Thursday, November 10, 2016

මහාභාරතය සහ රාමායනයේ පැතිකඩක්........

    රාමායනය සහ මහාභාරතය  කියන්නෙ අපි හැමෝම දන්න ඉන්දීය   ඉතිහාස පුරාවෘත්තාත්මක කතා දෙකක්. නොදන්න අයට කියනව නම්  , රාමායනයෙදි රාම විසින් තමන්ගෙ භාර්යාව වෙච්ච සීතව පැහැරගෙන ගිය ලංකාවෙ රාවණා   රඡතුමා පරාජය කරල ලබාගත්ත ඡයග්‍රහණය ගැන තමා කියවෙන්නෙ
. ඒ වගේම  මහාභාරතය ගැන කියනව නම් සහෝදරයන් පස් දෙනෙක් විසින් තමන්ගෙ රාඡ්‍ය අයිතිය හා බිරිඳට වන අපකීර්තියක් වෙනුවෙන් තමන්ගෙම පවුල්වල කට්ටියට විරුද්ධව කරගෙන යන සටනත් ,,අවසානයේ අධර්මය ලොවෙන් අතුගා දැමීමක් ගැන තමයි කියවෙන්නෙ.
මේ කතා දෙක පදනම් කරගෙන චිත්‍රපට ,රූපවාහිනී වැඩසටහන් රාශියක් අපේ රටේ ටීවී වලත් ගිය.
          මේ කතා දෙක සැලකිල්ලට ගත්තහම අපිට පේන දෙයක් තමයි මෙම කතා වල සිටින වීරයන්  මහා බලවත් අය බව, ඔවුන් හින්දු දෙවිවරුන්ට පවා අභියෝගයක් වෙලා තියෙනව. ඒ වගේම ඔවුන්ගෙන් බොහෝමයක් අයගෙ  මරණයන් වුනත් සිදුවෙලා තියෙන්නෙ වංචාකාරී විදිහටයි. මේ කතාවන් දෙකේ ප්‍රධානම සිද්ධි අපි මේ විදිහට බලමු.


1. රාමායනයෙ වලි නැමැති වානර රඡුව රාම විසින්  සැඟවිල  දුන්නෙන් විදල තමා මරා දැමුවෙ ( වලි අසහාය ශක්ති වන්තයෙක් , තමන්ගෙ සතුරගෙ ශක්තියෙන් හරි අඩක් සටනකදි තමාට ලැබෙන වරයක් ඔහුට හිමි වෙලා තිබුන )

2. ලක්ෂ්මන් විසින් ආයුධ නොමැති අවස්ථාවක ඉන්ද්‍රජිත් මරාදැම්ම, ( ඉන්ද්‍රජිත් සතුව විශ්වයේ බලවත්ම ආයුධ තුන පැවතුන )

3. සහෝදරයාගේ පාවාදීමකට ලක්වීම නිසයි රාවණා මියයන්නෙ. ( සහෝදරය විසින් රාම හට කියනව රාවණාගෙ නාභියට  විදිය යුතු බව. ඒ වගේම එකල යුධ නීතියට පිටුපාමින් පපු ප්‍රදේශයයට පහළ ප්‍රදේශයක් වන නාභියට රාම විසින් විදිනු ලබනව.)

5. අර්ඡුන් විසින් වංචනිකව භීෂ්මාචාර්ය මරා දැමීම. ( කාන්තාවක් පසුපස අර්ඡුන් සැඟවී සිටි අතර භීෂ්ම කාන්තාව ඉදිරියේ ආයුධ බිම දැමීමත් අර්ඡුන් එවිට පහර දීමත් සිදුවෙනව.)

6. වංචනිකව ගුරු ‍ෙද්‍රා්ණයන් මරා දැමීම. ( පුත්‍රයා මියගිය බවට අසත්‍ය පුවතක් දොා්ණයන්ට ඇසීමට සලස්වා ඔහු නිරායුද වූ පසු හිස ගසා දමනව )

7 . කර්ණන් මරා දැමීම. ( ආයුධ බිම දමා මඩේ එරුණු තම යුධරථය ගොඩගැනීමට උත්සාහ කරන අවස්ථාවක අර්ඡුන් විසින් පහරදීම )

8. අභිමන්යුගේ මරණය. ( බොහෝ දෙනෙක් එකතු වෙලා යුද නීතියට පටහැනිව වංචාකාරී විදිහට තමා මේ කුමාරයව මරන්නෙ)

මේ කරුණු බැලුවම අපිට පේන දේ තමයි, මේ වීරයො හැමෝම අසහාය ශක්තිවන්තයො නමුත් වංචනිකව මරා දමල ඇති බව.  මොවුන් වංචනිකව මරා නොදැමුනා නම් කවුරු කොපමණ බලවත්ද කියල හැමේා්ටම සැකයක් ඇතිවෙනව. ඒ ගැන තමා  අද මම ලියන්න තීරණය කලේ,

         වීරයන් වර්ගීකරණය

Rathi
සාමාන්‍ය  වීර සෙබලුන් 5000කට තනිව පහර දිය හැකි රණශූරයන් rati ලෙස හඳුන්වනවා. ( උදාහරණ - දුර්යෝදන් කුමරු හා සහෝදරයන් 99 දෙනා , අර්ඡුන් ,යුදිෂ්ථීර් , භීම්, නකුලන් ,සහදේව් , ශගුණි සහ තවත් අය..)

