Wednesday, June 28, 2017
එකමත් එක කතා තුනක්
පියල් බත් එක කන්න පුතා, අද ක්ලාස් එකට යන්න පරක්කු වෙනව නේද?
හරි අම්මේ මම තව චුට්ටෙන් එන්නං , මම මේ යාලුවෙක් එක්ක කෝල් එකක්.
කොයි වෙලාවෙ බැලුවත් කෝල් කෝල් , ඇත්තටම ඉගෙනගන්න කියල අාසාවක් ඇත්තෙම නැද්ද ළමයෝ .
-------------------------------------------------------------------
ප්‍රියන්ති , තමුසෙට පිස්සුද ඕයි අහක යන බල්ලන්ට අපේ ගෙට අඩගහන්න.
ආයි ඔය අබ්බගාත හිඟන්න,අරක මේක නෑ කියාගෙන අපේ ගෙදට්ට පස් පාගන්න ආවොත් මම ඕකට පයින් පාරක් ගහල පන්නන්නෙ.
නෑ සිරී ඒ මනුස්සය නැති බැරි කමට ආවම මට එළවන්න හිතුනෙ නෑ
අනේ,තමුසෙගෙ අනුකම්පාව , ආයි මම නොකිව්වයි කියන්න එපා, උදේ පාන්දර මගෙ යකා නගිනව.
--------------------------------------------------------------------
අප්පචි මොකද දුකෙන්,
නෑ දෝණි එහෙම ප්‍රශ්නයක් නෑ.
අප්පචි මට මගෙ අම්මව මතක්වෙනව, එයා හිටියනම් අපිට මෙහෙම වෙන්නෑනෙ...
අම්ම නෑ කියල මම උබට අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නෑ මගෙ දුවේ උබ දුක් වෙන්න එපා.
මයෙ දෝණි දැන් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න , මම අද ඉඳන් අලුත් රස්සාවක් පටන්ගන්නව.කකුළ නෑ කියල හැමදාම මිනිස්සුන්ට අතපාන්නත් බෑනෙ..
----------------------------------------------------------------
මචං අද a/l ඇඩ්මිෂන් ඇවිල්ලලු , පන්තිය ඉවරවෙල කෙලින්ම ඉස්කෝලෙට ගිහින් අරගමු
ඔවු බන් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ගියානම් ගන්න තිබ්බ , ඉස්කෝලෙ ඇරිල ටික වෙලාවක් යනකම් මැඩම් පන්තියෙ ඉන්නවනෙ.
------------------------------------------------------------
ප්‍රියන්ති ඔයා ගිහින් ලමයව ඉස්කෝලෙන් අරගන්න, මට අද ඔපිස් එකේ වැඩ ගොඩ ගැහිල...,,
ඔයාට ඉතින් කවදද වැඩ නැත්තෙ , මම තමයි ඔක්කොම කරන්න ඕන. ආ.. පෝන් එක කට් කලාද, එනවකො අද ගෙදර..මෙයා ඔපිස් එකට වෙල සැප ගන්නයි , මම මෙතන නැහෙන්නයි. මොන කරුමයක්ද මන්ද..
-----------------------------------------------------------------
අඹ, අඹ , ලාභයි ගන්න අලුත් අඹ.., ලුණු දාල , මිරිස් දාල රස කරල තියෙන්නෙ , ලාභායි
අංකල් අඹ බෑග් එකක් කීයද ?
තිහයි ලමයො.
අම්මි එනකන් මං ගාව සල්ලි නෑ මට අඹ ටිකක් දෙනවද?
සල්ලි නැතුවනම් දෙන්න බෑ දරුවො , මම අද තමා බිස්නස් එක පටන්ගත්තෙ, හවසට අඹ වල ගණන් බේරන්න ඕන.
-------------------------------------------------------------
අප්පචී ...
අප්පචි අඹ විකුණන්න පටන්ගත්තද?
ඔවු මගෙ දෝණියෝ එක එකාට අත පානවට වැඩිය ඒක හොඳ වැඩක් කියල මට හිතුන...
මගෙ හොඳ තාත්ත , මම තාත්තට ගොඩක් ආදරෙයි .
අද රුපියල් දෙතුන් සීයක ලාබයක් තියෙනව , යන ගමන් මස් කෑල්ලකුයි පාන් බාගෙකුයි අරන් යන් , ගොඩ කාලෙකින් දෝණිය රස කෑමක් කෑවෙත් නෑනෙ....
------------------------------------------------------------------
අයියේ , අයියේ , මට රුපියල් තිහක් දෙන්නකො....
ආ.. මේ සිරිසේන මහත්තයගෙ පොඩ්ඩ නේද?
ඇයි මල්ලි හදිස්සියක් ද , ආ මල්ලි සල්ලි
ටැනක්යූ අයියෙ , මම අම්මි ආව ගමන් දෙන්නං
අයිය අද මොකද ඉස්කෝලෙ පැත්තෙ ,
මම මේ විභාගෙට ඇඩ්මිෂන් එක ගන්න ආව මල්ලි .
