Monday, February 19, 2018

අත්භූත පළි ගැනීම

 
අද මම ඔබව අරගෙන යන්නේ 1960 අවුරුද්ද වෙතයි,

ස්ථානය - මහඋලුකන්ද වලව්ව
සිද්ධිය - යම් රහස් කටයුත්තක්

අප්පුවෝ ගමනක් යන්න ලෑස්ති වෙයං මේ දැන්මම.
ඒ කොහාටද හාමු මහත්තයො?
උබට යන තැනින් වැඩක් නෑනෙ ,, උබ ගිහින් ඉක්මනින් සේතුංවත් එක්කගෙන වරෙන් .මේ හවස්කොරේ ඌ අර මාටියගෙ රා ගුබ්බෑයමට වැදිල ඇත්තෙ, දැන්ම පලයං.
        සේතු අයියේ , හාමු මහත්තය අපිට ගමනක් යන්න කතා කොල.
  මේ තකහනියෙම කොහාට  යන්නද මලයෝ,
මම දන්නෙත් නෑ බං අයියෙ, රාලයත් ඇවිල්ල හිටිය , දුර ගමනක් යන්න වෙන්නැ. නැත්නම් ඉතිං හාමු මහත්තයම වාහනේ අරගෙන යනව නොවැ.
    ඒකත් ඇත්ත,,උබ පලයං, මම වෙන සරම් කඩමාල්ලක් දාගෙන එන්නංකො.
තව වෙලා ගියොත් එහෙම රාලහාමිගෙන් විසුමක් වෙන්නෑ ඕං.
  හරි හරි මම එන්නං , උබ පලයන්කො.
    හාමු මහත්තයෝ, මේ අප්පු මලය අතේ මට පණිවිඩයක් එවල තිබුණෙ. ඒකයි මම මේ තකහනියෙම ආවෙ.

  හා. හා. උබ වෙලාවට ආපු එකත් මදෑ
         සේතුවෝ මේ අප්පුවවත් අල්ලගෙන ඔන්න ඔය පොල් මල්ල වාහනේ පිටිපස්සට දැම්මනං..
  හොඳමයි හාමු මහත්තයො.

        දැන් පැය ගානක් තිස්සෙම යනව , හැබෑටම අපි කොහාටද යන්නෙ හාමු මහත්තයෝ..                        
         අප්පුවෝ උබටත් ඕන නැති දෙයක් නෑනෙ, අපි මේ කලුතර වලව්වට ගිහින් එන්න යන්නෙ.
       අපෙ අප්පෝ ,, මහ හාමු ඒ පරණ වලව්ව අතහැරල දැම්මෙ මම පුංචි සන්දියෙදිනෙ හාමු මහත්තයො, ඕක සුද්ද බුද්ද කරන්න මටයි සේතුං අයියට නං බැරි වෙයි , තව දෙතුන් දෙනෙක්වත් හිටියනං තමා හොඳ.
     කට පියාගෙන හිටපං අප්පු, නැත්නම් මම උබව මේ දැන්මම වාහනෙන් එලියට දාල යනව..
   හ්ම් කොහොමින් කොහොමින් හරි ඇඟටත් නොදැනිම තැනටත් ආව..අප්පූ උබයි සේතුනුයි ගිහින් කැලෑ මන්ඩිය වැඩි තැනක් බලල වලක් හාරපං , පොඩි වලක් නෙවෙයි , ලොකු ගැඹුර වලක්.
 ඒ මක්කටැයි හාමු මහත්තයො..
 කට පියාගෙන මම කියපු වැඩේ විතරක් කරපංකො.
    හොඳමයි හොඳමයි.

 කපල ඉවරයි මහත්තයො.

 හොඳා හොදා , දැන් ගිහින් අර පොල් ගෝනිය ගෙනල්ල ඕ⁣කට දාල වලලපල්ල..
  හෑ!! ඒ මක්කැයි මහත්තයො.

තෝ මගෙ අප්පද බොල!!! මම කියන කොරන හැම එකක් ගැනම ප්‍රශ්න කොරන්න..උබලට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑ. මම කියපු දේ විතරක් කරහල්ල.ආව මෙතන අරකයි මේකයි අහන්න
   අප්පු මලයෝ මෙතන මොකක්හරි මගඩියක් තියෙනව වගේ.
හාමුවගෙයි රාලයගෙයි හැසිරීමෙන් උනත් පේන්නෙ නැද්ද?
 එ්කනං අැත්ත තමා අයියෙ ඒත් ඉතිං අපිට එව්ව මක්කටද , කරන්න ආපු රාඡකාරිය ඉවරකරල ගතමනාවක් අරගන්නනෙ ඕන.
  අපෙ අප්පෝ මේ ගෝනියෙ බර , පොල් නොවේ මනුස්සයෙක් දාල වගේ...

