අල්ලගෙන ඔන්න ඔය පොල් මල්ල වාහනේ පිටිපස්සට දැම්මනං..
හොඳමයි හාමු මහත්තයො.
දැන් පැය ගානක් තිස්සෙම යනව , හැබෑටම අපි කොහාටද යන්නෙ හාමු මහත්තයෝ..
අප්පුවෝ උබටත් ඕන නැති දෙයක් නෑනෙ, අපි මේ කලුතර වලව්වට ගිහින් එන්න යන්නෙ.
අපෙ අප්පෝ ,, මහ හාමු ඒ පරණ වලව්ව අතහැරල දැම්මෙ මම පුංචි සන්දියෙදිනෙ හාමු මහත්තයො, ඕක සුද්ද බුද්ද කරන්න මටයි සේතුං අයියට නං බැරි වෙයි , තව දෙතුන් දෙනෙක්වත් හිටියනං තමා හොඳ.
කට පියාගෙන හිටපං අප්පු, නැත්නම් මම උබව මේ දැන්මම වාහනෙන් එලියට දාල යනව..
හ්ම් කොහොමින් කොහොමින් හරි ඇඟටත් නොදැනිම තැනටත් ආව..අප්පූ උබයි සේතුනුයි ගිහින් කැලෑ මන්ඩිය වැඩි තැනක් බලල වලක් හාරපං , පොඩි වලක් නෙවෙයි , ලොකු ගැඹුර වලක්.
ඒ මක්කටැයි හාමු මහත්තයො..
කට පියාගෙන මම කියපු වැඩේ විතරක් කරපංකො.
හොඳමයි හොඳමයි.
කපල ඉවරයි මහත්තයො.
හොඳා හොදා , දැන් ගිහින් අර පොල් ගෝනිය ගෙනල්ල ඕකට දාල වලලපල්ල..
හෑ!! ඒ මක්කැයි මහත්තයො.
තෝ මගෙ අප්පද බොල!!! මම කියන කොරන හැම එකක් ගැනම ප්‍රශ්න කොරන්න..උබලට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑ. මම කියපු දේ විතරක් කරහල්ල.ආව මෙතන අරකයි මේකයි අහන්න
අප්පු මලයෝ මෙතන මොකක්හරි මගඩියක් තියෙනව වගේ.
හාමුවගෙයි රාලයගෙයි හැසිරීමෙන් උනත් පේන්නෙ නැද්ද?
එ්කනං අැත්ත තමා අයියෙ ඒත් ඉතිං අපිට එව්ව මක්කටද , කරන්න ආපු රාඡකාරිය ඉවරකරල ගතමනාවක් අරගන්නනෙ ඕන.
අපෙ අප්පෝ මේ ගෝනියෙ බර , පොල් නොවේ මනුස්සයෙක් දාල වගේ...
දඩස්.
ඒ මොකක්ද බං.
අයියෙ මේ ගෝනියෙ කට පොඩ්ඩක් බුරුල්වෙල , පොල් ගෙඩියක් කාර් එකේ ඩිකියට වැටුන.
කමක්නෑ බං ඕක ඔහොම්ම තියහං , නිකං වලදාන එකේ පොල් ගෙඩියක් දෙකක් හැලුණ කියල මක්ක වෙන්නද? මට ඕක ගෙදර යනකොට අරන් යන්න බැරියෑ , මොකෝ කුණු හාමුව අපෙන් වැඩ ගත්තට පොල් ගෙඩියක් වත් නිකං දෙන එකක් යෑ.
අප්පුවෝ , දැන්වත් ඉවරද ඔය වැඩේ
එහෙමයි.හාමු මහත්තයො , වලලල ඉවරයි.
එහෙනං තව සුනංගු වෙන්න කලින් යමල්ල , එළිය වැටෙන්න ඉස්සරින් වලව්වට යා ගන්න..
අපෙ අප්පේ,අැති යාන්තං වලව්වට පය තිබ්බ.
අප්පුවො
කෝ බං සේතුව..
උන්දැ වාහනේ ගාවට වෙල උන්න හාමු මහත්තයො.
වාහනේ ඇවිල්ල කරකැවිල්ලද කොහෙද?
හ්ම් හ්ම් , බොලාලට ඉතිං එහෙමට වාහනේක යන්න ලැබෙන එකක් යෑ.
අප්පුවො මේන් මෙතන රුපියල් සීයක් තියෙනව , උබට පනහයි , සේතුවට පනහයි. හැබැයි මේ ගිය ගමන ගැන කටේ කෙළ බිඳුවක්වත් හෙළනව නෙවෙයි පුතෝ,.මේක මේ ගුරුකම් වැඩකට ගිය රහස් ගමනක්.
හොඳමයි හාමු මහත්තයො.
(රහසින්)හාමිනේ උන්නනං තේ කහට ටිකකුත් බීලම යන්ඩ තිබුන. කුණු හාමුව එහෙමවත් එකක් දෙන එකක් යෑ.
සේතුං අයියෙ , මොකො සල්ලි ගන්ඩ වලව්ව පැත්තට නාවෙ. මේං හාමු මහත්තය උබට රුපියල් තිහක්ම දුන්න.
කුණු හාමුව ඔහොම්මමයි , මම රුපියල් පනහක්වත් දෙයි කියාන හිතාන උන්නෙ.
මලයට අමතක උනද පොල් ගෙඩිය. මම මේ රාලය වාහනේ මඩුවට දාල වලව්ව පැතතට යනව දැකපු නිසා පොල් ගෙඩිය ගන්න කියල ආව.. හොඳා හොදා
එහෙනං මම ගොහිං එන්නං සේතුං අයියෙ...
මලයෝ!
මලයෝ!!
මලයෝ!!!
මොකෝ බං සේතුං අයියෙ මේ උදෑනැක්කෙම බෙරිහන්දෙන්නෙ.
අර පොල් ගෙඩිය
මොකෝ බං...,
මලයො ඒ පොල් ගෙඩියෙ පැත්තක ලොකු ලේ පැල්ලමක් තියෙනව බං..
