Saturday, December 23, 2017

කොලුවා කෙට්ටු ,, බොනව සුරුට්ටු


 
කොලු⁣වා    කෙට්ටු
බොනව     සුරුට්ටු
කරනව         මට්ටු
දාමුද               ඔට්ටු

කොලුවෝ කෙට්ටු
බොන්න    සුරුට්ටු
තියලා        මොට්ටු
හිනෙහෙයි    රට්ටු

බොනව    සුරුට්ටු
වෙනවා     කෙට්ටු
කිවුවට          රට්ටු
වෙන්නෑ       මාට්ටු

නොබී        සුරුට්ටු
කාපිය            පිට්ටු
නැතිවෙයි  කෙට්ටු
දාමුද               ඔට්ටු

කොලුවා    කෙට්ටු
නොබී        සුරුට්ටු
කනවා           පිට්ටු
දිනුවා            ඔට්ටු

Thursday, August 10, 2017

එදා රෑ ((කෙටිකතතාව))

එ් එක්තරා නිවාඩු දිනයකි.නිවසට වී සිටීමෙන් ඇතිවූ කම්මැලිකම මකා ගැනීමට මම පාරේ ඇවිදීමට යාමට සිතුවෙමි.. ඒ වන විට රාත්‍රි දොළහ පමණ වූ අතර බයිසිකලයද කැඩී ඇති නිසා මම පයින් ගමන් කලෙමි..ගමන් ගන්නා අතරතුර පන්සල අසල වෑන් රථයක් නවතා තිබෙනු මම දුටුවෙමි. එය ගණනකට නොගෙන මා පාර දිගේ ඉදිරියටම පිය නැගුවෙමි..
          එකවරම මා සලිත වූයේ කලු ඇඳුම් ඇඳ අවිගත් කිහිපදෙනෙකු පන්සල් වත්ත තුළ සිටිනු දැකීමෙනි. මේ රාත්‍රියේ මොවුන් පන්සලේ කුමක් කරනවාද ..
 මම වහාම පන්සල ඉදිරිපිට තිබූ කොට තාප්ප කැබැල්ලට මුවා උනෙමි.
          මොවුන් පන්සලේ පින්කැටය කැඩීමට සැරසෙන බව මම දුටුවෙමි , ඒ සමගම යමෙක් ඔවුන්ට උපදෙස් දෙයි...

ඉක්මන් කරහල්ල
කවුරුහරි ආවොත් ඔක්කොම ඉවරයි...

ඒ නම් හොඳින්ම හුරු පුරුදු කටහඩකි.. පියරත්න උපාසකමහතා..  සත්තකින්ම මේ ඔහුමය...

වසර කීපයක සිට පන්සලේ කටයුතු වල මූලික තැනක් ගන්නා පුද්ගලයා වන්නේ මොහුය.. සද්ධාවන්ත , කවුරුත් ගරු කරන, මෙම පුද්ගලයා මෙවැනි දෙයක් කරාවිද?

කවුද ඔතන ඉන්නෙ, පියරත්න මහත්තයා මොනවද වෙන්නෙ...  එසේ අසමින් රාහුල හාමුදුරුවන් එම ස්ථානයට පිය නගනු මම දුටුවෙමි..
    සමහර විට උන්වහන්සේ බුදු  කුටියේ දොර ඡනෙල් වසා දැමීමට පැමිණියා විය යුතුය..

ඩොංංං

දුවපල්ලා , ශොට් එක වැදුන, අහුවුණොත් අපි ඉවරෙටම ඉවරයි..

 පිරිස වේගයෙන් දුවගොස් වෑන් රථයට නැගුනෝය... නමුත් මගේ අවාසනාවට මම හිස ඔසවා ඒ දෙස බැලුවෙමි. වෑන් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටි පියරත්න උපාසකමහතා ඇස් ලොකුකර මා දෙස බැලුවේය.
වෑන් රථය විදුලි වේගයෙන් ඉගිලී ගියේය.මම එතනම වාඩි වූයෙමි. සුලු මොහොතකින් මහා ඡන ගගකින් පන්සල පිරී ගියේය.
   හොරු වගයක් අපේ පොඩි හාමුදුරුවන්ට වෙඩි තියල,, පිං කැටේ හොරකන් කරන්න ආපු වෙලාවෙ තමා මේක වෙලා තියෙන්නෙ.පාර අයිනෙ තියෙන පංසල නිසා පිංකැටේ බර ගානක් තියෙනව කියල හිතන්නැති.සහගහන වැඩ මේව... මම හිතේ ඇතිවූ බය හේතුවෙන් කිසිවෙකුටත් කිසිවක් නොකියා සිටියෙමි..
      දින තුනකට පසු හාමුදුරුවන්ගෙ ආදාහන උත්සවේ පැවැත්විණි , එහි සියලුම වැඩකටයුතු සම්පාදනය හා බරපැණ දැරුවේ පියරත්න උපාසක මහතා විසිනි...
      තවදුරටත් මේවා බලා සිටිය නොහැකි තැන මම සියල්ල එළිදරව් කිරීමට තීරණය කලෙමි. කාටද මුලින්ම කියන්නෙ..  නායක හාමුදුරුවො තමා හොඳම කෙනා උන්වහන්සේට කියන්න ඕන.මම එසේ තීරණය කර වහාම නායක හාමුදුරුවන් හමුවීමට ගියෙමි.
   හාමුදුරුවනේ, මට ඔබවහන්සේව පොඩ්ඩක් තනියෙම හම්බවෙන්න පුළුවන් ද , මට පොඩි පුද්ගලික කාරණයක් තියෙනව ඔබවහන්සේට කියන්න.

ආවසගෙට යමු ළමයා, මේ වෙලාවෙ එතන කවුරුවත් නෑ.

මොකක්ද ළමයෝ ඔය කියන්න තියෙනවයි කියපු වැදගත් කාරණාව..