 දඩස්.

ඒ මොකක්ද බං.

 අයියෙ මේ ගෝනියෙ කට පොඩ්ඩක් බුරුල්වෙල , පොල් ගෙඩියක් කාර් එකේ ඩිකියට වැටුන.
   කමක්නෑ බං ඕක ඔහොම්ම තියහං , නිකං වලදාන එකේ පොල් ගෙඩියක් දෙකක් හැලුණ කියල මක්ක වෙන්නද?  මට ඕක ගෙදර යනකොට අරන් යන්න බැරි⁣යෑ , මොකෝ කුණු හාමුව අපෙන් වැඩ ගත්තට පොල් ගෙඩියක් වත් නිකං දෙන එකක් යෑ.

අප්පුවෝ , දැන්වත් ඉවරද ඔය වැඩේ
     එහෙමයි.හාමු මහත්තයො , වලලල ඉවරයි.
   එහෙනං තව සුනංගු වෙන්න කලින් යමල්ල , එළිය වැටෙන්න ඉස්සරින් වලව්වට යා ගන්න..

අපෙ අප්පේ,අැති යාන්තං වලව්වට පය තිබ්බ.
අප්පුවො
කෝ බං සේතුව..
උන්දැ වාහනේ ගාවට වෙල උන්න හාමු මහත්තයො.
  වාහනේ ඇවිල්ල කරකැවිල්ලද කොහෙද?

   හ්ම් හ්ම් , බොලාලට ඉතිං එහෙමට වාහනේක යන්න ලැබෙන එකක් යෑ.
           අප්පුවො මේන් මෙතන රුපියල් සීයක් තියෙනව , උබට පනහයි , සේතුවට පනහයි. හැබැයි මේ ගිය ගමන ගැන කටේ කෙළ බිඳුවක්වත් හෙළනව නෙවෙයි පුතෝ,.මේක මේ ගුරුකම් වැඩකට ගිය රහස් ගමනක්.
  හොඳමයි හාමු මහත්තයො.

(රහසින්)හාමිනේ උන්නනං තේ කහට ටිකකුත් බීලම යන්ඩ තිබුන. කුණු හාමුව එහෙමවත් එකක් දෙන එකක් යෑ.

    ⁣සේතුං අයියෙ , මොකො සල්ලි ගන්ඩ වලව්ව පැත්තට  නාවෙ. මේං හාමු මහත්තය උබට රුපියල් තිහක්ම දුන්න.
      කුණු හාමුව ඔහොම්මමයි , මම රුපියල් පනහක්වත් දෙයි කියාන හිතාන උන්නෙ.
    මලයට අමතක උනද පොල් ගෙඩිය. මම මේ රාලය වාහනේ මඩුවට දාල වලව්ව පැතතට යනව දැකපු නිසා පොල් ගෙඩිය ගන්න කියල ආව.. හොඳා හොදා
     එහෙනං මම ගොහිං එන්නං සේතුං අයියෙ...

මලයෝ!
මලයෝ!!
මලයෝ!!!

මොකෝ බං සේතුං අයියෙ මේ උදෑනැක්කෙම බෙරිහන්දෙන්නෙ.

අර පොල් ගෙඩිය

මොකෝ බං...,

මලයො ඒ පොල් ගෙඩියෙ පැත්තක ලොකු ලේ පැල්ලමක් තියෙනව බං..

ලේ පැල්ලමක් !!!

ඔවු බං ලේ පැල්ලමක්...

මම මේ උදේ පොල් ගෙඩිය ලෙලි ගහන්න හදනකොට බං දැක්කෙ, දැකපුගමන්ම තකහනියෙම දුවං ආව.

සේතු අයියට විශ්වාසද ලේ පැල්ලමක් කියල?

විස්වාස දත් කියල අහනව.. වරෙන් මයෙ එක්ක යන්න...

යමංකො බලන්න.

කෝ බං පොල් ගෙඩිය...

මලයෙ⁣ා ⁣, පොල් ගෙඩිය මෙතනනෙ තිබ්බෙ , හැබෑටම මේක කොහෙට අන්තරස්දාන උනාද?.., උබට විශ්වාසද ඔතනමයි තිබ්බෙ කියල.

ඔව් බං ඔව්...

පොල් ගෙඩිය කොහෙ යන්නද බං, ඇවිදින්න ඒකට කකුල් තියෙන එකක්යෑ.