ලේ පැල්ලමක් !!!
ඔවු බං ලේ පැල්ලමක්...
මම මේ උදේ පොල් ගෙඩිය ලෙලි ගහන්න හදනකොට බං දැක්කෙ, දැකපුගමන්ම තකහනියෙම දුවං ආව.
සේතු අයියට විශ්වාසද ලේ පැල්ලමක් කියල?
විස්වාස දත් කියල අහනව.. වරෙන් මයෙ එක්ක යන්න...
යමංකො බලන්න.
කෝ බං පොල් ගෙඩිය...
මලයො , පොල් ගෙඩිය මෙතනනෙ තිබ්බෙ , හැබෑටම මේක කොහෙට අන්තරස්දාන උනාද?.., උබට විශ්වාසද ඔතනමයි තිබ්බෙ කියල.
ඔව් බං ඔව්...
පොල් ගෙඩිය කොහෙ යන්නද බං, ඇවිදින්න ඒකට කකුල් තියෙන එකක්යෑ.
යමංකො බලන්න පාර පැත්තටවත් , උබ නැති අතරෙ කවුරුහරි එකෙක් පොල් ගෙඩිය ගිනිච්චද කියලවත් බලන්න.
අප්පුවෝ අර මොකෝ මාටිං මාම හති දාගෙන දුවන්නෙ.
හැබෑමයි....
මාටිං මාමේ , මාටිං මාමේ මොකෝ මේ උදෑනැක්කෙම හති දාගෙන දුවන්නෙ...
බොලට ආරංචි උනෙ නැද්ද ,
"හාමු මහත්තය මැරිල"
අනේ බොරු නොකිය හිටපං මාමෙ , ඊයෙ රෑත් අපි හාමු මහත්තයව හදිගැහිල ආවෙ, මිනිහ ඔය යස අපූරුවට උන්නෙ.
අද උදේ බං වෙලා තියෙන්නෙ , හාමු මහත්තය උදේ ගෙයින් දොට්ට බහිනකොටම ගේ ඉස්සරහ ගහේ පොල් ගෙඩියක් ඔලුවට වැටිල , මිනිහ එතනමයි....
පො. පො.පොල් ගෙඩියක්....
කෑ ගහන්නවත් වෙලාවක් ලැබිල නෑ.
බොලත් යනවනං යමල්ල බලන්න , මමත් මේ යන ගමන්..
යමු යමු මාමෙ....
හපොයි ,
මොන සන්තෑසියක්ද? ඔලුව බලන්න බෑ.
අප්පු මලයෝ , මෙහෙ වරෙන් පොඩ්ඩක් පැත්තකට,
අර හාමුගෙ ඔලුවට වැටිච්ච පොල් ගෙඩිය, ඒක තමයි බං මම අර ගෝනියෙ තිබිල ගෙදර අරං ගිය පොල් ගෙඩිය..
හත්දෙයියනේ, උබට සහසුද්දන්ම විශ්වාසද ?
මක්ක කියනවැයි මලයා, මම අද උදේ ලෙලිගහන්න ගත්ත පොල් ගෙඩිය මට අඳුරගන්න බැරිද? ඒ ලේ පැල්ලමටම තමයි හාමුගෙ ලේ ගෑවිල තියෙන්නෙත්.
මට නං හිතෙන්නෙම , මේ පොල් ගෙඩියටයි අපි ඊයෙ ගිය ගුරුකම් වැඩේටයි සම්බන්ධයක් තියෙනව..
රාලය මේ ගැන මොනව මොනව හරි දන්නවඇති, ඌ ඊයෙ දවසම වලව්වට වෙලා උන්න කියල මට කිවුව..
වරෙන් යන්න රාලයව බලන්න , ඌත් අපිත් එක්ක ගියත් නොවැ...
එතන අක්කේ් කෝ රාල අයිය ඉන්නවද?
රාල අයිය ටවුමට ගිහින් එන්න කියල ගිය, හාමු මහත්තයගෙ මරණෙ වැඩ කටයුතු ගැන පොලෝසියට රපෝත්තු කරන්නත් තියෙනවනෙ, මේ මනුස්සය හාමු මැරිච්ච වග දැනගත්ත වෙලාවෙ ඉදල පිස්සු හැදිල වගේ උන්නෙ , මම නං හාමුගෙ වාහනේ ටවුමට යන්නත් එපා කිවුව කෝ කියන එකක් අහන එකක් යෑ....
හොඳා හොඳා අක්කෙ , අපි පස්සෙන් පහු වෙලාවක එන්නංකො.
අප්පු මලයෝ අපි මේ පොල් ගෙඩිය ගැන කටේ කෙල බිඳවක්වත් හෙලන්න හොඳ නෑ..........
හොඳා අයියෙ..
යමං යමං , මෙතන්ට වෙලා ඉඳල වැඩක්නෑ ,මල ගෙදර වැඩවලටවත් උදව්වක් කරන්න එපෑ...
මළගේ වැඩ ටිකනං ලෑස්ති කොලා, මිනිය ගේන්න තමයි තියෙන්නෙ,
කෝ බං අයියෙ රාලය තාම නෑනෙ. මිනිහ පොලෝසියට ගියාට පස්සෙ එහෙම්මම මල් ශාලාව පැත්තටත් යන්නැති
වරෙල්ලා
වරෙල්ලා
රාලහාමිගෙ කාර් එක ඇලට පෙරලිල, රාලය වාහනේ ඇතුලෙ හිරවෙල , ඩිංගියයි , සුද්දයි වාහනේ කෙලින් කොරගන්න හදනව, ඒත් පස් හය දෙනෙක්වත් නැතුව ඒක පෙරලල රාලයව එලියට ගන්නව බොරු...
වරෙල්ල යන්න!!!
අප්පුවෝ අපි මේ පැත් උස්සන්නං, උබ රාලයව ඇදල ගනිං.
ඇදපල්ල එකායි !
දෙකායි..
