Thursday, June 28, 2018

කාන්තා හිංසන සහ මම නා ගැනීම

   
මුලින්ම කියන්න ඕන මේ සිද්ධිය මට උන සත්‍ය සිදුවීමක් මිසක් ආතල් එකට ලියපු එකක් නෙවෙයි. මේ සිද්ධිය වෙලා දැන් මාසෙකටත් කිට්ටුයි. මම මේක මේ ලියනවද නැද්ද කියල ගොඩක් හිත හිත ඉදල අන්තිමට ඔන්න ඔහෙ ලියල දාන්න තීරණය කලා, බ්ලොග් කට්ට බලන කට්ටිය මෙව්ව බලල මට කෝචොක් පාරවල් එහෙම දාන්න එන්න එපා ඈ.....
     කට්ටිය දන්නවත් ඇතිනෙ, මම මේ බ්ලොග් කට්ටක් ලිව්වට තාම ස්කෝලෙ යන සූටි එකෙක් කියල, නෑ නෑ සූටි නෑ , දැන් ඉස්කෝලෙ යන්නෙත් නෑ , පන්ති තමා යන්නෙ.. ඉතිං මම මේ ලඟදි දවසක් හවස්වරුවක පන්ති යන්න කියල මතුගම කලුතර බස් එකකට නැග්ග.බස් එකේ එච්චරම සෙනග හිටියෙත් නෑ , මම ඉතිං බස් එකේ පිටිපස්සට කිට්ටුවෙන් තියෙන සීට් එකක වාඩි උනා.මොකද බස් එකේ ඉස්සරහ සීට් මට ඇලඡික්..මම වාඩිඋන සීට් එකේ,මට එහා පැත්තෙ අයිනෙ හිටියෙ මට වැඩිය අවුරුදු පහක් විතර වැඩිමල් කොල්ලෙක්.
   තව මම වාඩිවෙලා හිටපු සීට් එකට ඉස්සරහ සීට් එකේ හිටියෙ , මට වැඩිය බාලයි වගේ පේන නංගියෙකුයි , එයාගෙ අම්මයි. නංගි කිව්වට 18 -20 විතර වෙනව..
   ඉතිං බස් එක ටික දුරක් ධාවනය උනා..ඒ අතරතුර අර මට ඉස්සරහ සීට් එකේ හිටපු ඒ කාන්තාවො දෙන්න,පොඩි අවුලකින් ඉන්නව කියල මට පෙනුන. අම්මයි දූයි මුණු මුණු ගානව.. ඒ අස්සෙ අම්ම දූගෙ අතිනුත් අල්ලගත්ත.(ඒ නං ඉතිං දූව සීට් එකෙන් ලිස්සල වැටෙයි කියල වෙන්නැති)
    මෙන්න එකපාරටම ගෑල්ලමයගෙ අම්ම මගෙ දිහා රවල බලල දූවත් එක්කගෙන වෙන සීට් එකකට ගිය..මට ඒක එච්චර ගානක් උනෙ නෑ, හැබැයි ඊට පස්සෙ උන දෙයින් නං මට දාඩිය ටිකකුත් දැම්ම.
       මේ ගෑණු කෙනා මගෙ දිහා බලාගෙන මහ හයියෙන් මුලු බස් එකටම ඇහෙන්න  ""අර වනචරය මගෙ දූගෙ පපුව අතගාල කියල කිව්ව""
