Tuesday, November 29, 2016

සතිපූඡාව

  අද මම ලියන්න කල්පනා කලේ අපේ අසල්වැසි රටක් වෙන ඉන්දියාවෙ අතීතයේ ඉඳල මෑත කාලය වෙනකම් සිද්ධ වෙච්ච බිහිසුණු අවමංගල චාරිත්‍රයක් ගැන ,  මේ චාරිත්‍රය ඇත්තටම අපේ රටේ කාන්තාවොනම්  හිතන්නවත් අකමැති එකක්, ඒ වගේම මේක බොහොම බිහිසුණු එකක්,
       මේ සතිපූඡා චාරිත්‍රය ගැන කියනව නම්, මේ චාරිත්‍රයෙදි කෙරෙන්නෙ සැමියා මියගිය පසු වැන්දඹු බිරිඳ විසින් තම මියගිය සැමියා ආදාහනය කරන අවස්ථාවෙදි, එම දර සෑයටම පැනල සියදිවි නසාගැනීමයි.. මේක සමහර කාන්තාවන් විසින් කැමැත්තෙනුත් , සමහර කාන්තාවන් විසින් අකමැත්තෙනුත් සිදුකරනු ලබනව. මෙම චාරිත්‍රය කිරීමට අකමැති කාන්තාවන් අබිං වැනි මත්ද්‍රව්‍ය   යොදා ගෙන මත් කොට චාරිත්‍රයට සූදානම් කරනු ලබන්නෙ සැමියාගෙ පවුලේ පිරිස් විසිනුයි.
මෙයට වයස් භේදයක් තිබිල නෑ, එකල අවුරුදු 12 , 13 සිට මහලුවිය වෙනකන්ම  කාන්තාවන්ට සැමියා මියගියහොත්  අනිවාර්යයෙන් මෙම චාරිත්‍රය  සිදුකිරීමට සිදුවුනා.
     ඉතිහාසඥයන්ගේ අදහසට අනුව මෙය ප්‍රාථමික මානවයාගෙන් ආරම්භ වී ආර්යයන්ගෙන් ඉන්දියාවට පැතිර ආ දෙයක් .මෙයට හේතුව ,අතීත ඊඡිප්තු වැසියන් හා සුමේරියානු වැසියන්ද මේ ආකාර චාරිත්‍ර සිදුකිරීමයි. ඔවුන්ද තම  රඡතුමා මියගිය පසු බිසෝවරු , දාසයින් , සුරතලුන්  රඡතුමා සමගම පිරමීඩ වල සිරකර මරාදැමීම හෝ පණපිටින් වළලෑම සිදුකරනු ලැබුවා.කෙසේ වෙතත් සමස්ථ ඉතිහාස ක්‍රමය පුරාම ගලාගිය පුරුෂාධිපත්‍‍්‍‍්‍යේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙම චාරිත්‍ර ආරම්භ වූ බව තමයි සලකනු ලබන්නෙ.
      බාහිර ලෝකයට රහසක් ලෙස ඉන්දියාවේ පැවතුන මේ චාරිත්‍රය සමස්ථ ලෝකයට එළිදරව් කරනු ලබන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා විසිනුයි,  ඔහු විසින් ඉන්දියාව ආක්‍රමණය සඳහා යවනු ලැබූ හමුදාවන් තමයි මෙම චාරිත්‍රය පළමුවරට දැකබලාගත් විදේශිකයන් වෙන්නෙ.
   සතිපූඡාවකදී කාන්තාවක් විසින් කරනු ලැබිය යුතු චාරිත්‍ර රාශියක් තියෙනව, ආදාහනය කිරීමට පළමුව ඇය විසින් දිය නා පිරිසිදුව මංගල ඇඳුමෙන් සැරසිය යුතුය , එ‍ෙස්ම දෙවියන්ගේ නම කියමින් දර සෑය තෙවරක් පැදකුණු කල යුතුය . අවසානයෙදි දර සෑයට නැඟ සැමියාගේ හිස තම උකුල මත තබාගෙන වාඩි විය යුතුය, ඉන් අනතුරුව වටේ සිටින පිරිස් විසින් ගිනි දල්වනවනු ලබනව. ගින්න සෑයට ඇවිලුණු පසු ඇය මියයන තෙක්ම මුව තදින් වසාගෙන සිටිය යුතුයි , එයට හේතුව  වන්නෙ ගින්නෙන් තමන්ට වේදනාවක් නොදැනෙනව යන මිත්‍යා මතය සනාත කරන්නයි. අවට පිරිස් ගින්නට ගිතෙල් වක් කරමින් ගින්න නොනිමී දින දොළහක් පුරාවට නොනිමී තබා ගන්නව.දින දොළහ අවසානයෙදි පිරිසිදු  එළකිරි වක් කරමින් ගින්න නිවා දමන අතර එම ස්ථානයේ විශේෂ ස්මාරකයක් ඉදි කරනු ලබනව.
මෙම පූඡාව අවසන් කරනු ලැබූ සෑම කාන්තාවකටම සති මාතා යන විශේෂ ගෞරව නාමයකුත් ලැබෙනව, ඒ වගේම  ඔවුන් සැමදා දෙවිවරුන් ලෙස පුද පූඡාවටද ලක් කෙරෙනව.
    ඉන්දියාවේ සිටි බොහෝ පාලකයන් මෙම චාරිත්‍රය වැලකීමට උත්සාහ ගත්තත් ඒක බොහෝ දුරට සාර්ථක වෙලා නැහැ. ඉන්දියාවේ අතීතයේ පැවති බුද්ධාගම, ඡෛන ආගම ,  ඉස්ලාම් ආගම  සහ ෂික්ආගම මෙම සතිපූඡා චාරිත්‍රය අනුමත නොකළත් හින්දු ආගම පමණක් මෙයට අනුබල දුන්න. හින්දු ආගමේ එන රාමායනය , මහාභාරතය වැනි දේව සංකල්පයන් රැගත් කතා තුළින්ද මෙම සතිපූඡාව ඉතා උසස් දෙයක් ලෙස දක්වා ඇති අතර එකළ සමාඡයේ  අන්ධ විශ්වාසයන් තහවුරු කිරීමට ඒවා මහත් රුකුලක් වුනා. ඉන්දියාවේ ප්‍රසිද්ධ රඡවරු වු මහා අක්බාර් සහ ඡොහන්ගීර් මෙම චාරිත්‍ර තහනම් කලද මෝගල් පාලනය අවසන් වීමත් සමඟ මෙම චාරිත්‍ර නැවතත් කරලියට ආවා.එයට හේතුව වූයේ පසුව පත් වූ හින්දු රඡවරු එයට රහසේ අනුග්‍රහය ලබා දීමයි..
        මේ සියල්ලටම පසුව ඉන්දියාව ආක්‍රමණය කළ පෘතුගීසි  සහ ලන්දේසි ඡාතිකයින්ද මෙම චාරිත්‍ර නැවැත්වීමට උත්සාහ කලද එවාද අසාර්ථක වුනා,,1835 දී බෙන්ගාල ප්‍රදේශයේ පමණක් වැන්දඹු කාන්තාවන් 650 පමණ සතිපූඡා සඳහා සහභාගී වූ බව වාර්තා වෙනවා. අවසානයෙදි ඉන්දියාව ආක්‍රමණය කරනු ලැබූ ඉංග්‍රීසි ඡාතිකයන් විසින් මෙම පූඡාවන් තරමක් දුරට හෝ නැති කරනු ලැබුවා. 1829 දී ඉංග්‍රීසි රඡය විසින් පනත් කෙටුම්පතක් මගින් සතිපූඡා නීතියෙන් තහනම් කරනු ලැබුවා.