තුනායි.......
රාල අයියේ උබට කොහොමැයි.. අමාරුයිද බං බොට.. කතා කරපං රාල..
ම.ම.ම වැඩි ක ාලයක් ,තව ඉඉ ඉන්න එකක් නැ. මගෙ සාක්කුවෙ ලියුම් කඩදහියක් ති තියෙනව නව , ඒක හංග ගනිං අප්පු මලේ.....
ආ ආ ආහ්.........අහ්
රාල අයියේ, රාල අයියේ
නෑ නෑ හපොයි දෙයියනේ.මේ මොන සන්තෑසියක්ද..
රාලයත් එහෙන මැරුන,, යමං අප්පු මලයො අරෙහෙට,
අර ඌ උබට දීපු ලියුම් කඩදහිය මමත් දැක්ක.ඕක හංගගනින් දැන්ම , ගමේ එවුන් ඔය ගැන දැන ගන්න ඕන නෑ.....
ඒ මොකෝ සේතුං අයියෙ.
අර බලපං ,
කො කොහෙද?
අර පාර අයින බලපං.
හත්තිලව්වයි පොල් ගෙඩිය.
ඒක තමයි බං , පොල් ගෙඩිය වාහනේ ඉස්සරහ රෝදෙට අහුවෙච්ච නිසා තමයි වාහනේ පාලනේ කොරගන්න බැරුව ගිහින් ඇළට වැටිල තියෙන්නෙ.....
ගමේ එවුන් මේ ගැන දැනගන්න ඕන නෑ..
යමංකො බොලෑ ගෙවල් පැත්තට,
මේ හරියෙ නං මොකෙක්වත් නෑ.
කියවපං බලන්න ඔය කඩදහිය.
අප්පු මලයෝ , උබ මේ ලියුම් කඩදහිය කියවනව කියන්නෙ අනිවාර්යයෙන් මම ඡීවතුන් අතර නෑ , ඉන්තේරුවටම අර පොල් ගෙඩියට වැහිල ඉන්න යස්සනී මාව මරලදාල..
මේ හැම දෙයක්ම පටන්ගත්තෙ දැනට දවස් දෙකකට උඩදි මට හාමු මහත්තය වලව් වත්තෙ පොල් කඩන්න එන්න කිවුව දවසෙ..මම වාහන එලවන්න දැනන් හිටියට මට කොයින්ද වාහන, මම ඉදල හිටල හාමුගෙ වත්තෙ පොල් කඩල කීයක් හරි හම්බ කරගන්නව..උබත් දන්නවනෙ ඒ ගැන.
එදා උදේ හාම මහත්තය හැසිරුනේ හරි අමුතු විදියට, ගිය ගමන්ම මාව වලව්ව ඉස්සරහ පොල් වත්තෙ කාමරේට එක්කං ගිහින් රට අරක්කු වීදුරු දෙකක් දුන්න. ඊට පස්සෙ හාමු මහත්තය මට රුපියල් දාහක් දීල කරන්න වැඩක් බාර දුන්න..
සල්ලි තණ්හාවට මම ඒක බාර ගත්තනෙ දෙයියනේ...ඒකට ලැබුණ දඩුවම තමයි මේ..
හාමු මහත්තය බාර දීපු වැඩේ තමයි , මල්එතනව මරන එක.අර සුගතංගෙ ලොකු දූ , අර ඉලන්දාරියෙක් එක්ක පැනල ගියා කියල ආරංචි වෙච්ච එකී.
ඒකි හැබෑවටම පැණල ගිහින් නෑ.
ඒකිට හාමු මහත්තය එක්ක සම්බන්ධයක් තිබිල තියෙනව.කොහොමින් කොහොමින් හරි ඒකිට හාම මහත්තය දාව දරුවෙක් ලැබෙන්න ඇවිල්ල..ඒකි තමන්ව බඳින්න කියල හාමු මහත්තයට බල ෙකාරල.
ඇයි ඉතිං තාත්තෙක් නැති බඩදරු අම්ම කෙනෙක්ව කවුද බාරගන්නෙ...පෙරේද ඒකි ගෙදර හැමෝටම හොරෙන් වලව්වට ඇවිල්ල , වලව්වෙන් යන්න බෑ කියල කාමරේක නතරවෙල. හාමු මහත්තයට මේකිව එලවන්නත් බෑ, මොකෝ මේකි මේ ගැන ගම වටේ කිවුවොත් හාමු මහත්තය පාරෙ රෙද්දක් ඇඳන් යන්නෙ කොහොමද? ඒකිගෙ කරදරේ ඉවර කරන්න හාමුට ඕන උන, හැබැයි අනතුරක් වගෙ තමයි කරන්න ඕන උනෙ.මොකද එහෙම නොකලොත් හාමු ගස් යනව..ඒක කරන එක තමා මට බාර දුන්නු වැඩේ...
හාමු වැඩේට ප්ලෑනකුත් ගහලයි තිබ්බෙ. ඒකිව වලව්වෙ ඉස්සරහ මිදුලට ගෙනල්ල ,රිලවෙක් කඩල දාල වගේ පොල් ගෙඩියක් දාන එක තමයි පලෑන.
අපිට කියන්න තියෙන්නෙ , පැනල ගිය එකී හාමුගෙන් කීයක්හරි ඉල්ලගන්න එනකොට ෙපාල් ගෙඩියක් වැටිල මලා කියල.
ඉතිං එදා හවස හාමු මහත්තය ඒකිව රවට්ටල ගේ ඉස්සරහ පොල් ගහ මුලට ගෙනාව. මම ගහ උඩ ඉදගෙන පොල් ගෙඩිය අතහැරිය. ඒත් ඒකි මහ පණ හයිය ගෑණියෙක් ඒකි බිම වැටිල කෑ ගගහ උන්න. මම ගහෙන් බැහැල එනකොටත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. හාමු මහත්තය කලබලේට පොල් ගෙඩිය ඇහිදල අරගෙන ඒකෙන් ඒකිගෙ ඔලුවට ගහගෙන යනව. මම ගහෙන් බැහැල එනකොටත් ඒකි මැරිල ඉවරයි.
