Sunday, October 23, 2016
සත්ව ලෝකයේ විස්මිත කරුණු .....
1.මෙලොව වසන නීරෝගීම ඡීවියා වන්නේ මෝරායි.මෝරා කිසිඳු ලෙඩකින් පීඩා නොවිදියි.
2.චීටාවුන්ට ගෙරවුම් ශබ්දයන් පිටකල නොහැකි අතර පූසන් මෙන් "පුරු පුරු" හඩ නගති.
3.ලොව බුද්ධිමත් අතින් හතරවැනි ස්ථානයේ සිටින්නේ ඌරායි.
4.බුද්ධිමත් බව අතින් චිම්පන්සින් වදුරන්ට වඩා බොහෝ ඉහළින් සිටී. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ, චිම්පන්සින් හට කණ්ණාඩියකින් බලා තමාව හදුනාගත හැකි අතර වදුරාට එසේ කළ නොහැකිය .
5.කටුස්සාට අවශ්‍ය අතකට හැරවිය හැකි විශාල ඇස් දෙකක් ඇති අතර එමගින් එකවර දිශාවන් දෙකක් දැකීමේ හැකියාව පවතී.
6.කම්මැලිකාර සතෙකු වන ගොලුබෙල්ලන් හට එක දිගට අවුරුදු තුනක් නිදාගත හැක.
7. බත්කූරෙකුගේ ඇසේ කාච 30000 ක් පිහිටා ඇත.
8.ඩොල්ෆින් මත්ස්‍යයකු හට පැයට කිලෝමීටර 60ක වේගයෙන් පිහිනිය හැක.
9.පැස්බරෙකු හට පැයට කිලෝමීටර 70ක වේගයෙන් දිවයා හැක.
10.කිඹුලාගේ දිව මුඛයේ උඩු තල්ල හා සම්බන්ධ අතර ආහාර සැපීමේ හැකියාවක් නොමැත .නමුත් කිඹුලාගේ ඡීරණ යුෂ ඉතා බලවත් අතර එමගින් ගිලින ඕනෑම දෙයක් ( යකඩ ඇණ වීදුරු වුවත්) ඡීරණය කල හැක.
Subscribe to:
Post Comments (Atom)
හොල්මන
තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...
-
ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල ප...
-
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න ම...
-
අඳුරු අධිපතියෙකුගේ කූට උපක්‍රම මත ආරම්භ වූ යුද්ධයක්. යුද්ධයේ ඉරණම තීන්දු කරන අතුරුදන් වූ මහා බලගතු මුද්දක්. අඟුටු මිට...










චීටා කොහොමත් බළල් කුලයේ සතෙක්නේ... ඌරට හිතුවට වඩා මොලේ තියෙනවා එහෙනන්.... :--)
ReplyDeleteසිංහය බළල් කුලේ උනාට ගොරවනව මෙයාගෙ තමා අවුල
Delete