එදා රෑ ((කෙටිකතතාව))

එ් එක්තරා නිවාඩු දිනයකි.නිවසට වී සිටීමෙන් ඇතිවූ කම්මැලිකම මකා ගැනීමට මම පාරේ ඇවිදීමට යාමට සිතුවෙමි.. ඒ වන විට රාත්‍රි දොළහ පමණ වූ අතර බයිසිකලයද කැඩී ඇති නිසා මම පයින් ගමන් කලෙමි..ගමන් ගන්නා අතරතුර පන්සල අසල වෑන් රථයක් නවතා තිබෙනු මම දුටුවෙමි. එය ගණනකට නොගෙන මා පාර දිගේ ඉදිරියටම පිය නැගුවෙමි..
          එකවරම මා සලිත වූයේ කලු ඇඳුම් ඇඳ අවිගත් කිහිපදෙනෙකු පන්සල් වත්ත තුළ සිටිනු දැකීමෙනි. මේ රාත්‍රියේ මොවුන් පන්සලේ කුමක් කරනවාද ..
 මම වහාම පන්සල ඉදිරිපිට තිබූ කොට තාප්ප කැබැල්ලට මුවා උනෙමි.
          මොවුන් පන්සලේ පින්කැටය කැඩීමට සැරසෙන බව මම දුටුවෙමි , ඒ සමගම යමෙක් ඔවුන්ට උපදෙස් දෙයි...

ඉක්මන් කරහල්ල
කවුරුහරි ආවොත් ඔක්කොම ඉවරයි...

ඒ නම් හොඳින්ම හුරු පුරුදු කටහඩකි.. පියරත්න උපාසකමහතා..  සත්තකින්ම මේ ඔහුමය...

වසර කීපයක සිට පන්සලේ කටයුතු වල මූලික තැනක් ගන්නා පුද්ගලයා වන්නේ මොහුය.. සද්ධාවන්ත , කවුරුත් ගරු කරන, මෙම පුද්ගලයා මෙවැනි දෙයක් කරාවිද?

කවුද ඔතන ඉන්නෙ, පියරත්න මහත්තයා මොනවද වෙන්නෙ...  එසේ අසමින් රාහුල හාමුදුරුවන් එම ස්ථානයට පිය නගනු මම දුටුවෙමි..
    සමහර විට උන්වහන්සේ බුදු  කුටියේ දොර ඡනෙල් වසා දැමීමට පැමිණියා විය යුතුය..

ඩොංංං

දුවපල්ලා , ශොට් එක වැදුන, අහුවුණොත් අපි ඉවරෙටම ඉවරයි..

 පිරිස වේගයෙන් දුවගොස් වෑන් රථයට නැගුනෝය... නමුත් මගේ අවාසනාවට මම හිස ඔසවා ඒ දෙස බැලුවෙමි. වෑන් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටි පියරත්න උපාසකමහතා ඇස් ලොකුකර මා දෙස බැලුවේය.
වෑන් රථය විදුලි වේගයෙන් ඉගිලී ගියේය.මම එතනම වාඩි වූයෙමි. සුලු මොහොතකින් මහා ඡන ගගකින් පන්සල පිරී ගියේය.
   හොරු වගයක් අපේ පොඩි හාමුදුරුවන්ට වෙඩි තියල,, පිං කැටේ හොරකන් කරන්න ආපු වෙලාවෙ තමා මේක වෙලා තියෙන්නෙ.පාර අයිනෙ තියෙන පංසල නිසා පිංකැටේ බර ගානක් තියෙනව කියල හිතන්නැති.සහගහන වැඩ මේව... මම හිතේ ඇතිවූ බය හේතුවෙන් කිසිවෙකුටත් කිසිවක් නොකියා සිටියෙමි..
      දින තුනකට පසු හාමුදුරුවන්ගෙ ආදාහන උත්සවේ පැවැත්විණි , එහි සියලුම වැඩකටයුතු සම්පාදනය හා බරපැණ දැරුවේ පියරත්න උපාසක මහතා විසිනි...
      තවදුරටත් මේවා බලා සිටිය නොහැකි තැන මම සියල්ල එළිදරව් කිරීමට තීරණය කලෙමි. කාටද මුලින්ම කියන්නෙ..  නායක හාමුදුරුවො තමා හොඳම කෙනා උන්වහන්සේට කියන්න ඕන.මම එසේ තීරණය කර වහාම නායක හාමුදුරුවන් හමුවීමට ගියෙමි.
   හාමුදුරුවනේ, මට ඔබවහන්සේව පොඩ්ඩක් තනියෙම හම්බවෙන්න පුළුවන් ද , මට පොඩි පුද්ගලික කාරණයක් තියෙනව ඔබවහන්සේට කියන්න.