ඉබේ පොල් ගෙඩියක් වැටුන වගේ කරන්න හැදුව වැඩේ කපෝතියි.පොල් ගෙඩියකින් ගහල මැරුන කියල මරණෙ දැක්කම හොඳටම පේනව. හාමු මහත්තය ගම කාගෙන. හාමුයි මමයි ඒකිගෙ මිනිය පුළුවන් ඉක්මනින් ගෝනියකට දැම්ම , දාල ඉවරවෙල වලව් වත්තෙ තිබ්බ පොල් ටිකකුත් උඩින් දාල අර මූසල පොල් ගෙඩියත් එකට දාල උබවයි සේතුවවයි ගෙන්නගෙන කලුතර වලව්වට ගිනිහින් වල දැම්ම.
මම හිතුවෙ එතනින් ඔක්කොම ඉවරයි කියල, ගමේ කතාව ගියෙත් ඒකි ඉලංදාරියක් එක්ක පැනල ගියා කියල නොවැ.
ඒත් හාමුගෙ මරණෙයි , පොල් ගෙඩිය ගැන උබයි සේතුවයි කරපු කතාවයි මට ඇහුන.මමත් ගොහිං බැලුව , ඒ අර පොල් ගෙඩියම තමයි.
මම දැනගත්ත මට ගැලවීමක් නැති වග. මම පුළුවන් ඉක්මනින් ගෙදර දුවල මේ ලියුම් කඩදහිය ලිවුවෙ ඒ කෙලීගෙ මරනෙ ගැන මගෙ හෘදසාක්සියෙන් නිදහස් වෙන්න.මම මළ දවසක උබට ඒක හම්බවෙයි.
මොකෝ මේ මෙතනින් ඉරිල තියෙන්නෙ..,
කෝ බං ලියුමේ ඉතුරු ටික.
තව මුකුත් නෑ අයියෙ, රාලය ඉරිච්ච කොලේක ලියල තියෙන්නෙ.
සේතු අයියේ,
මොනව කරන්නත් කලින් බණ්ඩි ගුරුන්නාන්සෙලගෙ ගෙදර යං, ගමට ඉන්න හොඳම ගුරා තමයි මිනිහ. මිනිහ දන්නව ඕන යකෙක් මට්ටු කොරන්න.
හාමු මහත්තයගෙ වල කපන පැත්තටත් ගිහින් එහෙම්මම , බණ්ඩි ගුරාවත් හදි ගැහිලම එමු.
මේ වෙච්ච දේවල් ගැන අපි බණ්ඩි ගුරාට කියනවද බං.
පිස්සුද සේතු අයියෙ , පොල් ගෙඩියක යස්සනියක් ඉන්නව කියනව හැරෙන්න කටේ කෙළ බිඳක් හොලවන්න එපා මේ ගැන. දැන්ම කතාවක් හදාගමු ගුරාට කියන්න.
මොකෝ මේ අප්පුවයි සේතුවයි හතිදාගෙන,
ගුරන්නාන්සේ යස්ස පුරස්නයක්,
ඔන්න ඔහෙන් ඈදිගෙන තේරෙන සිංහලෙන් කියපල්ල බලන්න.
ගුරුන්නාන්සෙ , මේ අප්පු මලය පහුගිය දොහක සොහොන ගාවදි පොල් ගෙඩ්ඩක් ඇහිදල , මූ මේක ගෙදර ගිනිච්චම තමා දැකල තියෙන්නෙ , පොලේ ලොකු ලේ පැල්ලමක් තියෙනව කියල, පහුගිය දොහේම කොන්ඩෙ කඩාගත්ත ගෑණියෙක් මූව බය කොරලත් එක්ක. මෙකට මේ සාන්තියක් කොර ගන්න කියල ආවෙ.
හිටහං පොඩ්ඩක් ..
ඇප නූලුත් ඉවරවෙල , වැඩේ ඉවරවෙනකං ආරස්සාවක් නොකරත් බෑ..මගෙ මේ සුරේ දාල තියාගනිං
ගුරුන්නාන්සෙ, මටත් සුරයක්?
උබටද දැං යස්ස දෝසෙ තියෙන්නෙ ,මගෙන් මුකුත් නාහ උබ ගොහිං අර පොල්ගෙඩිය අරන් වරෙං සේතුං...
අප්පුවෝ
උබ මක්කටෑ සොහෙනෙ තිබ්බ පොලේ ගෙදර ගෙනාවෙ. උබලට පොල් වලින් හිගේකුත් නෑ නොවැ.
මේකයි ගුරුන්නාන්සෙ , මටවත් හිතාගන්න බෑ මම මක්කට ඒක ගෙනාවද කියල. අන්තිමට බලනකොට පොලේ ගෙදර
ඔහොම තමයි යස්ස දෝස තියෙන දේවල් ඇල්ලුවාම.
ගුරුන්නාන්සෙ මේන් පොල් ගෙඩිය.
ඕක දේවාලෙ කුටිය ඇතුලෙන් තියල , දෙන්නම ගෙවල් වලට යනව හොඳා. මම ඉතිරි හරිය බලාගන්නං...
හොඳමයි
සේතුං උබ, දන්නවෑ වැඩක්.
ඒ මොකෑ ගුරම්පියෝ
බණ්ඩි ගුරා ඊයෙ රෑ ආන්තරා වෙල.
හත්තිලව්වයි.
කොහොමෙයි වෙලා තියෙන්නෙ,
ගුරා ඊයෙ රෑ මොකක්ද සාන්තිකර්මයක් කරනව කියල දේව කුටියට ගියාලු, උදේ උන්දැගෙ පවුල තමා දැකල තියෙන්නෙ ,උන්දැ එතන මැරිල ඉන්නව.
යකා ගහල කියල තමයි ගමම ම කතා වෙන්නෙ.
