Saturday, November 25, 2023

හොල්මන



තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය..

කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවායි..

ඇඳ යට සිටි දරුවා "තාත්තේ ඇඳ උඩ හොල්මනක් ඉන්නවා යනුවෙන් පැවසීය."

එවර මහ හඬින් සිනාසුන පියා "ඔයා මගෙත් එක්ක ඔය විහිලු කලාට කමක්නෑ. ඒත් අම්ම එක්ක නම් ඔහොම විහිලු කරන්න යන්න එපා එයා බයවෙයි යනුවෙන් පැවසීය."

කෑ ගැසීමක් සහ සිනාසෙන හඬක් ඇසුණු ගැහැණිය කාමරය වෙත පැමිණියා.. කාමරය හිස්ය.. නිහඬය..

කාමරය දෙස හොඳින් බැලුම් යොමු කල ඇය අහම්බෙන් මෙන් තම බැල්ම බිත්තිය දෙසට යොමු කලාය.. අනතුරුව  තම දෑසට නැගී ආ කඳුලු පිසලමින් ඇය කාමරයේ දොර වසා නැවතත් පිටතට ගියාය..

එම නිහඬ කාමරයේ බිත්තියේ මීට නොබෝදිනකට පෙර රිය අනතුරකින් මිය ගිය ඇයගේ සැමියාගෙත් , දරුවාගේත් ජායාරූපයක් එල්ලා තිබුණි.

නිමි

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...