Thursday, October 18, 2018

පැරණි සිනමාවේ සැඟවුණු කෘරත්වයට නිදසුනක් cannibal holocaust (21+)

 
පැරණි කාලෙ කියන්නෙ අද කාලෙ වගේ කාලයක් නෙවෙයි.තාක්ෂණික ප්‍රයෝග, පරිගණක නිර්මාණ ඉතාමත් දුර්වලව පැවති ඒ කා⁣ලයේ , චිත්‍රපටියක් නිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරු උන මහන්සිය වචනයෙන් විස්තර කරන්න බැහැ. අදකාලෙ ලස්සන ලස්සන කලාගාර වලට වෙලා මාසෙන් දෙකෙන් කරන රූපගතකිරීමුයි, ඒ කාලෙ වසර කිහිපයක් ෆීල්ඩ් එකට බැහැල කරන රූගතකිරීමුයි අතර තියෙන්නෙ විශාල වෙනස්කමක්..
වර්තමානයේ තාක්ෂණය කොච්චර දියුණු උනත් ඉස්සර හදපු චිත්‍රපට වලට සමාන චිත්‍රපට අද බිහි නොවන්න හේතුව ඒකයි.
Jurassic park චිත්‍රපට පෙළේ භයානකකම justice world චිත්‍රපට වල නොමැති වීමටත් pradiator පැරණි චිත්‍රපට වල සඡීවිබව වර්තමාන pradiator චිත්‍රපටයෙහි නොමැති වීමටත් , jaws චිත්‍රපට වල තිබූ භයානකකම meg චිත්‍රපටයෙන් නොදැනීමත් මේකට හොඳම උදාහරණ කියල අපට පෙන්නන්න පුළුවන්.
       එහෙනං දැන් මාතෘකාවට එමු, අද මම ලියන්න කල්පනා කලේ cannibal holocaust කියන චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය වෙනුවෙන් අධ්‍යක්ෂකවරය කළ කී දේ ගැන. Cannibal Holocaust කියන්නෙ 1980 දි තිරගත උන horror චිත්‍රපටයක්.මේ චිත්‍රපටය ඉතාලි චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Ruggero Deodato කියන අධ්‍යක්ෂකතුමා. මේකෙ තිර පිටපත සකස්කලේ Gianfranco Clerici කියන තිර පිටපත් රචකයා. කොහොම නමුත් ඔහුගේ තිර පිටපතේ සමහර කොටස් කපල කොටල තමා චිත්‍රපටය නිෂ්පාදනය තියෙන්නෙ.
චිත්‍රපටයෙ කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි.

1970 වසරෙදි ඇමසන් වල මිනී මස්කන ගෝත්‍රිකයො ගැන වාර්තාමය චිත්‍රපටයක් හදන්න තරුණ තරුණියො කිහිපදෙනෙක් පිටත් ⁣ෙවනව.නමුත් ඔවුන් ආපහු එන්නෙ නැහැ,
මෙවුන්ට සිදුවුණු දේ සොයාගෙන බේරගෙන එන බලාපොරොත්තුවෙන් නිව්යොක් විශ්ව විද්‍යාලයෙ මහාචාර්යවරයෙක් වනාන්තරය කරා යනව.එතුම⁣ට මෙයාලව හම්බවෙයිද?
ඒ ගැන කියන එක හොඳ නෑ.⁣ඒක චිත්‍රපටය නොබලපු අයට කරන අසාධාරණයක්. එයාල මේ චිත්‍රපටය  බලලම  තේරුම් ගන්න.

මේ චිත්‍රපටය රූගත කිරීමට රටවල් කිහිපයකම වනාන්තර යොදාගෙන තියෙනව , ඒ අතරින් අැමසන් වනාන්තරය වශේෂයි. මොකද එහෙ තියෙන බිහිසුණුකම නිසාම ගොඩක් අය එහෙ යන්නෑ.