මගෙ දෙපා වෙව්ලන්නට විය, දහඩිය වැගිරෙන්නට විය.. නමුත් හිතට දිරිය ගෙන සියල්ල එළි කිරීමට කාලය පැමිණ ඇත...

මට මේ කියන්න තියෙන්නෙ රාහුල හාමුදුරුවන්ට වෙච්ච දේ ගැන.........

හාමුදුරුවනේ මම මේ හැමතැනකම හෙවුව මේ පැතුම් ළමයව වැදගත් රාඡකාරියකට...

ඒ නම් පියරත්න උපාසකමහතායි.ඔහු මේ වෙලාවෙ , මොකට මාව හොයන්නෙ. මගේ සිත සිතුවිලි ගොන්නකින් පිරී ගියේය.

   මේ දරුවට මට වැදගත් කාරණයක් කියන්න තියෙනව කිවුව.ඒකයි මේ ආවාසෙ පැත්තට ආවෙ. දැන් ඉතින් ආපු එකේ උපාසක මහත්තය ආපු කාරණේ මුලින්ම කිව්වනං...

මේකයි අපෙ හාමුදුරුවනේ , මේ දවස්වල ඩෙංගු රෝගෙත් පැතිරීගෙන යනවනෙ, එන්ඡිඕ එකක මහත්තුරු වගයක් මේ පැත්තෙ ගෙවල් පරික්ෂා කරන්න කියල ඇවිත් , මම පන්සල පැත්තට එන්න හදනකොටම ඒ මහත්තුරු ඇවිත් මගෙන් ඇහුව මේ පැත්ත ගැන වැඩිපුර දන්නැති නිසා ගෙවල් දොරවල් , පාර තොට දන්න කෙනෙක් හොයල දෙනවද කියල.. පැතුම් කොලුව තරම් මම වත් මේ පැත්ත ගැන දන්නෑනෙ, මම මේ දරුවව ඒ මහත්තුරුට අඳුන්වල දෙන්න කියල හොයන්න ආවෙ..

මට ගෙදරින් නාහ ඕවට යන්න බෑ මාමෙ..මොහුගේ උගුලෙන් බේරීම සඳහා මම වහාම ඉදිරියට පැණ පැවසුවෙමි.

ඒ ගැන කරදර වෙන්න එපා මම ගෙදර ඈයොත් එක්ක කතාකරලයි ආවෙ, ඒ මහත්තුරු දැන් ගොඩක් වෙලා තිස්සෙ පාර ගාව, අපි යමුද,

එයිට කලින් අර හාමුදුරුවන්ට කියන්න තියෙනව කවුව වැදගත් කාරණාවත් කියලම යමු..

නෑ නෑ මාමෙ ඒක මේ එච්චරම වැදගත් දෙයක් නෙවෙයි..

එහෙනම්  දරුවො උපාසක මහත්තයත් එක්ක ගිහින් අැවිත්ම ඒ කාරණේ කියන්නකො..

මම පියරත්න මහතා සමඟ ඩෙංගු නිලධාරීනගන් හමුවීමට පිය නැගුවෙමි.. එදා රෑ තිබු වෑන් රථය පෙර පරිදිම එම ස්ථානයේ නවත්වා ඇත.. සියලුම කරුණු අර මූසල රාත්‍රියේ වගේමය, වෙනසකට ඇත්තේ අද දහවල් වෙලාවක් වීමත් , එදා කලුපැහැ ටී ෂර්ට් ඇද සිටි පිරිස අද ටයි කෝට් දමා සිටීමත්ය. මා දෙස බලා සිනාසුනු ඔවුන් මා වෙනුවෙන් වෑන් රියේ දොරටුව විවර කලෝය...

               නිමි

කට්ටිය විශ්වාස කරන එකකුත් නෑ , ඒත් මම මේ ලිවුවෙ අද උදේ පාන්දර මම දැකපු හීනෙ.. සිද්ධියෙ අන්තිමට වාහනේ දොර අරිනකොට මට දාඩියත් දාගෙන ඇහැරුන....

Saturday, July 22, 2017

මහාභාරතය 1 ( භීෂ්මගේ උපත සහ යුගයක ආරම්භය )

