Saturday, December 17, 2016

වොරන්ටිය

       
         මම ලියාගෙන ගිය පෝස්ට් එකත් එකත් මගින් නවත්තල මේ දාන්න කල්පනා කලෙ මට හදිස්සියෙම කල්පනා වුනු සිද්ධියක්.  Phone එහෙම ගන්න ඉන්න කට්ටියට මට මේ වෙච්ච සිද්ධිය දැනගන්න එක ගොඩක් වැදගත් වෙයි..
       2013 අවුරුද්ද  , මේ අවුරුද්දෙ තමයි මම o/l ලිවුවෙ . රිසාල්ට් වලින් මම අනූ නවනවයෙන් ගොඩගිය. ( දැන් කවුරුවත් රිසාල්ට් එහෙම අහන්න එපා )  ඒකට තමයි මට phone එකක් ගන්න දහදාහක් අම්මගෙන් ලැබුනෙ..ඒ කාලෙ මට ඇන්රොයිඩ් ගැන කිසිම ආසාවක් තිබ්බෙ නෑ. ඒ කාලෙ මගෙ හිත ගියේම ඡාව phone වලට.. ( කට්ටිය හිනාවෙන්න එපා , ඒ කාලෙ මම එහෙම තමයි )  nokia c1 එකක් ගන්න මම කලුතර හැම කඩේකටම ගිය.. ඒ හැම එකකින්ම කිවුවෙ ඒ phone දැන් එන්නෙ නෑ කියල.. අන්තිමට මම එක කඩේකට ගිය.. හරිම හොඳ ඇන්ටි කෙනෙක් තමයි ඒකෙ හිටියෙ .එයා කිවුව ඇන්රොයිඩ් phone තමයි දැන්  ඡනප්‍රිය  micomax a57 phone එකක් රුපියල් දහදාහකට දෙන්නම් කිවුව .. ඒත් මට ඕන උනෙ ඡාව එකක්. අන්තිමට එයා මට e tell ඡාව එකක් පෙන්නුව , ඒක පහළොවක්.. ඒක ගන්න කැමති නැතුව මම කඩෙන් එන්න හදනකොට එයා මට වෙන phone එකක් පෙන්නුව..ඒක තමයි celkone c7045 . එහෙම එකක් ගැන මම අහලවත් තිබ්බෙ නෑ. ඒකෙ ඡාව තියෙනව කියල කිවුව .. මම ඇහුව ශුවර් ද කියල. ශුවර් කියල box එක කඩල මට phone එක පෙන්නුව.
එකෙ තියෙන ගේම් වගයක් පෙන්නල ඒ ඡාව ගේම් මේකෙ ඡාව වැඩ කියල phone එක කොහොමහරි මගෙ ඇගේ ගැහුව . දෙනකොටත් කිවුවෙ ඡාව නැත්තම් ආයෙ ඇවිල්ල මාරු කරගන්න , ඒක අපිට ප්‍රශ්නයක් නෑ කියල. ඒකට රු: 6500 ක් ගිය.. ( මම පස්සෙ දැනගත්තෙ ඒක 4500ඉ කියල )
     Phone එක ගෙනල්ල පොඩ්ඩක් විපරම් කලාම තමා මට 100% ක් තහවුරු වුනෙ මේකෙ ඡාව නෑ කියල .( මම ඒ කාලෙ දැනටත් වඩා මෝඩයි ටිකක් විතර ). මාරු කරන්න රෙද්දක් ඇඳන්  යන්න බැරි නිසා මම ඒකත් තියාගෙන හිටිය.  ගෙනල්ල මාසෙකින් phone එක චාඡ් වෙන්නැතුන ගිය. වොරන්ටි තියෙන නිසා බය නැතුව කඩේට ගිහින් phone එක දුන්න .මාක් කරන්න කියල වොරන්ටියත් උන් ගත්ත.හදන්න ගත්ත phone එක සතියකින් විතර බලන්න ගියාම company යැවුව කිවුව . අන්තිමට සති දෙකකින් විතර phone එක ආවම කිවුව battery ය සවුත්තු වෙලා කියල . කඩෙන් රු 600 ක් දීල බැට්රියක් අරගෙන phone  ගිනියන්න කියලත් කිවුව .  මට 100% ශුවර් phone එකේ බැට්රිය හොඳටම තිබිච්ච බව. ඒක නිසා මම කිවුව අලුතින් බැට්රි එපා පරණ එකත් එක්ක දෙන්න කියල.
