Monday, November 26, 2018

සිද්ධාලේප ටැක්ටරය හදන හැටි සරලව ඡායාරූප හා වීඩියෝ


   අද මම ඔයාලට කියල දෙන්න  හදන්නෙ පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න ගෙදර තියෙන සරල දේවල් කිහිපයකින් හදාගන්න පුළුවන් සෙල්ලම් බඩුවක් වෙන සිද්ධාලේප ටැක්ටරේ හදන හැටි ගැන. මේ සෙල්ලම් බඩුවට ඒ අපූරු නම වැටෙන්න හේතුව තමයි මේක හදන්න හිස් සිද්ධාලේප කුප්පියක් යොදා ගැනීම. එහෙනම් කතා ඇති, අපි බලමුකො කොහොමද මේක හදන්නෙ කියල.

අවශ්‍ය ද්‍රව්‍යය

1.මැදින් සිදුරු කරන ලද හිස් සිද්ධාලේප කුප්පියක්

2.මැදින් සිදුරු කරල ලද කුඩා ඉටිපන්දම් කැබැල්ලක් (නූල ඉවත්කර එම සිදුර විශාල කරගන්න)

3.රබර්පටියක්

5.ඉරටු කැබැල්ලක්



සාදන ආකාරය

1.මුලින්ම රබර්පටිය අරගෙන ඒක සිද්ධාලේප කුප්පියෙ හදපු  සිදුර හරහා ඉවතට අරගන්න.


2. ඊට පස්සෙ සිද්ධාලේප කුප්පියේ මූඩිය පැත්තෙන් එළියට ගත්ත රබර්පටිය, සිදුරු කරගත්ත ඉටිපන්දම් කැබැල්ලෙ සිදුර හරහාත් යවල එළියට ගන්න.

3. ඊලඟට ඉරටු කෑල්ල අරගෙන එ්කෙන් පොඩි කෑල්ලක් කඩල , ඒක සිද්ධාලේප කුප්පිය පිටිපස්සෙ තියෙන රබර්පටියේ ඇතුලෙන්  යවල  රබර්පටිය එළියට එන එක වැළකෙන්න හිරකරගන්න.



4.දැන් ඉතුරු ඉරටු කෑල්ල අරගෙන ඉටිපන්දම් කැබැල්ලෙ සිදුරෙන් එළියට ආපු රබර්පටි කොටසෙ ඒක හොඳට පටලවා ගන්න.ඇදල ගැටයක් ගැහුවත් කමක්නෑ(ඉරටු කැබැල්ල ඉටිපන්දම් කොටසට හිරවන ආකාරයට)

5. දැන් සිද්ධාලේප ටැක්ටරය සූදානම්. මේක යවන්න ඔයාලට කරන්න තියෙන්නෙ , ඉරටු කෑල්ල සිද්ධාලේප කුප්පිය වටේට කරකවල හොඳට වයින් කරල බිමින් තියන එක විතරයි. ටැක්ටරේ නියමෙට යන්න පටන්ගනියි.

මේ වීඩියෝ එක බලන්න >>


මුලින්ම පැන පැන කඩාගෙන යයි. නමුත් මේක පදම් උනාට පස්සෙ කොච්චර වයින් කලත් එකම වේගයක් තමයි තියෙන්නෙ.. හරියට ගමන්කරන ටැක්ටරේ , සිද්ධාලේප කුප්පිය කැරකුනාට ඉටිපන්දම් කැබැල්ල කරකැවෙන්නෙ නැහැ, ඒක සිද්ධාලේප කුප්පියෙ මූඩියෙ දැවටෙමින් වේගය අඩාල කරනව..

* මේ සෙල්ලම් බඩුව හදන්න ඔයාල ගාව සිද්ධාලේප කුප්පි නැත්නම් ඔයාලට ඉවරවුන බයින්ඩර් ගම් බෝතල⁣යකින් උනත් මේක  හදාගන්න පුළුවන්.එ්කට හොඳ ප්‍රතිඵල ලබා ගන්න ලොකු ඉටිපන්දම් කැබැල්ලකුත් භාවිතා කරන්න ඕන.