මේ දොහට මරණ තුනක්ම උනා නොවැ , පුදුම කාලයක්..
අප්පු මලයෝ , අප්පු මලයෝ,
මටත් ආරංචි උනා බං අයියෙ මරණෙ ගැන ඒක නෙවෙයි නොවැ පුරස්සෙ, ආන් අරක බලපං ,
පොල්ගෙඩිය 😱😱😱
හත්තිලව්වයි , ඒක කොයි වෙලාවෙයි මෙහාට ආවෙ.
මට උදේ පාන්දර ගහකින් ගෙඩියක් වැටෙනව වගේ සද්දයක් ඇහුන. එලියට ඇවිල්ල බලනකොට පොල් ගෙඩිය.
මේක නං ඉවරනොවෙන කරුමයක් බං.
කරන්න තියෙන්නෙ එක දෙයයි මලයො.
අපි මේක ලෙලි ගහමු.
හිටිං මම උලක් ඇන්න එන්න.
මලයෝ මේන් බලාපං ලෙල්ල ගැලෙව්වමත් ගෙඩියෙ රතු පැල්ලම තියෙනව..
අපි මේක ගිහින් සොහොනට දාමු. බණ්ඩි ගුරාගෙ අවසන් කටයුතුත් අදනෙ.ඒ සෑයටම දාමු.එතකොටවත් මේ යස්ස දෝසෙන් අපිට නිදහස් වෙන්න ලැබෙන්නැතෑ.
රෑ වෙල යමු අයිෙය , අපි පොල් ගෙඩියක් අරං සොහොනට යනව ගමේ එවුන් දැක්කොත් , ඒකත් ප්‍රශ්නයක් වෙයි.
දැං නං සොහොන් පොලේ කව්රුවත් නැතුව ඇති.
සුනංගු නොවී යමං යමං.
කවුරුවත් නෑ බං අයියෙ , දාපං ඕක.. දාපං
දඩාං
හ හා
හ හා හා
හ හා හා හාාාාාා
ම ම මල් එතනෝ. උබ?
සේතු අයියේ!!!!!!!!!!!!"!!!!!!
උබට අද මගෙන් ගැලවීමක් නෑ සේතුං.
මැරෙන්න ලෑස්ති වෙයං
අනේ මම කිසිම වැරැදක් කොලෙ නෑ...
තෝ අද මෙතනින් පණපිටින් යන්නෑ, ..මම තෝව මරණව.
හහ් හහ් හා
මල්ලියේ,මාව බේරගනිං... යස්සනී මගෙ බෙල්ලෙන් අැල්ලුවෝ...
මට උදව් කොරපං මල්ලියේ...
බුදුඅම්මෝ.....
ආ ආ ආ
හහ්
මගෙ අවසාන බිල්ල සේතුවත් ඉවරයි.
මගෙ ලඟට එන්න එපා.
එහාට පලයං යස්සනී..
පලයං යස්සනී.
මගෙ ගාව සුෙර් තියෙනව.
මම මගේ පළිය අරගත්ත..උබ හරි වාසනාවන්තයි අප්පුවෝ. මගෙ පලිගන්න කාලය අදින් හමාරයි..
උබ තාමත් හිතන්නෙ උබගෙ මහ ලොකු සුරේ නිසා මම උබව අතහරිනව කියලද..
උබ මට උදව්කල.
ඒක නිසයි මම උබව නිදහස් කොලෙ ..
හහ් හහ් හා
මගෙ ආත්මයට දැන් සැනසීම හොයාගෙන යන්න පුළුවන්...
හම්මෝ ඇති යන්තං යස්සනී යන්නම යන්න ගිය.
දැන් ඉතිං ගෙදර යන්න ඕන..
අප්පු තමන් කල කී දෑ සිහිපත් කරමින් නිවස දෙසට පා නගන්නට විය..
සේතුං සමඟ යන විට සඟවාගෙන ගිය මිනී අලු ුගුරුන්නාන්සෙගේ දේවාල භූමියට රහසේ ඉස එහි දේවබලය බිඳ දැමූ අයුරු ඔහුට සිහිපත් විය.
එසේම,
සේතුංව රාත්‍රි කාලයේ සොහොනට යාමට කැමතිකරගත් අයුරුද සිහිපත් විය
නිවස වෙත යාමෙන් අනතුරුව කුප්පි ලාම්පු එලියෙන් ලියුමක් කියවූ අප්පු මහ හඩින් සිනාසුනි...
ඒ රාලගේ ලියුමේ අවසන් කොටසයි..එහි මෙසේ සඳහන් විය.
මම මේ ලියුම් කඩදහිය ලිව්වෙ අප්පු මලය වෙනුවෙන්මයි , මොනව උනත් බොලෑ මගේ දුර නෑ කමකුත් තියෙනවනෙ. මේ යස්සනී දැන් උබවත් අතහරින එකක් නෑ. ඒත් උබට ඒකෙන් ගැලවෙන්න විදිහක් තියෙනව . ඒ තමයි මේ පවුකාර වැඩේට හවුල් වෙච්ච අනිත් දෙන්නවත් යක්සනීට බාර කරන එක. එකෙක් තමයි බණ්ඩි ගුරා, ඕක තමයි කෙලීව මැරුවනම් පුරස්නෙ ඉවරයි කියල හාමුට අදහස දීපු එකා...හාමුමයි මට කිවුවෙ බණ්ඩිය නැත්නම් මේම දෙයක් තුන් හිතකවත් තිබ්බෙ නැ කියල.
අනිත් එකා තමයි උබගෙ පණ වගේ ඉන්න සේතුව.
උබ නොදත්තට ඌ තමයි ඕකිව වලව්වට දැක්කුව එකා, ඔය හාදකම ඇති කරන්න ඒ කාලෙ මුල් උනේ සේතුං. ඒ කාලෙ ඕක රාලහාමිට උඩගෙඩි නොදුන්නනං මේ සන්තෑසි එකක්වත් සිද්ද වෙන්නෑ.මට හොඳටම විශ්වාසයි , යක්ෂණී ඌවත් හොයනව කියල.
