Monday, September 24, 2018

පේන කාරිය හා අත්භූත ආගන්තුකයා (ඉතිහාසයේ අතුරු කතාවක්)

1899 අවුරුද්ද අවසන් භාගයේ දිනයකි.
ඉතාමත් රූමත් කාන්තාවක් වූ ඡෙනිෆර් මෙනවිය පේන කියන්නියක ලෙස තම රට තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටියාය. ඕනෑම පුද්ගලයෙකුගේ මුහුණ දෙස බලා ඔහුගේ සමස්ථ අනාගතයම දැකීමට ඇයට තිබුනේ අසීමිත හැකියාවකි.දිනක් අැය තම ව්‍යාපාරික කටයුත්තක් සඳහා යන අතරතුර රාත්‍රිය ගත කිරීම සඳහා වුල්ෆ්ස්බර්ග් නගරයේ එක්තරා ලැගුම්හළක නතර වූවාය.
  රාත්‍රී ආහාරය නිම වීමෙන් පසු ඡෙනිෆර් මෙනවිය ඇගේ සහයකයා වූ , මයිකල් සමඟ එහි තිබූ බොඡුන්හලේ කෙළවරක පිහිටි ආසනයක වාඩි වී දවසේ තොරතුරු පිළිබඳව කතා බහ කළාය.
ඒ අතරතුර ඔවුන් අසලට පැමිණියේ ළැගුම්හලේ නතර වී සිටි තවත් අමුත්තෙකි. වයස විස්සක් පමණ වූ හේ තරුණ මහතෙකි.

" මහත්මිය,
ඔබතුමිය නේද ලෝකප්‍රසිද්ධ පේන කියන්නිය,"

"ලෝක ප්‍රසිද්ධද කියල නම් මම දන්නැ , මම පේන කියන්නියක් නම් තමයි."
ඇය සිනාසෙමින් පැවසුවාය.

"ඔබව හඳුනාගැනීම සතුටක් මහත්මිය."
"මමත් මෙතනින් අසුන් ගන්නද?"

"හොඳයි."

ඉන් අනතුරුව තිදෙනා අතර ඇති වූයේ ඉතා මිත්‍රශීලී සංවාදයකි. එයට රට තොට පුවත් හා විනෝදකාමී තොරතුරු ඇතුළත් විය.
ඔබතුමියගෙ පේන කීමේ හැකියාව ඔච්චරටම ප්‍රසිද්ධ වෙලා තියෙන එකේ, ඔබතුමියගෙ හැකියාවෙන් ටිකක් මටත් පෙන්නන්නකො.තරුණයා ඡෙනිෆර් මහත්මියට ඇරයුම් කලේය.
ඔහු දෙස බලා සිනාසුන ඇය තම තීක්ෂණ දෑසින් ඔහු දෙස බැලීය.

"ඔයා තාම අවිවාහකයි. හරිද?"

ඕක කියන්නනම් විශේෂ හැකියාවක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඔහු සිනාසෙමින් පැවසීය.

"හොඳයි හොඳයි.."

ඔයාට දැන් වයස විස්සයි.
ඔයා තව අවුරුදු කිහිපයකින් පාසල් ගුරුවරයෙක් විදිහට පත්වීමක් ලැබෙනව ඊලඟට ඔයා විවාහ වෙන්නෙ රෙදි මහන රැකියාවක් කරන කාන්තාවක් සමඟ.
ඔයාලට දරුවො තුන් දෙනෙක් ලැබෙනව.තුන් දෙනාම කෙල්ලො,
ලොකු කෙල්ලට ඔයා දාන නම තමයි ලීස් , බාලම කෙනා මාග්‍රට්. එතකොට දෙවනිය, වැදගත්ම කෙනා..,

"හපොයි දෙවියනේ!!!"

