Friday, December 9, 2016

සාගරයේ බියකරු සිහිනය හෙවත් ටයිටැනික්

ටයිටැනික් කියන්නෙ බියකරු ඛේදවාචකයකින් අවසන්වුණු සුන්දර සිහිනයක්. අද මම ලියන්න තීරණය කලේ මේ ටයිටැනික් ගැන කරුණු ටිකක්.. මේ ගැන දන්න අයත් ඇති,, නොදන්න අයත් ඇති.. කවුහරි මේක කියවල නොදන්න  යමක් දැනගන්නව නම් එච්චරයි වෙන්න ඕන.

1. ටයිටැනික් දියත්කරන අවස්ථාව වන විට එය මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලම චලනය වන වස්තුව වුනා .

2. ටැයිටැනික් නැව සෑදීම සඳහා  ඇමරිකානු ඩොලර් මිලියන 7.5 වියදම් වී තිබෙනවා.

3. ටයිටැනික්හි බර ටොන් 52,310 වෙනවා.

4.White Star Line සමාගම ටයිටැනික් සහ ඔලිම්පික් නැමැති නැව් සැලසුම් කරන ලද්දේ එකළ ප්‍රසිද්ධ Cunard liner සමාගමේ Lusitania and Mauretania යන නැව් සමඟ තරඟ කිරීමටයි.

5.Northern Ireland  හි Belfast ප්‍රදේශයේ පැවති නෞකාව තැනීමේ කටයුතු සඳහා කම්කරුවන් 15000 ක් පමණ සහභාගි වුනා.

6.ටයිටැනික් නැව සතුව පිහිනුම් තටාකයක්, ව්යායාම ශාලාවක්, තුර්කි ස්නාන ස්ථානයක් සහ පළමු  පන්තියේ මගීන් සඳහා එක් පුස්තකාලයකුත් දෙවන පන්තිය සඳහා තවත් එක් පුස්තකාලයකුත් පැවතියා.

7. මෙම නෞකාව තුළ පන්ති භේදය කොපමණ දුරට තිබුනාද කිවහොත් තෙවන පන්තියේ මගීන්ට පළමු පන්තිය වෙත යාමටවත් හැකියාවක් නොතිබුණි.

8. එසේම පළමු පන්තියේ වැසිකිළි අාම්පන්න කිරිඟරුඩෙනුත් , දෙවන පන්තියේ වැසිකිළි ආම්පන්න පිඟන් මැටියෙනුත් , තෙවන පන්තියේ වැසිකිළි ආම්පන්න යකඩිනුත් සාදා තිබුණි

9. නිව්යෝර්ක් බලා ගමන්කිරීමට පළමු පන්තියේ ටිකට්පතක් ඩොලර් 4,350 වූ අතර එය අද වන විට ‍ෙඩාලර් 69,600 ක පමණ මුදලකි.

10. ටයිටැනික් හි උපරිම වේගය තප්පරයට නෝටි 23 පමණ විය.කොටින්ම කිවහොත් එය පැයට සැතපුම් 27 කටත් වඩා වේගවත්.

11. මෙම නැව ඡීවිතාරක්ෂක බෝට්ටු 20ක් තිබූ අතර ඉන් එකක 65 දෙනෙකුට යා හැකිය. මෙය නෞකාවේ සිටි මිනිසුන්ගෙන් තුනෙන් එකකට පමණයි සෑහුණේ . 1170 දෙනෙකුට ආරක්ෂාකාරීව ගමන් කළ හැකි වූ නමුත් කලබලය නිසා ඡීවිත බේරාගත්තේ 706 දෙනෙකු පමණයි .

12. ටයිටැනික් නැව අයිස් කුට්ටියෙහි ගැටීමට ප්‍රධාන හේතුව වූයේ එහි කපිතාන් වරයා වූ ඊ.ඡේ ස්මිත් විසින් වෙනත් නෞකා කපිතාන් වරු විසින් එවන ලද අනතුරු ඇඟවීම් ගණන් නොගැනීමයි.

13.අයිස් කුට්ටියේ ගැටුණු නෞකාව එකවර මුහුදට ගිලා බැස්සේ නෑ, එය කොටස් තුනකට කැඩී පැය තුනකට ආසන්න කාලයක් තුළ කොටසින් කොටස ගිලා බැස්සා.

14. මෙම අනතුරින් පුද්ගලයන් 1514 ක් ඡීවිතක්ෂයට පත්වුණු අතර මෙම ඛේදවාචකයෙන් මගීන් සහ කාර්යමණ්ඩලයේ  706 කට පමණක්  දිවි බේරා ගැනීමට හැකිවුනා..

