Monday, September 24, 2018

පේන කාරිය හා අත්භූත ආගන්තුකයා (ඉතිහාසයේ අතුරු කතාවක්)

1899 අවුරුද්ද අවසන් භාගයේ දිනයකි.
ඉතාමත් රූමත් කාන්තාවක් වූ ඡෙනිෆර් මෙනවිය පේන කියන්නියක ලෙස තම රට තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටියාය. ඕනෑම පුද්ගලයෙකුගේ මුහුණ දෙස බලා ඔහුගේ සමස්ථ අනාගතයම දැකීමට ඇයට තිබුනේ අසීමිත හැකියාවකි.දිනක් අැය තම ව්‍යාපාරික කටයුත්තක් සඳහා යන අතරතුර රාත්‍රිය ගත කිරීම සඳහා වුල්ෆ්ස්බර්ග් නගරයේ එක්තරා ලැගුම්හළක නතර වූවාය.
  රාත්‍රී ආහාරය නිම වීමෙන් පසු ඡෙනිෆර් මෙනවිය ඇගේ සහයකයා වූ , මයිකල් සමඟ එහි තිබූ බොඡුන්හලේ කෙළවරක පිහිටි ආසනයක වාඩි වී දවසේ තොරතුරු පිළිබඳව කතා බහ කළාය.
ඒ අතරතුර ඔවුන් අසලට පැමිණියේ ළැගුම්හලේ නතර වී සිටි තවත් අමුත්තෙකි. වයස විස්සක් පමණ වූ හේ තරුණ මහතෙකි.

" මහත්මිය,
ඔබතුමිය නේද ලෝකප්‍රසිද්ධ පේන කියන්නිය,"

"ලෝක ප්‍රසිද්ධද කියල නම් මම දන්නැ , මම පේන කියන්නියක් නම් තමයි."
ඇය සිනාසෙමින් පැවසුවාය.

"ඔබව හඳුනාගැනීම සතුටක් මහත්මිය."
"මමත් මෙතනින් අසුන් ගන්නද?"

"හොඳයි."

ඉන් අනතුරුව තිදෙනා අතර ඇති වූයේ ඉතා මිත්‍රශීලී සංවාදයකි. එයට රට තොට පුවත් හා විනෝදකාමී තොරතුරු ඇතුළත් විය.
ඔබතුමියගෙ පේන කීමේ හැකියාව ඔච්චරටම ප්‍රසිද්ධ වෙලා තියෙන එකේ, ඔබතුමියගෙ හැකියාවෙන් ටිකක් මටත් පෙන්නන්නකො.තරුණයා ඡෙනිෆර් මහත්මියට ඇරයුම් කලේය.
ඔහු දෙස බලා සිනාසුන ඇය තම තීක්ෂණ දෑසින් ඔහු දෙස බැලීය.

"ඔයා තාම අවිවාහකයි. හරිද?"

ඕක කියන්නනම් විශේෂ හැකියාවක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඔහු සිනාසෙමින් පැවසීය.

"හොඳයි හොඳයි.."

ඔයාට දැන් වයස විස්සයි.
ඔයා තව අවුරුදු කිහිපයකින් පාසල් ගුරුවරයෙක් විදිහට පත්වීමක් ලැබෙනව ඊලඟට ඔයා විවාහ වෙන්නෙ රෙදි මහන රැකියාවක් කරන කාන්තාවක් සමඟ.
ඔයාලට දරුවො තුන් දෙනෙක් ලැබෙනව.තුන් දෙනාම කෙල්ලො,
ලොකු කෙල්ලට ඔයා දාන නම තමයි ලීස් , බාලම කෙනා මාග්‍රට්. එතකොට දෙවනිය, වැදගත්ම කෙනා..,

"හපොයි දෙවියනේ!!!"