උබට පුළුවන් නං බේරියං මයෙ පුතා. උබ විතරයි මේකට මැදිහත් වෙච්ච එකම අහිසංකය.
රාල අයියා..
.............................................
හම්මෝ තුන්මාසෙකුත් ගෙවිල ගිය ඉක්මන..
සේතු අයියගෙ තුන්මාසෙ දානෙට කිරි හට්ටි පහක් දෙන්නත් තියෙනව.
මම ගිහින් හරක්ට පට්ටියට දෙන්න වතුර අරං එන්නං,
උබ කිරි දොවන්න ලෑස්ති කරපං ටිකිරියෝ..
හොඳා අප්පු අයියේ...,
අද උදේ නැගිට්ට පාන්දර වැඩිද මන්ද.පුදුම අඳුරක් නොවැ තියෙන්නෙ.. අඩිය ඉක්මන් කරල යන්න ඕන.
හෑ ඒමොකාද පාන්දර ඡාමෙ වතුර මංකඩේ ගල් තලාවෙ වාඩිවෙල ඉන්න එකා..
මූට පිස්සු හැදිලද මෙච්චර පාන්දර මංකඩට ආවෙ.
ඒයි මලයෝ උබ මක්කද මේ පාන්දර වතුර මංකඩේ කරන්නෙ..
මම මේ උබ එනකං බලන් හිටියෙ අප්පු මලයෝ....
බුදුඅම්මෝ
සේතු අයිය!!!.
කාලෙක ඉදල මට ආසාවක් තිබුණ අත්භූත හොල්මන් කතාවක් ලියන්න. මේ තමයි මම ලියපු කතාව..මේ කතාව , චරිත සහ ස්ථාන සම්පූර්ණයෙන්ම මනංකල්පිතයි.
තරිඳු
Saturday, December 23, 2017
කොලුවා කෙට්ටු ,, බොනව සුරුට්ටු
Thursday, August 10, 2017
එදා රෑ ((කෙටිකතතාව))
එ් එක්තරා නිවාඩු දිනයකි.නිවසට වී සිටීමෙන් ඇතිවූ කම්මැලිකම මකා ගැනීමට මම පාරේ ඇවිදීමට යාමට සිතුවෙමි.. ඒ වන විට රාත්‍රි දොළහ පමණ වූ අතර බයිසිකලයද කැඩී ඇති නිසා මම පයින් ගමන් කලෙමි..ගමන් ගන්නා අතරතුර පන්සල අසල වෑන් රථයක් නවතා තිබෙනු මම දුටුවෙමි. එය ගණනකට නොගෙන මා පාර දිගේ ඉදිරියටම පිය නැගුවෙමි..
එකවරම මා සලිත වූයේ කලු ඇඳුම් ඇඳ අවිගත් කිහිපදෙනෙකු පන්සල් වත්ත තුළ සිටිනු දැකීමෙනි. මේ රාත්‍රියේ මොවුන් පන්සලේ කුමක් කරනවාද ..
මම වහාම පන්සල ඉදිරිපිට තිබූ කොට තාප්ප කැබැල්ලට මුවා උනෙමි.
මොවුන් පන්සලේ පින්කැටය කැඩීමට සැරසෙන බව මම දුටුවෙමි , ඒ සමගම යමෙක් ඔවුන්ට උපදෙස් දෙයි...
ඉක්මන් කරහල්ල
කවුරුහරි ආවොත් ඔක්කොම ඉවරයි...
ඒ නම් හොඳින්ම හුරු පුරුදු කටහඩකි.. පියරත්න උපාසකමහතා.. සත්තකින්ම මේ ඔහුමය...
වසර කීපයක සිට පන්සලේ කටයුතු වල මූලික තැනක් ගන්නා පුද්ගලයා වන්නේ මොහුය.. සද්ධාවන්ත , කවුරුත් ගරු කරන, මෙම පුද්ගලයා මෙවැනි දෙයක් කරාවිද?
කවුද ඔතන ඉන්නෙ, පියරත්න මහත්තයා මොනවද වෙන්නෙ... එසේ අසමින් රාහුල හාමුදුරුවන් එම ස්ථානයට පිය නගනු මම දුටුවෙමි..
සමහර විට උන්වහන්සේ බුදු කුටියේ දොර ඡනෙල් වසා දැමීමට පැමිණියා විය යුතුය..
ඩොංංං
දුවපල්ලා , ශොට් එක වැදුන, අහුවුණොත් අපි ඉවරෙටම ඉවරයි..
පිරිස වේගයෙන් දුවගොස් වෑන් රථයට නැගුනෝය... නමුත් මගේ අවාසනාවට මම හිස ඔසවා ඒ දෙස බැලුවෙමි. වෑන් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටි පියරත්න උපාසකමහතා ඇස් ලොකුකර මා දෙස බැලුවේය.
වෑන් රථය විදුලි වේගයෙන් ඉගිලී ගියේය.මම එතනම වාඩි වූයෙමි. සුලු මොහොතකින් මහා ඡන ගගකින් පන්සල පිරී ගියේය.
හොරු වගයක් අපේ පොඩි හාමුදුරුවන්ට වෙඩි තියල,, පිං කැටේ හොරකන් කරන්න ආපු වෙලාවෙ තමා මේක වෙලා තියෙන්නෙ.පාර අයිනෙ තියෙන පංසල නිසා පිංකැටේ බර ගානක් තියෙනව කියල හිතන්නැති.සහගහන වැඩ මේව... මම හිතේ ඇතිවූ බය හේතුවෙන් කිසිවෙකුටත් කිසිවක් නොකියා සිටියෙමි..
දින තුනකට පසු හාමුදුරුවන්ගෙ ආදාහන උත්සවේ පැවැත්විණි , එහි සියලුම වැඩකටයුතු සම්පාදනය හා බරපැණ දැරුවේ පියරත්න උපාසක මහතා විසිනි...