     
මට මේ දවස්ටිකේ බ්ලොග් එක ලියන්න බැරිවුන,, මම යමක් ලියල ඇතියි කියල මේ පැත්තෙ ඇවිත් රස්තියාදු වෙන්න උනානම් හැමෝම මට සමාවෙන්න 
    මම අද ඉදල ලියන්න යන දීර්ඝ ලිපි මාලාවක පළවෙනි ලිපිය විදිහට මේ ලිපිය හදුන්වන්න පුලුවන් . මේ කතාව මම ලියන්නෙ කතාවක කෙලින්ම පරිවර්තනයක් විදිහට නෙවෙයි , ඒක නිසා ලියපුව ටිකක් විතර කියවන්න එපා වෙන්නත් පුලුවන්.
     එහෙනම් අපි මුලින්ම මහාභාරතය කියන්නෙ මොකක්ද කියල දැනගනිමු. මහාභාරතය කියන්නෙ අතීත භාරතයෙ, එහෙමත් නැත්නම් ඉපැරැණි ඉන්දියාවෙ ,  කුරු කියන රාඡ්‍යය අලලා සකස්කරන ලද ඉතාමත් පැරණි වීර කාව්‍යයක්. ක්‍රිස්තුවර්ෂ 8 -14  වන සියවස් අතර කාලයකදී කුරු රාඡ්‍යයත් පංචාල රාඡ්‍යයත් අතර ඇතිවූ සත්‍ය යුද්ධයක තොරතුරු අලලා එයට අත⁣ිශෝක්ති එකතු කරමින් සකස් කරන ලද මෙම කාව්‍ය භාරතීය ඉතිහාසයේ විශාලම වගේම ශේෂ්ඨතම කාව්‍යය විදිහට සලකනව.වචන මිලියන 1.8 ක් පමණ තියෙන මෙම කාව්‍යයේ කවි පද ලක්ෂයක් පමණ ඇතුලත් වෙනව. මේ මහා කාව්‍යයේ රචකයා ගැන කතාකරනකොට නම් ඒ සම්බන්ධව ගැටලු ඡාලයක් පැණ නගිනව.
ඉන්දියානුවන් වැඩිපුරම විශ්වාස කරන කරුණ තමයි ව්‍යාස කියන මහ ඝෘෂි තුමන් විසින් පවසන ලදුව ගණ දෙවියන් විසින් තම දකුණු දළයෙන් මහාභාරතය රචනා කරපු බව , ඒ වගේම තවත් පිරිසක් විශ්වාස කරනව මේ කෘතිය ව්‍යාස ඝෘෂිවරය විසින්ම රචනා කලා කියල, ඒ වගේම ව්‍යාස ඝෘෂිතුමාගෙ ගෝලයෙක් විසින් මහාභාරතය රචනා කලා කියල කතාවක් තියෙනව . කොහොම උනත් දැන් තවත් මතයක් තියෙනව මහාභාරතයට කතුවරු ගොඩක් ඉන්න පුලුවන් කියල , මොකද මහාභාරතයෙ ඇතැම් කොටස් අනෙක් කොටස් වලට වඩා ගොඩක් පැරණියි, එම නිසා කතුවරු රාශියගෙ එකතුවකින් විවිද කාල පරතර ඔස්සේ කාව්‍යයන් විකාශනය වෙලා කියලයි හිතන්නෙ.
  දැන් විස්තර ඇති , එහෙනම් කතාව පටන්ගමු.
 අතීත හස්තිනාපුර නැමැති රාඡ්‍යයේ රඡතුමා වුන සන්තානු මහරඡතුමා විසින් ගංඟා දේවියව සරණපාවා ගත්ත..(මේ ගංඟා දේවිය කියන්නෙ ගංගානම් ඟගට අධිපති දෙව්දුව බව තමා සැලකෙන්නෙ) මේ දෙපළගෙ විවාහයේ එකම එක කොන්දේසියක් තිබුණ , ඒ තමයි, ගංගා දේවිය කරන කිසිම ක්‍රියාවක් ප්‍රශ්න කරන්න හෝ වලක්වන්න රඡතුමාට අයිතියක් නෑ .. ඔහු එහෙම කලොත් ගංඟා දේවිය ඔහුව හැරදමා යන බව පවසලයි තිබුන. මොවුන් දෙදෙනාගේ විවාහයෙන් පුත්‍රයන් හත් දෙනෙක් උපත ලැබුව.. ඒ සියලුම දෙනාව ගංගා දේවිය ඡලයේ ගිල්ලවල මරා දැමුව.(එයට හේතුව තමයි මොවුන් ශාපයකින් මනු ලොවට පැමිණි දෙවිවරු වීම) .
අටවන පුත්‍රයාව මරා දමන්නට හදන විට සන්තානු රඡතුමාට බිරිඳ කෙරෙහි කෝපයක් හටගත්ත,, ඔහු මේ ක්‍රියාව නවත්තන්න කියල ගංගා දේවියට පැවසුව. ඇය එය පිළිගත්ත , නමුත් පොරොන්දුව කැඩීම නිසා ඇය සන්තානු රඡතුමාව හැරල ගිය. ඒ නොමරා ඉතුරු කරගත් දරුවා වුණු දේව්රත් සමඟ. ඔහුව රඡුට නැවත අවශ්‍ය වෙන කාලයේදී ලබා දෙන බවට ඇය පොරොන්දු වුන...
වසර ගණනක් ගතවුනා, ගංගා දේවිය තම පුත්‍ර දේව්රත් යුගයේ විශිෂ්ටතම රණකාමිය කරන්න හැම දෙයක්ම කල. ඉන්ද්‍ර දෙවියන් ඇතුලු සියලුම දෙවි වරුන්ගෙන් ඔහු සකල කලාවන් ඉගෙනගත්ත.. ඒ වගේම විෂ්ණු දෙවිඳුගේ අවතාරයක් ලෙස සැළකෙන සියලු යුධ කලාවන්ට අධිපති පරුෂරාම් දෙවියන්ගෙන් සියලුම යුද කලාවන් ඉගෙන ගත්ත..
සියලුම කලාවන් ඉගෙන ගැනීමෙන් පසු ඔහුගේ මව ඔහුව සන්තානු රඡතුමා වෙත භාර දුන්න. ඒ සාමාන්‍ය පුත්‍රයෙක් විදිහට නෙවේ , මෙතෙක් පහළවූ විශිෂ්ටතම රණකාමියෙක් විදිහට . තමන්ගෙ පුතාව සාදරයෙන් පිළිගත්ත රඡතුමා ඔහුව යුවරඡු කරන්න තීරණය කලා........

දේව්රත් භීෂ්ම වීම සහ රඡපවුලේ පෙරළිය දෙවනි කොටසින්........

Wednesday, June 28, 2017

එකමත් එක කතා තුනක්


 පියල් බත් එක කන්න පුතා, අද ක්ලාස් එකට යන්න පරක්කු වෙනව නේද?

හරි අම්මේ මම තව චුට්ටෙන් එන්නං , මම මේ යාලුවෙක් එක්ක කෝල් එකක්.

කොයි වෙලාවෙ බැලුවත් කෝල් කෝල් , ඇත්තටම ඉගෙනගන්න කියල අාසාවක් ඇත්තෙම නැද්ද ළමයෝ .

-------------------------------------------------------------------
   
       ප්‍රියන්ති , තමුසෙට පිස්සුද ඕයි අහක යන බල්ලන්ට අපේ ගෙට අඩගහන්න.
ආයි ඔය අබ්බගාත හිඟන්න,අරක මේක නෑ කියාගෙන අපේ ගෙදට්ට පස් පාගන්න ආවොත් මම ඕකට පයින් පාරක් ගහල පන්නන්නෙ.
     නෑ සිරී ඒ මනුස්සය නැති බැරි කමට ආවම මට එළවන්න හිතුනෙ නෑ
  අනේ,තමුසෙගෙ අනුකම්පාව  , ආයි මම නොකිව්වයි කියන්න එපා, උදේ පාන්දර  මගෙ යකා නගිනව.