-----------------------------------------------------------------
ෂේන් මොනවද පුතා ඔයා මේ කන ඡහඡරාව , කොහෙන්ද ඔයාට මේව ගන්න සල්ලි
ඊය ,, මොන ඡහ ඡරාවක්ද මන්ද...
අම්මි මම පාරෙ අඹ විකුණන කෙනෙක්ගෙන් ගත්තෙ , ඉස්සර ගෙදර පියල් අයිය සල්ලි දුන්නෙ..
පියල් කොහෙද මෙහෙ, එයා දැන් ගෙදර නේද ඉන්නෙ ..,
ඒවෑන් වැඩක් නෑ , යමුකො ගෙදර , පාර අයින්වල තියෙන ඡහඡරාව කනවට තාත්තිට කියල හොඳ පාඩමක් උගන්නන්න .
දැම්මම ඕක වීසි කරල දානව. මම යන ගමන් ඔයාට රසම රස ඇපල් ගෙඩියක් අරන් දෙන්නං.
---------------------------------------------------------------------
පියල් ඔයා පහුගිය කාලෙම ඉස්කෝලෙ එන්නෙ නැතුව දැන් ඇඩ්මිෂන් ගන්න ආවම හරිද, තමුසෙල පන්ති පන්ති කිය කිය හතරවටේ ඇවිදිනව, අන්තිමට විභාගෙ පේල් උනොත් වගකියන්න ඕන ඉස්කෝලෙ, මට දැන් ඇඩ්මිෂන් එක දෙන්න බෑ, දෙමව්පියො එක්ක හෙට උදේට ඉස්කෝලෙට එනව.
හොඳයි මැඩම් මම හෙට එක්කගෙන එන්නම්...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
දුමියගෙයි රොමාගෙ පෝස්ට් එක බලල තමයි මම මේක ලිවුවෙ , මට මේ කතාවෙන් සමාඡ විෂමතාවය වගේම සමාඡ මට්ටම අනුව පුද්ගල හැසිරීම් රටාවත් , ඒ වගේම ටියුෂන් අධ්‍යාපනය නිසා ළමුන් පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙන බවත් තමයි පෙන්නන්න ඕන කලෙ. ඔන්න මගෙ මැල්ලුම් කතාව.
මම මගෙ කබල් පෝන් කට්ටෙන් සිංදුවක් අප්ලෝඩ් කරන්න කොච්චර ට්‍රයි කලත් වැඩේ හරිගිය නෑ මක් කොරන්නද වැඩේ අතහැරල දැම්ම .
හිස් ටින් එකක් වාගේ අපේ මේ ඡීවිතේ මල්ලි , කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලී ///
Tuesday, June 6, 2017
වතුර මැද්දෙ කතන්දර
මේ පාර ගං වතුර ගොඩක් සැරටම ආව කියල ඔයාල හැමෝම දන්නවනෙ.ඉතින් මේ ගංවතුර කාලෙ අපේ ගමේ ඒ වගේම අහලපහළ පැතිවල සිද්දවුන රස කතා ටිකක් ලියන්න තමා මම කල්පනා කලෙ. රස කතා කිවුවට මේව දුක හිතෙන කතා , ඒ වගේම මේ කතා සම්පූර්ණයෙන්ම ඇත්ත , ඒත් ඉතින් මම ඒවට මිරිස් තුනපහ ටිකකුත් කලවම් කලා..
පළවෙනි සිද්ධිය සිද්ධ වුනෙ අපේ ගෙවල්පැත්තෙ ඉන්න මාම කෙනෙක්ට.. ඩ්‍රයිවින් ඡොබ් එකක් කරන එයා, හොඳට කන නැතත් බොන මිනිහෙක් කියල හැමෝම දන්නව.මේ සිද්ධිය වෙච්ච දවසෙ එයා බීලද නැද්ද කියලනම් මට හොයාගන්න බැරි වුන.. ඒත් අනිවා බීල ඉන්න ඇති. ඉතින් එයා වැඩට ගිහින් ඇවිල්ල රෑ වෙල සැපට නිදාගෙන.. වැස්ස , ගං වතුර එයාට අදාළ දේවල් නෙවේ , මොකද මෙච්චර කාලෙකට කවදාවත් එයාල ඉන්න හරියට ගංවතුර දාල නෑ.. ආ.. කියන්නත් අමතක වුන , එයා තනිකඩයක් තනියෙම තමා වාසෙ. ඉතින් වෙනද වගේම එයා උදේ හයට නැගිටල තියෙන්නෙ වැඩට යන්න කියල හිතාගෙන.. නිදි මරගාතෙ ඇදෙන් බිමට බැහැපු එයා ඡබොස් ගාල ඇදේ මෙට්ටෙ ගාවටම ඇවිල්ල තිබුන ගං වතුරට වැටිල.. වැටිලත් විනාඩි පහක් විතර ගියාට පස්සෙ තමා එයාට මීටර්වෙලා තියෙන්නෙ ගෙට වතුර දාල නේද කියල.
