Sunday, July 7, 2019

චීස් කෑල්ලට මොකද උනේ???


 
  මේක ඇවිත් 1980 කාලෙ කතාවක්. මංතුමා මෙළොව එළිය දැකලවත් නැති කාලෙ ඕං
     ඒ කාලෙ අපේ අම්මල , ලොකුඅම්මලත් බොහොම පොඩි ළමයි.මේක අපේ ලොකුඅම්මගෙ වික්‍රමයක්. මම මේක අටන්පහියට ලිව්ව කියල දැනගත්තනං එයා මට හොඳ පාඩමක් උගන්නව සුවර්.  එයා අන්තර්ඡාලය ,facebook පෙන්නන්න බැරි සැර කෙනෙක්. එහෙමයි කියල එයා මට කරන ආදරෙත් අඩුවක් නෑ😏😏😏
             අපේ සීයගෙ බාල සහෝදරය ඒ කාලෙ හෝටලේක  තමයි වැඩ කරල තියෙන්නෙ. එයා දවසක් උදේම අපේ ගෙදර ඇවිත් හෝටලෙන්  ගෙනාපු චීස් කුට්ටියක් අපේ ආච්චි අම්මට දීල ගිහින් ළමයින්ට කන්න දෙන්න කියල.
    ඒ කාලෙ වෙනකොට අපේ සීයගෙන් නාහ අපේ ආච්චි මුකුත්ම කරන්නෙ නෑ. පස්සෙ කාලෙක ආච්චිගෙන් නාහ සීයට මුකුත් කරගන්න බැරිඋන එක වෙනම කතාවක්, එව්වයෙන් වැඩක් නෑනෙ.
       චීස් කෑල්ල ලැබුනු වෙලාවෙ අපේ සීය ගෙදර ඉදල නෑ. අාච්චි චීස් කාල තිබුනට අපේ අම්මල ලොකුඅම්මල ඒ කාලෙ චීස් කුට්ටියක් දැකලවත් තිබිල නෑ. කවදාවත් නොකාපු චීස් දීල ලමයින්ට බඩේ කැක්කුමක්වත් හැදුනොත් කියල හිතපු ආච්චි චීස් කුට්ටිය හොඳ සුදු රෙදි කෑල්ල  ඔතල අල්මාරියෙන් දාල රස්සාවට ගිහින් තියෙන්නෙ හවසට සීයත් ආවම චීස් කෑල්ල එයාටත්  පෙන්නලම ළමයින්ට දෙනව කියල හිතලයි.
ඒ කාලෙ අපිට ෆිඡ් එකක් තිබිල නැති නිසා තමා අල්මාරියෙ දාල තියෙන්නෙ.😔
මේ කාලෙ වෙනකොට අපේ අම්ම ඇබින්දන් වයසෙත්,, ලොකුඅම්ම ටිකක් ලොකු වයසකත් තමයි ඉදල තියෙන්නෙ. ලොකු කිව්වට අවුරුදු 12 -13 වගේ.
   ⁣ඉතින් කොහොමින් කොහොමින් හරි දවස ගෙවිල ගිහින් ආච්චි වැඩ ඇරිල ඇවිත් සීයත් ගෙදර ආවට පස්සෙ ආච්චි සීයටත් චීස් කුට්ටියෙ විස්තරේ කියල චීස් කෑල්ල කන්න හිතල අල්මාරිය ඇරල තියෙනව.
සුදු රෙදි කෑල්ල තියෙනව ලු.

චීස් කුට්ටිය අතුරුදන්"!!!

චීස් කෑල්ලට උන දේ හරි ප්‍රශ්නයක් වෙලා.
චීස් කෑල්ල ගැන බරපතළ විමර්ශනයක යෙදුන අපේ ආච්චිට පෙනිල තියෙනව අපේ ලොකුඅම්මගෙ මූණෙ පොඩි හොර  පෙනුමක්.
ඒ පාර ආච්චිඅම්ම එයාව සීයයි ආච්චියි ඉන්න දෙපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියට අරගෙන ගිහින් ප්‍රශ්න කරන්න පටන් අරගෙන..

     ඒ වෙලාවෙ ලොකුඅම්මගෙයි ආච්චිගෙයි සංවාදෙ තමයි මේ..

ආච්චි - කෝ ළමයෝ මම අල්මාරියෙ දාල තිබුන චීස් කුට්ටිය.

ලොකුඅම්මා - මම චීස් කුට්ටියක් ගත්තෙ නෑ

ආච්චි - ඇත්ත කියන්න. මම ඔයාට ගහන්නෑ. ඔයා අල්මාරිය ඇරියද නැද්ද?

ලොකුඅම්මා - අල්මාරිය නම් ඇරියා

ආච්චි - අල්මාරිය අැරියං නං චීස් කුට්ටියට මොකද කලේ කියනව ළමයා

ඒ පාර අපේ ලොකුඅම්ම ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මේම කිව්වලු,,,

මම  චීස් කෑල්ලක් ගත්තෙ නෑ. මම ඉස්කෝලෙ ගිහින් ඇවිත් සුදු ගවුම හෝදන්න  ලිඳ ගාවට ගියාම ලිඳ ලඟ තිබුන සබන් කෑල්ල ඉවර වෙලා හින්දයි අල්මාරිය ඇරියෙ.
 මම ඒකෙ අර සුදු රෙදි කෑල්ලකින් ඔතල තිබුන සල්ලයිට් බාගෙ විතරයි ගත්තෙ.
 ගවුම හෝදල සබන් කෑල්ල ලිඳ ලඟම තියල ආව. මාව විශ්වාස නැත්නම් ගිහින් බලන්න මම ගත්ත සල්ලයිට් බාගෙත් එතන තාම ඇති.
මම චීස් කෑල්ලක් නම් ගත්තෙ නෑ!!!

බිලී පස්වන සහ අවසාන කොටස

උදේට පාඩම් කරන්නයි , හවසට පල්ලි යන්නයි.., ආච්චිගෙ නීති එක්ක ආච්චිට ඕන විදිහට ඉන්න එක මට මේ වෙනකොට  එපාවෙලයි  තියෙන්නෙ.  ලොකු ජෝර්ජ් සීයා ගැ...