මෙම චිත්‍රපටය ඉතාලියෙ මිලානෝ නගරයේ තිරගත වීමෙන් පස්සෙ චිත්‍රපටයට විවිධ චෝදනා එල්ල වෙලා තියෙනව.අධ්‍යක්ෂක Ruggero Deodato මිනිමැරුම් චෝදනාමත අත්අඩංගුවට අරගන්න අතර ඔහුට එල්ල උන චෝදනා උනේ චිත්‍රපටයේ දර්ශන වෙනුවෙන් මිනි මැරීමයි.
අවසානයේ අධ්‍යක්ෂකවරයා කොහොමහරි නලු නිළියන්ව උසාවියට ගෙනල්ල ඔවුන් ඡීවත් වෙන බව ඔප්පු කරන්න සමත් වෙනව.
⁣ඒ නිසා අධ්‍යක්ෂකතුමා මිනිමැරුම් චෝදනාවෙන් නිදහස් උනත්, ඇතැම් දර්ශන වල ස්වාභාවයන් නිසා චිත්‍රපටය තවත් වසර තුනකට ඉතාලියෙ ප්‍රදර්ශනය තහනම් වෙනව..

මෙම චිත්‍රපටයෙ සිදුවුන සතුන් මැරීමේ දර්ශන සියල්ලම තියෙන්නෙ ඇත්ත දේවල්.ඒ වගේම ඒව සඡීවීව පෙන්නන්න තරම් අධ්‍යක්ෂක තුමා කෘරද කලාකාමිද කියන එක නම් ප්‍රශ්නයක්?

ඉබ්බෙක්






නයෙක්


මකුළු වඳුරන් දෙදෙනෙක්



ඌරෙක්



දුර්ලභ දිවි මකුළුවෙක්



මේ චිත්‍රපටය වෙනුවෙන් මරා දමනව.
ඉබ්බගෙ මරණය නම් ඉතාමත් කෘර ක්‍රියාවක් කියල බොහෝ දෙනාගෙ පිළිකුළට භාඡනය වෙලා තියෙනව.

 මේ චිත්‍රපටය ඉතාමත් අපකීර්තිමත් චිත්‍රපටයක් විදියට ලෝකෙ පුරාම කතා බහට පත් වෙනව. ඒ නිසා මේක රටවල් 50කට වඩා අධික ප්‍රමාණයක තහනම් වෙන අතරම වඩාත් තහනමට ලක්වුන චිත්‍රපටය විදියට ලෝක වාර්තාවකටත් හිමිකම් කියල තියෙනව.

මේකෙ අධ්‍යක්ෂක තුමාට පිරානා ප්‍රහාරයක් ගැන කොටස් කිහිපයකුත් චිත්‍රපටයට එකතු කරන්න උවමනාවක් තිබුනත් වතුර යට වැඩකරන කැමරා නොමැති වීම නිසා ඔහු අකමැත්තෙන් තමන්ගෙ අදහස වෙනස්කර ගන්නව.(සමහර විට ඒකෙ රඟපාපු එවුන්ට වාසනාවක් තියෙන්න ඇති පීරානල අතින් මැරෙන්නැතුව ඉන්න)

මෙම චිත්‍රපටයෙ තියෙන තවත් අති බිහිසුණු දර්ශනයක් තමයි කාන්තාවක් උළ තබල තිබෙන දර්ශනය.
මේක රූගත කරන්න, අධ්‍යක්ෂක තුමාගෙ අධීක්ෂණය යටතෙ බයිසිකල් සීට් එකක් කොටයකට සවි කරල, ඒක උඩ කාන්තාව වාඩි කරවල කටට තවත් ලී කැබැල්ලක් සවි කලා කියලයි කියවෙන්නෙ
(නමුත් මේ දර්ශනට සැබෑම මළ සිරුරක් ගෙනවිත් උළ තැබීමක් කලා කියලත් යටින් කතාවක් තියෙනව)ඒ කාලයෙ හැටිය⁣ට ඒක පුදුමාකාර විදියට තාත්විකයි.

2005 වසරෙදි චිත්‍රපටයෙ ප්‍රධාන නලුවෙකු උන Carl
Gabriel Yorke (Alan Yates) කියල තියෙන ආකාරයට , චිත්‍රපටයේ ඔහුත් Francesca Ciardi (Faye Daniels)අතර තිබුණු ලිංගික සංසර්ගය පුහුණු වීමෙදි එය සැබෑවටම සිදු කලාලු. කැලෑව මැදට ගිය ඩබල සැබෑවටම ඩිස්ටි ඩිඩිං කලාලු. නමුත් පස්සෙ තරුණිය මේක ගැන හිත් අමනාපෙකින් හිටපු බවත් කියල තියෙනව.