බස් එකම මගෙ දිහා බලනව. කරුමෙකටද මන්ද එදා මම ඇදගෙන ගියෙත් මගෙ වාසනාවන්ත අහිංසක ශාන්ත දාන්ත කිට් එකත් නෙවෙයි.. තද කලු කලිසමයි , කලු කමිසෙයි , කලු සපත්තු දෙකයි තමයි එදා මම ඇද පැළඳගෙන හිටියෙත්..පට්ටම අමුතු පෙනුමයි..
   මම සීන් එක ඇහිච්ච නැති ගානට ඉන්න විදිහටම හිටිය.මොකද අනවශ්‍ය විදිහට කලබල උනොත් මම ම තමයි අමාරුවෙ වැටෙන්නෙ කියල මම කල්පනා කෙරුව. මට එහාපැත්තෙ වාඩිවෙල ඉන්න එකත් මම දිහා කන්න වගේ බලනව..
  වැඩේ එතනින් නතර උනෙ නෑ.අර ගෑනු කෙනා දිගට හරහට කියෝනව. සීට් එකට උඩින් අත දාල තමයි ඌ මේ පාහර වැඩේ කරල තියෙන්නෙ.මේ වගේ වනචරයන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල ආපහු අර ගෑණු කෙනා කියවන්න ගත්ත. දැන් බස් එකේ හිටපු වැදගත් මහත්තුරුන්ටත් මේක හොඳටම අැහිල ඉවරයි. කට්ටිය මට සලකන්න ලෑස්ති වෙන බවක් තමයි පෙනුනෙ.එයාලගෙ මූණු දිහා බැලුවම මට ඒක හොඳටම පෙනුන.
    ""අම්මේ , ඔය අයිය නෙවෙයි අර එහාපැත්තෙ එකා""
    දහසක් රකුසු හඩවල් අස්සෙ  ඇහුන ඒ ලස්සන සුරංඟනාවියගෙ කටහඬ මට තිබුන ඔක්කොම ප්‍රශ්න නැති කරල දැම්ම..
      මුලු බස් එකම නිහඩයි. කිසිම සද්දයක් නෑ.හැමෝම ඒ කතාවෙන් ඩිම් වෙලා..
  එකපාරට මට එහාපැත්තෙ හිටපු එකා මාවත් පෙරලගෙන පැනල බස් එකෙන් බිමට පැනල දිව්ව...
 කෙල්ලගෙ අම්ම හූම් සද්දයක්වත් නෑ.
ඔහොම සද්දයක් නැතුවම මගේ ගමනෙ ඉතුරු ටිකත් ගෙවුන..
 ඉතිං ඊට පස්සෙ, මම ඒ නංගිට ස්තූති හිනාවකුත් දාගෙන කිසිම කරදරයක් නැතුව බස් එකෙන් බැහැ ගත්ත.
  එතකොට තමයි ඊලඟ කූඡිත සිදුවීම උනේ. බස් එකේ කොන්ද බස් එකේ පඩිය ලඟට ඇවිත් , මගෙ පිටට තට්ටුවක් දාල බක බක ගාල මහ හයියෙන් හිනා වෙන්න ගත්ත. ඩ්‍රැයිවරයත් එ්කට හවුල් උනා..බස් එකේ අනිත් එවුනුත් හිනා වෙනව..මමත් ඉතිං බොහොම අමාරුවෙන් හිනාවීගෙන පිටත් උනා... ඒ අස්සෙත් මට මතක්වුනෙ ,අර කෙල්ල කට පියාගෙන හිටියනං , ඔය හිනාවෙන එවුන් මට එවලෙ අඩන්න සලස්වනව නේද කියල...

