පැනයාම (කෙටිකතාව)

"මචං ඒකි තාම නැද්ද"
තව ටිකක්වෙලා හිටියොත් අපිව මාට්ටු වෙයි...
උබ නිසා මාත් දාගන්න ලෙඩ.

රවිදු කීප වරක්ම රහසේ මා හට පැවසීය.

ඔහුට ත්‍රීවිල් එකක් නොතිබුණා නම් , මෙවැනි වැඩකට මා ඔහුව කෙසේවත් රැගෙන නොයන්නෙමි.
  මන්දයත් ඔහු මාගේ මිතුරන් අතරින් ලොකුම බියසුල්ලා බව නොරහසකි.
  පහල හංදියේදී කොලු රැළ හා සිදුවූ රංඩුවේදී , මා අතහැර දමා ඔහු ත්‍රීරෝද රථයෙන් පලා ගිය අයුරු මට කිසිදා අමතක නොවේ.

මුතූ මෙතරම් වෙලා කුමක් කරනවාද?
මාගේ ඉවසීමද කෙමෙන් කෙමෙන් අවසන් වී යාමට පටන්ගැණිනි..
තවත් පරක්කු උවහොත් දුම්රියද මඟහැරෙනු ඇත..

මගේ ඉවසීම නැතිවී ගිය නිසා  මම ඇයව බැලීමට ඇගේ නිවස වෙත යාමට තීරණය කලෙමි. හාත්පස අඳුරේ ගිලී පැවතියත් , මුතුගේ කාමරයෙන් යම් තරමක ආලෝකයක් නිකුත් වන අයුරු මම දුටුවෙමි. ඇයව දෙමව්පියන්ට අසුවුනාවත්ද ,මම වහාම ඇගේ නිවස වටා වූ කම්බි වැටෙන් පැන නිවස වෙත යාමට තීරණය කලෙමි..

...........................................
මුතු ""
මුතු යනු මා කලක සිට ආදරය කල තරුණියයි. මා පාසල් යන සමයේ දී පාසලේ සිටි හැඩකාරම මෙන්ම  ආඩම්බරකාරම තරුණිය වූ ඇයගේ සිත දිනාගැනීමට මා ඇතුලු බොහෝ කොල්ලන් උත්සාහ කල නමුත් ඒ සියල්ලම ගඟට කැපූ ඉණි මෙන් ව්‍යර්ථ විය. අනතුරුව ඇගේ මතකයන් මගේ දිවියෙන් ඈත් වී ගොස්,පාසල් සමය ගතවී වසර පහක් ගතවිය.. නමුත් දිනක් මා රැකියාවට යන අතරතුර ඇයව දුම්රියේදී හමු වූයේ දෛවය නිසා යැයි කිසිවිවෙකු පැවසුවහොත්, එය මුසාවක් නම්  නොවේ.
මෙවර නම් නම් මා ඇගේ ආලය දිනා ගැනීමට සමත්වුවෙමි. නමුත් අපගේ ආලය විවාහය දක්වා ගෙනයාමට නොහැකි ලෙස විශාල බාදකයක් ගොඩනැගී තිබුණි.ඒ ඇගේ දුප්පත් කමයි.
     මා අති විශාල කෝටිපතියෙකුගේ පුත්‍රයෙක් නොවූ නමුත් , මගේ පවුල මා ඡීවත්වන ප්‍රදේශය තුළ තරමක් ඉහළ තත්වයක සිටින පවුලකි. මා මුතූගෙ පවුල වැනි දුප්පත් පවුලකින් විවාහයක් කර ගන්නවාට පවුලේ කිසිවෙකුත් කැමති නොවන බව ,, ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සරල කරුණකි. එමනිසා මම මේ කරුණ ගැන මගේ පවුලේ කිසිවෙකුට නොපැවසීමි.

  ""නමුත් මුතූගේ දෙමව්පියන්""

 මම ඔවුන් හමුවී මේ කරුණ ගැන සාකච්ඡා කලෙමි. වැදගත් තරුණයෙකු ලෙස ඔවුන්ගේ දියණියට මා විවාහ කර දීමට ඔවුන් කැමතිවූවද , මගේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් තොරව මෙම විවාහයට කිසිදා කැමති නොවන බව ඔවුන් මා හට පැවසුවෝය...
 අවසානයේ මටත් මුතූටත් ඉතිරි වූ අවසාන විකල්පය නම් , පැන ගොස් හොරෙන් විවාහ වීමයි.
ඇයව හොරෙන් රැගෙන ගොස් විවාහ කරගෙන , කාලයක් ගත වී නිවසේ අය සන්සුන් වූ පසු ඇයත් සමඟ මගේ නිවස වෙත යාම මගේ සැලසුම විය.
නමුත් මුතූ මෙයට කිසිසේත්ම කැමති නොවීය. ඇය එකහෙලාම පැවසුවේ මෙය නොකලයුත්තක් බවයි. නමුත් මම තරයේ ඉල්ලා සිටීමෙන් පසු ඇය එයට එකඟ වූවාය..

