Saturday, December 23, 2017

කොලුවා කෙට්ටු ,, බොනව සුරුට්ටු


 
කොලු⁣වා    කෙට්ටු
බොනව     සුරුට්ටු
කරනව         මට්ටු
දාමුද               ඔට්ටු

කොලුවෝ කෙට්ටු
බොන්න    සුරුට්ටු
තියලා        මොට්ටු
හිනෙහෙයි    රට්ටු

බොනව    සුරුට්ටු
වෙනවා     කෙට්ටු
කිවුවට          රට්ටු
වෙන්නෑ       මාට්ටු

නොබී        සුරුට්ටු
කාපිය            පිට්ටු
නැතිවෙයි  කෙට්ටු
දාමුද               ඔට්ටු

කොලුවා    කෙට්ටු
නොබී        සුරුට්ටු
කනවා           පිට්ටු
දිනුවා            ඔට්ටු

23 comments:

  1. අපූරුයි මලේ. ලස්සනට ගැළපිලා තියෙනවා.
    ඒ වගේම සතුටුයි මේ ගත්ත උත්සාහයට.
    ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තූතියි දුමී අයියේ

    ReplyDelete
  3. කොල්ලා තරිදු
    වෙන්නෙ මට්‍ටු
    දාලයි වෙට්‍ටු
    වැ‍ටුනෙ පනිට්‍ටු

    - ජෑ මා කාලී -

    ReplyDelete
    Replies
    1. යන්තමට පද හතර ගලපගත්ත මට , ලොකු ලොකු කවි තර්ජන දාන්න එපා මකරෝ

      ඡයවේවා

      Delete
    2. පද හතර ගලපා
      ලියනු කවි මිතුරා
      තර්ජනය කරලා
      දාපිය කවිය ලියලා

      - ජෑ මා -

      Delete
    3. නමින් ඔබ මකරා
      එනමුත් මගේ මිතුරා
      නොවී නම් මිතුරා
      කරමි මාගේ ලොකුම හතුරා

      Delete
    4. කරත් ඔබ සැරදා
      මරත් මා හිවලා
      කෙසේ හෝ පද ගලපා
      ලිව්ව එක ගැන සතු‍ටු මකරා

      - ජෑ මා කාලී -

      Delete
  4. Replies
    1. බේත් අරන් කෝ කැස්ස...

      - ජෑ මා -

      Delete
    2. @මකරා,
      කැස්ස දේශක යා ගත්ත.

      Delete
    3. හුටා හැක. හැක.

      අයියෝ මටත් හැදුණා කැස්ස

      - ජෑ මා කාලී -

      Delete
    4. කැස්සට කොස්ඇට ටිකක් කාපං

      Delete
  5. සතුටුයි මලයා .... සාර්ථකයි..

    ReplyDelete
  6. එත කොට සිගරට්

    ReplyDelete
  7. බොන්නෙ ඇයි සුරුට්ටු
    කියා ඇහුවයි රට්ටු
    වැටෙන්නෙම වෙට්ටු
    එයට පිලියම බොමු සුරුට්ටු

    දුං කොල කපලා වටේට තියලා කොලයෙන් ඔතලා හදයි සුරුට්ටු
    වටේට ඉඳලා තේ ඒක බිලා පත්තුකරයි හැම එකටම රට්ටු
    දුං පිට කරලා රැල් හැර කැහැලා පෙන්වයි තේජස කරමින් මට්ටු
    වතුර දමාලා රටේම දුවලා හතිලන කෝච්චි වගෙයි සුරුට්ටු

    ReplyDelete
  8. අඩෝ කෝ උබෙ නව කථාව.

    ReplyDelete
    Replies
    1. ඒක තාම සම්පූර්ණ නෑ බං, කියවපු කෙනෙක් වැරදි ගොඩක් පෙන්නුව

      Delete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...