මේ චිත්‍රපටයේ ගෝත්‍රිකයෙක් නිරුවත් කාන්තාවකට වද දෙන දර්ශනයකුත් තියෙනව.
මේ සඳහා අධ්‍යක්ෂකවරයා ස්වදේශීය කාන්තාවක් සොයා ගැනීමට කොච්චර උත්සාහ කලත් වැඩේ හරි ගිහින් නැහැ . අවසානයේදි විදේශික නිළියක් වන Lucia Costantini ගෙ මුලු ඇගේම මඩ ගාල මෙම දර්ශනයට ගෝත්‍රික කාන්තාවක් විදියට අරගෙන තියෙනව.

මේ චිත්‍රපටය හදන්න ඒ අය කරල තියෙන දේවල් බලනකොට, චිත්‍රපටයක් කියන්නෙ හුදෙක් පැයක දෙකක ආතල් එකක් ගන්න  නිර්මාණයක් විතරක් නෙවෙයි කියල ඔයාලට තේරුනාද?

අන්න ඒක තමයි මට ඔයාලට පෙන්නන්න ඕන උනෙ.

සමාඡය දියුණු කරන්නෙත්, පිරිහීමට පත් කරන්නෙත් මිනිස්සුම තමයි. චිත්‍රපටයෙ අරමුණ ඒක පෙන්නල දෙන එක.
නමුත් චිත්‍රපටය හදපු අයගෙ මතයට අනුව සත්තුන්ගෙ පැවැත්ම කලාවට අදාල නෑ වගේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ , මේකෙ තියෙන දර්ශන අතිශය වැඩිහිටියන්ට තමයි සුදුසු..ඉතිං සංවේදී හිත් තියෙන ළමයි වගේ වැඩිහිටියොත් මේක නොබලන එක තමා වඩාත් සුදුසු.

Tuesday, October 2, 2018

මීයන් අල්ලන්

මීයන් ඇල්ලීම ගැන කතා කරනකොට අපේ ඡීවිතේ මීයන් ඇල්ලීමේ කාල සීමා කීපයක්ම තියෙනව තියෙනව

අංක එක තමයි චුට්ටි කාලෙ මීයෙක්ව දැකීම, මේකට පුදුම කුතුහලයක් තියෙන්නෙ. හරිම භයානක සතෙක් නො⁣වැ.

අංක දෙක තමයි චුට්ටක් ලොකු කාලෙ මී කතුරු අටෝනව දැකීම, මේක හරියට පරමාණු බෝම්බයක් සෙට් කරනව වගේ භයානක දෙයක්. ඡීවිතේට අමතක වෙන්නෙ නෑ.අතක් එහෙම අහුවුනොත් , හම්මේ දැනෙන සැප.

අංක තුන තමයි ඉස්කෝලෙ හත අට වසරවල මීයන් ඇල්ලීම. ඕක චුට්ටක් 18+ සීන් එකක්. ඒ මීය ඉන්නෙ කලිසම් අස්සෙ😂😂😂

අංක හතර තමයි ගෙදර මීයො අල්ලන එක.. ආන් ඒක තමා මම මේ ලියන්න යන එක😂😂😂

එතනින් එහාට මීයන් අල්ලන් ගැන අපි කතා නොකර ඉමු.