ටැක්ටරේ උඩ අතට හරවල තිබ්බම , රවුම වටේට කැරකෙන ඉරටුව, ඔයාට සෙක්කුවකුත් සිහිපත් කරයි.

 මේ වීඩියෝ එක බලන්න >>



19 comments:

  1. සිද්ධාලේප වෙදමහත්තයාගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ආන් හරි වෙදමහත්තයගෙ වැඩක් තමයි

      Delete
    2. සිද්ධාලේප වෙදමහත්තයාගේ සහ රතු පැණ්ඩෙක්ගේ වැඩක්. !

      Delete
  2. ඉස්සර ලමයි Physics ඉගෙන ගත්තෙ මෙන්න මේවගෙන් තමයි

    ReplyDelete
  3. මාගේ ලමා අවදියේදි ඔය ටැට්ටරේ හැදුවේ නූල් පන්දුවෙන්. ඉස්සර නුල් පන්දු ආවේ ලීවලින්. හැබැයි මාගේ ලමා කාලෙදිත් මේ ලී නුල් පන්දු හොයාගන්න ටිකක් විතර අමාරු උනා මොකද ඒ වෙනකොට සන් ඇස්ට‍්‍රා කියන නුල් වර්ග ප්ලාස්ටික් බටයේ ඔතලා එන්න පටන් අරන් තිබුනේ. ඉටිපන්දමට ගත්තේ සන්ලයිට් හරි ලයිෆ්බොයි කැල්ලක්. ඒ සබන් දැන් වාගේ මෙලෙක් නෑ තදයි ඉක්මනින් දියවෙන්නෙත් නෑ. ස්තූතියි පැන්ඩෝ ආයෙමත් මාව අතීතයට අරන් ගියාට. පුතාලා දෙන්නාට ඔය සිද්ධාලේප හරි අයඩෙක්ස් හරි ටැට්ටරයක් හදලා දෙන්න ඔනේ ඉක්මනින්ම.

    ReplyDelete
    Replies
    1. ඔයාට අතීතය මතක්වීම මට සතුටට කරුණක්. ලී බොබින් නැතිවුන එක තමයි, ඒ අපූරු උපකරණය නැති වෙලා, මේ අපූරු උපකරණය හැදෙන්න මඟ පෑදුවෙ.

      Delete
  4. ජපං නූල් රෝදේ ඔය වැඩේට පට්ටයි

    ReplyDelete
    Replies
    1. නියමයිනෙ , ඒ නූල් කෝන් තාම තියෙනවද

      Delete
  5. නියමයි....ඕක ඇත්තටම මම හදල නෑ...

    ReplyDelete
    Replies
    1. හදලම බලන්න වැව් ඉස්මත්ත. මේක අපූරු කෙළිබඩුවක්

      Delete
  6. Replies
    1. ඔයත් තාම හදල නැද්ද?
      හදන්න
      හදන්න

      Delete
  7. අපිත් ඉතින් ඉස්සර ඔය වගේ එක එක අහක යන දේවල් වලින් තමයි සෙල්ලම් කරේ...
    අපිව පුංචි කාලෙට ආයේ අරගෙන ගිය පැන්ඩට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. කියවන්න ආවට ගොඩක් ස්තූතියි ලොකු පුතා

      Delete
  8. ඉස්සර තිබුනා ලී නූල් රෝද, අපි ඒකෙ රෝද කෑලි දෙකේම දැති කපනව පිහියෙන්. එතකොට ඉතිං ට්‍රැක්ටරේම තමයි. හීනි වැල්ලෙ රෝදපාරක් තියාගෙනමයි යන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ අමුද්‍රව්‍යය වල අභාවය තමයි මේ නව නිර්මාණයට මඟ පෑදුවෙ.. අතීතය ගැන පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි

      Delete
  9. මේකට යුද ටැංකිය කියනවා ද

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...