මම නම් ඉතින් ඉතිහාසය , සාහිත්‍ය වගේ මාතෘකාවලට කොටු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි.. ඒක නිසා කුණු ගෑවුණත් කමක්නෑ කියල කුණු ප්‍රශ්නෙ ගැන ලියන්න කල්පනා කලා..
මීතොටමුල්ල ඛේදවාචකය තමයි මේ ලිපිය ලියන්න මූලික වුනෙ..
ඇත්තටම අද වෙනකොට ඇයි මෙච්චර කුණු , මේ කුණු වලට මොකක්ද කරන්නෙ.. මෙව්ව ගැන කතාකරන්න ගත්තහම කියන්න සුරංගනා කතා කන්දක් තියෙනව ..කුණු ගැන කියනකොට ලගින්ම යන වචනයක් තමයි "ප්‍රතිචක්‍රිකරණය" ,, ඒත් ඇත්තටම මීතොටමුල්ල වගේ කන්දක් ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන් ද? සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මගේ අදහස තමයි , ඒ ගැන කතා කරල වැඩක් නෑ කියන එක.. ඔය කුණු කන්ද ප්‍රතිචක්‍රිකරණය කරන්න ගියොත් පරම්පරා දහයක් විතර යනකම් ප්‍රතිචක්‍රිකරණය කරන්න වෙයි.. ඕකට මගෙ ගාව තියෙන සරල විසඳුම තමයි , අධික තාපයක් යටතෙ පුලුස්සන එක... ඕක කරන්න පුලුවන් ද කියල මම හරියටම දන්නෑ මගෙ අයිඩියා එක තමා ඒක..
දැන් ඉස්සරහට එකතු වෙන කුණු වලට අපි මොකද කරන්නෙ? මම දැක්ක පත්තර ටීවී වල ලොකු මහත්තුරු කියනව ඉස්සර ක්‍රම වලට අපි පුරුදු වෙන්න ඔ්න, දේශීය දිරාපත්වෙන දේවල් පාවිච්චි කරන්න ඕන,, පොලිතින් භාවිතය අවම කරන්න ඔ්න, ගෙදර කොම්පෝස්ට් වලක් හදන්න ඕන ( පර්චස් දෙක තුනක ඉන්න අයට සාලෙ මැද්දෙ තමා හාරගන්න වෙන්නෙ) කියන දේවල්.. ඇත්තටම මහත්තයෝ ඒව කරන්න ඕන තමයි. කවුද ඒව කරන්නෙ.. ඔබතුමාලගෙ ගෙවල්වලවත් එහෙම කරනවද? ඕව සමාඡයට තේරුම් කරන්නම අවුරුදු දහයක් විස්සක් යනව..
ඇත්තටම මගේ අදහස තමා මෙන්න මේක.. මේකත් ටිකක් ( ගොඩක් ) අමාරු ක්‍රමයක් , මගෙ පොඩි මොලේට වැටහිච්ච හොඳම අදහස තමා මේ..
1...පළවෙනි පියවර තමයි කූණු එකතු කිරීම .. ( ප්ලාස්ටික් , දිරාපත් වන දේවල් , වෙනත් මේ විදිහට තමා වර්ගීකරණය කරන්න ඕන.. ) ඔය වෙනත් කියන කෑල්ලට 100% පට්ටම ගඳ ගහන ඡහඡරාව දාන්න පුලුවන් ..
2. දෙවනි පියවර තමයි මේ එකතු කරන ද්‍රව්‍ය ලංකාව පුරා ගොඩනගපු කුණු ප්‍රතිචක්‍රිකරණය ආයතන දහයට බෙදා හරින්න ඕන.. (එහෙම ආයතන ගොඩනගල)
මේ ගොඩනගන ආයතන දහයෙන් හතරක් තාපයෙන් කුණු පුලුස්සන තැන් වෙන්න ඕන... අර වෙනත් ගොඩේ තියෙන ඔක්කොම කුණු මේවට යවල පුලුස්සන්න ඕන.. එතකොට අනික් හයෙන් තුනක් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කරන තැන් වෙන්න ඕන, අනිත් තුන කොම්පෝස්ට් නිපදවන තැන් වෙන්න ඕන..
3. දැන් තුන්වෙනි පියවර විදිහට එකතුකරන කුණු ගොඩගසා ගැනීමකින් තොරව කෙලින්ම අර මධ්‍යස්ථාන වලට යවන්න ඕන. මේ එක මධ්‍යස්ථානයකට අක්කර දහය පහළොවක ඉඩමක් ගත්තනම් හරියටම හරි...