මම මීයන්ට බයයි. අපෙ ගෙදර හැමෝම බයයි.මීයෙක් දැක්කොත් ගෙදර ඔක්කොම  මේස පුටු උඩ තමා.. කොහොමින් කොහොමින් හරි දවසක් අපේ ගෙදරට මීයො කීප දෙනෙක් එන්න පුරුදු උනා. එන්න පුරුදු උනා කිව්වෙ මුං පදිංචි වෙලා නෑ , රෑ එනව උදේ යනව..
රස්සාවට ආව උනත් මේ මී හාදයො දවසක් හරි නරක වැඩක් කලා.ඒ තමයි උදේ අපේ ටිවි එක උඩට නැගල මම එනකං ඉදල මගෙ ඇඟට පැන්න. කමිසෙ අස්සට රිංගල පටන්ගත්ත ගේම ඉවරඋනෙ, මම වැදි සන්නි තුන හතරක් නටල හෙම්බත් උනාට පස්සෙ.
⁣ඉතිං එදා ඒ සිද්ධිය නිසා තාත්තයි මායි මේකට විසඳුමක් දෙන්න ගේමට බැස්ස. මී බෙහෙත් කියන්නෙ හරි කරදරකාර වස වර්ගයක් ඉතින් ඒව පාවිච්චි නොකර ගේම දෙන්න තමා අපි සැලසුම් කලෙ.
(මී පාසනං කැවිල මීය මැරිච්ච මනුස්සයගෙ කතාවත් අහල ඇතිනෙ)
දන්නැති අය ඒකත් අහගන්නකො.

"ඔන්න එකමත් එක කාලෙක ඡෝන් කියල හාදයෙක් හිටිය. එයා බොහෝම අහිංසක ප්‍රේමවන්තයෙක්.නමුත් කොහොමින් කොහොමින් හරි දවසක් එයාගෙ පෙම්වතිය මිනිහව රව⁣ට්ටල වෙන මනුස්සයෙක්ව කසාඳ බැඳ ගත්ත.
අපේ ඡෝන්ට හරිම දුකයි. එයාට එයාගෙ දුක කියන්න හරිහමං යාලුවෙක් වත් හි⁣ටියෙ  නෑ.මිනිහට මිනිහගෙ ජීවිතේ එපාවුනා. අවසානේ මිනිහා තීරනය කලා ඡීවිතේ නැති කරගන්න.
ඉතිං පොර මුලින්ම ෆාමසියකට ගිහින් නිදි පෙති ඉල්ලුව. කොහෙද ෆාමසිකාරය බැනල එලෙව්ව.ඊලඟට මැහි තෙල් ටිකක් ගන්න ගිය. කුඹුරකුත් නැතුව තෙල් ඉල්ලන නිසා එතනිනුත් මිනිහව පැන්නුව. ඊට පස්සෙ මිනිහ කඩේකට ගිහිල්ල මී පාසනං පැකට් එකක් ගත්ත. ඊට පස්සේ රෑට නිදාගන්න කලින් මී පාසානං පැකට් එක කාලා ඊට පස්සේ වතුර බිව්ව. ඊට පස්සෙ ආයෙ ඇහැරීමක් නෑ කියල හිතාගෙන මිනිහ නිදාගත්තා.
  මෙන්න ඊට පස්සෙ දවසෙ උදේ බලනකොට මිනිහා මැරිලා නෑ. උදේ නැගිටිනකොට කලිං හිටියටත් වඩා හොඳින් ඉන්නවා. මිනිහටත් මාර අප්ෂට්
අපරාදේ මී පාසනං වලට වියදම් කරපු සල්ලි කියල හිතපු මිනිහ මී පාසනං ගත්ත කඩේ මුදලාලිට බනින්න යන්න කියල හිතාගෙන ලෑස්තිවෙන්න ගියා, මූණ කට හොඳගත්ත පොර ඊලඟට උත්සාහ කලේ මුත්‍රා කරන්න.ඒත් කොච්චර උත්සාහ කලත් වැඩේ කරගන්න බැ .
.ටිකක්වෙලා හිතුවට පස්සෙ තමා තමා මිනිහට වැඩේ තේරුනෙ.
මලා ඡෝන්
මී පාසානං වලට මිනිහගෙ මීය මැරිල!!!