Wednesday, June 13, 2018

අඳුරු කුමරා නොහොත් සයිබර් යක්ෂයාගේ ආගමනය(විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව)

ඔයා හොල්මන් විශ්වාස කරනවද?

කොහෙත්ම නෑ.

       ෆේස්බුක් එකේ හැම හොල්මන් ගෘප් එකකම වගේ ගොඩක් අය නිතර  අහන ප්‍රශ්නෙට මම උත්තර දුන්නෙ ඔන්න ඔය විදියට . මම හොල්මන් කතා ගෘප් වලට ගියෙ විනෝදෙට හොල්මන් කතා කියවන්න විතරයි.එහෙම නැතුව ඒව ගැන විශ්වාස කරන්නවත් , ඒව කියන අයට හිනාවෙන්නවත් නෙවෙයි.
     නමුත් facebook ගෘප් එකක තිබුණ හොල්මන් කතාවකින් මගේ මුලු ඡීවි⁣තේම උඩු යටිකුරු වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.

""ඔයා හොල්මන් විශ්වාස කරනවද"" ඔය ලංකාවෙ ප්‍රසිද්ධ හොල්මන් කතා ගෘප් එකක දාල තිබුණ පෝස්ට් එකක්.ඒක දාල තිබුණෙ අඳුරු කුමරා කියල කෙනෙක්.
 ඒ ගෘප් එකේ ගොඩක් අය හොල්මන් විශ්වාස කරනව කියල කොමෙන්ට් කරල තිබුණ. ඒත් කීප දෙනෙක් විතරක් විශ්වාස කරන්නෑ කියල  තිබුණ. මමත් ඉතිං සුපුරුදු විදියට විශ්වාස කරන්නෑ, පුළුවන් නං සාක්ෂි එක්ක ඔප්පු කරන්න කියල කොමෙන්ට් එකක් දැම්ම. එදා රෑ දොළහට විතර අඳුරු කුමරා මගෙ කොමෙන්ට් එකට උත්තර දීල තිබුණ, ඔයා ඇත්තටමද හොල්මන් විශ්වාස කරන්නෑ කිව්වෙ කියල. මම ඔව් කියල උත්ත⁣රයක් දැම්ම. එයාගෙන් උත්තරයක් ආව ඔයා ලඟදිම විශ්වාස කරයි කියල. 
මම ඔය විකාර විශ්වාස කරන්නෑ කියල මම දාපු කොමෙන්ට් එකකින් පස්සෙ අපේ හොල්මන් කතාව අවසන් වුනා..
 ඊට පහුවෙනිද උදේ මම වෙනද වගේම fb ආවහම අඳුරු කුමරගෙන් friend request එකක් තිබුණ.මම සාමාන්‍යයෙන් fake account වල අයව ඇඩ් කරගන්නෑ.ඒත් මොනව උනත් මේත් මම වගේම හොල්මන් කතා පිස්සෙක්නෙ කියල හිතල මම request එක accept කලා.
 එදා රෑ දොලහට විතර අඳුරු කුමරා මට මැසේඡ් එකක් දාල තිබුන ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නෙ නැද්ද කියල. පිස්සුද බං කියල මම එයාට උත්තර දුන්න.
 මෙන්න එයා මට එක එක ඡාතියෙ පොටෝ එවන්න පටන්ගත්ත..
 එයා පොටෝ තුනක් එවල තිබුණ. එකක හිටියෙ ලස්සන කෙල්ලෙක් , හැබැයි මූණ තැලිල විකෘති වෙලා හරියට වාහනේකට අහුවෙල වගේ. දෙවනි එකේ හිටියෙ computer එකකින් එඩිට් කරල හදපු කැත ⁣යකෙක්⁣. තුන්වෙනි එකේ හිටියෙ අවුරුදු තිහක් විතර උන නෝමල් පෙනුමක් තියෙන මැදිවයේ පිරිමියෙක්.
    කෑල්ලනං මරු මූණ ලස්සන උනානං , දෙවනි එකට නං බය හිතෙන්නෑ , තුන්වැනි එකේ ඉන්නෙ උබද , මම මැසේඡ් කලා.
   තුන්වැනි එකේ ඉන්නෙ මම තමයි , එයා උත්තර දුන්න. හා හා ලස්සනයි කියල මැසේඡ් එකක් දාල මම නිදාගත්ත. මොකද ඒ වෙනකොටත් හොඳටම රෑ වෙලා.
    පහුවෙනිද උදේ මම ඡොබ් එකට යන්න බස් එකේ ටවුමට ගියාම තමයි මේ දේ උනේ. අර පොටෝ එකේ කෙල්ල කලුතර පාරක් අයිනෙ ඉන්නව මම බස් එක ට්‍රැපික් එකේ තියෙනකොට දැක්ක. මූණ කෑල්ල නැතත් , ඇඳුමෙනුයි පෙනුමෙනුයි 100% ක්ම ඒ කෙල්ල කියල කියතෑකි.මම පෝන් එක අතට අරන් අර පොටෝ එක බැලුව , එයාම තමයි.මම බස් එකේ ඡනේලෙන් ඔලුව දාගෙන එබිල බැලුව , හැඩහුරු කම බලාගන්න , එතකොටම ඒ කෙල්ල පාර පනින්න ගිය.පාරෙ එහාපැත්තෙන් වේගෙන් ආපු වෑන් එකකට එයාව හැප්පුන. ගොඩක් කට්ටිය එතනට දුවනව මම දැක්ක.