ආවසගෙට යමු ළමයා, මේ වෙලාවෙ එතන කවුරුවත් නෑ.

මොකක්ද ළමයෝ ඔය කියන්න තියෙනවයි කියපු වැදගත් කාරණාව..

මගෙ දෙපා වෙව්ලන්නට විය, දහඩිය වැගිරෙන්නට විය.. නමුත් හිතට දිරිය ගෙන සියල්ල එළි කිරීමට කාලය පැමිණ ඇත...

මට මේ කියන්න තියෙන්නෙ රාහුල හාමුදුරුවන්ට වෙච්ච දේ ගැන.........

හාමුදුරුවනේ මම මේ හැමතැනකම හෙවුව මේ පැතුම් ළමයව වැදගත් රාඡකාරියකට...

ඒ නම් පියරත්න උපාසකමහතායි.ඔහු මේ වෙලාවෙ , මොකට මාව හොයන්නෙ. මගේ සිත සිතුවිලි ගොන්නකින් පිරී ගියේය.

   මේ දරුවට මට වැදගත් කාරණයක් කියන්න තියෙනව කිවුව.ඒකයි මේ ආවාසෙ පැත්තට ආවෙ. දැන් ඉතින් ආපු එකේ උපාසක මහත්තය ආපු කාරණේ මුලින්ම කිව්වනං...

මේකයි අපෙ හාමුදුරුවනේ , මේ දවස්වල ඩෙංගු රෝගෙත් පැතිරීගෙන යනවනෙ, එන්ඡිඕ එකක මහත්තුරු වගයක් මේ පැත්තෙ ගෙවල් පරික්ෂා කරන්න කියල ඇවිත් , මම පන්සල පැත්තට එන්න හදනකොටම ඒ මහත්තුරු ඇවිත් මගෙන් ඇහුව මේ පැත්ත ගැන වැඩිපුර දන්නැති නිසා ගෙවල් දොරවල් , පාර තොට දන්න කෙනෙක් හොයල දෙනවද කියල.. පැතුම් කොලුව තරම් මම වත් මේ පැත්ත ගැන දන්නෑනෙ, මම මේ දරුවව ඒ මහත්තුරුට අඳුන්වල දෙන්න කියල හොයන්න ආවෙ..

මට ගෙදරින් නාහ ඕවට යන්න බෑ මාමෙ..මොහුගේ උගුලෙන් බේරීම සඳහා මම වහාම ඉදිරියට පැණ පැවසුවෙමි.

ඒ ගැන කරදර වෙන්න එපා මම ගෙදර ඈයොත් එක්ක කතාකරලයි ආවෙ, ඒ මහත්තුරු දැන් ගොඩක් වෙලා තිස්සෙ පාර ගාව, අපි යමුද,

එයිට කලින් අර හාමුදුරුවන්ට කියන්න තියෙනව කවුව වැදගත් කාරණාවත් කියලම යමු..

නෑ නෑ මාමෙ ඒක මේ එච්චරම වැදගත් දෙයක් නෙවෙයි..