  යමංකො බලන්න පාර පැත්තටවත් , උබ නැති අතරෙ කවුරුහරි එකෙක් පොල් ගෙඩිය ගිනිච්චද කියලවත් බලන්න.
අප්පුවෝ අර මොකෝ මාටිං මාම හති දාගෙන දුවන්නෙ.

හැබෑමයි....

මාටිං මාමේ , මාටිං මාමේ මොකෝ මේ උදෑනැක්කෙම හති දාගෙන දුවන්නෙ...

බොලට ආරංචි උනෙ නැද්ද ,

  "හාමු මහත්තය මැරිල"

        අනේ බොරු නොකිය හිටපං මාමෙ , ඊයෙ රෑත් අපි හාමු මහත්තයව හදිගැහිල ආවෙ, මිනිහ ඔය යස අපූරුවට උ⁣න්නෙ.

අද උදේ බං වෙලා තියෙන්නෙ , හාමු මහත්තය උදේ ගෙයින් දොට්ට බහිනකොටම ගේ ඉස්සරහ ගහේ පොල් ගෙඩියක් ඔලුවට වැටිල , මිනිහ එතනමයි....

පො. පො.පොල් ගෙඩියක්....

ඔවු බං පොල් ගෙඩියක් , කට්ටිය කියාපු හැටියට  නං , පොල් ගෙඩිය ඔලුව මැදටමලු වැටිල තියෙන්නෙ....
කෑ ගහන්නවත් වෙලාවක් ලැබිල නෑ.

බොලත් යනවනං යමල්ල බලන්න , මමත් මේ යන ගමන්..

 යමු යමු මාමෙ....

හපොයි ,
මොන සන්තෑසියක්ද? ඔලුව බලන්න බෑ.

අප්පු මලයෝ , මෙහෙ වරෙන් පොඩ්ඩක් පැත්තකට,

අර හාමුගෙ ඔලුවට වැටිච්ච පොල් ගෙඩිය, ඒක තමයි බං මම අර ගෝනියෙ තිබිල ගෙදර අරං ගිය පොල් ගෙඩිය..

හත්දෙයියනේ, උබට සහසුද්දන්ම විශ්වාසද ?

මක්ක කියනවැයි මලයා, මම අද උදේ ලෙලිගහන්න ගත්ත පොල් ගෙඩිය මට අඳුරගන්න බැරිද? ⁣ඒ ලේ පැල්ලමටම තමයි හාමුගෙ ලේ ගෑවිල තියෙන්නෙත්.

මට නං හිතෙන්නෙම , මේ පොල් ගෙඩියටයි අපි ඊයෙ ගිය ගුරුකම් වැඩේටයි සම්බන්ධයක් තියෙනව..
    රාලය මේ ගැන මොනව මොනව හරි දන්නවඇති, ඌ ඊයෙ දවසම වලව්වට වෙලා උන්න කියල මට කිවුව..

වරෙන් යන්න රාලයව බලන්න , ඌත් අපිත් එක්ක ගියත් නොවැ...

එතන අක්කේ් කෝ රාල අයිය ඉන්නවද?

රාල අයිය ටවුමට ගිහින් එන්න කියල ගිය, හාමු මහත්තයගෙ මරණෙ වැඩ කටයුතු ගැන පොලෝසියට රපෝත්තු කරන්නත් තියෙනවනෙ, මේ මනුස්සය හාමු මැරිච්ච වග දැනගත්ත වෙලාවෙ ඉදල පිස්සු හැදිල වගේ උන්නෙ , මම නං හාමුගෙ වාහනේ ටවුමට යන්නත් එපා කිවුව කෝ කියන එකක් අහන එකක් යෑ....

හොඳා හොඳා අක්කෙ , අපි පස්සෙන් පහු වෙලාවක එන්නංකො.

අප්පු මලයෝ අපි මේ පොල් ගෙඩිය ගැන කටේ කෙල බිඳවක්වත් හෙලන්න හොඳ නෑ..........
හොඳා අයියෙ..
යමං යමං , මෙතන්ට වෙලා ඉඳල වැඩක්නෑ ,මල ගෙදර වැඩවලටවත් උදව්වක් කරන්න එපෑ...