එයාගෙ ඔලුව😱😱😱
ඒ ගැන කියන්නත් බෑ , මට එවපු පොටෝ එකේ විදිහමයි, මගෙ ඔලුවත් කැරකෙන්න පටන්ගත්ත , මම පුළුවන් තරම් ඉක්මනින් බස් එකෙන් බැහැල ආපහු ගෙදර ගියා.වෙච්ච දේ ගැන හිතාගන්නවත් බෑ. මේ ගැන හිතල මට පිස්සු වගේ , කවුද මේ අඳුරු කුමරා. යකෙක්ද , අනාගතේ දකින කෙනෙක්ද. මෙයා කොහොමද අද වෙච්ච දේ කලින්ම පොටෝ ගහල මට එවුවෙ කොහොමද , මම fb එකට ගිහින් අඳුරු කුමරාට මැසේඡ් එකක් දැම්ම.
තමුසෙ කවුද ?  තමුසෙ කොහොමද මේ වෙච්ච දේවල් දැනගත්තෙ. , එයාගෙන් උත්තරයක් එනකං මම දවස පුරාම බලාගෙන හිටිය. රෑ දොළහට⁣ , ඔවු රෑ දොළහට එයා මට reply කලා, ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද? එයා ඒක විතරමයි ඇහුවෙ. වෙන කිසිම දෙයක් මැසේඡ් කලේ නෑ. මේපාර නං මගෙ හිත චුට්ටක් ගැස්සුන. ඇක්සිඩන්ට් එකකයි මේ හොල්මන් කතාවෙයි කිසිම සම්බන්ධයක් නෑ කියල තදටම හිතාගෙන හිත හදාගත්ත මම,, මම තාමත් හොල්මන් විශ්වාස කරන්නෑ කියල යැව්ව.
  "හොඳයි"
එච්චරයි එයා එව්වෙ..එයා ආපහු offline.  මට හෙන අප්සට් , මම ඒ ගැන අමතක කරල නිදාගත්ත. එදා රෑ මම හීනෙන් බයවුන , අර පොටෝ එකේ හිටපු යකා හීනෙන් ඇවිත් මගෙ බෙල්ල මිරිකන්න ට්‍රයි කලා, මම එයත් එක්ක හීනෙන් රංඩු කල, දඩස් ගාල ඇදෙන් බිමට වැටුනහම තමයි මාව ඇහැරුනෙ, තාමත් කරුවලයි , මම පෝන් එකෙන් වෙලාව බැලුව , පාන්දර හතරයි.මේක හීනයක්නෙ කියල හිතල, මම ආපහු නිදාගන්න ඇදට නගින්න හදනකොටම මම කාමරේ දොර ගාව ඡායාවක් දැක්ක. හම්මට පොටෝ එකේ හිටපු යකා😱😱😱
 එතකොට අඳුරු කුමරා මාව හොයන් ඇවිල්ලද මම ඔලුවෙ ඉඳලම රෙද්ද පොරෝගෙන බයේ ගැහි නිදාගත්ත.
   ඊලඟ දවසෙ උදේ මට ටිකක් සනීප මදි වගේ දැනුන. මම ඒක නිසා එදත් ඡොබ් එකේ නිවාඩුවක් දැම්ම. ගෙදර අයට වෙච්ච දේ ගැන කිවුවෙ නෑ, එදත් රෑ මම කොයි එකටත් කියල facebook එක පැත්තට ගිය. රෑ දොළහට සුපුරුදු වෙලාවට අඳුරු කුමරා ඔන්ලයින් , එයා මගෙන් සුපුරුදු ප්‍රශ්නයම ඇහුව. ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද? 
මු නං මනුස්සයෙක් නෙවෙයි කියල මට දැන් හොඳට විශ්වාසයි..
මට එදා නං හොඳටම අප්සට්. ඒත් මම  එයාට මම ඕව විශ්වාස කරන්නෑ කියල තව කුණුහරප කන්දරාවකුත් කියල දැම්ම. කුණුහරප වලට හොල්මන් බයලුනෙ😂😂😂
හොඳයි මම ම ඇවිත්  ඔයාට තේරුම් කරන්නම්කො එයා මැසේඡ් කලා. 
මේ මොන කරදරයක්ද මම එයාව මගෙ fb friend list එකෙන් බ්ලොක් කල. 
එදා රෑ මට හොඳට නින්ද ගිය.
   අද ඒ කියන්නෙ අර සිදුවීම වෙච්ච දවසට පස්සෙ දවස, අද මම වෙනද වගේම මගෙ රස්සාවට පටත්වුන. අද අපේ ඔෆිස් එකට සීනියර් මැනේඡර් කෙනෙක් ඇවිත්, එයා උදෙන්ම ඇවිල්ල රූම් එකේ වැඩ. එයාව පුද්ගලිකවම හම්බවෙල සුභපතන එක අපේ යුතුකමක්, මම යනකො⁣ට හැමෝම ගිහින් සුභ පතල තිබුණ.ඉතිං මමත් සුභපතන්න කියල ගියා.
 මම යනකොට අලුත් බොසා පත්තරයක් බලනව. එයා එහෙම්මම ටේක් අ සීට් කියල මට කිවුව. මමත් ටැන්ක්යූ සර් කියල වාඩි වුන. 