--------------------------------------------------------------------
       
අප්පචි මොකද දුකෙන්,

නෑ දෝණි එහෙම ප්‍රශ්නයක් නෑ.
අප්පචි  මට මගෙ අම්මව මතක්වෙනව, එයා හිටියනම් අපිට මෙහෙම වෙන්නෑනෙ...
    අම්ම නෑ කියල මම උබට අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නෑ මගෙ දුවේ උබ දුක් වෙන්න එපා.
 මයෙ දෝණි දැන් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න  , මම  අද ඉඳන් අලුත් රස්සාවක් පටන්ගන්නව.කකුළ නෑ කියල හැමදාම මිනිස්සුන්ට අතපාන්නත්  බෑනෙ..

----------------------------------------------------------------

       මචං අද a/l ඇඩ්මිෂන් ඇවිල්ලලු , පන්තිය ඉවරවෙල කෙලින්ම ඉස්කෝලෙට ගිහින් අරගමු
  ඔවු බන් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ගියානම් ගන්න තිබ්බ , ඉස්කෝලෙ ඇරිල ටික වෙලාවක් යනකම් මැඩම් පන්තියෙ ඉන්නවනෙ.

------------------------------------------------------------

      ප්‍රියන්ති ඔයා ගිහින් ලමයව ඉස්කෝලෙන් අරගන්න, මට අද ඔපිස් ⁣එකේ වැඩ ගොඩ ගැහිල...,,
 ඔයාට ඉතින් කවදද වැඩ නැත්තෙ , මම තමයි ඔක්කොම කරන්න ඕන. ආ.. පෝන් එක කට් කලාද, එනවකො අද ගෙදර..මෙයා ඔපිස් එකට වෙල සැප ගන්නයි , මම මෙතන නැහෙන්නයි. මොන කරුමයක්ද මන්ද..

-----------------------------------------------------------------

 අඹ,  අඹ , ලාභයි ගන්න අලුත් අඹ.., ලුණු දාල , මිරිස් දාල රස කරල තියෙන්නෙ , ලාභායි

අංකල් අඹ බෑග් එකක් කීයද ?

තිහයි ලමයො.

අම්මි එනකන් මං ගාව සල්ලි නෑ මට අඹ ටිකක් දෙනවද?

සල්ලි නැතුවනම් දෙන්න බෑ දරුවො , මම අද තමා බිස්නස් එක පටන්ගත්තෙ, හවසට අඹ වල ගණන් බේරන්න ඕන.

-------------------------------------------------------------
අප්පචී ...
අප්පචි අඹ විකුණන්න පටන්ගත්තද?

ඔවු මගෙ දෝණියෝ එක එකාට අත පානවට වැඩිය ඒක හොඳ වැඩක් කියල මට හිතුන...

මගෙ හොඳ තාත්ත , මම තාත්තට ගොඩක් ආදරෙයි .

අද රුපියල් දෙතුන් සීයක ලාබයක් තියෙනව , යන ගමන් මස් කෑල්ලකුයි පාන් බාගෙකුයි අරන් යන් , ගොඩ කාලෙකින් දෝණිය රස කෑමක් කෑවෙත් නෑනෙ....

------------------------------------------------------------------

අයියේ , අයියේ , මට රුපියල් තිහක් දෙන්නකො....
ආ.. මේ සිරිසේන මහත්තයගෙ පොඩ්ඩ නේද?
ඇයි මල්ලි හදිස්සියක් ද , ආ මල්ලි සල්ලි
ටැනක්යූ අයියෙ , මම අම්මි ආව ගමන් දෙන්නං
අයිය අද මොකද ඉස්කෝලෙ පැත්තෙ ,
මම මේ විභාගෙට ඇඩ්මිෂන් එක ගන්න ආව මල්ලි .

-----------------------------------------------------------------

 ෂේන් මොනවද පුතා ඔයා මේ කන ඡහඡරාව , කොහෙන්ද ඔයාට මේව ගන්න සල්ලි
ඊය ,,  මොන ඡහ ඡරාවක්ද මන්ද...
  අම්මි මම පාරෙ අඹ විකුණන කෙනෙක්ගෙන් ගත්තෙ , ඉස්සර ගෙදර පියල් අයිය සල්ලි දුන්නෙ..
පියල් කොහෙද මෙහෙ, එයා දැන් ගෙදර නේද ඉන්නෙ ..,
ඒවෑන් වැඩක් නෑ , යමුකො ගෙදර , පාර අයින්වල තියෙන ඡහඡරාව කනවට තාත්තිට කියල හොඳ පාඩමක් උගන්නන්න .
දැම්මම ඕක වීසි කරල දානව. මම යන ගමන් ඔයාට රසම රස ඇපල් ගෙඩියක් අරන් දෙන්නං.

---------------------------------------------------------------------

පියල් ඔයා පහුගිය කාලෙම ඉස්කෝලෙ එන්නෙ නැතුව දැන් ඇඩ්මිෂන් ගන්න ආවම හරිද, තමුසෙල පන්ති පන්ති කිය කිය හතරවටේ ඇවිදිනව, අන්තිමට විභාගෙ පේල් උනොත් වගකියන්න ඕන ඉස්කෝලෙ, මට දැන් ඇඩ්මිෂන් එක දෙන්න බෑ, දෙමව්පියො එක්ක හෙට උදේට ඉස්කෝලෙට එනව.