 අවසානයේ අප පැන යාමට දිනයක් ලෑස්ති කර ගත්තෙමු. අද මම පැමිණියේ , නිවසේ අයට හොරෙන් මුතූව කැටුව යාමටයි...

..............................................
තවත් ඇගේ නිවසට ලං වූ විට
ඇගේ කාමරයේ විදුලි පහන් දැල්වී තිබෙන අයුරු මම දුටුවෙමි.එය දුටු මා බියපත් වීමි. නිසැකවම අපගේ සැලසුම ඇගේ දෙමව්පියන්ට අසුවී විය යුතුය.
මම කෙමෙන් කෙමෙන් ඇගේ කාමරයේ ඡනේලය කරා ලඟා වීමි...
ඒ තුළින් කෙදිරිලි හඩින් යම් කතාවක් සිදු වන අයුරු මට ශ්‍රවනය විය.

මට යන්න බෑ අම්මෙ,
මට බයයි අම්මේ,

බය නැතුව ඉදහං කෙල්ලේ කොහොමද කෙල්ලෙ , ආයෙ පොඩ්ඩක් හිතල බලපං උබ ආයෙ ඔය වගේ පවුලක කොල්ලෙක් කොහොම අල්ලගන්නද?
අතට ආපු වාසනාවට පයින් ගහන්න එපා...
ඉතින් අම්ම කසාදෙට කැමතියි කිව්වනං ඉවරයිනෙ.ඇයි අම්මේ මෙහෙම විකාර වැඩක් කරන්න ඕන...

 එහෙම කලොත් අපි කොහොම ඔය කොල්ලගෙ පවුලෙ එවුන් එක්ක පෑහෙන්නෙ, අපි උබව බලෙන් උගෙ කරේ එල්ලුව කියයි.උබ ඌව රවට්ටගත්ත කියයි.

උබව ඌ උස්සන්ගියාම උන්ට අපිට බනින්න එන්න බෑ.අපි උන්ට බැන්නත් උන්ට කර බාගෙන තමා ඉන්න වෙන්නෙ.

 උන්ගෙ කොල්ලගෙ වැරැද්ද උන්ට බාරගන්නම වෙනව...

මම අද උදෑනැක්කෙම කොල්ලගෙ මහ එකාගෙ ගෙදට්ට ගිහින් කොලුවගෙ කෙරුවාව මුලු ගමටම ඇහෙන්න කියන්නංකො..
එතකොට උන්ට කවදාවත් උබව එලෝගන්න වෙන්නෑ මයෙ දුවේ.
ඒ අතර මුතු ඉකිබිඳින හඩක් ඇසෙන්නට විය,
ඔය ඇඩිල්ල නතර කරගනිං , අර කොලුව ගෙදර දොරකඩටම ඇවිල්ල ද දන්නැ ,

මම එයාට ඉස්සරහ තුන් මං හන්දියෙ ඉන්න කියල කිවුව අම්මේ..
හරි හරි සුනංගු නොවී මේ බඩු බෑග් එකත් අරං පලයං

බුදුසරණයි මගෙ දුවේ..

මම පුලුවන් වේගයෙන් එම ස්ථානයෙන් දිව ගොස් ත්‍රීරෝද රථයට ගොඩ උනෙමි..

තවත් විනාඩි පහකට පසු මුතු , බෑගයක්ද රැගෙන පැමිණියාය.

අම්මාත් තාත්තාත් , නිදි බවත් , ප්‍රධාන දොර ඇරීමෙන් ශබ්දයක් ඇසේ යැයි බියෙන් ඇය ඡනේලයෙන් පැන ආ බවත් මට පැවසුවාය.. මම ඇයට කිසිත් නොකීමි.. හිස වනා එය පිළිගත් බව ඇඟවීමි.

හරි එහෙනං තැනට ආව..

උබ එහෙනං පරිස්සමෙන් පලයන්
  මම රවිදුට පැවසීමි.