දෙවනි සීන් එකත් අපේ හරියෙම නැතත් අපේ ගමේ පවුලකට වෙච්ච දෙයක් , ඒ අයටත් කවදාවත් වතුර දාන්නෑ. ඒත් ඒගොලන්ගෙ ගෙවල් වලට ඉස්සරහ තියෙන ගෙවල්වලට වෙනදත් ලාවට වතුර දානව. එදා වැස්ස දවසෙ පාන්දර හතරට විතර මේ අයට ආරංචි වෙල ලාවට වතුර දාගෙන එනව කියල. ඉතින් ඒගොල්ලො පුලුවන් තරම් ඉක්මනින් වතුර ගලන ගෙවල්වල අයට උදව්කරන්න ගිහින් , පාන්දර නිසා කරුවලත් එක්ක. මේගොල්ලො වතුරෙ බැහැගෙන අනිත් අයට උදව්කරල ගෙදර එනකොට මේගොලන්ගෙ ගෙදර දණකට වඩා වතුර . බිම තියල තිබ්බ බඩුයි , මෙට්ටයි ඔක්කොම තෙමිල කියල තමා ආරංචි වුනෙ.
තුන්වෙනි සීන් එක උනෙ අපෙ ලොකුඅම්මට. එයාලගෙ ගෙදරට කලිනුත් වතුර දාල තිබ්බ..කලින් ලොකු ගං වතුරක් ආවමත් දණකින් එහා කවදාවත් ඒගොලන්ගෙ ගෙදරට වතුර දාන්නෙ නෑ. ඒ බව විශ්වාස නිසා අපේ ලොකුඅම්මයි මහප්පයි ගෙදර තිබ්බ බඩු ටිකක් අල්ලපු ගෙදරට ඇදල දාල , ඉතුරු ටික ගෙදර තිබ්බ මේස උඩින් තියල. අල්මාරියෙත් පහළ තට්ටු දෙක විතරක් අස් කරල ඉතිරිව එහෙම්මම තියල. ඒ ගොල්ලො ගෙදර පොඩි ටේලර් ශොප් එකකුත් කරනව.. ඒකට අලුතින් ගෙනාපු මහන මැෂින් ටිකත් ගෙදර පොරණුවෙන් දාල තියල ,ගෙදර කරන්ට් එකත් නැති නිසා ඒ දෙන්න අල්ලපු ගෙදරට ගිහින් නිදාගෙන.
ලොකුඅම්මයි මහප්පයි උදේ නැගිටල බලනකොට වතුර තිබිල තියෙන්නෙ ඒගොලන්ගෙ ගෙදර වහල මට්ටටමේ.... බඩු ඔක්කොටම අබ සරණයි.
හතරවෙනි එකනම් අපේ ගමේ නෙවෙයි , මට අහන්න ලැබුන එකක්..රඡයෙ ආයතන වලින් ගංවතුර ආධාර දෙනකොට ගමේ යමක් කමක් දන්න පුද්ගලයෙක්ට බාර දෙනවනෙ ගෙවල්වලට යන්න . අන්න ඒ වැඩේට අපි දන්න අංකල් කෙනෙක්ව තෝරගෙන තිබ්බ. එයා ආධාර මලු අරගෙන ගෙයක් ගානෙ යනකොට ගෙවල් කීපයක ඉඳපු යමක් කමක් තියෙන ඇන්ටිල කීපදෙනෙක් එයාට කියල තියෙනව ""අපි රඡයෙ සේවකයොනෙ අපිට ඔය ආධාර එපා කියල "" එහෙම කියපු හැමෝම දිහා අනුකම්පාවෙන් බලපු අංකල්.. " මේව දුන්නට ගත්ත අයගෙ නම් ලියාගන්නෑනෙ. ඔය ටික එහෙනම් දොරකඩින් තියල තියන්න මම යනකොට අරගෙන යන්නම් කියල කියල තියල ගිහින් "
ඊට පස්සෙ ඉතින් වෙච්ච දේ කියන්න දෙයක් නෑනෙ.
ඡායාරූප අන්තර්ඡාලය ඇසුරිනි .
Subscribe to:
Posts (Atom)
බිලී පස්වන සහ අවසාන කොටස
උදේට පාඩම් කරන්නයි , හවසට පල්ලි යන්නයි.., ආච්චිගෙ නීති එක්ක ආච්චිට ඕන විදිහට ඉන්න එක මට මේ වෙනකොට එපාවෙලයි තියෙන්නෙ. ලොකු ජෝර්ජ් සීයා ගැ...

-
ඔන්න මම ඔයාලට මෙදා පොටේ අරගෙන ආවෙ ඇත්තම ඇත්ත ගැමි රස කතාවක්.මේකට ගෑවුන අයගෙ පරම්පරාවෙ අයට අදටත් ඔය සිද්දිය මතක් කළාම හොඳටෝම කේන...
-
මේක ඇවිත් 1980 කාලෙ කතාවක්. මංතුමා මෙළොව එළිය දැකලවත් නැති කාලෙ ඕං ඒ කාලෙ අපේ අම්මල , ලොකුඅම්මලත් බොහොම පොඩි ළමයි.මේක අපේ ලොක...
-
ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල ප...