මළගේ වැඩ ටිකනං ලෑස්ති කොලා, මිනිය ගේන්න තමයි තියෙන්නෙ,
 කෝ බං අයියෙ රාලය තාම නෑනෙ. මිනිහ පොලෝසියට ගියාට පස්සෙ එහෙම්මම මල් ශාලාව පැත්තටත් යන්නැති
 
    වරෙල්ලා
    වරෙල්ලා

රාලහාමිගෙ කාර් එක ඇලට පෙරලිල, රාලය වාහනේ ඇතුලෙ හිරවෙල , ඩිංගියයි , සුද්දයි වාහනේ කෙලින් කොරගන්න හදනව, ඒත් පස් හය දෙනෙක්වත් නැතුව ඒක පෙරලල රාලයව එලියට ගන්නව බොරු...
   වරෙල්ල යන්න!!!

අප්පුවෝ අපි මේ පැත් උස්සන්නං, උබ රාලයව ඇදල ගනිං.

ඇදපල්ල එකායි !
                 දෙකායි..
                  තුනායි.......

  රාල අයියේ උබට කොහොමැයි.. අමාරුයිද බං බොට.. කතා කරපං රාල..

ම.ම.ම වැඩි ක ාලයක් ,තව ඉඉ ඉන්න එකක් නැ. මගෙ සාක්කුවෙ ලියුම් කඩදහියක් ති තියෙනව නව  , ඒක හංග ගනිං අප්පු මලේ.....

ආ ආ ආහ්.........අහ්

රාල අයියේ, රාල අයියේ

නෑ නෑ හපොයි දෙයියනේ.මේ මොන සන්තෑසියක්ද..

රාලයත් එහෙන මැරුන,, යමං අප්පු මලයො අරෙහෙට,

 අර ඌ උබට දීපු ලියුම් කඩදහිය මමත් දැක්ක.ඕක හංගගනින් දැන්ම , ගමේ එවුන් ඔය ගැන දැන ගන්න ඕන නෑ.....

ඒ මොකෝ සේතුං අයියෙ.

අර බලපං ,
කො කොහෙද?
අර පාර අයින බලපං.

හත්තිලව්වයි පොල් ගෙඩිය.

ඒක තමයි බං , පොල් ගෙඩිය වාහනේ ඉස්සරහ රෝදෙට අහුවෙච්ච නිසා තමයි වාහනේ පාලනේ කොරගන්න බැරුව ගිහින් ඇළට වැටිල තියෙන්නෙ.....

ගමේ එවුන් මේ ගැන දැනගන්න ඕන නෑ..

යමංකො බොලෑ ගෙවල් පැත්තට,
මේ හරියෙ නං මොකෙක්වත් නෑ.

කියවපං බලන්න ඔය  කඩදහිය.