හොඳයි මැඩම් මම හෙට එක්කගෙන එන්නම්...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

   දුමියගෙයි රොමාගෙ පෝස්ට් එක බලල තමයි මම මේක  ලිවුවෙ , මට මේ කතාවෙන් සමාඡ විෂමතාවය වගේම සමාඡ මට්ටම අනුව පුද්ගල හැසිරීම් රටාවත් , ඒ වගේම ටියුෂන් අධ්‍යාපනය නිසා ළමුන් පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙන බවත් තමයි පෙන්නන්න ඕන කලෙ. ඔන්න මගෙ මැල්ලුම් කතාව.

මම මගෙ කබල් පෝන් කට්ටෙන් සිංදුවක් අප්ලෝඩ් කරන්න කොච්චර ට්‍රයි කලත් වැඩේ හරිගිය නෑ මක් කොරන්නද වැඩේ අතහැරල දැම්ම .

හිස් ටින් එකක් වාගේ අපේ මේ ඡීවිතේ මල්ලි , කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලී ///

Saturday, May 13, 2017

19 වන සියවසේ අතිවිශිෂ්ඨ රහස්පරීක්ෂකයා ෂර්ලොක් හෝම්ස්

ෂර්ලොක් හෝම්ස් එහෙමත් නැත්නම් බේකර් වීදියෙ උපදේශක රහස්පරීක්ෂක තුමාව අඳුරන්නැති කෙනෙක් ඉන්නව නම් ඒක බොහොම කලාතුරකින් වෙන්න පුලුවන් දෙයක්... ඒ තරමට මෙතුමා ලෝකෙ පුරා ඡීවත්වෙන බාල මහලු කා අතරත් ඡනප්‍රියයි ..
     එහෙනම් අපි අද ෂර්ලොක් හෝම්ස්ගෙ පැටිකිරිය ගැන හොයල බලමු...

1. කවුද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ...

  ලන්ඩනයේ ඡීවත් වූ අාතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරන ලද රහස්පරීක්ෂක  චරිතයක් තමයි ෂර්ලොක් හෝම්ස් කියන්නෙ.
   මනස වෙහෙසවමින් ඉතාමත් බැරෑරුම් කරුණු තර්කානුකූලව විසඳන චරිතයක් තමයි ෂර්ලොක් හෝම්ස් . ඒ වගේම ඔහු විසින් දුප්පත් ⁣, පෝසත් ඕනම කෙනෙක් ගෙන එන ගැටලු කිසිම බේදයකින් තොරව විසඳල දෙනව..ඒ වගේම පොලීසියට විසදන්න බැරි වෙන ගැටලු විසඳන්නෙත් මෙයාම තමයි.

2. කොහේදිද ෂර්ලොක් හෝම්ස් ඉපදුනෙ , ඒ වගේම කවුද ඔහුගෙ මව්පියන් සහ නෑදෑයන් .....

  ඇත්තම කියනව නම් අපිට මේ තොරතුරු දැනගන්න විදිහක් නෑ, මොකද ආතර් කොනන් ඩොයිල් මහතා ඔහුගෙ කෘතිවල මේ පිළිබඳව කිසිඳු සඳහනක් කරන්නෑ.
    නමුත් කෘතිවල තියෙන ආකාරයට ඔහු විසින් අපිට කියනව , ෂර්ලොක් හෝම්ස්ගෙ ආච්චිගෙ සොහොයුරා වර්නෙට් කියන ප්‍රංශ චිත්‍ර ශිල්පිය බව..
 මේ වර්නෙට් කියන්නෙ ප්‍රංශයේ හිටපු දක්ෂ යුධ චිත්‍ර ශිල්පියෙක් . ඔහුගෙ සම්පූර්ණ නම තමයි හොරේස් වර්නෙට්..
     අපිට ශර්ලොක් හෝම්ස් කතා වල හමුවෙන හෝම්ස්ගෙ එකම ඥාතිය තමයි , ඔහුගේ සොහොයුරා වන මයික්‍රොෆ්ට් හෝම්ස් . ඔහු හෝම්ස්ටත් වඩා දක්ෂ බුද්ධිමතෙක් , නමුත් තරබාරු ශරීරයක් හිමි ඔහු ඉතාමත් අලස ඡීවිතයක් තමයි ගතකරන්නෙ..
  මයික්‍රොෆ්ට් කටයුතු කරන්නෙ එංගලන්ත රඡයේ දේශපාලන නියෝඡිතයෙක් විදිහට , ඔහු තමයි රඡයේ ප්‍රධාන ගැටලු විසඳීමට කටයුතු කරන කෙනා..ඒ වගේම හෝම්ස්ට අපහසු ගැටලු පැණ නැගුන අවස්ථාවල ⁣මෙයා උදව්කරලත් තියෙනව .

3. කොහොමද ෂර්ලොක් හෝම්ස් උපදේශක  රහස්පරීක්ෂකයෙක් උනේ?

     ෂර්ලොක් තරුණ කාලයේ ඉදලම ගැටලු විසඳන්න පුදුමාකාර විදිහට දක්ෂ උනා.. ඒ නිසා ඒ කාලයේ ඉදලම බොහෝ දෙනා තමන්ගෙ ගැටලු විසඳා ගැනීමට ඔහුව හමුවීම පුරුද්දක් කරගෙන තිබුන.නමුත් ඔහු වෘත්තීය රහස්පරීක්ෂකයෙක් වෙන්න පාර කැපුනෙ ඔහුගෙ විශ්ව විද්‍යාල මිතුරෙක් වෙච්ච වික්ටර් ⁣ෙට්‍රවෝගෙ තාත්ත විසින් ශර්ලොක්ට ගැලපෙනම වෘත්තිය රහස්පරීක්ෂක වෘත්තිය කියල පැවසීමත් එක්ක..
  එහෙම කියපු ඒ පුද්ගලය ඊට ටික කාලෙකට පස්සෙ අසාමාන්‍ය විදිහට මිය යනව. ඔහුගේ මරණය පිටුපස තිබුණු අභිරහස විසඳන්නෙත් ෂර්ලොක් හෝම්ස් විසින් , ඊට පස්සෙ ඔහුට දිගට හරහට පරීක්ෂණ ගලා එනව... ඒ පරීක්ෂණ බාර ගනිමින් තමයි ඔහු වෘර්තීය උපදේශක රහස්පරීක්ෂකයෙක් වෙන්නෙ...