15. ඔබ ටයිටැනික් චිත්‍රපටය නැරඹූ කෙනෙක්නම් ඔබට මතක ඇති නැව ගිලෙන විට එහි සිටි සංගීතඥයන් දිගටම වාදනයේ යෙදුණු බව. සැබෑවටත් නෞකාවේ සිටි සංගීතඥයන් නැව ගිලෙන විට එක දිගට පැය කිහිපයක් සංගීතය වාදනය කලා.. නමුත් අවාසනාවට ඔවුන් කිසිවෙකුට දිවි බේරාගැනීමට නම් හැකිවුණේ නෑ.

16. නෞකා අනතුරින් දියට වැටුණු බොහෝ දෙනෙකු මිය ගියේ පිහිනීමට නොදත් නිසා නොව ඡලයේ අධික සීතල දරා ගැනීමට නොහැකිවයි.

17. අනතුරට පසුව අනතුරින් දිවි බේරාගත් වයිට් ස්ටාර් සමාගමේ සභාපති j. Bruce Ismay ඇතුලු පිරිස කාන්තාවන් හා ළමුන් අතහැර දිවි බේරාගැනීම නිසා සමාඡයේ ගැරහුමට පත්වුනා.

18. 1985 දී ගවේෂණ කණ්ඩායමක් විසින් මුහුදු පතුලේ අඩි 12415 පහළ තැන්පත්ව තිබූ නෞකාවේ කොටස් සොයාගනු ලැබුවා.

මේ ඔක්කොටම පස්සෙ ටයිටැනික් අනතුර ගැන තවත් කියන්න දෙයක්  තියෙනවා.. ඒ තමයි අනතුර පිළිබඳව ලෝකයාගේ  අදහස්..මෙහිදී  ප්‍රධාන හේතුවට අමතරව තවත් විශ්වාස කිහිපයක්  පවතිනවා..ටයිටැනික් නැවෙහි ගෙන ගිය ශාපලත් ඊඡිප්තු මමියක් හේතුවෙන් අනතුර සිදුවූ බවත් , නිකොලායි ටෙස්ලා නැමැති විද්‍යාඥයාගේ පරීක්ෂණ ආයෝජකයෙකු විනාශ කිරීමට මෙය සිදුකල බවත් , එමෙන්ම නෞකාව තැනීමට වානේ උණු කිරීමේදී සේවකයන් දෙදෙනෙකු උණු කරන වානේ තුළට වැඩී දියවීයාම නිසා ඔවුන්ගේ ආත්මයන් පලිගැනීමට මෙම අනතුර ඇති කල බවත් කියවෙනවා.. මෙම මත තුන ඉදිරියෙදි පුළුවන් උනොත් මේ බ්ලොග් එකෙන් මම තවදුරටත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනව. බලමුකො ඉස්සරහට......  

තොරතුරු අන්තර්ඡාලය ඇසුරෙනි .



8 comments:

  1. මමිය ගැන මතය නන් බොරුවක් මයෙ හිතේ... ටෙස්ලාගේ එකනන් කලින් අහලා තියෙනවා...

    ටයිටැනික් නැව ගිලෙනවා දැක්ක SS Californian නෞකාව මොනවත් කලේ නැත්තේ ඒකෙ කපිතාන් නින්දෙ හිටපු නිසා...

    නැව දියත් කරන්න කලියෙන් කපිතාන් කියලා තියෙනවා එයාගෙ කතාවෙදි මේ නැව දෙවියන්ටවත් විනාශ කරන්න බෑ කියලා...

    ටයිටැනික් නැව ගිලෙන්න වසර 14 කට කලින් Morgan Robertson කියන පුද්ගලයා The wreck of the titan නම් පොතක් ලිව්වා. ඒකෙ තිබ්බෙ නැවක කතාන්දරයක්. මේ පොතේ තිබ්බ නැව සැබෑ ටයිටැනික් නැවට බෙහෙවින් සමාන වුනා... ගමන් කලේ ටයිටැනික් නැව ගමන් ගත් වේගයෙන්ම හා ගමන් ගත් මාර්ගයේමය... ඒත් එක්කම පොතේ සදහන් නැව මුහුදුබත් වන්නේද ටයිටැනික් නැව මුහුදුබත් වූ ආකාරයටමයි.

    ReplyDelete
    Replies
    1. කරුණු වලට ගොඩක් ස්තූතියි මිතිල සහෝ. මමිය ගැන ටිකක් සංකීර්ණ විස්තර වගයක් තියෙනව . මට පුළුවන් උනොත් ඒ ගැන පෝස්ට් එකක් දාන්නම්.

      Delete
  2. නියම ලිපියක්... ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...