අප්පු මලයෝ , උබ මේ ලියුම් කඩදහිය කියවනව කියන්නෙ අනිවාර්යයෙන් මම ඡීවතුන් අතර නෑ , ඉන්තේරුවටම අර පොල් ගෙඩියට වැහිල ඉන්න යස්සනී මාව මරලදාල..
       මේ හැම දෙයක්ම පටන්ගත්තෙ දැනට දවස් දෙකකට උඩදි මට හාමු මහත්තය වලව් වත්තෙ පොල් කඩන්න එන්න කිවුව දවසෙ..මම වාහන එලවන්න දැනන් හිටියට මට කොයින්ද වාහන, මම ඉදල හිටල හාමුගෙ වත්තෙ පොල් කඩල කීයක් හරි හම්බ කරගන්නව..උබත් දන්නවනෙ ඒ  ගැන.
           එදා උදේ හාම මහත්තය හැසිරුනේ හරි අමුතු විදියට, ගිය ගමන්ම මාව වලව්ව ඉස්සරහ පොල් වත්තෙ කාමරේට එක්කං ගිහින් රට අරක්කු වීදුරු දෙකක් දුන්න. ඊට පස්සෙ  හාමු මහත්තය මට රුපියල් දාහක් දීල කරන්න වැඩක් බාර දුන්න..
සල්ලි තණ්හාවට මම ඒක බාර ගත්තනෙ දෙයියනේ...ඒකට ලැබුණ දඩුවම තමයි මේ..
     හාමු මහත්තය බාර දීපු වැඩේ තමයි , මල්එතනව මරන එක.අර සුගතංගෙ ලොකු දූ , අර ඉලන්දාරියෙක් එක්ක පැනල ගියා කියල ආරංචි වෙච්ච එකී.
  ⁣ඒකි ⁣හැබෑවටම පැණල ගිහින් නෑ.
      ඒකිට හාමු මහත්තය එක්ක සම්බන්ධයක් තිබිල තියෙනව.කොහොමින් කොහොමින් හරි ඒකිට හාම මහත්තය දාව දරුවෙක් ලැබෙන්න ඇවිල්ල..ඒකි තමන්ව බඳින්න කියල හාමු මහත්තයට බල ⁣ෙකාරල.
ඇයි ඉතිං තාත්තෙක් නැති බඩදරු අම්ම කෙනෙක්ව කවුද බාරගන්නෙ...පෙරේද  ඒකි ගෙදර හැමෝටම හොරෙන් වලව්වට ඇවිල්ල , වලව්වෙන් යන්න බෑ කියල කාමරේක නතරවෙල. හාමු මහත්තයට මේකිව එලවන්නත් බෑ, මොකෝ මේකි මේ ගැන ගම වටේ කිවුවොත් හාමු මහත්තය පාරෙ රෙද්දක් ඇඳන් යන්නෙ කොහොමද? ඒකිගෙ කරදරේ ඉවර කරන්න හාමුට  ඕන උන, හැබැයි අනතුරක් වගෙ තමයි කරන්න ඕන උනෙ.මොකද එහෙම නොකලොත් හාමු ගස් යනව..ඒක කරන එක තමා මට බාර දුන්නු වැඩේ...
 හාමු වැඩේට ප්ලෑනකුත් ගහලයි තිබ්බෙ. ඒකිව වලව්වෙ ඉස්සරහ මිදුලට ගෙනල්ල ,රිලවෙක් කඩල දාල වගේ පොල් ගෙඩියක් දාන එක තමයි පලෑන.
 අපිට කියන්න තියෙන්නෙ , පැනල ගිය එකී හාමුගෙන් කීයක්හරි ඉල්ලගන්න එනකොට ⁣ෙපාල් ගෙඩියක් වැටිල මලා කියල.
       ඉතිං එදා හවස හාමු මහත්තය ඒකිව රවට්ටල ගේ ඉස්සරහ පොල් ගහ මුලට ගෙනාව. මම ගහ උඩ ඉදගෙන පොල් ගෙඩිය අතහැරිය. ඒත් ඒකි මහ පණ හයිය ගෑණියෙක් ඒකි බිම වැටිල කෑ ගගහ උන්න. මම ගහෙන් බැහැල එනකොටත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. හාමු මහත්තය කලබලේට පොල් ගෙඩිය ඇහිදල අරගෙන ඒකෙන් ඒකිගෙ ඔලුවට ගහගෙන යනව. මම ගහෙන් බැහැල එනකොටත් ඒකි මැරිල ඉවරයි.
         ඉබේ පොල් ගෙඩියක් වැටුන වගේ කරන්න හැදුව වැඩේ  කපෝතියි.පොල් ගෙඩියකින් ගහල මැරුන කියල මරණෙ දැක්කම හොඳටම පේනව. හාමු මහත්තය ගම කාගෙන. හාමුයි මමයි ඒකිගෙ මිනිය පුළුවන් ඉක්මනින් ගෝනියකට දැම්ම , දාල ඉවරවෙල වලව් වත්තෙ තිබ්බ පොල් ටිකකුත් උඩින් දාල අර මූසල පොල් ගෙඩියත් එකට දාල උබවයි සේතුවවයි ගෙන්නගෙන කලුතර  වලව්වට ගිනිහින් වල දැම්ම.
  මම හිතුවෙ එතනින් ඔක්කොම ඉවරයි කියල, ගමේ කතාව ගියෙත් ඒකි ඉලංදාරියක් එක්ක පැනල ගියා කියල නොවැ.
ඒත් හාමුගෙ මරණෙයි , පොල් ගෙඩිය ගැන උබයි සේතුවයි කරපු කතාවයි මට ඇහුන.මමත් ගොහිං බැලුව , ඒ අර පොල් ගෙඩියම තමයි.
මම දැනගත්ත මට ගැලවීමක් නැති වග. මම පුළුවන් ඉක්මනින් ගෙදර දුවල මේ ලියුම් කඩදහිය ලිවුවෙ ඒ කෙලීගෙ මරනෙ ගැන මගෙ හෘදසාක්සියෙන් නිදහස් වෙන්න.මම මළ දවසක උබට ඒක හම්බවෙයි.

මොකෝ මේ මෙතනින් ඉරිල තියෙන්නෙ..,
කෝ බං ලියුමේ ඉතුරු ටික.

තව මුකුත් නෑ අයියෙ, රාලය ඉරිච්ච කොලේක ලියල තියෙන්නෙ.