4. ෂර්ලොක් හෝම්ස්ගෙ මිතුරන් කවුද.......

  ෂර්ලොක් හෝම්ස්ගෙ මිත්‍රයන් ගැන කතාකරනකොට අපිට හම්බවෙන ප්‍රධානම චරිතය තමයි ඩොක්ටර් වොට්සන් .. නිවසක් කුලියට ගැනීමට ගිහින් හමුවෙන මේ මිත්‍රය , ෂර්ලොක් හෝම්ස්ගෙ සියලුම කරදර වලදි ලඟින්ම හිටපු ප්‍රාණ සමාන මිත්‍රයෙක්..මෙහු හෝම්ස්ගෙ හැම පරීක්ෂණයකටම වගේ සම්බන්ධ වෙලා තියෙනව වගේම පරීක්ෂණ සටහන් කරන කෙනාත් මොහුම තමයි.මොහුගෙ සටහන් තමයි අපි කතා විදිහට කියවන්නෙ.
    වොට්සන්ව මුණ ගැහෙන්න කලින් ෂර්ලොක් හෝම්ස්ට විශ්ව විද්‍යාලෙදි හිටපු මිත්‍රයෙක් තමයි වික්ටර් ⁣ෙට්‍රවෝ. හැබැයි විශ්ව විද්‍යාලයෙන් පස්සෙ ඔහුගෙත් හෝම්ස්ගෙත් මිත්‍රකම කොපමණ කාලයක් තිබුනද කියල නම් දැනගන්න විදිහක් නෑ.
    ඒ වගේම කෘතිවල ආකාරයට ෂර්ලොක් හෝම්ස්ට තවත් විශ්ව විද්‍යාල මිතුරෙක් ඉන්නව ඒ තමයි රෙඡිනෝල්ඩ් මස්ගේව් ( මොහුවත් සම්බන්ධ වෙන්නෙ පරීක්ෂණයකදි)

 පෞද්ගලික හිත මිතුරන් රාශියක් නොසිටියත් හෝම්ස්ට වෘත්තීය මිතුරන් නම් ගොඩක්ම ඉන්නව. ලෙස්ට්‍රේඩ් , ඇන්තනී ඡෝන්ස් , ග්‍රෙග්සන් , හෝප්කින්ස් වගේ පොලිස් මිතුරන් රාශියක්ම ඔහු වටේ ඉන්නව. මේ සියලුම දෙනා බොහෝවිට ඔහුගෙන් උපකාර , උපදේශ ලබාගන්නව වගේම හෝම්ස් අල්ලගන්න අපරාධ කරුවන්ව සිරගත කරන්නෙත් මොවුන් විසින් .

5. හෝම්ස්ගේ සතුරන් කවුද?

 හෝම්ස්ට සිටින සතුරන් සංඛ්‍යාව කියන්න බැරි තරම් , ලන්ඩන් පාතාලයේ සියලුම දෙනා හෝම්ස්ගෙ සතුරො, නමුත් ඒ සියලුම සතුරන් අතරත් ප්‍රධානම දෙදෙනෙක් ඉන්නව , ඒ තමයි මහාචාර්ය ⁣ඡේම්ස් මොරියාටි සහ සෙබස්තියන් මොරාන්, මේ දෙදෙනා තරම් හෝම්ස්ව මරන්න උත්සාහ කරපු වෙනත් අය නැති තරම්. ලන්ඩන් පාතාලයේ සියලුම අපරාධ මෙහෙයවන කෙනා තමයි මොරියාටි , ඒ වගේම මොරියාටිගෙ දකුණු අත වෙන කෙනා තමයි සෙබස්තියන් මොරාන්.
 චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන් සහ ක්ලෙවටන් ස්මිත් දෙදෙනාත් ⁣ප්‍රධානම සතුරු ලිස්ට් එකට දාන්න පුලුවන් දෙදෙනෙක්..

6. හෝම්ස්ට ආදරයක් තිබුනද?

ඇත්තටම ඒ ගැන කතා කරනකොට කියන්න දෙයක් නෑ, මොකද හෝම්ස්ගෙ ඡීවිතය තුළ ආදරයට හා විවාහයට කිසිම සැලකිල්ලක් තිබු⁣ෙන නෑ කියල තමා කියවෙන්නෙ..
නමුත් හෝම්ස්ව බුද්ධියෙන් පරාඡය කරපු අයිරීන් ඇඩ්ලර් නම් තරුණිය ගැන හෝම්ස්ගෙ හිතේ ආදරයක් තිබුන කියල ගොඩක් විචාරකයො කියනව..
ඒ වගේම ශර්ලොක් හෝම්ස් කෘති රචනා කරන කාලය වෙනකෙ⁣ාට ප්‍රසිද්ධියෙම ලිංගිකත්වය ගැන කතා කලේ නෑ.. ඒක නිසා ඒ කෘතිවල ලිංගිකත්වය ගැන එහෙමට දෙයක් නෑ.

7.ෂර්ලොක් හෝම්ස්ගෙ විනෝදාන්ශයන් මොනවාද?

 විනෝදාංශ ගැන කියනකොට හෝම්ස්ගෙ ප්‍රධානම විනෝදාංශය තමයි වයිලීන් වාදනය කිරීම ,, ඊට අමතරව රසායන විද්‍යා පර්යේෂණ කිරීම , කුඩා පෙ⁣ාත් රචනා කිරීම , සංගීත සංන්දර්ශන බැලීමට යාම , වගේම පැරණි අපරාධ පිළිබඳව පුවත්පත් වාර්ථා එකතු කිරීම වැනි දෑ තියෙනව .

