Wednesday, January 2, 2019

ගම් තුලානේ රස කතා නෑයෝ

       
 ඔන්න මම ඔයාලට මෙදා පොටේ අරගෙන ආවෙ ඇත්තම ඇත්ත ගැමි රස කතාවක්.මේකට ගෑවුන අයගෙ පරම්පරාවෙ අයට අදටත් ඔය සිද්දිය මතක් කළාම හොඳටෝම කේන්ති යනවලු
    එකදාස් නමසිය බර ගනන්වල(මට කතාව කියපු කෙනාටත් කාලෙ මතක නෑ 1950 - 60 අතර කාලය වෙන්න ඕන) මේ කියන ගම්මානයට බස් එකක් තිබිල නැහැ. කොළඹ ඉදල කලුතරට එක බස් එකකිනුත් ඉතිරි ටික තව බස් එකකිනුත් ගම ඇතුලට  කරත්තෙනුත් තමයි යන්න තිබිල තියෙන්නෙ.
     දවසක් ගමේ හිටපු එක්තරා පවුලකට එයාලගෙ කෑගල්ලෙ හිටපු නැන්ද කෙනෙක් ලියුමක් එවල තියෙනව. ලියුමක් කිව්වට මේක තැපැල් ලියුමක් නම් නෙවෙයි, කෑගල්⁣ෙල ඉදල ආපු ගමේ ගෙයක් බඳින්න මනුස්සයෙක්  අතේ එවපු කොළ කෑල්ලක්.
      ඒ කාලෙ අද කාලෙ වගේ නෙවෙයි දුර බැහැර නෑයො නෑගම් එන්නෙ ගොඩාක් කාලෙකින්නෙ.මේ කියන නැන්දත් කසාඳ බැඳල ගම අතහැරල ගිහින් අවුරුදු පහළොවකට වැඩීලු. එදායින් පස්සෙ නැන්ද ⁣එවපු පළවෙනි පණිවිඩේ තමයි ඒ ලියුම් කඩදහිය.
ලියුම ගෙනාපු මනුස්සය කියල තියෙන විදිහට ඒ මනුස්සය නැන්දලගෙ ලඟම අසල්වැසියෙක් , මිනිහ ගෙයක් බදින වැඩකට මේ කියන ගමට යනව කිව්වම නැන්ද ලියුම් කෑල්ල දුන්නලු ගිහින් දෙන්න කියල.
         නැන්දගෙ ලොකු පුතයි. යාලුවො කිහිප දෙනෙකුයි එකතුවෙලා අම්මගෙ උපන්ගම බල⁣ාගන්න තව සතියකින් එනව කියල තමයි ලියුම් කෑල්ලෙ ලියල තියෙන්නෙ.එයාලට පවුලෙ අයට වගේ සලකන්න කියල ලියල එවල.
            ඉතින් මේ පවුලෙ අය නැන්දගෙ පුතාල එන්න සතියකට කලින් ඉදලම එයාලව පිළිගන්න ලෑස්ති වෙලා.මොකද අවුරුදු පහළොවකට පස්සෙ එන  නෑයොනෙ.කෙසෙල් ඉදවල,
මී කිරි මුදවල, දඩ මස් හොයල  ඔක්කොම ලෑස්ති කරල තමයි තියල තියෙන්නෙ.
      ඔන්න කට්ටිය එන දවසත් ආවලු. ⁣ඉතින් ගෙදර අය ගෙදර හිටපු තරුණ ඉලන්දාරි දෙතුන්දෙනෙක් කරත්ත දෙකක් එක්ක ටවුමට පිටත්කලාලු නෑයන්ව එක්කන් එන්න කියල.
          ටවුමට ගිය ගමේ ඉලන්දාරි කට්ටිය බස් එක එනකම් බස් නවත්තන තැනට වෙලා බලන්හිටියලු.
    ඔන්න ඉතින් බස් එක ඇවිත්  නැවැත්තුවලු , බර සෙනගක් බස් එකෙන් බැස්සලු. ඒ කාලෙ දවසට තිබ්බ එකම බස් එක ඒකලු.
     අවුරුදු විස්සක විතර පෙනුම තියෙන ගඡ ඉලන්දාරි හය දෙනෙක් බස් එ⁣ෙකන් බැහැල වට පිට බල බල ඉන්නවලු.
අපේ අයත් දැකපු ගමන් කට්ටියව අඳුනගෙන කරත්තෙ දාගෙන එක්කගෙන ආවලු.
   මේ ඉලන්දාරි අතර හිටපු ලස්සන සුදු මහත ඉලන්දාරිය තමන් නැන්දගෙ පුතා කියල අඳුන්වල දුන්නලු.
 ගමේ අය කවදාවත් ඉලන්දාරියව දැකල නෑනෙ
    දුර බැහැර ඉදල ආපු නැන්දගෙ පුතාට ගමේ අම්මගෙ නෑයො රඡ සැළකිලි සැළකිලි කලාලු..
    ඒ අතරතුර ගමේ අය අම්ම ගැන, කෑගල්ල ගැන  විස්තර එහෙමත් ඇහුවලු.
ඉලන්දාරිය ඒ ගැන කියන්න ටිකක් අකමැතිලු.
නැන්දගෙ පුතත් එක්ක ආපු ඉලන්දාරි ටික ගෙදර අයව පැත්තකට අඩ ගහගෙන ගිහින් කිව්වලු ගමේ ප්‍රේම සම්බන්දෙකට අම්ම විරුද්ධ උන නිසා ඉලන්දාරියා අම්ම ගැන කතා කරන්න කැමති නෑ කියල. මිනිහ ගමෙන් ටික දවසකට ඈත්වෙන්න ඕන නිසයි මේ ගමන ආවෙත් කියල කිව්වලු.
මෙයාලත් කල්පනා කලාලු අවුරුදු පහළොවකින් ආපු දරුවගෙ හිත රිද්දන්නෙ මොකටද කියල.
කොහොමින් කොහොමින් හරි ගමට ඇවිත් දවස් තුනකට පස්සෙ නැන්දගෙ පුතයි යාලුවො ටිකයි ආපහු කෑගලු යන්න ලකලෑස්ති උනාලු.
   ගෙදර කට්ටිය කොලුවව තව ටික දවසක් නවත්තගන්න කොච්චර උත්සාහ කලත් වැඩේ හරි ගියෙ නැහැලු..
   ඉතින් කොලුව ආපහු යනකොට ගෙනියන්න, හාල් මලු දෙකකුයි, වේලපු දඩ මසුයි,ගෙදර හදපු පහේ වර්ගයි,ගම්මිරිස්, පුවක් ,කරාබුනැ⁣ටි මලු වගයක් වගේම ගෙදර මහපු පන් පැදුරු පහකුයි, රෙදි වගේකුයි, අත්තම්මගෙ කරාබු කුට්ටමයිත් දුන්නලු.
      ඊට පස්සෙ නෑයන්ගෙ දෙපා වැඳපු නැන්දගෙ පුතා කාපු බීපුවටත් ස්තුති කරල ආපහු එන්නත් පොරොන්දු වෙලා යාලුවො නඩයත් එක්ක යන්න පිටත්වුනාලු