    ⁣සේතු අයියේ,

 මොනව කරන්නත් කලින් බණ්ඩි ගුරුන්නාන්සෙලගෙ ගෙදර යං, ගමට ඉන්න හොඳම ගුරා තමයි මිනිහ. මිනිහ දන්නව ඕන යකෙක් මට්ටු කොරන්න.
   හාමු මහත්තයගෙ වල කපන පැත්තටත් ගිහින් එහෙම්මම , බණ්ඩි ගුරාවත් හදි ගැහිලම එමු.
        මේ වෙච්ච දේවල් ගැන අපි බණ්ඩි ගුරාට කියනවද බං.
පිස්සුද සේතු අයියෙ , පොල් ගෙඩියක යස්සනියක් ඉන්නව කියනව හැරෙන්න කටේ කෙළ බිඳක් හොලවන්න එපා මේ ගැන. දැන්ම කතාවක් හදාගමු ගුරාට කියන්න.

     මොකෝ මේ අප්පුවයි සේතුවයි හතිදාගෙන,

ගුරන්නාන්සේ යස්ස  පුරස්නයක්,

ඔන්න ඔහෙන් ඈදිගෙන තේරෙන සිංහලෙන් කියපල්ල බලන්න.

 ගුරුන්නාන්සෙ , මේ අප්පු මලය පහුගිය දොහක සොහොන ගාවදි පොල් ගෙඩ්ඩක් ඇහිදල , මූ මේක ගෙදර ගිනිච්චම තමා දැකල තියෙන්නෙ , පොලේ ලොකු ලේ පැල්ලමක් තියෙනව කියල, පහුගිය දොහේම කොන්ඩෙ කඩාගත්ත ගෑණියෙක් මූව බය කොරලත් එක්ක. මෙකට මේ සාන්තියක් කොර ගන්න කියල ආවෙ.
      හිටහං පොඩ්ඩක් ..
ඇප නූලුත් ඉවරවෙල , වැඩේ ඉවරවෙනකං ආරස්සාවක් නොකරත් බෑ..මගෙ මේ සුරේ දාල තියාගනිං

ගුරුන්නාන්සෙ, මටත් සුරයක්?

උබටද දැං යස්ස දෝසෙ තියෙන්නෙ ,මගෙන් මුකුත් නාහ උබ ගොහිං අර පොල්ගෙඩිය අරන් වරෙං සේතුං...

    අප්පුවෝ
උබ මක්කටෑ සොහෙනෙ තිබ්බ පොලේ ගෙදර ගෙනාවෙ. උබලට පොල් වලින් හිගේකුත් නෑ නොවැ.

මේකයි ගුරුන්නාන්සෙ , මටවත් හිතාගන්න බෑ මම මක්කට ඒක ගෙනාවද කියල. අන්තිමට බලනකොට පොලේ ගෙදර

ඔහොම තමයි යස්ස දෝස තියෙන දේවල් ඇල්ලුවාම.

      ගුරුන්නාන්සෙ මේන් පොල් ගෙඩිය.
    ඕක දේවාලෙ කුටිය ඇතුලෙන් තියල , දෙන්නම ගෙවල් වලට යනව හොඳා. මම ඉතිරි හරිය බලාගන්නං...
 
හොඳමයි

     
            සේතුං උබ, දන්නවෑ වැඩක්.
ඒ මොකෑ ගුරම්පියෝ
 බණ්ඩි ගුරා ඊයෙ රෑ ආන්තරා වෙල.
  හත්තිලව්වයි.
කොහොමෙයි වෙලා තියෙන්නෙ,
ගුරා ඊයෙ රෑ මොකක්ද සාන්තිකර්මයක් කරනව කියල දේව කුටියට ගියාලු, උදේ උන්දැගෙ පවුල තමා දැකල තියෙන්නෙ ,උන්දැ එතන මැරිල ඉන්නව.
   යකා ගහල කියල තමයි ගමම ම කතා වෙන්නෙ.
මේ දොහට මරණ තුනක්ම උනා නොවැ , පුදුම කාලයක්..

 අප්පු මලයෝ , අප්පු මලයෝ,

මටත් ආරංචි උනා බං අයියෙ මරණෙ ගැන ඒක නෙවෙයි නොවැ පුරස්සෙ, ආන් අරක බලපං ,

  පොල්ගෙඩිය 😱😱😱

හත්තිලව්වයි , ඒක කොයි වෙලාවෙයි මෙහාට ආවෙ.
   මට උදේ පාන්දර ගහකින් ගෙඩියක් වැටෙනව වගේ ⁣සද්දයක් ඇහුන. එලියට ඇවිල්ල බලනකොට පොල් ගෙඩිය.

මේක නං ඉවරනොවෙන කරුමයක් බං.

කරන්න තියෙන්නෙ එක දෙයයි මලයො.
 අපි මේක ලෙලි ගහමු.

හිටිං මම උලක් ඇන්න එන්න.