තවදුරටත් මේවා බලා සිටිය නොහැකි තැන මම සියල්ල එළිදරව් කිරීමට තීරණය කලෙමි. කාටද මුලින්ම කියන්නෙ.. නායක හාමුදුරුවො තමා හොඳම කෙනා උන්වහන්සේට කියන්න ඕන.මම එසේ තීරණය කර වහාම නායක හාමුදුරුවන් හමුවීමට ගියෙමි.
හාමුදුරුවනේ, මට ඔබවහන්සේව පොඩ්ඩක් තනියෙම හම්බවෙන්න පුළුවන් ද , මට පොඩි පුද්ගලික කාරණයක් තියෙනව ඔබවහන්සේට කියන්න.
ආවසගෙට යමු ළමයා, මේ වෙලාවෙ එතන කවුරුවත් නෑ.
මොකක්ද ළමයෝ ඔය කියන්න තියෙනවයි කියපු වැදගත් කාරණාව..
මගෙ දෙපා වෙව්ලන්නට විය, දහඩිය වැගිරෙන්නට විය.. නමුත් හිතට දිරිය ගෙන සියල්ල එළි කිරීමට කාලය පැමිණ ඇත...
මට මේ කියන්න තියෙන්නෙ රාහුල හාමුදුරුවන්ට වෙච්ච දේ ගැන.........
හාමුදුරුවනේ මම මේ හැමතැනකම හෙවුව මේ පැතුම් ළමයව වැදගත් රාඡකාරියකට...
ඒ නම් පියරත්න උපාසකමහතායි.ඔහු මේ වෙලාවෙ , මොකට මාව හොයන්නෙ. මගේ සිත සිතුවිලි ගොන්නකින් පිරී ගියේය.
මේ දරුවට මට වැදගත් කාරණයක් කියන්න තියෙනව කිවුව.ඒකයි මේ ආවාසෙ පැත්තට ආවෙ. දැන් ඉතින් ආපු එකේ උපාසක මහත්තය ආපු කාරණේ මුලින්ම කිව්වනං...
මේකයි අපෙ හාමුදුරුවනේ , මේ දවස්වල ඩෙංගු රෝගෙත් පැතිරීගෙන යනවනෙ, එන්ඡිඕ එකක මහත්තුරු වගයක් මේ පැත්තෙ ගෙවල් පරික්ෂා කරන්න කියල ඇවිත් , මම පන්සල පැත්තට එන්න හදනකොටම ඒ මහත්තුරු ඇවිත් මගෙන් ඇහුව මේ පැත්ත ගැන වැඩිපුර දන්නැති නිසා ගෙවල් දොරවල් , පාර තොට දන්න කෙනෙක් හොයල දෙනවද කියල.. පැතුම් කොලුව තරම් මම වත් මේ පැත්ත ගැන දන්නෑනෙ, මම මේ දරුවව ඒ මහත්තුරුට අඳුන්වල දෙන්න කියල හොයන්න ආවෙ..
මට ගෙදරින් නාහ ඕවට යන්න බෑ මාමෙ..මොහුගේ උගුලෙන් බේරීම සඳහා මම වහාම ඉදිරියට පැණ පැවසුවෙමි.
ඒ ගැන කරදර වෙන්න එපා මම ගෙදර ඈයොත් එක්ක කතාකරලයි ආවෙ, ඒ මහත්තුරු දැන් ගොඩක් වෙලා තිස්සෙ පාර ගාව, අපි යමුද,
එයිට කලින් අර හාමුදුරුවන්ට කියන්න තියෙනව කවුව වැදගත් කාරණාවත් කියලම යමු..
නෑ නෑ මාමෙ ඒක මේ එච්චරම වැදගත් දෙයක් නෙවෙයි..
එහෙනම් දරුවො උපාසක මහත්තයත් එක්ක ගිහින් අැවිත්ම ඒ කාරණේ කියන්නකො..
මම පියරත්න මහතා සමඟ ඩෙංගු නිලධාරීනගන් හමුවීමට පිය නැගුවෙමි.. එදා රෑ තිබු වෑන් රථය පෙර පරිදිම එම ස්ථානයේ නවත්වා ඇත.. සියලුම කරුණු අර මූසල රාත්‍රියේ වගේමය, වෙනසකට ඇත්තේ අද දහවල් වෙලාවක් වීමත් , එදා කලුපැහැ ටී ෂර්ට් ඇද සිටි පිරිස අද ටයි කෝට් දමා සිටීමත්ය. මා දෙස බලා සිනාසුනු ඔවුන් මා වෙනුවෙන් වෑන් රියේ දොරටුව විවර කලෝය...
නිමි
කට්ටිය විශ්වාස කරන එකකුත් නෑ , ඒත් මම මේ ලිවුවෙ අද උදේ පාන්දර මම දැකපු හීනෙ.. සිද්ධියෙ අන්තිමට වාහනේ දොර අරිනකොට මට දාඩියත් දාගෙන ඇහැරුන....

Saturday, July 22, 2017
මහාභාරතය 1 ( භීෂ්මගේ උපත සහ යුගයක ආරම්භය )
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න
මම අද ඉදල ලියන්න යන දීර්ඝ ලිපි මාලාවක පළවෙනි ලිපිය විදිහට මේ ලිපිය හදුන්වන්න පුලුවන් . මේ කතාව මම ලියන්නෙ කතාවක කෙලින්ම පරිවර්තනයක් විදිහට නෙවෙයි , ඒක නිසා ලියපුව ටිකක් විතර කියවන්න එපා වෙන්නත් පුලුවන්.එහෙනම් අපි මුලින්ම මහාභාරතය කියන්නෙ මොකක්ද කියල දැනගනිමු. මහාභාරතය කියන්නෙ අතීත භාරතයෙ, එහෙමත් නැත්නම් ඉපැරැණි ඉන්දියාවෙ , කුරු කියන රාඡ්‍යය අලලා සකස්කරන ලද ඉතාමත් පැරණි වීර කාව්‍යයක්. ක්‍රිස්තුවර්ෂ 8 -14 වන සියවස් අතර කාලයකදී කුරු රාඡ්‍යයත් පංචාල රාඡ්‍යයත් අතර ඇතිවූ සත්‍ය යුද්ධයක තොරතුරු අලලා එයට අතිශෝක්ති එකතු කරමින් සකස් කරන ලද මෙම කාව්‍ය භාරතීය ඉතිහාසයේ විශාලම වගේම ශේෂ්ඨතම කාව්‍යය විදිහට සලකනව.වචන මිලියන 1.8 ක් පමණ තියෙන මෙම කාව්‍යයේ කවි පද ලක්ෂයක් පමණ ඇතුලත් වෙනව. මේ මහා කාව්‍යයේ රචකයා ගැන කතාකරනකොට නම් ඒ සම්බන්ධව ගැටලු ඡාලයක් පැණ නගිනව.