හොඳම හරිය වෙල⁣ා තියෙන්නෙ මේ සිද්ධිය වෙලා අවුරුදු පහකට පස්සෙ.
 
      ඕන් ඉතින් මේ සිද්ධියෙන් අවුරුදු පහකට පස්සෙ දවසක් කසාදයක් ගැන දැනුම් දෙන්න කියල හිතාගෙන මෙයාල නැන්දව බලන්න කෑගලු ගිහින්..
 ගියාට පස්සෙ තමයි මෙයාල දැනගෙන තියෙන්නෙ. නැන්ද එවපු ලියුමකුත් නෑ නැන්දට ළමයිත් නෑ,
නැන්ද කසාඳ බැඳල ගිය  කාලෙම මිනිහ දාල ගිහින්,ඊට පස්සෙ එහෙදි අසනීප වෙල⁣ා මැරිල කියල. ඒ කාලෙ නැන්දගෙ ගමට දැනුම්දෙන්න කවුරුවත් ඉදලත් නැති නිසා ඒ මරණෙ එ⁣ෙහදිම කටයුතු කරල දාලලු..
අනේ අපොයි!!!

11 comments:

  1. පාලයගෙ / මයිනගෙ වගේ සෙට් එකක් 🙂

    ReplyDelete
  2. 😀 e kaleth game karayo indala thiyenawa pute..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, ඒක තමයි. ආදරයෙන් පිළිගන්නව v.k

      Delete
  3. අවුරුදු පහළොවක කොල්ලෙක් ඔහොම කරයිද බං?

    ReplyDelete
    Replies
    1. ඌ පහළොවයි කියල පෙන්නුවට ඊට වඩා වයස පාටක්ලු තිබුනෙ. අව්වට කර වෙලා හේනට නාකි උනාම වයසක් දකින එකත් හරි අමාරුයිනෙ. අවුරුදු පහළොව උනාට විස්සක පෙනුම කියල මම දැම්මෙත් ඕකයි

      Delete
  4. අන්න කොල්ලො. අර පවුලෙ කෙල්ලෙක් හිටියනං ඒකිත් උස්සං යයි ඔය සෙට් එක.

    ReplyDelete
    Replies
    1. ඉදල ඉදල. හැබැයි උස්සන් ගිහින් නෑ.ආයෙ පාරක් ආවනම් ගෙදර එවුන්ම කසාදෙ කරල දෙන තත්වයක් තිබිල තියෙන්නෙ.

      Delete
  5. ගමේ අය ජන කතාවල්වත් අහලා නැති උදවියනේ!

    ReplyDelete
    Replies
    1. මේ කතා දාල අලුතෙන් පොතක් ලියන්න ඕන.එතකොට මහදැනමුත්ත පරාදයි

      Delete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...