මලයෝ මේන් බලාපං ලෙල්ල ගැලෙව්වමත් ගෙඩියෙ රතු පැල්ලම තියෙනව..

අපි මේක ගිහින් සොහොනට දාමු. බණ්ඩි ගුරාගෙ අවසන් කටයුතුත් අදනෙ.ඒ සෑයටම දාමු.එතකොටවත් මේ යස්ස දෝසෙන් අපිට නිදහස් වෙන්න ලැබෙන්නැතෑ.

රෑ වෙල යමු අයි⁣ෙය , අපි පොල් ගෙඩියක් අරං සොහොනට යනව ගමේ එවුන් දැක්කොත් , ඒකත් ප්‍රශ්නයක් වෙයි.

දැං නං සොහොන් පොලේ කව්රුවත් නැතුව ඇති.

සුනංගු නොවී යමං යමං.

 කවුරුවත් නෑ බං අයියෙ  , දාපං ඕක.. ද⁣ාපං

දඩාං

හ හා
හ හා හා
හ හා හා හාාාාාා

ම ම මල් එතනෝ. උබ?

සේතු අයියේ!!!!!!!!!!!!"!!!!!!

 උබට අද මගෙන් ගැලවීමක් නෑ සේතුං.
මැරෙන්න ලෑස්ති වෙයං

අනේ මම කිසිම වැරැදක් කොලෙ නෑ...

තෝ අද මෙතනින් පණපිටින් යන්නෑ, ..මම තෝව මරණව.

හහ් හහ් හා

මල්ලියේ,මාව බේරගනිං... යස්සනී මගෙ බෙල්ලෙන් අැල්ලුවෝ...
 මට උදව් කොරපං මල්ලියේ...

බුදුඅම්මෝ.....
ආ ආ ආ
හහ්

මගෙ අවසාන බිල්ල සේතුවත් ඉවරයි.

මගෙ ලඟට එන්න එපා.
එහාට පලයං යස්සනී..
පලයං යස්සනී.
මගෙ ගාව සු⁣ෙර් තියෙනව.

මම මගේ පළිය අරගත්ත..උබ හරි වාසනාවන්තයි අප්පුවෝ. මගෙ පලිගන්න කාලය අදින් හමාරයි..
උබ තාමත් හිතන්නෙ  උබගෙ මහ ලොකු සුරේ නිසා මම උබව අතහරිනව කියලද..
    උබ මට උදව්කල.
  ඒක නිසයි මම උබව නිදහස් කොලෙ ..

හහ් හහ් හා

මගෙ ආත්මයට දැන් සැනසීම හොයාගෙන යන්න පුළුවන්...

හ⁣ම්මෝ ඇති යන්තං යස්සනී යන්නම යන්න ගිය.

දැන් ඉතිං ගෙදර යන්න ඕන..

අප්පු තමන් කල කී දෑ සිහිපත් කරමින් නිවස දෙසට පා නගන්නට විය..
 සේතුං සමඟ යන විට සඟවාගෙන ගිය මිනී අලු ුගුරුන්නාන්සෙගේ දේවාල භූමියට රහසේ ඉස එහි දේවබලය බිඳ දැමූ අයුරු ඔහුට සිහිපත් විය.
එසේම,
සේතුංව රාත්‍රි කාලයේ සොහොනට යාමට කැමතිකරගත් අයුරුද සිහිපත් විය
    නිවස වෙත යාමෙන් අනතුරුව කුප්පි ලාම්පු එලියෙන් ලියුමක් කියවූ අප්පු මහ හඩින් සිනාසුනි...

ඒ රාලගේ ලියුමේ අවසන් කොටසයි..එහි මෙසේ සඳහන් විය.

   මම මේ ලියුම් කඩදහිය ලිව්වෙ අප්පු මලය වෙනුවෙන්මයි , මොනව උනත් බොලෑ මගේ දුර නෑ කමකුත් තියෙනවනෙ. මේ යස්සනී දැන් උබවත් අතහරින එකක් නෑ. ඒත් උබට ඒකෙන් ගැලවෙන්න විදිහක් තියෙනව . ඒ තමයි මේ පවුකාර වැඩේට හවුල් වෙච්ච අනිත් දෙන්නවත් යක්සනීට බාර කරන එක. එ⁣කෙක් තමයි බණ්ඩි ගුරා, ඕක තමයි කෙලීව මැරුවනම් පුරස්නෙ ඉවරයි කියල හාමුට අදහස දීපු එකා...හාමුමයි මට කිවුවෙ බණ්ඩිය නැත්නම් මේම දෙයක් තුන් හිතකවත් තිබ්බෙ නැ කියල.
අනිත් එකා තමයි උබගෙ පණ වගේ ඉන්න සේතුව.
උබ නොදත්තට ඌ තමයි ඕකිව වලව්වට දැක්කුව එකා, ඔය හාදකම ඇති කරන්න ඒ කාලෙ මුල් උනේ සේතුං. ඒ කාලෙ ඕක රාලහාමිට උඩගෙඩි නොදුන්නනං මේ සන්තෑසි එකක්වත් සිද්ද වෙන්නෑ.මට හොඳටම විශ්වාසයි , යක්ෂණී ඌවත් හොයනව කියල.