   සර් මම සර්ට සුභ පතන්න කියල ආවෙ ආවෙ.. 

     සර් මූණ වැහෙන්න බල බල හිටපු පත්ත⁣රේ දෙකට නවල මගෙ මූණ දිහා කෙලින්ම බලල මෙහෙම කිවුව.

දැන්වත් ඔයා හොල්මන් විශ්වාස කරනවද

අඳුරු කුමරා !!!

මම හිතට ධෛර්යය අරගෙන බොස් දිහා බැලුව. අර තුන්වැනි ච⁣ායාරූපයෙ හිටිය තරුණය තමයි බොස්...

 නෑ සර් මම හොල්මන් විශ්වාස කරන්නෑ...

මම බොහොම අපහසුවෙන් කිව්ව..

මගේ සුභ පැතුම් ගයාන්, ඔයාව අපි අපේ අලුත්ම ප්‍රොඡෙක්ට් එක මෙහෙයවන්න තෝර ගන්නව..බොස් හිනා වෙවී කිව්ව.

මට මේක හීනයක් වගේ...

ගයාන් අපේ මාධ්‍ය ආයතනය පහුගිය කාලෙ හොල්මන් අත්භූත දේවල් පිළිබඳව ගවේශනාත්මක වැඩසටහනක් කරන්න තීරණය කලා. ඒකෙ ප්‍රොඡෙක්ට් එක බාර දෙන්න ඔයාවයි තව තුන්දෙනෙක්වයි යෝඡනා උනෙ . ඒත් මේ ප්‍රො⁣ඡෙක්ට් එක ලේසි පහසු වැඩක් නෙවෙයි , රටෙ හැමතැනම තියෙන අත්භූත හොල්මන් ගැවසෙනව කියන කතා පවතින ස්ථාන වලට ඔයාල යන්න ඕන.ඉතිං මේක ලීඩ් කරන කෙනා හොල්මන් වලට බය නැති කෙනෙක් වෙන්න ඕන , ඉතින් අපි ඔයාල තුන් දෙනාට පොඩි මානසික පරීක්ෂණයක් තිබ්බ...