4.. හතර වෙනි පියවර මේ කරන වැඩ වල කාර්‍යක්ෂමතාව මනින්න නිලධාරී මණ්ඩලයක් පත් කරන්න ඕන... ඒ අය අනිවාර්යයෙන් මේ වැඩ වල අක්‍රමිකතා උනොත් වගකීම ගන්න බැඳී සිටින්න ඕන.
5.. මේ තමයි අවසාන පියවර , කුණු එකතුකරන්න එන වාහනේ මොඩ් කරන්න ඕන.. රියදුරු සහ සහයක ඇරුණහම වගකිවයුතු නිලධාරීයෙකුත් මේ ටැක්ටෙර් නැගල යන්න ඕන.. අපේ මිනිස්සු වර්ගීකරණය කරල කුණු දාන්නත් කැමති නෑනෙ.. අන්න ඒ අයට අර නිලධාරිය දඩ ගහන්න ඕන. ( රවි අංකල්ට කුණු බද්දකුත් එනව)
මේ වගේ සරල ක්‍රමයකින් පටන්ගත්තනම් කුණු ප්‍රශ්න ඔච්චර දුර දිග යන්නෑ...
මේ දේවල් කරන්න දේශපාලන බල අරගල අතර කිසිම ඉඩක් නෑ, මොන පක්ෂ ආවත් ඒක එහෙම්මම තමා කියන එක තමා මගෙ අදහස..මම මේක ටයිප් කලේ මට හිතුන නිසා ,, හිතේ තියන් ඉන්නවට වඩා කොහෙ හරි කොටල දාන එක හොඳයිනෙ....
හොඳ අදහසක් ....අර පාට පාට බාස්කට් ගෙවල් වලට දුන්න නේ ..ඒ වුනාට අපේ මිනිසු එහෙම කුණු ගෙදරදීම තේරුවෙත් නෑනේ .මිනිස්සුන්ගේ ආකල්ප හදලා බැරිම උනොත් ලොකු දඩයක් ගහන්න ඕනේ
ReplyDeleteඅනිවාර්යයෙන්
Deleteහොද අදහසක්... ලංකාවෙ කැම්පස් එකක කොල්ලෙක් හදලා තියෙනවා කිලෝ 300 ක් එකසැරේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුලුවන් යන්ත්‍රයක්... ඒකට එයාට ලක්ෂ 30 ක් වගේ වියදම් වෙලා තියෙනවා... තව ලක්ෂ 20ක් වගේ තිබුනොතින් එයාට ඒක වැඩිදියුණු කරන්න පුලුවන්ලු... මේකෙන් මාස තුනක් ඇතුලත කුණු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන් කියලා තමා එයා කියන්නේ... එයා මේකට පේටන්ට් එක ගන්නෙත් නෑලු... මොකද පේටන්ට් එක ගත්තම එයාට විතරනේ මේක හදන්න පුලුවන්...
ReplyDeleteදක්ෂයන්ට තැනක් ලැබෙන්නම නෑ , ඒකයි අවුල
Deleteහොඳ ලිපියක් තරිඳු.
ReplyDeleteහැම දේම හොඳින් වෙන්නනම් මිනිසුන් හිතන විදිහත් හැදෙන්න ඕනේ.
ජයවේවා!!!
අනිවාර්යයෙන් දුමී ආවට ස්තුතියි
Deleteවෙනදට කරන්නෙ මෙහෙම දෙයක් වුණාම බනින එක
ReplyDeleteඒත් දැන් පුරවැසියෝ කරන්නෙ ඒකට මේ වගේ විකල්ප, යෝජනා ගෙනඑන එක
ඒවා ක්‍රියාත්මක කරන්නැයි බල ක්එරෙන එක. අන්න ඒක සෑහෙන හොද ලක්ෂණයක් බන්.
කොහොමත් නිසි පරිදි අපද්‍රව්‍ය බැහැර නොකරන එවුන්ට දඩයක් ගහන්නම ඕනෙ
අනිවාර්යයෙන් දඩ ගහන්න ඕන.. අරක නම් සමාඡ පෙරළියක ලක්ෂණ කියලයි මම හිතන්නෙ
Deleteමේ ඥානය වගකිවයුතු බලධාරීන්ට නොමැති වීමයි ගැටලුව...
ReplyDeleteඅනිවා
Delete