වටේ ගිය ඇති ආපහු කතාවට එමු
 මී කතුරු කියන්නෙ බොහොම භයානක දරුණු දෙයක් කියල මායි තාත්තයි දැ⁣නගෙන හිටිය. ඒක පාවිච්චි කරන එකත් භයානකයි , මීයො මැරෙනව බලන්නත් බෑ. ඉතින් අපි දෙන්න කඩෙන් මී පෙට්ටියක් ගෙනාව..
පෙට්ටියක් කිව්වෙ මේක පෙට්ටියක් නිසයි.
කම්බි දැල් වලින් හදල තියෙන මේ පෙට්ටියට පොල් කෑල්ලක් ගහල උගුල අටවල තිබ්බම මීය ඒක කන්න ඇතුලට රිංගල පොල් කෑල්ල කාපු ගමන් පෙට්ටියෙ දොර වැහෙනව.
         ඉතින් අපි දෙන්න පොතේ හැටියට උගුල අටවල උදේ බලනකොට තඩි මීයෙක් අහුවෙල..
උදේ තියෙන වැඩත් එක්ක මූව මුදාහරින මෙහෙයුම දියත් කරන්න කාලයක් නැති නිසා තාත්තයි මායි ඌව එලියෙන් තියල, හවස වැඩ ඉවරවෙලා  මුදාහරින්න කියල ගිය.. මේන් බොලේ හවස ඌ මැරිල.
හිතටත් හරි මදි, මොකක් උනාද කියල හිතා ගන්නත් බෑ.
දෙවනි දවසෙත් එකෙක් අල්ලල එළියෙන් තිබ්බ. ඌත් මැරිල.
මේක හරි අප්‍රබ්‍රංස වැඩේ. කූඩුවෙ ඉන්න බෑ කියල මීය සියදිවි නසාගන්නවැ.
තවත් දවසක එකෙක් අහුවුන. එදා මම ගෙදර.
මූට මොකද වෙන්නෙ කියල පරික්ෂා කරන්නත් එපෑ. ඉතින් මම තකහනියක්ම මිදුලට වෙලා මීය දිහා බලාගෙන හිටිය. ඒත් මූ ඉබේම මැරුන😖😖😖
ඉතිං අන්තිමට තාත්තයි මමයි නිගමනය කලා කූඩුවෙ බරපතල විසක් තියෙනව තමා. මීය කූඩුවෙ කම්බි හැපුවම තමා මැරෙන්නෙ කියල..
අපි කූඩුව සබන් දාල දෙතුන් පාරක්ම හොඳට හේදුව.
ඒත් ප්‍රතිඵලය ඒකමයි.උදේ හොඳට ඉන්න මීය හවසට මැරිල.
ඊට පස්සෙ මීයෙක් අහු උනොත් අපි දෙන්න මොන වැඩේ තිබුනත් උදේම ඌව නිදහස් කලා..
කොහොමින් කොහොමින් හරි මේ සිද්ධිය වෙලා අවුරුදු කිහිපයකට පස්සෙ මේ ලඟදි දවසක් මායි තාත්තයි අපි අඳුරන ගෙදරකට ගියා. එතකොට එ් ගෙදර ඉන්න මාම මී කූඩුවක් මිදුලෙ තියාගන  බංකු කෑල්ලක වාඩි වෙලා ඒ දිහා බලාගෙන ඉන්නව. ඉතින් අපි දෙන්නත් පොඩ්ඩක් ඒ ගැන විමර්ශනය කරන්නත් එක්ක , මොකෝ මේ කියල ඇහුව.

ආ..මේ මීයෙක් අහුඋනානෙ. මම මේ මූව අව්වෙන් තියල තිබ්බ , කූඩුව රත්වුනාම මැරිල යන්න කියල. මළ කරදරේ😂🔨

...................................................
මීයො ඇල්ලීම කියන කලාව ගැන මම පොඩි කාලෙ බලපු ලස්සන චිත්‍රපටියක් තියෙනව.ඔයාලට බලන්න කියල ඔන්න මම ඒකත් මෙතනට එකතුකලා.බලපු නැති අය ඒකත් බලලම යන්නකො.

සිංහල හඬ කවපු මවුස් හන්ට් ළමා චිත්‍රපටය මෙතනින් ඩවන්ලෝඩ් කරගන්න >> ##මවුස් හන්ට්##

බිලී පස්වන සහ අවසාන කොටස

උදේට පාඩම් කරන්නයි , හවසට පල්ලි යන්නයි.., ආච්චිගෙ නීති එක්ක ආච්චිට ඕන විදිහට ඉන්න එක මට මේ වෙනකොට  එපාවෙලයි  තියෙන්නෙ.  ලොකු ජෝර්ජ් සීයා ගැ...