ඡෙනිෆර් මෙනවිය දෑස් විසල් කරමින් භෝඡනාගාරයේ එක් කෙළවරක් දෙස බලා සිටිනු මයිකල් සහ අමුත්තා දුටුවෝය.
එම ස්ථානයේ වූයේ වසර දහයක් වූ කොලු ගැටයෙකි.
එයා . එයා . එයා තමයි මුලු ලෝකෙම වෙනස්කරන්නෙ..,එයා ඉදලත් බෑ, නැතුවත් බෑ.. ඇය තනිවම කියවන්නට විය.
කවුද ඒ පොඩි එකා,අමුත්තා ඇසීය.
එයා විනාශකාරයෙක්,
ලෝකෙම විනාශ කරන කෙනෙක්,
නමුත් දෛවයෙ හැටියට එයා ඒක කළ යුතුම දෙයක්.නොකලොත් ලෝකෙ ඊටත් වඩා විනාශයක් වෙලා තමයි නතර වෙන්නෙ. දවසක ලෝකයට සාමය, සමඟිය අවශ්‍ය බව මතක්කරල දෙන්නෙ මෙයා තමා.
සිනාසෙමින් භෝඡනාගාරය වෙත දිව ගිය කොලුවා, ඉන් පසු ඔවුන් දෙසද බලා එම ස්ථානයෙන් පිටත්වී ගියේය
ඇය එක්වරම දෑස් දල්වා ලඟ සිටි තරුණයා දෙස බැලීය.. දෛවය පුදුමාකාරයි, නමුත් මම මේක ඔබට කියන්නම ඕන , ඔය දැන්  මෙතන හිටපු කොලුව ඔහු දවසක මේ රටේ ඉහළම පුරවැසියෙක් වෙනව. ඒ වගේම ඔහුම තමයි ඔබේ දෙවනි දුවගෙ ස්වාමිය වෙන්නෙත්.
"⁣ෙමාකක්"
"ඔව් ඒක එහෙම තමයි දෛවයෙ ලියවිලා තියෙන්නෙ.."
මහත්මිය , තරුණයා ඇය දෙස බැලුවෙ කෝපයෙන් රතු කරගත් මුහුණෙන් යුතුව ඇය ඇමතීය.
මම කවදාවත් හිතුවෙ නෑ ඔබතුමී මෙහෙම විකාර කතා කියල මිනිස්සුන්ගෙ සල්ලි ගරාගන්න පහත් කාන්තාවක් කියල. ඔබතුමී එක්ක මේ කතා කරපු ටික කාලය මට හොඳ විනෝද දායක අත්දැකීමක් උනා, හැබැයි මගෙ අනාගතය කිව්ව එකට මම ඔබට එක යූරෝවක්  ගෙවන්නෑ. එහෙනං මම දැන් යනව. ඔබට සුභ රාත්‍රියක්.
ඡෙනිෆර් මහත්මිය මහත් දුකකින් යුතුව ඇයගේ කාමරයට පිය නැගුවාය. පසුදා උදෑසන හෝටලයෙන් නික්ම යාමට පෙර ඇය පෙරදා රාත්‍රියේ හමුවූ තරුණයා ගැන සොයා බැලුවාය..
මිස්ටර් බ්‍රවුන් ගැනද ඔබතුමිය අහන්නෙ. එතුම අද  උදේ පාන්දරම පිටත් උනානෙ..
කවුන්ටරයේ සිටි යුවතිය පිළිතුරු දුන්නාය.
"මැඩම්, ඔබතුමී ඔච්චරටම ඔය මනුස්සය ගැන හොයන්නෙ මොකටද?"
ඒ මනුස්සය ඔබතුමීට කලෙ සුලුපටු අපහාසයක් නෙවෙයි. මයිකල් පැවසීය..
මට දුක වැදගත්ම දේ එ් මනුස්සයට කියා ගන්න බැරි උන එක ගැන..
"ඒ මොකක්ද?"
"එයාට ලැබෙන දෙවනි දුවගෙ නම" යැයි පැවසූ ඡෙනිෆර් මහත්මිය , ඊවා යනුවෙන් තොල් මතුරමින්  ශෝකයෙන් යුතුව නැවතත් තම ගමන යාමට පිටත්වූවාය.

කතාව කියවල ඉවරද , දැන් හොඳට කල්පනා කරල බලන්න, ඉතිහාසය තුළ ඊව කියල කෙනෙක් ගැන අහල තියෙනව ද කියල.
මතක් උනාද?
තාමත් නැද්ද?
එයාගෙ ⁣පෙම්වතා?
හොඳට හිතන්න...
මගේ මතය තමයි ඊවගෙ පෙම්වතා, එහෙමත් නැත්නම් සැමිය, ලෝකයට කරපු විනාශය ලෝකෙ වෙන කවුරුවත් කරපු විනාශයන්ට සම කරන්න බැහැ.ඒක ඒ තරමටම දරුණුයි නමුත් ඔහු ඒක නොකළනම්, සිද්ධිය තව කල් ඇදිල ගිහින් ඊටත් වඩා භයානක විදිහට සිදු වෙන්න ඉඩ තිබුන.
දැන් ඉතිහාසය ගත වෙලා අහවර වෙලා.ඒත් ඉතිහාසයෙ මතක සටහන් අහුලන එක නං කවදාවත් අහවර වෙන් නැති දෙයක්.