උබට පුළුවන් නං බේරියං මයෙ පුතා. උබ විතරයි මේකට මැදිහත් වෙච්ච එකම අහිසංකය.

 රාල අයියා..

.............................................
හම්මෝ තුන්මාසෙකුත් ගෙවිල ගිය ඉක්මන..

සේතු අයියගෙ තුන්මාසෙ දානෙට කිරි හට්ටි පහක් දෙන්නත් තියෙනව.

මම ගිහින් හරක්ට පට්ටියට දෙන්න  වතුර අරං එන්නං,
උබ කිරි දොවන්න ලෑස්ති කරපං ටිකිරියෝ..

හොඳා අප්පු අයියේ...,

අද උදේ නැගිට්ට පාන්දර වැඩිද මන්ද.පුදුම අඳුරක් නොවැ තියෙන්නෙ.. අඩිය ඉක්මන් කරල යන්න ඕන.

හෑ ඒමොකාද පාන්දර ඡාමෙ වතුර මංකඩේ ගල් තලාවෙ වාඩිවෙල ඉන්න එකා..
   මූට පිස්සු හැදිලද මෙච්චර පාන්දර මංකඩට ආවෙ.

ඒයි මලයෝ උබ මක්කද මේ පාන්දර වතුර මංකඩේ කරන්නෙ..

මම මේ උබ එනකං බලන් හිටියෙ අප්පු මලයෝ....

බුදුඅම්මෝ
සේතු අයිය!!!.

කාලෙක ඉදල මට ආසාවක් තිබුණ අත්භූත හොල්මන් කතාවක් ලියන්න. මේ තමයි මම ලියපු කතාව..මේ කතාව , චරිත සහ ස්ථාන සම්පූර්ණයෙන්ම මනංකල්පිතයි.

තරිඳු

26 comments:

  1. මගෙ අම්මෝ බං...! සිරාවටම කියන්නෙ. මං හොඳටම බය උනා. උඹ නං ලෙසටම කතාව ලියල තියෙනව...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියෝ, මෙන්න ඔය⁣ාට බය ගුල්ල කියනෝ...
      ස්තූතියි ගොඩවුනාට

      Delete
  2. Drakiyath baya una kiyanne holman kathawak thami needa?

    ReplyDelete
    Replies
    1. ආපෝ... ඩ්‍රැකිය කිවුවට ඕකා කැරපොත්තටත් බයයි.

      Delete
    2. ඩ්‍රැකිය බය ගුල්ලෙක් උනාට මොකද , නම ඩ්‍රැකීනෙ

      Delete
    3. මේ පැත්තට ආවට ස්තූතියි dpr

      Delete
  3. නියමයි.

    ඇයි ඒත් අන්තිමේ සේතුං ආයෙ මතුඋනේ.

    ReplyDelete
    Replies
    1. යාලුකම පාවල දුන්නට පළි ගන්න තමයි මිනහ ආවෙ

      Delete
    2. අපූරියි මල්ලි. අර අඩුපාඩු ටිකක් හදලා වගේ. දිගටම ලියන්න.

      ජයවේවා!!!

      Delete
    3. ස්තූතියි දුමී අයියෙ

      Delete
  4. දිගටම ලියන්න! අපිත් දිගටම කියවන්න එන්නම්!

    ReplyDelete
    Replies
    1. ගොඩවුනාට ස්තූතියි වැසි දැරිය. ලියනව ලියනව

      Delete
  5. Replies
    1. මේ උඹේ නව කතාව....... නෑ එක්කො ඔනෙ නෑ

      Delete
    2. කෙටි කතාව නව වෙලා බං

      Delete
  6. එලම
    අද දැක්කෙ.
    අර පොලේ පික් එක තියෙන තැනත් පට්ට.

    ReplyDelete

  7. මේක අද දැක්කෙ.
    එලම මෙක
    පොලේ ෆොටෝ එක නියම ප්ලේස් එකේ තියෙන්නෙ.

    කෝ අර අලුත් එක

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...