Wednesday, October 26, 2016

ශාපලත් භාණ්ඩ 1 (ඇනබෙල් )

   
ඔන්න  ශාපලත් භාණ්ඩ පළවෙනි පෝස්ට් එක. ඉස්සරහට  අනිවාර්යයෙන් තව දානව.ඇනබෙල් කියන සෙල්ලම් බඩුව අපිට දකින්න ලැබෙන්නෙ conjuring චිත්‍රපට වලින් වගේම අලුතින් ආපු ඇනබෙල් චිත්‍රපටයෙන්,, ඒ කතාවෙ විදිහට යක්ෂ ආත්මයක් අරක්ගත්ත මෙම සෙල්ලම් බඩුවට ඡීවිත හානි පවා සිදුකරන්න පුළුවන් .ඒ කතාවෙ එන ඇනබෙල් ඉතාමත් දරුණු පෙනුමක් ඇති පොසිලේන් බෝනික්කෙක්. නමුත් ඇත්තම ඇනබෙල් කතාව මීට ගොඩක් වෙනස් හැබැයි ඒකත් එච්චර සුන්දර සීන් එකක් නෙවෙ ,,  භයානක සත්‍ය සිදුවීමක්,ඒ වගේම සත්‍ය බෝනික්ක ඉතාමත් ලස්සන රෙදි බෝනික්කෙක්.

  1970 අවුරුද්දෙදි ඩෝනා කියන ""ගෑනු ලමයට ""ළමයෙක් කිවුවට මෙයා ටිකක් ලොකු කෙනෙක ් ,, වයස 28 වෙන හෙද සිසුවියක් වන මෙයාට ඇගේ අම්ම විසින් සෙල්ලම් බඩු සාප්පුවකින් ලස්සන බොනික්කෙක් ගෙනල්ල දෙනව. ලස්සන පෙනුමක් තියෙන මේ බෝනික්කට ඇය ගොඩාක් කැමති වෙනව. ඇය සහ ඇගේ මිතුරිය වන ඇන්ඡිට ටික කාලයක් යනකොට තේරෙනව අනිත් බෝනික්කන්ට වඩා මේ බෝනික්කගෙ වෙනසක් තියෙන බව.ඒගොල්ලන් නැති වෙලාවෙ මේ බෝනික්ක නිවාස සංකීර්ණයේ එහාට මෙහාට චලනය වෙලා තියෙන බවත් එක එක ඉරියව් වලින් වාඩි වෙලා ඉන්න බවත් මේ දෙදෙනා දකිනව .දවසක් මේ දෙන්න දකිනව help  me කියල ලියපු හම් කොළයක් කාමරේ තියෙනව.නමුත් කවදාවත් ඔවුන්  හම් වලින් සකසන කඩදාසි භාවිතා කරන්නෙ නෑ. එදා ඉඳල මේ බෝනික්ක කොළ කෑලි වල කුරුටුගාල මේ ගෑණු ළමයි වෙත පණිවිඩ එවනව.  නිතරම මේ පණිවිඩ වලින් කියවෙන්නෙ මට උදව් කරන්න , අපිට උදව්කරන්න කියල.
තවදුරටත් මේ සිද්ධිය බලන් ඉන්න බැරි තැන මේ දෙන්න එකතුවෙල ගුප්ත පරීක්ෂකයෙක් අරගෙන එනව මේ හොල්මන් සීන් එක පරික්ෂා කරන්න .එයා මේ ගැන පරික්ෂා කරල තීරණය කරනව  නිවාස සංකීර්ණය යට,කාලෙකට කලින් මිහිදන් කරපු ඇනබෙල් කියන ගෑණු ලමයගෙ ආත්මය මේ බෝනික්ක සමඟ බැඳිල තියෙනව කියල..මේ අහිංසක ළමා ආත්මය ගැන අනුකම්පා කරන ඩෝනයි එයාගෙ යාලුවයි මේ බෝනික්ක තවදුරටත් තියාගන්න තීරණය කරනව.
      මේ සියලුම සිදුවීම් උඩුයටිකුරු වෙන්නෙ , මේ දෙන්නගෙ යාලුවෙක් වෙන'' ලූ ''කියන හාදය මේ නිවාස සංකීරණයට යන එන එක පටන්ගැනීමත් සමඟ.මේ එන ලූ කියන හාදයත් මේ එපාට්මන්ට් එකේ නවතින අදහසත් එක්ක තමා එන්නෙ...  මෙයාට නම් මේ බෝනික්කව අල්ලන්නෑ..  මෙයා යාලුවො දෙන්නට කියනව මේ විකාර බෝනික්කව වීසි කරල දාන්න කියල. ඒත් ඩෝනයි එයාගෙ මිතුරියයි මේකට කැමති වෙන්නෙ නෑ.  බෝනික්ක කාමරේ තිබුන විදිහටම තියනව.. ඒ සමඟම මේ නිවාස සංකීර්ණයේ ම නතර වෙච්ච " ලූ"  නිතරම හීනෙන් බෝනික්කව දැකල බයවෙන්න පටන්ගන්නව . හැමදාම රෑට බෝනික්ක ඇවිත් ලූගෙ බෙල්ල මිරිකනව වගේම ඔහුට පිටවී යන ලෙස බලපෑම් කරනව.