එහෙනම්  දරුවො උපාසක මහත්තයත් එක්ක ගිහින් අැවිත්ම ඒ කාරණේ කියන්නකො..

මම පියරත්න මහතා සමඟ ඩෙංගු නිලධාරීනගන් හමුවීමට පිය නැගුවෙමි.. එදා රෑ තිබු වෑන් රථය පෙර පරිදිම එම ස්ථානයේ නවත්වා ඇත.. සියලුම කරුණු අර මූසල රාත්‍රියේ වගේමය, වෙනසකට ඇත්තේ අද දහවල් වෙලාවක් වීමත් , එදා කලුපැහැ ටී ෂර්ට් ඇද සිටි පිරිස අද ටයි කෝට් දමා සිටීමත්ය. මා දෙස බලා සිනාසුනු ඔවුන් මා වෙනුවෙන් වෑන් රියේ දොරටුව විවර කලෝය...

               නිමි

කට්ටිය විශ්වාස කරන එකකුත් නෑ , ඒත් මම මේ ලිවුවෙ අද උදේ පාන්දර මම දැකපු හීනෙ.. සිද්ධියෙ අන්තිමට වාහනේ දොර අරිනකොට මට දාඩියත් දාගෙන ඇහැරුන....

Comments

  1. ෂොට් ඇන්ඩ් ස්වීට් කතාවක්.එළ.!

    ReplyDelete
  2. මාර ඩීටේල් හිනයක්නේ.

    මමත් ඔහොම හීන දැකලා, අන්තිමට ඒවා විසඳගෙන ඇහැරෙනකොට.. අම්මටසිරි දවල් වෙලානේ!!

    ReplyDelete
    Replies
    1. මමත් අද නැගිට්ටෙ දහයට විතර , වෙලාවට මම මේක ඒ වෙලාවෙම ලියාගත්ත.. කොහොම උනත් තාප්පෙ ගාව හැංගිල හොරු ටිකව දකිනකොටයි , මාව වෑන් එකක දාගෙන යන්න හදනකොටයි නම් මම ඇතිවෙන්නම බය උන

      මේ පැත්තට ගොඩ වැදුනට ස්තුතියි ලිඛිතා

      Delete
  3. ම්ම්. මේ තියෙන්නෙ ඒ හීනෙ ලස්සනට ගළපලා.

    ජයවේවා!!!

    ReplyDelete
  4. කතාවෙ
    මුලත් මරු
    මැදත් මරු
    අගත්, ම්ම්ම්ම්ම්ම් අනේ මන්ද :-/

    ReplyDelete
  5. හීනේ කොහොම වෙතත් ඔය වගේ සිද්ධියක් උනා පහුගිය කාලෙක..කතාව නම් සුපිරියට ලියලා..

    ReplyDelete
  6. සුදු වෑන් හීනයක්නෙ. හැක්..
    අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් ප්‍රසන් , මාව දාගෙන ගියානම් උදේ ලියන්න ඉතුරු වෙන එකකුත් නෑ

      Delete
  7. අඩේ මොකද්ද බන් හීනයක් කියලා ආතල් එක කැඩුවෙ. මන් බලන් හිටිය මුදලාලිය මොන වගේ ගේමක්ද දෙන්න යන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. එහෙනම් මට කුතුහලයක් ඉන්න කතා ලියන්නත් පුළුවන්නෙ,,, අන්තිමට වෙච්ච දේ පොල්ලකින් ගැහුව වගේ කැපුවහම තමා කතාව ලස්සන රොමෝ, මම ඉතුරු ටිකත් හදල ලියන්න හිතුව, ඒත් ආයි කුතුහලය වැදගත් වෙයි කියල නැවැත්තුව

      Delete

Post a Comment

Popular posts from this blog

ශාපලත් භාණ්ඩ 1 (ඇනබෙල් )

මමියේ ශාපය

ශාපලත් භාණ්ඩ 3 (බෝනික්කන් පිළිබඳ අවසන් ලිපිය )