Wednesday, September 5, 2018

ඩ්‍රැයිවර් අංකල්ගේ රසකතා

     
මේ කතාව දැනට අවුරුදු පහක්ට විතර කලින් වුන සිදුවීමක් සම්බන්ධ කතාවක්. අපේ වාහනේ වැඩකරන්න ආපු ඩ්‍රයිවර් අංකල් කෙනෙක් ගැන තමයි කතාව.පොර තාම ඉන්න නිසා කතාවෙ සැර බාල කරල තමා ලියන්නෙ, මොකද අර පාලගෙ කතා ලියන ප්‍රසාද්  අංකල්😂😂😂  වගේ මම විදෙස් ගත වෙල නෙවෙයිනෙ ඉන්නෙ, මෙව්ව ආරංචි උනොත් මේ අංකල් මාව ටිකට් නැතුව විදෙස් ගත කරයි.
         ඔන්න මීට අවුරුදු පහකට විතර කලින් මම අපේ ගෙදර සෙටියෙන් වාඩි වෙලා කාටූන් එකක් බල බල ඉන්නකොට කවුද පොරක් ඇවිත් මට මල්ලී මල්ලී කිව්ව. මේ සිද්ධිය වෙනකොට මට පහළොවයි මාසයයි නැත්නම් දාසයයි මාසයයි. මමත් ඉතින් චුට්ටක් ඔලුව අංශක විසි තුනහමාරක් ඇල කරල කවුද මට මල්ලි කියන්නෙ කියල බැලුව. මොකද මම ඒ කාලෙ වැඩිය අයියල ආශ්‍රය කලෙ නෑ.   අවුරුදු 60ක විතර ලුක් එකක් තියෙන අංකල් කෙනෙක් අපේ උලුවස්සට හේත්තු වෙලා ඉන්නව. මම මේ ලොරියට ඩ්‍රැයිවර් කෙනෙක් හොයනව කියල ආරංචිය ලැබිල ආවෙ එයා කිව්ව.
අපේ ලොරිය වැඩ කරන්න ඩ්‍රැයිවර් කෙනෙක් හොය හොයා තමා හිටියෙ. එන්න අංකල් වාඩි වෙන්න,,, හෝව් හෝව් මම එහෙම කිව්වෙ නෑ හොඳට කල්පනා කරල එන්න අයියෙ වාඩි වෙන්න කියල කතා කලා.
අපේ තාත්ත එක්ක සාකච්ඡා කිරීමෙන් පස්සෙ එයා අපේ ලොරියෙ ඩ්‍රයිවර් උනා,
 එයා අපේ තාත්තට කතා කලේ අයියෙ කියල, ඒ වෙනකොට අපේ තාත්තට හතලිස් පහට කිට්ටුයි.. තාත්තත් එයාට කතා කලේ අයියෙ කියල. අයියල දෙන්නයි.
අම්මයි මායි ඕව⁣ට කිව්වෙ මළ කෝලම් කියල. තාත්තනං කිව්වෙ පෙනුමෙන් මිනිස්සුන්ගෙ වයස මනින්න බෑ සමහර විට එයා තාත්තටත් වඩා බාලද දන්නෙත් නෑ කියල..
ඒ අයිය අපේ අම්මට කතා කලෙ නංගි කියල, මට මල්ලි කියල..
නමුත් පවුලෙ සැම ඉන්න තැන කතා කිරීමේ පහසුවට පස්සෙ එයා මට පුතා කියන්න පුරුදුඋනා.මමත් අයිය කෑල්ල කපල අංකල් කරගත්ත.
මේ ඩ්‍රැයිවර් අංකල් එක්ක තාත්ත ⁣රට වටේ ලොරියෙ හයර් ගියා. ඒත් ටික දවසක් යනකොට අම්මටයි මටයි තේරුන වාහනේ ආදායමේ අය පක්ෂයට වඩා වැය පක්ෂය ඉහළ ගිහින් බව . තාත්තව මධ්‍යම කමිටුවට ගෙනල්ල අම්මයි මායි ප්‍රශ්න කලා, අයියට හැමදාම හවසට අරක්කු කාලක් අරන් දෙනව. අනික්ව ඔක්කොම කෑමට තමා යන්නෙ කියල තාත්ත කිව්ව.අම්මයි මමයි මේ ගැන පරික්ෂා කරල විසඳුමක් ගේන්න තීරණය කල⁣ා,