      එක දවසක් මේ බෝනික්කගෙ අත් දෙකෙනුයි පිට පැත්තෙනුයි රතු පාට දියරමය දෙයක් වෑස්සිල  ති‍ෙයනව කට්ටියට  දකින්න ලැබෙනව.. ඒ සමඟම කට්ටිය මේ බෝනික්ක පිළිබඳව දැඩි අවධානයකින් ඉන්න පටන්ගන්නව ,දවසක් ලූ සාලෙ පොඩි නැප් එකක් දාගෙන ඉන්න කොට බෝනික්ක ඉන්න කාමරෙන් අමුතු ශබ්දයක් ඇහෙනව. ලූ වහාම යනව ඒක බලන්න . එයා ආපහු එන්නෙ මරහඩ දීගෙන දුවගෙන.... ඒ වෙනකොටත් ලූ ගෙ කමිසය ලෙයින් තෙත් වෙල, පපු ප්‍රදේශයේ විශාල නියපොතු පහරවල් තියෙනව. ලූට වෙච්ච දෙයක් හිතාගන්නවත් බෑ. එයාට අන්තිමට මතක බෝනික්ක එයා ලඟට ආව කියල විතරයි .
   
මේ දරුණු සිදුවීමත් සමඟ තමයි මේ සිද්ධියට ප්‍රසිද්ධ  ගුප්ත විද්‍යා පර්යේෂකයන් වන එඩ් ,ලොරේන් යුවල සම්බන්ධ වෙන්නෙ. මේ දෙදෙනා මෙම බෝනික්කා තමන්ගෙ බාරයට අරගෙන පරීක්ෂණ පවත්වනව. එහිදී ඔවුන් අනාවරණය කරගන්නව මේ කුඩා බෝනික්කා තුළ පවතින ආත්මය ඇනබෙල් නැමැති දැරියගේ නොවන බව. මෙම බෝනික්කා තුළ අතිශය දරුණු යක්ෂ ආත්මයක් පවතින බවත්, ඇනබෙල් යනු ඒ ආත්මය විසින් බිලිගත් එක් ළමයෙකුගේ ආත්මය පමණක් බවත් ඔවුන් සොයාගන්නව. ක්‍රමක්‍රමයෙන් පුද්ගලයෙකු තමන් යටතට ගැනීමට මෙම යක්ෂයාට හැකියාව ඇති බව දැනගන්න ලෝරේන් යුවල මෙම යක්ෂ බෝනික්කා තමන්ගෙ ගුප්ත විද්‍යා කෞතුකාගාරය තුළ තැම්පත් කරනව ..එදා සිට මේ දක්වාම බෝනික්කා හට දවසට දෙවරක් ශුද්ධ වූ ඡලය ඉසිනු ලබනව.ඒ බෝනික්කා සතුව පවතින යක්ෂ බලය දුර්වල කිරීමට,, මෙම බෝනික්කා කෞතුකාගාරයෙහි පවතින වීදුරු පෙට්ටියක් තුළ තැම්පත් කර ඇති අතර ඇල්ලීම සපුරා තහනම් ලෙස සඳහන් දැන්වීමක් එහි පළකරල තියෙනව. මන්ද බෝනික්කා ඇල්ලුවහොත් එහි ගුප්ත ශක්තිය අල්ලන පුද්ගලයාගේ ශරීරයට එකතු වන නිසා ,එමගින් අල්ලන්නු ලබන  පුද්ගලයට විශාල නපුරක් විය හැකි බව විශ්වාස කරනව...(අල්ලන්න ගිහින් එහෙම වෙච්ච පාදිලිවරු ඉඳල තියෙනව)

මේ අතර බොහෝ දෙනෙකුට ඇතිවුන  ගැටලුවක් තමයි මොකද  මේ යක්ෂ බෝනික්කා විනාශ නොකරන්නේ කියන එක.
  එඩ් , ලෝරේන් යුවල එයට දෙන පිළිතුර තමයි මෙම බෝනික්කා විනාශ කිරීමෙන් යක්ෂයා විනාශ නොවන බව. එය පවතින තැන දැනගතහොත් අපට එය පාලනය කරගන්න පුළුවන් බවත් බෝනික්කා විනාශ කලහොත් එය නිදහස් විය හැකි බවත් තමයි ඔවුන් ප්‍රකාශ කරන්නෙ.
           (තොරතුරු අන්තර්ඡාලය ඇසුරෙනි)

14 comments:

  1. කලින් අහලා තිබ්බත් වැඩියමක් දැනගෙන හිටියේ නෑ... ෆිල්ම් එකනන් බලලා තිබ්බා... සුපිරි ලිපියක්...

    ReplyDelete
  2. Niyamai malliya...hodata liyala thiyenawa...thawa diunu wenna kiyala man wish Karanawa...

    ReplyDelete
  3. සුපිරි පෝස්ට් එක...තවත් හොදට ලියන්න සුභ පතනවා.

    ReplyDelete
  4. Wooow. A nice blog. Continue the good work. Cheers :)

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...