අනතුරුව මමත් මුතූත් දුම්රියට ගොඩ වී වාඩි උනෙමු.
මුතු මොන මොනවාදෝ පැවසුවාය. නමුදු මම කල්පනා සාගරයේ අතරමන් වීමි..

මුතු ඔයා ඔහොම ඉන්න, මම කන්න දෙයක් අරන් එන්නං, ගමනත් ටිකක් දුරයිනෙ,

දැන් කෝච්චිය යන්නත් කිට්ටුයි , ඔයාට යන්න ඕනෙමද,
හා එහෙනම් ඉක්මනින් එන්න.

මම දුම්රියෙන් බැස දුම්රිය පළෙහි වූ ආපනශාලාව වෙත ගොස් බනිස් කිහිපයක් මිලදී ගත්තෙමි..

ඒ සමඟම දුම්රියේ ගමන ආරම්භ වන සංඥාව නිකුත් විය..

මුතූ දුම්රිය කවුලුවෙන් එබෙමින් මට දිව එන ලෙස කෑ ගැසුවාය..

එවිට උදෑසන මුතුගේ හා ඇගේ මවගේ කතාව මා හට සිහිපත් විය. මෙතරම්  විශාල රැවටීමක්,

මා ආදරය කළ දෙමව්පියන්ටද විරුද්ධව ගොස් මා ඇයව රැගෙන යන්නේ විවාහ කර ගැනීමටයි.. නමුත් ඇයත් , ඇගේ මවත්  , මගේ පවුලේ අයව පාගන අයුරු ගැන සැලසුම් සකස් කරයි...

දුම්රිය ගමනාරම්භ කරන ලදී.
මා දුම්රියට ගොඩ වීමට පමා කරන බව දුටු ඈ කෑ ගසමින් දුම්රියෙන් පැනීමට උත්සාහ කරන අයුරුද , දුම්රිය මගීන් කිහිපදෙනෙකු ඇයව වලක්වන අයුරුද මා නෙත් කොනෙන් දුටුවෙමි.

  දුම්රියෙහි දොරටුව අසලට වී කෑ ගසන මුතූ දෙස හිස් බැල්මක් යොමුකළ මා දුම්රිය ස්ථානයෙන් පිටවන දොරටුව කරා ගමන් කලෙමි....

Comments

  1. මුතූට හොඳ වැඩේ කියලා තමයි කියන්න තියෙන්නේ. ලස්සනයි කතාව මල්ලී. දිගටම ලියන්න.

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. අනිවාර්යයෙන්ම තඩියා , බලල යන්න ආවට ස්තූතියි

      Delete
  3. අඩෝ මරු කෝස් එක හොදේ ඒකනම්.....කතාව මරු බන්. ඔය කතාත් සිරා කතා තමයි බන් ඇත්තටම රටේ ලෝකෙ වෙන දේවල් නෙ....මොනා උනත් ගෙරි කෝස් එක මුතූටනම්

    ReplyDelete
    Replies
    1. එලම රෝමා,, ඕකට ඇත්ත සිදුවීමකට අතිශෝක්ති එකතු කරපු ප්‍රභන්ධයක් කිවුවත් කමක්නැ

      Delete
  4. මං නං ඔය තරං ඉක්මණට අතාරින්නෑ. මොනව උනත් බං මානව සබඳතා ඔහොම ලේසියෙං අතාරිනවද, තරුණ වයසෙ ඉන්න කොල්ලෙක්?

    මංදා... උඹ හොඳට ලියල බං. දෙපාරක් ඇවිත් ගියා කියවන්නැතුව. අන්තිමේ හිත හදාගත්ත. කලිං පාර කතාවක් කියෝල බය උනාට පස්සෙ උඹේ කතා මං කියවන්නෙ දෙපාරක් හිතල... :)

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට නං මම එකඟ වෙන්නෑ ඩ්‍රැකියො.අවුරුදු ගණන් තිබුණ සම්බන්ධතා උනත් , බොහොම සුළු කරුණු නිසා කැඩිල බිඳිල යනව.. මේ කතාවත් මම දැනගත්ත යම් සිද්ධියක් අනුසාරයෙන් ලිව්වෙ.. ගොඩවුනාට ස්තූතියි ඩ්‍රැකී

      Delete

Post a Comment

Popular posts from this blog

අත්භූත පළි ගැනීම

අට වසර සහ ලව් ඉලව්

එකමත් එක කතා තුනක්