8. ෂර්ලොක් හෝම්ස්ගෙ පවතින ගතිගුණ .....

  * පුද්ගල රහස් ඉතාමත් හොඳින් ආරක්ෂා කරන අයෙක්, සමහර තොරතුරු ඔහුගේ මරණයත් සමඟ සැඟවී යාමට පවා ඉඩහැරල තියෙනව .

* සමාඡයේ යහපත වෙනුවෙන් මියයාමට වුවද ඉදිරිපත් වෙන පුද්ගලයෙක් මොරියාටි සමඟ  කළ කතා බහේදී ඒ බව සනාත වේනව

* සැමවිටම නිවැරදි දෙය වෙනුවෙන් පෙනී සිටිනව.

* පුද්ගලයන් ඇසුරේදී ඉතාමත් විනීත බවක් ප්‍රකාශ කරනව වගේම කාන්තාවන්ට ගරු කරනව..

* පරීක්ෂණ වෙනුවෙන් කොපමණ වෙහෙස වුනත් එහි ඇගයීම් , ත්‍යාග සෑම විටම ලබා නොගෙන අන් අය වෙත පිරිනමනව.

* හෝම්ස් දුම් බීමට අධිකව ප්‍රිය කල කෙනෙක් , ඒ වගේම අබිං , කොකේන් වැනි මත්ද්‍රව්‍යවලට පුරුදු වෙලත් තියෙනව .

9. හෝම්ස් ඔහුගේ අවසන් කාලය කෙසේ ගත කලේද සහ ඔහු මියගියේ කෙසේද?

හෝම්ස්ගෙ අවසන් කාලය ගැන කියනව නම් , ඔහු 1904 දි අපරාධ පරීක්ෂණ වලින් විශ්රාම යනව.
   අපරාධ පරීක්ෂණ වලින් උපයගත්ත මුදල් යොදාගෙන සසෙක්ස් ප්‍රාන්තයේ ඉඩමක් අරගෙන මී මැස්සන් පාලනය විනෝදාංශය කරගෙන ඔහු ඡීවිතේ අවසන් කාලය ගෙවා දමනව.
   ඒ වගේම කොනන් ඩොයිල්  මහතාගේ පොත්වල ඔහු මියගිය දවසක් සඳහන් වෙලා නැතත් පසු කාලවල නිර්මාණය වූ ෂර්ලොක් හෝම්ස් කෘති වලට අනුව ඔහු අවුරුදු 103 ක් ඡීවත්වෙලා තියෙනව .

10.. අවසාන වශයෙන්...

       ඔයා ෂර්ලොක් හෝම්ස් කෘති කියවන්නැති කෙනෙක්නම් ඔයාට මේ ඔක්කොම පිස්සු විකාර වගේ පෙනෙයි.. ඒක අවුලක් නෑ,, කියවපු දවසක ආයෙ මේ ලිපිය බලන්නකො .
    අනිත් දේ තමයි ඔයා ෂර්ලොක් හෝම්ස් කෘති කියවනව නම් අනිවාර්යයෙන් චන්දන මෙන්ඩිස් මහත්තය පරිවර්තනය කරපුව කියවන්න . ( මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී ) එතුමගෙ පොත්වල නියම පිළිවෙළට වගේම ලස්සනට  කතා තියෙනව ..
      එහෙම කියවන්න පොතක් ගන්න හැකියාවක් නැති කෙනෙක් නම් e book බැලුවට මම වැරැද්දක් කියන්නෑ,, ලින්ක් නම් දෙන්න බෑ මොකද ඒව නීති විරෝධී වැඩ, ඒත් google හොයල බැලුවොත් ඒව ඕනතරම් තියෙනව ..
     තව  දැනට ඡනප්‍රිය ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටි දෙකක් නිකුත්වෙලා තියෙනව . චිත්‍රපටි පිස්සො ඉන්නව නම් බයිස්කෝප් සයිට් එක පැත්තෙ යන්න සිංහල සබ් එක්කම තියෙනව ...
    මීට අමතරව ලංකාවෙ රේඩියෝ චැනල් එකකින් කරපු දොරලොක් හෝම්ස් කියල විනෝද වැඩසටහනක් යූ ටියුබ් පැත්තෙ තියෙනව , ඉළ ඇදෙන්න හිනාවෙන්න කැමති නම් ඒකත් ගිහින් බලන්න ..

 මට මඟහැරිච්ච දෙයක් තියෙනව නම් අනිවාර්යයෙන් කොමන්ට් කරන කොට සඳහන් කරන්න, මම හොයල දාන්නම්