ඒ මේ දෙන්නට උදේ කෑම ගෙදරන් දෙන්න. ඔන්න ඉතින් දැන් ගෙදරින් උදේ කෑම දෙනව. මාලු / මස් හොඳි සමඟ ඉදිආප්ප , පාන් ගෙඩියක් සමඟ හොදි , බත්. තව අංකල් හෙන බුලත්විට කාරය ,, මග දිගටම වාහනේ නවත්ත නවත්ත බුලත්විට ගන්නවලු, අපේ ගෙදර පුවක් බුලත් තිබුන, ඉතින් දැන් විටත් හැමදාම උදේට අපේ ගෙදරින් සපයල දෙනව..දැන් මේ කෝස් එකත් මාසයක් ගියා, ඒත් වියදමේ කිසිම වෙනසක් නෑ. අපේ තාත්ත කොහොමත් වැඩිය විස්තර කතා කරන්න හොරයි. ගල් බමුණ වගේ ඉන්නව, තාත්ත හවසට කාලක් ගහල එනවද කියල  අම්මටයි මටයි සාදාරණ සැකේකුත් ආව. ඒත් තාත්තව චෙක් කලාම එයා බීලත් නෑ..ඩ්‍රැයිවර් අංකල් දියවැඩියා කාරය , අපේ ගෙදරින් කවදාවත් සීනි දාපු තේ එකක්වත් බොන්නෙත් නෑ. ඉතින් මේ ගමන් වියදම් අම්මටයි මටයි ලොකු ප්‍රශ්ණයක් උනා.
 මේ හැම ප්‍රශ්නෙකටම උත්තර ලැබෙන දවසකුත් වැඩි ඈතක් නැතුවම ආව..දවසක් kcc එහෙමත් නැත්නම් කැන්ඩි සුපර් සෙන්ටර් එකට ඩිලිවරියක් සෙට් උනා. ඒ ගමන අතරතුර නුවර දළදා මාලිගාවට යන්නත් පුලුවන් නිසා මමත් එයාලත් එක්ක ගමනට සෙට් උනා. ගෙදරින් උදේ කෑම එකත් සුපුරුදු විදිහට අරගෙනමයි ගියේ.
   ඔන්න අපි පාන්දර 4ට විතර ගමනාරම්භ කලා, දැන් යනව යනව යනව. උදේ 8 වෙනකොට අංකල් කිව්ව උදේට කමු කියල. දැන් ඉතින් අපි පාන් කාල ආපහු ගමන පටන්ගත්ත. ඔන්න දහයට අංකල් කඩයක් ගාව වාහනේ නැවැත්තුව, බඩගිනියි මොනවහරි කමු කිව්ව. මගෙයි තාත්තගෙයි නං බඩ පිරිල තිබුනෙ අපි කෑවෙ නෑ. අයිය පාන් ගෙඩියකුයි කිරි මාලු කෑලි දෙකක් දාල හොද්දකුයි අරං කෑව. ඊලඟට එලවලු රොටි දෙකක් කෑව.මෙන්න තේත් ඕඩර් කලා, දියවැඩියාව කොහෙ ගියාද දන්නැ , තේ බීල සිගරට් දෙකකුයි බුලත් විට දෙකකුයි අරගත්ත..
මහත්තය මං කාල ඉවරයි කියල එයා වාහනේ පැත්තට ගියා..
තාත්ත මගෙ දිහාත් බලල හිනාවෙල ඒකට ගෙව්ව.
දැන් අපි ආයි ගමනෙ, මම අංකල්ගෙන් ඇහුව ඇයි ගෙදරින් බුලත්විට ගෙනල්ල කඩ වලිනුත් කන්නෙ කියල, උදේ බුලත්විට දවල් දහය වෙනකොට සවුත්තු වෙනවලු ඒකලු.
දවල් දොළහ වෙනකොට අපිට නුවරට ඒගන්න පුලුවන් උනා. තාත්තයි අංකලුයි බඩු බාන්න ගියා, මම මාලිගාව පැත්තට ගියා . දොළහ මාර වෙනකොට තාත්තයි අංකලුයි දෙන්නත් මාලිගාවට ආව.. තාත්තත් මාලිගාව ටිකක් වැඳල එන්නං කිව්ව..
අංකල්ට නං පට්ටම බඩගිනි නිසා එයාට ඇවිදගන්නත් බෑ ඉක්මනින් එන්න කියල එයා කිව්ව. තාත්තයි මායි එයා⁣ ගැනත් හිතල අඩිය ඉක්මන් කරල ගිහින් ආව.
   දැන් අපි ආපහු එන්න ගමනෙ, මම වාහනේ සිට් එක අයිනෙ තිබ්බ අංකල්ගෙ ලයිසොම පොඩ්ඩක් බැලුව පොර 1945 කෙනෙක්, තාත්තත් ඒක දැක්ක,එයාට හිනා.