ඉන්දියානුවන් වැඩිපුරම විශ්වාස කරන කරුණ තමයි ව්‍යාස කියන මහ ඝෘෂි තුමන් විසින් පවසන ලදුව ගණ දෙවියන් විසින් තම දකුණු දළයෙන් මහාභාරතය රචනා කරපු බව , ඒ වගේම තවත් පිරිසක් විශ්වාස කරනව මේ කෘතිය ව්‍යාස ඝෘෂිවරය විසින්ම රචනා කලා කියල, ඒ වගේම ව්‍යාස ඝෘෂිතුමාගෙ ගෝලයෙක් විසින් මහාභාරතය රචනා කලා කියල කතාවක් තියෙනව . කොහොම උනත් දැන් තවත් මතයක් තියෙනව මහාභාරතයට කතුවරු ගොඩක් ඉන්න පුලුවන් කියල , මොකද මහාභාරතයෙ ඇතැම් කොටස් අනෙක් කොටස් වලට වඩා ගොඩක් පැරණියි, එම නිසා කතුවරු රාශියගෙ එකතුවකින් විවිද කාල පරතර ඔස්සේ කාව්‍යයන් විකාශනය වෙලා කියලයි හිතන්නෙ.
දැන් විස්තර ඇති , එහෙනම් කතාව පටන්ගමු.
අතීත හස්තිනාපුර නැමැති රාඡ්‍යයේ රඡතුමා වුන සන්තානු මහරඡතුමා විසින් ගංඟා දේවියව සරණපාවා ගත්ත..(මේ ගංඟා දේවිය කියන්නෙ ගංගානම් ඟගට අධිපති දෙව්දුව බව තමා සැලකෙන්නෙ) මේ දෙපළගෙ විවාහයේ එකම එක කොන්දේසියක් තිබුණ , ඒ තමයි, ගංගා දේවිය කරන කිසිම ක්‍රියාවක් ප්‍රශ්න කරන්න හෝ වලක්වන්න රඡතුමාට අයිතියක් නෑ .. ඔහු එහෙම කලොත් ගංඟා දේවිය ඔහුව හැරදමා යන බව පවසලයි තිබුන. මොවුන් දෙදෙනාගේ විවාහයෙන් පුත්‍රයන් හත් දෙනෙක් උපත ලැබුව.. ඒ සියලුම දෙනාව ගංගා දේවිය ඡලයේ ගිල්ලවල මරා දැමුව.(එයට හේතුව තමයි මොවුන් ශාපයකින් මනු ලොවට පැමිණි දෙවිවරු වීම) .
අටවන පුත්‍රයාව මරා දමන්නට හදන විට සන්තානු රඡතුමාට බිරිඳ කෙරෙහි කෝපයක් හටගත්ත,, ඔහු මේ ක්‍රියාව නවත්තන්න කියල ගංගා දේවියට පැවසුව. ඇය එය පිළිගත්ත , නමුත් පොරොන්දුව කැඩීම නිසා ඇය සන්තානු රඡතුමාව හැරල ගිය. ඒ නොමරා ඉතුරු කරගත් දරුවා වුණු දේව්රත් සමඟ. ඔහුව රඡුට නැවත අවශ්‍ය වෙන කාලයේදී ලබා දෙන බවට ඇය පොරොන්දු වුන...
වසර ගණනක් ගතවුනා, ගංගා දේවිය තම පුත්‍ර දේව්රත් යුගයේ විශිෂ්ටතම රණකාමිය කරන්න හැම දෙයක්ම කල. ඉන්ද්‍ර දෙවියන් ඇතුලු සියලුම දෙවි වරුන්ගෙන් ඔහු සකල කලාවන් ඉගෙනගත්ත.. ඒ වගේම විෂ්ණු දෙවිඳුගේ අවතාරයක් ලෙස සැළකෙන සියලු යුධ කලාවන්ට අධිපති පරුෂරාම් දෙවියන්ගෙන් සියලුම යුද කලාවන් ඉගෙන ගත්ත..
සියලුම කලාවන් ඉගෙන ගැනීමෙන් පසු ඔහුගේ මව ඔහුව සන්තානු රඡතුමා වෙත භාර දුන්න. ඒ සාමාන්‍ය පුත්‍රයෙක් විදිහට නෙවේ , මෙතෙක් පහළවූ විශිෂ්ටතම රණකාමියෙක් විදිහට . තමන්ගෙ පුතාව සාදරයෙන් පිළිගත්ත රඡතුමා ඔහුව යුවරඡු කරන්න තීරණය කලා........
දේව්රත් භීෂ්ම වීම සහ රඡපවුලේ පෙරළිය දෙවනි කොටසින්........
Subscribe to:
Posts (Atom)
හොල්මන
තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...
-
මම අද පෝස්ට් එක දාන්න හිතුවෙ සත්තු ගැන ,, සත්තු කිවුවට සුරතල් සත්තු කිවුවොත් තමයි තවත් හොඳ.. සත්තුන්ගෙ වැඩීම ගත්තහම ඒක මිනිස්සු...
-
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න ම...
-
ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල ප...