එයට අනුව ""

 බලහත්කාරයෙන් කාන්තාවක් සතිපූඡාවේ යෙදවීම මිනී මැරිමක් ලෙසත්, එයට අනුබල දීම මිනී මැරීමකට අනුබල දීමක් ලෙසත් , ස්ව කැමැ්තෙන් සතිපූඡාවට සහභාගි වීම සියදිවි නසාගැනීමට තැත් කිරීමක් ලෙසත් අර්ථ දැක්වුනා.""


මෙම පනත පැමිණීමත් සමඟ ඉන්දියාවෙන් කෙමෙන් කෙමෙන් මෙම චාරිත්‍රය අවම වී ගියා නමුත් ඉන්දියාව යනු විශාල රටක් මෙය තුළ තවමත් ප්‍රාථමික නොදියුණු  ඡනතාව ඡීවත්වන ප්‍රදේශයන් තිබෙනවා. මෙම චාරිත්‍රය අදටත් එම ප්‍රදේශ වල රහසේ පවතින බවට මතයන් පවතිනවා.
    කෙසේ නමුත් ඉන්දියාවේ අසල්වැසියන් වන අප රටට මෙම චාරිත්‍රය පැමිණියේ නෑ, එයට හේතුව එකළ සිටම බුදු දහම ව්‍යාප්තව පැවතීමයි. එසේම ලංකාවට වෙළදාමේ  පැමිණි බොහෝ පිරිස් ද  ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමිකයන් වූ බැවින් ඔවුගෙන්ද මෙරටට එවැනි චාරිත්‍ර පැමිණියේ නැහැ.

තොරතුරු අන්තර්ඡාලය හා සඟරා ඇසුරෙනි ..

9 comments:

  1. ලස්සන ලිපියක්. මට නම් හිතෙන්නේ තමන් කැමති නම් කැමති කෙනෙක්ට ඔය සෑයට පැනලා සැමියත් එක්ක අවසාන ගමන ගියාට කමක් නෑ කියලයි. බලෙන් කරන එක නම් මිනීමැරුමක්. එක අතකට ගොඩක් ලඟින් ඉන්න දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් නැති වුනාම අනෙක් එක්කෙනා ඉඳලා වැඩක් නැති ගතියකුත් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව, ඒත් එහෙම ලඟින් ඉන්න අය නැති වුනා කියල ඡීවිතේ නැති කරගත්තම ළමයින්ගෙ ඡීවිතත් අසරණ වෙනව.

      Delete
    2. Comment කෙරුවට thanks මෙඩුසා

      Delete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...