Monday, April 24, 2017

කුණු කුණු සහ තවත් කුණු

   
 මම නම් ඉතින් ඉතිහාසය , සාහිත්‍ය වගේ මාතෘකාවලට කොටු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි.. ඒක නිසා කුණු ගෑවුණත් කමක්නෑ කියල කුණු ප්‍රශ්නෙ ගැන ලියන්න කල්පනා කලා..
     මීතොටමුල්ල ඛේදවාචකය තමයි මේ ලිපිය ලියන්න මූලික වුනෙ..
      ඇත්තටම අද වෙනකොට ඇයි මෙච්චර කුණු , මේ කුණු වලට මොකක්ද කරන්නෙ.. මෙව්ව ගැන කතාකරන්න ගත්තහම කියන්න සුරංගනා කතා කන්දක් තියෙනව ..කුණු ගැන කියනකොට ලගින්ම යන වචනයක් තමයි  "ප්‍රතිචක්‍රිකරණය" ,, ඒත් ඇත්තටම මීතොටමුල්ල වගේ කන්දක් ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන් ද? සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මගේ අදහස තමයි , ඒ ගැන කතා කරල වැඩක් නෑ කියන එක.. ඔය කුණු කන්ද ප්‍රතිචක්‍රිකරණය කරන්න ගියොත් පරම්පරා දහයක් විතර යනකම් ප්‍රතිචක්‍රිකරණය කරන්න වෙයි.. ඕකට මගෙ ගාව තියෙන සරල විසඳුම තමයි , අධික තාපයක් යටතෙ පුලුස්සන  එක... ඕක කරන්න පුලුවන් ද කියල මම හරියටම දන්නෑ මගෙ අයිඩියා එක තමා ඒක..
    දැන් ඉස්සරහට එකතු වෙන කුණු වලට අපි මෙ⁣ාකද කරන්නෙ? මම දැක්ක පත්තර ටීවී වල ලොකු මහත්තුරු කියනව  ඉස්සර ක්‍රම වලට අපි පුරුදු වෙන්න ඔ්න, දේශීය දිරාපත්වෙන දේවල් පාවිච්චි කරන්න ඕන,, පොලිතින් භාවිතය අවම කරන්න ඔ්න, ගෙදර කොම්පෝස්ට් වලක් හදන්න ඕන ( පර්චස් දෙක තුනක ඉන්න අයට සාලෙ මැද්දෙ තමා හාරගන්න වෙන්නෙ) කියන දේවල්.. ඇත්තටම මහත්තයෝ ඒව කරන්න ඕන තමයි. කවුද ඒව කරන්නෙ.. ඔබතුමාලගෙ ගෙවල්වලවත් එහෙම කරනවද? ඕව සමාඡයට තේරුම් කරන්නම අවුරුදු දහයක් විස්සක් යනව..
              ඇත්තටම මගේ අදහස තමා මෙන්න මේක.. මේකත් ටිකක් ( ගොඩක් ) අමාරු ක්‍රමයක් , මගෙ පොඩි මොලේට වැටහිච්ච හොඳම අදහස තමා මේ..

1...පළවෙනි පියවර තමයි කූණු එකතු කිරීම .. ( ප්ලාස්ටික් , දිරාපත් වන දේවල් , වෙනත් මේ විදිහට තමා වර්ගීකරණය කරන්න ඕන.. )  ඔය වෙනත් කියන කෑල්ලට 100% පට්ටම ගඳ ගහන ඡහඡරාව දාන්න පුලුවන් ..

2. දෙවනි පියවර තමයි මේ එකතු කරන ද්‍රව්‍ය ලංකාව පුරා ගොඩනගපු කුණු ප්‍රතිචක්‍රිකරණය ආයතන දහයට බෙදා හරින්න ඕන.. (එහෙම ආයතන ගොඩනගල)

  මේ ගොඩනගන ආයතන දහයෙන් හතරක් තාපයෙන් කුණු පුලුස්සන තැන් වෙන්න ඕන... අර වෙනත් ගොඩේ තියෙන ඔක්කොම කුණු මේවට යවල පුලුස්සන්න ඕන.. එතකොට අනික් හයෙන් තුනක් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කරන තැන් වෙන්න ඕන, අනිත් තුන කොම්පෝස්ට් නිපදවන තැන් වෙන්න ඕන..

3. දැන් තුන්වෙනි පියවර විදිහට එකතුකරන කුණු ගොඩගසා ගැනීමකින් තොරව කෙලින්ම අර මධ්‍යස්ථාන වලට යවන්න ඕන.  මේ එක මධ්‍යස්ථානයකට අක්කර දහය  පහළොවක ඉඩමක් ගත්තනම් හරියටම හරි...

4.. හතර වෙනි පියවර මේ කරන වැඩ වල කාර්‍යක්ෂමතාව මනින්න නිලධාරී මණ්ඩලයක් පත් කරන්න ඕන... ඒ අය අනිවාර්යයෙන් මේ වැඩ වල අක්‍රමිකතා උනොත් වගකීම ගන්න බැඳී සිටින්න ඕන.

5.. මේ තමයි අවසාන පියවර ,  කුණු එකතුකරන්න එන වාහනේ මොඩ් කරන්න ඕන.. රියදුරු  සහ සහයක ඇරුණහම වගකිවයුතු නිලධාරීයෙකුත් මේ ටැක්ට⁣ෙර් නැගල යන්න ඕන.. අපේ මිනිස්සු වර්ගීකරණය කරල කුණු දාන්නත් කැමති නෑනෙ.. අන්න ඒ අයට අර නිලධාරිය දඩ ගහන්න ඕන. ( රවි අංකල්ට කුණු බද්දකුත් එනව)


මේ වගේ සරල ක්‍රමයකින් පටන්ගත්තනම් කුණු ප්‍රශ්න ඔච්චර දුර දිග යන්නෑ...
   මේ දේවල් කරන්න දේශපාලන බල අරගල අතර කිසිම ඉඩක් නෑ, මොන පක්ෂ ආවත් ⁣ඒක එහෙම්මම තමා කියන එක තමා මගෙ අදහස..මම මේක ටයිප් කලේ මට හිතුන නිසා ,, හිතේ තියන් ඉන්නවට වඩා කොහෙ හරි කොටල දාන එක හොඳයිනෙ....

Monday, April 10, 2017

පරාජිත බව....

කාලය මැදින් ඡීවිතය ඡයගන්නා ඔබ.....

මුලු සමාඡයටම මෙහෙවරක් කරන්නා වූ ඔබ.....

දිවියේ අරුත වටහා දෙන්නා වූ ඔබ....සියල්ලම බලා සිටි මා....

අවසානයේදී ඔබ හා මම අතර පවතින වෙනස මම සොයාගතිමි....

ඔබ ඡීවයේ පැවැත්ම සුරකින අතර , මම ඔබගේ පැවැත්ම විනාශ කරමින් යන්නෙමි...

මට ඇති ශෝකය නම්,, මා සත්‍ය දැනගත්තද ඔබව රැකගැනීමට මා අපොහොසත් වීමයි.....
අද පොඩි වැඩකට ලී මෝල පැත්තට යැවුන,, කපල තිබ්බ කොස් ගස්වල මහත දැක්කාම මට සැබෑවටම දැණුන දේ මම කෙටුවෙ..

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...