අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න ගෙදර තියෙන සරල දේවල් කිහිපයකින් හදාගන්න පුළුවන් සෙල්ලම් බඩුවක් වෙන සිද්ධාලේප ටැක්ටරේ හදන හැටි ගැන. මේ සෙල්ලම් බඩුවට ඒ අපූරු නම වැටෙන්න හේතුව තමයි මේක හදන්න හිස් සිද්ධාලේප කුප්පියක් යොදා ගැනීම. එහෙනම් කතා ඇති, අපි බලමුකො කොහොමද මේක හදන්නෙ කියල.
අවශ්‍ය ද්‍රව්‍යය
1.මැදින් සිදුරු කරන ලද හිස් සිද්ධාලේප කුප්පියක්
2.මැදින් සිදුරු කරල ලද කුඩා ඉටිපන්දම් කැබැල්ලක් (නූල ඉවත්කර එම සිදුර විශාල කරගන්න)
3.රබර්පටියක්
5.ඉරටු කැබැල්ලක්
සාදන ආකාරය
1.මුලින්ම රබර්පටිය අරගෙන ඒක සිද්ධාලේප කුප්පියෙ හදපු සිදුර හරහා ඉවතට අරගන්න.
2. ඊට පස්සෙ සිද්ධාලේප කුප්පියේ මූඩිය පැත්තෙන් එළියට ගත්ත රබර්පටිය, සිදුරු කරගත්ත ඉටිපන්දම් කැබැල්ලෙ සිදුර හරහාත් යවල එළියට ගන්න.
3. ඊලඟට ඉරටු කෑල්ල අරගෙන එ්කෙන් පොඩි කෑල්ලක් කඩල , ඒක සිද්ධාලේප කුප්පිය පිටිපස්සෙ තියෙන රබර්පටියේ ඇතුලෙන් යවල රබර්පටිය එළියට එන එක වැළකෙන්න හිරකරගන්න.
4.දැන් ඉතුරු ඉරටු කෑල්ල අරගෙන ඉටිපන්දම් කැබැල්ලෙ සිදුරෙන් එළියට ආපු රබර්පටි කොටසෙ ඒක හොඳට පටලවා ගන්න.ඇදල ගැටයක් ගැහුවත් කමක්නෑ(ඉරටු කැබැල්ල ඉටිපන්දම් කොටසට හිරවන ආකාරයට)
5. දැන් සිද්ධාලේප ටැක්ටරය සූදානම්. මේක යවන්න ඔයාලට කරන්න තියෙන්නෙ , ඉරටු කෑල්ල සිද්ධාලේප කුප්පිය වටේට කරකවල හොඳට වයින් කරල බිමින් තියන එක විතරයි. ටැක්ටරේ නියමෙට යන්න පටන්ගනියි.
මේ වීඩියෝ එක බලන්න >>
* මේ සෙල්ලම් බඩුව හදන්න ඔයාල ගාව සිද්ධාලේප කුප්පි නැත්නම් ඔයාලට ඉවරවුන බයින්ඩර් ගම් බෝතලයකින් උනත් මේක හදාගන්න පුළුවන්.එ්කට හොඳ ප්‍රතිඵල ලබා ගන්න ලොකු ඉටිපන්දම් කැබැල්ලකුත් භාවිතා කරන්න ඕන.
ටැක්ටරේ උඩ අතට හරවල තිබ්බම , රවුම වටේට කැරකෙන ඉරටුව, ඔයාට සෙක්කුවකුත් සිහිපත් කරයි.
මේ වීඩියෝ එක බලන්න >>
සිද්ධාලේප වෙදමහත්තයාගේ වැඩක්.
ReplyDeleteආන් හරි වෙදමහත්තයගෙ වැඩක් තමයි
Deleteසිද්ධාලේප වෙදමහත්තයාගේ සහ රතු පැණ්ඩෙක්ගේ වැඩක්. !
Deleteආන් හරි කණ්ඩෝ
Deleteඉස්සර ලමයි Physics ඉගෙන ගත්තෙ මෙන්න මේවගෙන් තමයි
ReplyDeleteඒක ඇත්ත
Deleteමාගේ ලමා අවදියේදි ඔය ටැට්ටරේ හැදුවේ නූල් පන්දුවෙන්. ඉස්සර නුල් පන්දු ආවේ ලීවලින්. හැබැයි මාගේ ලමා කාලෙදිත් මේ ලී නුල් පන්දු හොයාගන්න ටිකක් විතර අමාරු උනා මොකද ඒ වෙනකොට සන් ඇස්ට‍්‍රා කියන නුල් වර්ග ප්ලාස්ටික් බටයේ ඔතලා එන්න පටන් අරන් තිබුනේ. ඉටිපන්දමට ගත්තේ සන්ලයිට් හරි ලයිෆ්බොයි කැල්ලක්. ඒ සබන් දැන් වාගේ මෙලෙක් නෑ තදයි ඉක්මනින් දියවෙන්නෙත් නෑ. ස්තූතියි පැන්ඩෝ ආයෙමත් මාව අතීතයට අරන් ගියාට. පුතාලා දෙන්නාට ඔය සිද්ධාලේප හරි අයඩෙක්ස් හරි ටැට්ටරයක් හදලා දෙන්න ඔනේ ඉක්මනින්ම.
ReplyDeleteඔයාට අතීතය මතක්වීම මට සතුටට කරුණක්. ලී බොබින් නැතිවුන එක තමයි, ඒ අපූරු උපකරණය නැති වෙලා, මේ අපූරු උපකරණය හැදෙන්න මඟ පෑදුවෙ.
Deleteජපං නූල් රෝදේ ඔය වැඩේට පට්ටයි
ReplyDeleteනියමයිනෙ , ඒ නූල් කෝන් තාම තියෙනවද
Deleteනියමයි....ඕක ඇත්තටම මම හදල නෑ...
ReplyDeleteහදලම බලන්න වැව් ඉස්මත්ත. මේක අපූරු කෙළිබඩුවක්
Deleteමාත් ඔයින් එකක් හදලා බලන්න ඕන...
ReplyDeleteඔයත් තාම හදල නැද්ද?
Deleteහදන්න
හදන්න
අපිත් ඉතින් ඉස්සර ඔය වගේ එක එක අහක යන දේවල් වලින් තමයි සෙල්ලම් කරේ...
ReplyDeleteඅපිව පුංචි කාලෙට ආයේ අරගෙන ගිය පැන්ඩට ස්තුතියි...
කියවන්න ආවට ගොඩක් ස්තූතියි ලොකු පුතා
Deleteඉස්සර තිබුනා ලී නූල් රෝද, අපි ඒකෙ රෝද කෑලි දෙකේම දැති කපනව පිහියෙන්. එතකොට ඉතිං ට්‍රැක්ටරේම තමයි. හීනි වැල්ලෙ රෝදපාරක් තියාගෙනමයි යන්නෙ
ReplyDeleteඒ අමුද්‍රව්‍යය වල අභාවය තමයි මේ නව නිර්මාණයට මඟ පෑදුවෙ.. අතීතය ගැන පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි
Deleteමේකට යුද ටැංකිය කියනවා ද
ReplyDelete