ඒකෙන් සමත්වෙච්ච එකම කෙනා තමයි ඔයා..
අනිත් අය මේ පරික්ෂණයෙදි හොඳටම බයවුන .ඉතිං එයාලට තරඟ කොන්දේසි කියල තරඟයෙන් ඉවත් කරන්න උනා.

ගොඩක් ස්තූතියි සර්...

සර් එතකොට අර පොටෝ එකේ හිටපු කෙල්ල , මම දැකපු හීන , මගෙ කාම⁣ෙර් දි දැකපු ඡායාව මේ ඔක්කොම කොහොමද කලේ.

ආ...  ඒ කෙල්ල අපි computer එකෙන් හදපු කෙනෙක්.ඔයා බස් එකේ එනකො⁣ට අපි කලින් කරපු පටිගත කිරීමක් ඔයාගෙ මනසට මවල පෙන්නුව. ඔයාගෙ පිටිපස්සෙ සිට් එකේ හිටපු මගෙ ඇසිස්ටන් රංගන තමයි ඒ පුංචි උපකරණය ඔයාගෙ කණ ගාව රැඳෙව්වෙ,ඒකෙන් ඔයාට තාවකාලික මායාවන් දර්ශය උනා.. 
හීන  ගැන කියනවනං , අපි ඔයා ඔෆිස් එකන් දෙන ෆ්ලැට් එකේ පදිංචි බව කලින්ම දන්නව. ඉතිං අපි ඔයාගෙ කාමරේ හීන පාලක ස්ප්‍රේ එකක් ගැහුව..
අද වෙච්ච සිදුවීම නිසා ඔයාගෙ යටි සිතේ තියෙන දේ උද්දීපනය වෙයි අපි  විශ්වාස කලා ,ඒ වගේම ඒක ඒ විදිහටම උනා.
අර ඔයා කාමරේ ඔයා දැකපු ඡායාව තමයි , රංගන..
 මමයි එයාට ඒ හොල්මන් ඇඳුම දීල ඔයාගෙ කාම⁣ෙර්ට එව්වෙ. බය වෙලා නැත්තං තව චුට්ටක් බය කරන්න කියල.
එහෙනං දැං ප්‍රොඡෙක්ට් එකේ වැඩ බාරගන්න , හෙට අලුත් අවුරුද්දත් එනවනෙ , අද කලින් වැඩ ඇරිල  ගියාට ප්‍රශ්නයක් නෑ.

මම නිවාස සංකීර්ණය වෙත ගමන් කරන අතරද මේ සිදුවීම ගැන කල්පනා කලෙමි... රැකියාවේ මානසික යෝග්‍යතාවය පරික්ෂා කිරීමට කළ දෙයක තරම.,
නිවස වෙත පැමිණි මා තනිවම සිනාසුනෙමි. අනතුරුව විද්‍යුත් කැලැන්ඩරයේ දිනය දෙස බැලුවෙමි.

2099, 12 , 31

 හෙට නව වසරක් උදාවෙයි.අලුත් රාඡකාරිය බාර ගැනීම පිණිස උදෙම අවදිවිය යුතුය.මම නිදාගත්තෙමි...මට එදින නම් කිසිදු නපුරු සිහිනයක් නොපෙනුනි.

බිලී පස්වන සහ අවසාන කොටස

උදේට පාඩම් කරන්නයි , හවසට පල්ලි යන්නයි.., ආච්චිගෙ නීති එක්ක ආච්චිට ඕන විදිහට ඉන්න එක මට මේ වෙනකොට  එපාවෙලයි  තියෙන්නෙ.  ලොකු ජෝර්ජ් සීයා ගැ...