      ඔතනින් තමා සීන් එක පටන්ගත්තෙ.. අර ඇන්ටි ඇවිල්ල කිවුව company එකෙන් බැට්රිය වීසි කරල කියල. එහෙම කොහොමද වීසි කරන්නෙ? වීසි කරලනම් ගෙන්නල දෙන්න කියල මමත් එකහෙලාම කිවුව. ඇයි යකෝ හොඳටම තිබ්බ බැට්රිය නෙ. හරි තව සතියකින් එන්න කිවුව .. මමත් ගිය . මෙතන බැට්රි සවුත්තතු කරගෙන අපිට කරදර කරන්න එනව, තාම ආවෙ නෑ පස්සෙ එනව කියල අර ඇන්ටි බැනගෙන ආව. තමුසෙල විකුණන කොට එක විදිහක් දැන් එක විදිහක් කියල බනින්නත් කල්පනා කරල phone එකත් උන්ගාව නිසා කට පියාගෙන ආව.
     ආයෙත් සතියකට පස්සෙ කඩේට ගිය . මේ පාර මම ගියෙ නෑ. තාත්ත කලුතර යන ගමන් ගිහිල්ල තිබ්බෙ. කවරෙක දාල phone එකයි බැට්රියයි එවල තිබ්බ.. වොරන්ටියට වෙච්ච දෙයක් නෑ. තාත්තටත් වැඩත් එක්ක ඒක අහන්නත් අමතක වෙල. දැන් ඉතින් බඩු ලැබුනනෙ. මම phone එකට බැට්රිය දාන්න බැලුව .උන් දීල තිබ්බෙ මගෙ බැට්රිය නෙවෙයි. සවුත්තු වෙච්ච බබා හම්බුවෙන්න කිට්ටුවෙච්ච බැට්රියක් ඒක. මම ඒක දාල phone එකේ පියන වහන්න හැදුව පියනවත් වැහෙන්නෑ. දැන් මොනව කරන්නද වොරන්ටියත් නෑ.. phone එක අරන් එතකොට මාස දෙකයි. මමයි තාත්තයි බැට්රියක් හොයන්න ආයෙ කලුතර ගිය. අරුන්ට බැනල වැඩකුත් නෑ අපේ මෝඩ කමට.ඒනිසා අර කඩේ ඇරෙන්න කලුතර තිබ්බ හැම phone  කඩේකටම අපි ගිය. ඒ phone එකට ගැලපෙන බැට්රියක් කොහෙවත් නෑ. අන්තිමට රුපියල් 500ක් දීල බැට්රියක් ගෙනාව. එක phone එකට මැච් වෙන්නෑ.. ඡිඡිබිරිස් වැඩකින් මාට්ටු කරල 2016 වෙනකන්ම මම ඒක පාවිච්චි කලා..

ඔය තියෙන්නෙ ඒක >>

නොදන්න කමට කඩේකට ගියොත් අපිව ඉවරම කරල දානව කඩ කාරයො.. අද මම phone එකක් ගත්තොත් බලන්න ඕන ඔක්කොම බලනව. කඩේට කලින් ගිය එවුන් ගැනත් බලලයි යන්නෙ.වොරන්ටියට හදන්න දුන්නත් battery ය දෙන්නෑ.. නැත්තම් දුන්නත් මාක් එකක් තියාගන්නව. ඒත් මම අදත් කලුතර ගියාම දකිනව ඒ කඩේ අම්බානකට සෙනඟ ඉන්නව.. මම වගේ තව කී දෙනෙක්ව උන් ගොනාට අන්දන්න ඇද්ද? ඒත් මොනව කරන්ද ඒක ඉතින් ගන්න එකාගෙ මෝඩකම.

4 comments:

  1. හැක.. හැක.. නියම පෝස්‍ටුව අයියේ....

    ජය බෝලී නාත් !

    ReplyDelete
    Replies
    1. ටැංකූ මලේ ...

      හර් හර් මහාදේව්

      Delete
  2. 👌👌👌👌💓💓💓💓👍👍☝☝

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...