ඡෙනිෆර් මෙනවිය දෑස් විසල් කරමින් භෝඡනාගාරයේ එක් කෙළවරක් දෙස බලා සිටිනු මයිකල් සහ අමුත්තා දුටුවෝය.
එම ස්ථානයේ වූයේ වසර දහයක් වූ කොලු ගැටයෙකි.
එයා . එයා . එයා තමයි මුලු ලෝකෙම වෙනස්කරන්නෙ..,එයා ඉදලත් බෑ, නැතුවත් බෑ.. ඇය තනිවම කියවන්නට විය.
කවුද ඒ පොඩි එකා,අමුත්තා ඇසීය.
එයා විනාශකාරයෙක්,
ලෝකෙම විනාශ කරන කෙනෙක්,
නමුත් දෛවයෙ හැටියට එයා ඒක කළ යුතුම දෙයක්.නොකලොත් ලෝකෙ ඊටත් වඩා විනාශයක් වෙලා තමයි නතර වෙන්නෙ. දවසක ලෝකයට සාමය, සමඟිය අවශ්‍ය බව මතක්කරල දෙන්නෙ මෙයා තමා.
සිනාසෙමින් භෝඡනාගාරය වෙත දිව ගිය කොලුවා, ඉන් පසු ඔවුන් දෙසද බලා එම ස්ථානයෙන් පිටත්වී ගියේය
ඇය එක්වරම දෑස් දල්වා ලඟ සිටි තරුණයා දෙස බැලීය.. දෛවය පුදුමාකාරයි, නමුත් මම මේක ඔබට කියන්නම ඕන , ඔය දැන්  මෙතන හිටපු කොලුව ඔහු දවසක මේ රටේ ඉහළම පුරවැසියෙක් වෙනව. ඒ වගේම ඔහුම තමයි ඔබේ දෙවනි දුවගෙ ස්වාමිය වෙන්නෙත්.
"⁣ෙමාකක්"
"ඔව් ඒක එහෙම තමයි දෛවයෙ ලියවිලා තියෙන්නෙ.."
මහත්මිය , තරුණයා ඇය දෙස බැලුවෙ කෝපයෙන් රතු කරගත් මුහුණෙන් යුතුව ඇය ඇමතීය.
මම කවදාවත් හිතුවෙ නෑ ඔබතුමී මෙහෙම විකාර කතා කියල මිනිස්සුන්ගෙ සල්ලි ගරාගන්න පහත් කාන්තාවක් කියල. ඔබතුමී එක්ක මේ කතා කරපු ටික කාලය මට හොඳ විනෝද දායක අත්දැකීමක් උනා, හැබැයි මගෙ අනාගතය කිව්ව එකට මම ඔබට එක යූරෝවක්  ගෙවන්නෑ. එහෙනං මම දැන් යනව. ඔබට සුභ රාත්‍රියක්.
ඡෙනිෆර් මහත්මිය මහත් දුකකින් යුතුව ඇයගේ කාමරයට පිය නැගුවාය. පසුදා උදෑසන හෝටලයෙන් නික්ම යාමට පෙර ඇය පෙරදා රාත්‍රියේ හමුවූ තරුණයා ගැන සොයා බැලුවාය..
මිස්ටර් බ්‍රවුන් ගැනද ඔබතුමිය අහන්නෙ. එතුම අද  උදේ පාන්දරම පිටත් උනානෙ..
කවුන්ටරයේ සිටි යුවතිය පිළිතුරු දුන්නාය.
"මැඩම්, ඔබතුමී ඔච්චරටම ඔය මනුස්සය ගැන හොයන්නෙ මොකටද?"
ඒ මනුස්සය ඔබතුමීට කලෙ සුලුපටු අපහාසයක් නෙවෙයි. මයිකල් පැවසීය..
මට දුක වැදගත්ම දේ එ් මනුස්සයට කියා ගන්න බැරි උන එක ගැන..
"ඒ මොකක්ද?"
"එයාට ලැබෙන දෙවනි දුවගෙ නම" යැයි පැවසූ ඡෙනිෆර් මහත්මිය , ඊවා යනුවෙන් තොල් මතුරමින්  ශෝකයෙන් යුතුව නැවතත් තම ගමන යාමට පිටත්වූවාය.

කතාව කියවල ඉවරද , දැන් හොඳට කල්පනා කරල බලන්න, ඉතිහාසය තුළ ඊව කියල කෙනෙක් ගැන අහල තියෙනව ද කියල.
මතක් උනාද?
තාමත් නැද්ද?
එයාගෙ ⁣පෙම්වතා?
හොඳට හිතන්න...
මගේ මතය තමයි ඊවගෙ පෙම්වතා, එහෙමත් නැත්නම් සැමිය, ලෝකයට කරපු විනාශය ලෝකෙ වෙන කවුරුවත් කරපු විනාශයන්ට සම කරන්න බැහැ.ඒක ඒ තරමටම දරුණුයි නමුත් ඔහු ඒක නොකළනම්, සිද්ධිය තව කල් ඇදිල ගිහින් ඊටත් වඩා භයානක විදිහට සිදු වෙන්න ඉඩ තිබුන.
දැන් ඉතිහාසය ගත වෙලා අහවර වෙලා.ඒත් ඉතිහාසයෙ මතක සටහන් අහුලන එක නං කවදාවත් අහවර වෙන් නැති දෙයක්.

8 comments:

  1. ඊ්වා වොන් බ්‍රෝන්... අර හිටියෙ අැඩෝල්ෆ් ෂ්කල්ගෲබර්. පස්සෙ නියම තාත්තගෙන් හිට්ලර් නම ලැබුණු.

    ඔය කතාව ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම කට්ටියව අඳුරගත්ත. මේක මම ලියපු මනංකල්පිත කතාවක් ඩ්‍රැකී. මෙදා පාර කතාවට වෙනසකටත් එක්ක ඉතිහාසය සම්බන්ධකර ගත්ත.

      Delete
  2. හේ හේ . එහෙම පෙන කියන්න පුලුවන්නම් මරු

    ReplyDelete
    Replies
    1. අර කෙනඩිගෙ මරණය ගැන කියපු කෙනා ඒ වගේ කෙනෙක්ලු

      Delete
  3. වෙනස්ම කතාවක්..නියමයි තරිඳු 👌👌👌

    ReplyDelete
  4. Aththatama Sira kathawak kiyala hithenna liala thibba.fatta bn Tharindu

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...