Atirathi
මෙයට ඇතුල් වන්නේ එකවර rati පන්තියේ රණශූරයන් 12 දෙනෙකුට හෝ සාමාන්‍ය වීර සෙබලුන් 60000 කට පහර දියහැකි රණශූරයනුයි.
(ශල්‍ය රඡු , ශිශුපාල්, ක්‍රිපාචාර්ය , භීම්ගේ පුත්‍ර ගටෝක්ෂ මෙයට ඇතුලත් )

Maharati
එකවර atirathi රණශූරයන් 12 දෙනෙකුට  හෝ සාමාන්‍ය වීර සෙබලුන් 720 000 කට පහරදිය හැකි රණශූරයන් මෙයට ඇතුලත් වෙනව. අවිආයුධ , සටන්ක්‍රම සියල්ල දන්නා අය මෙයට ඇතුලත් වෙනවා. ( රාම, ලක්ෂ්මණ , රාවණා , කුම්භකර්ණ ,හනුමාන් , භීෂ්ම , ද්‍රෝණ , කර්ණන්  , අර්ඡුන්[විශේෂ වරයන් ලබාගැනීමෙන්] , අභිමන්යු, අශ්වතාමා , දුර්යෝදන් [විශේෂ වරයන් හේතුවෙන් ] ,ක්‍රිෂ්ණ ,බල්රාම් මෙයට ඇතුලත් )

Atimaharati
 මෙය රණශූරයන්ගෙ ඉහළම මට්ටම් වලින් එකක්  සාමාන්‍ය දෙවිවරුන්ටත් වඩා ඉහල මට්ටමක් වන මෙහි සිටින රණශූරයන්ට එකවර maharati රණකාමින් දොළොස් දෙනෙකු සමඟ සටන් කරන්න පුළුවන් . මෙම මට්ටමේ රණකාමින් සිටියේ එකම එක් අයෙකු පමණයි , ඒ රාවණාගේ පුත් ඉන්ද්‍රජිත්  .. ඔහු සතුව විශ්වයේ බලවත්ම අවි තුන පැවතියා.. එමෙන්ම ඔහු දෙවියන්ගේ නායකයා වන ඉන්ද්‍ර දෙවියන්ව ද්වන්ද සටනකින් පරාජය කර තිබෙනවා.

Mahamaharati
 මෙය තමයි අවසාන මට්ටම. මෙයට ඇතුලත් අයට atimaharati රණකාමින් 12 දෙනෙකු සමඟ එකවර සටන් කළ හැකියි. හින්දු දේව මණ්ඩලයේ එන විශ්ණු , බ්‍රහ්ම  , ශිව මෙයට ඇතුලත් ..

#මේ කරුණු අනුව ප්‍රධාන හින්දු දෙවිවරු  තමා බලවත්ම රණකාමින්

 #මීට අමතරව රාම ,ක්‍රිෂ්ණ , රාවණ, භීෂ්මාචාර්ය  සහ කර්ණ maharati වීරයන් අතරත් ප්‍රධාන ස්ථානයේ සිටින බව කියන්න පුලුවන්.



9 comments:

  1. ගොඩක් ආසාවෙන් කියෙව්වා... රාමායනය කතාවට ගොඩක් ආසා කරා මම... මම මුලින්ම චාල්මිකී ගේ රාමායනය පොත කියෙව්වේ හය වසරෙදි මතකෙ හැටියට... ඉස්කෝලෙ පුස්තකාලෙන් පොත ගත්තේ... දෙසැරයක්ම කියෙව්වා... මහා භාරතය ගැන නන් මම වැඩියමක් දැනන් උන්නෙ නෑ... ගොඩක් හොද ලිපියක්...

    ReplyDelete
  2. ගොඩක් අලුත් දේවල් දැනගත්තා.

    ReplyDelete
  3. රාමායනය කියන්නේ බොරු චරිත අතරට රාවණා කියන ඇත්ත චරිතයකුත් දාලා වාල්මිකී ලිව්ව පොතක්.

    ReplyDelete
  4. මහාභාරතය ඉතා හොඳ කතාවක් වන්නේ හෝමර්ගේ ඉලියඩ් මෙන් එහිද චරිත කලු සුදු නොවී අලු නිසාය. වීරයන්ගේ දුෂ්ඨකම් හා ඩුෂ්ඨයන්ගේ වීරකම් ඇත

    රාමායණයයේ විශේෂය වන්නේ මිසයිල්, ස්ටෙල්ත් යානා ඇතුලු අහස්යානා හා ජීව අවි ය

    ReplyDelete
    Replies
    1. එල එල, ඒ වගේම ඒකෙ විමාන තාක්ෂණයත් තියෙනව

      Delete
  5. කර්න කියන්නේ මහා රණශූරයෙක් 💥💪

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...