Sunday, February 5, 2017

අමානුෂික ආහාර කිහිපයක්

     සංවේදී අය නැරඹීමෙන් වලකින්න !!!

ආහාර කිවුවම අපිට දැනෙන්නෙ කටට රසට කන්න පුලුවන් දෙයකනේ ,, ඒත් මම මේ කියන කෑම ඡාති නම් ඕගොල්ලො කන්න තියා හිතන්නෙවත් නෑ,,මේව මිනිස්සු කනවද කියල හිතාගන්නවත් බැරි දේවල්. මේ ආහාර ඉතාමත් අමානුෂික විදිහට තමයි පිළියෙල කරන්නෙ.. කියවලම බලන්නකො ලෝකය කොච්චර දරුණුද කියල.......

1. වදුරු මොළය(monkey brain)

           මේක ලෝකයේ කෝටිපතියන් අතර ඡනප්‍රිය ආහාරයක්. මේ ආහාරය සහ මිනීමැරුමක් අතර කිසිම වෙනසක් නෑ,, මේ ආහාරය සකසගන්නෙ මෙහෙමයි.. ආහාරය ගන්න කට්ටිය මැද්දෙ සිදුරක් තියෙන රවුම් මේසයක් වටේට වාඩි වෙනව.. ඊට පස්සෙ පණ තිබෙන වදුරෙක් අරගෙ ඇවිල්ල අර මේසෙ මැද්දෙ තියෙන සිදුරෙන් වදුරගෙ හිස ඉහළට ඉන්න හිරකරනව... එතකොට වදුරගෙ හිස මේසයේ මැදින් ඉහළට තිබෙන අතරෙම මූණ සහ කඳ මේසයේ යට කොටසෙ තියෙනව.
     දැන් කෑම ලෑස්තියි,, වාඩිවෙලා ඉන්න කට්ටිය තමන්ගාව තියෙන කටුව සහ මිටිය අරගෙන වදුරු හිස කඩනව,, ඊට පස්සෙ ගෑරුප්පුව අරගෙන මේසය යට සිටින වදුරා කෑ ගසද්දිම මොළ කැබලි ආහාරයට ගන්නව... මේ ආහාර ගැනීම අවසන් වෙන්නෙ,, හැන්දක් දමල හූරල හූරල වදුරගෙ මොළය සම්පූර්ණයෙන්ම කාල අවසන් කලාට පස්සෙයි...

2. කුඩා ළමුන්ගේ සුප් (Chinese Baby Soup)


      මේක තමයි මනුෂ්‍යයන් විසින් කරන පහත්ම ප්‍රාථමික ආහාර රටාවක්.. පහත් පුරුදු ගණනාවක්ම සිදුවෙන දකුණු චීනයේ තමයි මේ ආහාරය සකස් කරන්නෙ. කෙසේ නමුත් චීනයේ අනෙක් පළාත් වල පුද්ගලයන් නම් මෙම ආහාරය පිටුදැකල තියෙනව..
  මේ ආහාරය සකස්කරන්නෙ මෙහෙමයි,, නූපන් ළදරුවෙකු හරි ඉපදිල සුලු කාලයක් ගිය ළමයෙක් හරි තමයි මේ කටයුත්තට යොදාගන්නෙ.. රත්කරන ලද උණුවතුර වලට ළමයාවත්,, කුකුල් මස් කැබලි සහ කටුත් ,, ඉතා වටිනා චීන බෙහෙත් වර්ගත් කළවම් කරල ටික වෙලාවක් තම්බගැනීමෙන් තමා මේක සකසන්නෙ..ඊට පස්සෙ සම්පූර්ණ ළඳරු ශරීරයත් ඒ සමඟ තිබෙන කුකුල්මසුත් ආහාරයට ගන්න පුලුවන්,,
මේ ආහාරය චීන යුවාන් දෙදාහක් විතර වෙනව,,, එ්ක නිසාමද කොහෙද හැම දෙයක්හ කන චීනෙ මේක  ප්‍රචලිත වෙලා නැත්තෙ...

3.ඉකිසුකුරි (Ikizukuri)


    මේක ප්‍රසිද්ධ ඡපන් ආහාර වේලක්.. ඡපානයේ අවන්හලකට ගිහින් ඉකිසුකුරි කියල ඉල්ලුව ගමන් කෝකියා විසින් අපි ඉස්සරහම ටංකියෙ ඉන්න මාලුවව අරගෙන පිහියකින් කලාවකට කපනව, ඒක කරන්නෙ මාලුවගෙ හදවත නතර නොවෙන ආකාරයට ,, ඊට පස්සෙ ප්ලේට් එකට දාල අපිට පිළිගන්වන්නෙ තාමත් මිය නොගිය මුව විවර කරමින් පණ අදිමින් ඉන්න මාලුවව..

4.නැවුම් බූරුවන් (Fresh donkey)

 
       මේකත් චීනයේ බිහිසුණු ආහාර වේලක් කෙසේ නමුත් මේ ආහාරය නම් චීනයේ පැවතුනාට එච්චර ප්‍රසිද්ධ වෙලා නම් නෑ , ග්‍රාමීය මට්ටමින් තමයි මේක වෙන්නෙ..
  මෙහිදී පුද්ගලයන් කිහිපදෙනෙක් එකතුවෙලා බූරුවගෙ කකුල් හතර ගැටගහනව... ඊට පස්සෙ කෝකිය ඇවිල්ල සතා පණපිටින් හිටිද්දිම මස් කපාගෙන ගිහින් එවලේම ආහාර වේල හදල පිළිගන්වනව.( මේ සඳහා බොහෝවිට සතාගෙ බඩ පෙදෙස , පිටුපස කකුල් හා තට්ටම් පෙදෙස තමා කපන්නෙ) බොහෝවිට ඒ ආහාරය ගන්නකොටත් සතා මියගිහින් නෑ.

5.බැඳපු තාරා නිය

   
      මේකත් චීන ආහාර වේලක් මෙකෙදි ආහාරය සකස්කරන කට්ටිය විශාල හීට් ප්ලේට් එකක් අරගෙන ඒක රත්කරල පණ තියෙන තාරවුන්ව ඒක උඩින් තියනව , රස්නය වැඩි වීමත් සමඟ තාරාවුන් කකුල් බිම තියල වේගයෙන් එහා මෙහා ඇවිදින්න ගන්නව..

ඒ ඇවිදිනකොට කකුල් හොදින් රෝස්ට් වෙන බව තමා කියවෙන්නෙ.අවශ්‍ය පමණට සතාගෙ නිය පිළිස්සුනහම කට්ටිය ඒව කපල ආහාරයට ගන්නව,,

තොරතුරු අන්තර්ඡාලය ඇසුරිණි.

10 comments:

  1. චීනෙ මිනිස්සුනන් ඉන්න හැම සතාවම මරලා කන කට්ටියක්නේ... මටනන් මේ ලිපිය මදි... තව මේවයින් කියවන්න ආසයි...

    ReplyDelete
    Replies
    1. තව තිබ්බ ලඟදිම දාන්නම් මචන් ,

      Delete
  2. අදුර ගත්තද මන්දා මේව්වා රස කෑම නැන්දා ..........

    ReplyDelete
  3. පුළුවන්නම් videos ටිකක් දාපන්කෝ......

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...