දැන් පාර දිගට කෑම කඩ අම්බානට තියෙනව , ඇවිදගන්න බැරි තරම් බඩගින්නෙ හිටපු අංකලය ඒ එක තැනකවත් වාහනේ නවත්තන්නෑ, දැන් 2ටත් කිට්ටුයි , මටත් හොඳටම බඩගිනියි , අංකල් කොහෙද මේ දිගටම යන්නෙ මට බඩගිනියි කොහෙ හරි නවත්තන්න කියල මම එයාට කිව්ව. ⁣
මේ හරියෙ හොඳ කඩ මුකුත්ම නැ පුතා කියල දැන් පොර කඩුගන්නාවත් පහුකරල යනව.
ඔන්න අන්තිමට අංකල් කඩේක නැවැත්තුව , ඒක සුපිරිම හෝටලයක්, අපි කතා කරන්නත් කලින් අංකල් ඇතුලට දුවල ඕඩර් කරලත් ඉවරයි.. එයාට ෆුල් චිකන් කොත්තුවක්, තාත්තටයි මටයි හාෆ් රයිස් දෙකක්. අපිට කටඋත්තරත් නෑ.. දැන් අපි ටේබල් එකේ වාඩි උනා, රයිස් දෙක ගෙනාව, ඒත් කොත්තුව තාම හදනව. ඩ්‍රැයිවර් අංකල් අපේ රයිස් එක දිහා බැලුව.
හපෝ කොත්තුව හදන්න තව විනාඩි පහක් විතර යනව, මට ඉවසන්න බෑ , මම ගිහින් මොනව හරි අරන් එන්නං කියල ගියා..
 මෙන්න මේ මනුස්සය ආප්ප දහයකුයි මස් හොදියි අරං ඇවිල්ල. ආප්ප දෙකක් එකට තියල මැද්දට මස් කෑල්ලකුයි හොදියි දාල කටවල් දෙකට ගිලිනව. මට හිතාගන්න බෑ..ඒ කාල ඉවර කරන්නත් කලින් කොත්තුව ගෙනාව, දැන් අංකල් කොත්තුවයි ආප්පයි දෙකම එකට කනව..
 ඊලඟට එයා ඒකෙ කවුන්ටරේකින් සිගරට් දෙකක් ගත්ත.. තාත්ත සල්ලි ගෙව්ව. අපි ආපහු ගමනෙ. ඔන්න අපි දැන් දිගටම එනව.
හවසත් උනා,, ඔය අතරෙදි අංකල් පොඩි කඩයක් ලඟ නතර කලා, රෝල්ස් 5යි කෝක් එකයි ගත්ත. තාත්ත ඒකටත් ගෙව්ව.
තාත්තටයි මටයි රෝල්ස් දෙකක් දීපු එයා කෝක් බිබී ඉතුරු රෝල්ස් තුනම කෑව.
   කොහොමත් එකයි දැන් ගෙවල් කිට්ටුනෙ කියල මම කල්පනා කලා, කොහොමින් කොහොමින් හරි රෑ 8 වෙනකොට අපි ගෙදරට ආව..
ආව වෙලේ ඉදල අංකල් තාත්ත එක්ක කසු කුසුව , පස්සෙ තාත්ත එයාට කීයක්හරි දුන්නම එයා කොහෙද ගියා..
අම්ම ඇහුව රෑ කෑමත් නොකා එයා ගෙදර ගියාද කියල. හපොයි නෑ, අද මම හිටපු නිසා එයාට අරක්කු කාල ගන්න බැරි වෙලා ඒකත් අරං ආපහු කන්න එනව කියල එයා ගියා කියල තාත්ත කිව්ව,
 රෑ දහය වෙනකොට අංකල් ආව. අපිත් එක්ක කතා කලෙ නෑ.
එයා කෑමත් කාල මුල්ලකට ගිහින් සාක්කුවෙන් මොනවද අරං කාල මොකක්හරි විසි කලා. අංකල් නිදා ගන්නකං ඉදල මම ඒකත් පොඩ්ඩක් පරික්ෂා කල⁣ා..

චොක්ලට් කෑල්ලක කවරයක් එක්ක හිස් යෝගට් කප් එකක් එකක්!!!

අංකල්ගෙ තව සීන් බරටම තියෙනව , පස්සෙ දාන්නං...

බිලී පස්වන සහ අවසාන කොටස

උදේට පාඩම් කරන්නයි , හවසට පල්ලි යන්නයි.., ආච්චිගෙ නීති එක්ක ආච්චිට ඕන විදිහට ඉන්න එක මට මේ වෙනකොට  එපාවෙලයි  තියෙන්නෙ.  ලොකු ජෝර්ජ් සීයා ගැ...