Friday, November 4, 2016

ශාපලත් භාණ්ඩ 2 රොබට් (යක්ෂ බෝනික්කා )

 ශාපලත් භාණ්ඩ දෙවනි කොටස තමා අද දාන්නෙ , මේව දාල මගෙත් එක්ක යක්කු කෝප වෙයිද මන්ද. කොහොම උනත් අද දෙවනි කොටසෙදි මම විස්තර කරන්න තෝරගත්තෙ රොබට් කියන සෙල්ලම් බෝනික්ක . මෙයා තමා ඇනබෙල් තරම්ම ඡනප්‍රිය නොවුනත් එදාමෙදා තුළ ඉතිහාසයේ ඉඳපු භයානකම ශාපලත් භාණ්ඩය තමා මෙයා. ඒ කියන්නෙ මෙයා ඇනබෙල්ටත් වඩා බලවත් වගේම භයානක කෙනෙක්..නමුත් මෙයාට මෙයාගෙ වැඩ පෙන්නන්න නම් එච්චර  ඉඩක් ලැබිල නෑ..
        1904 අවුරුද්දෙ  ඡීවත්වුන අවුරුදු හතරක් වයසැති ඉයුඡින් කියන පිරිමි ලමයට තමා මේ සෙල්ලම්බඩුව ලැබිල තියෙන්නෙ. මේ සෙල්ලම් බඩුව ලබාදීල තියෙන්නෙ ඒගොලන්ගෙ පවුලෙ සේවිකාවක් වුන බහමනි ඡාතික කාන්තාවක් . මැයට මේ බෝනික්ක කොහොම ලැබුනද කියල වාර්තා වෙලා නැතත් , දක්ෂ යක්දෙස්සියක් වුන මැය විසින්ම මෙය ඉයුඡින්ගේ පවුලෙන් පළිගැනීම උදෙසා හැදුව බව තමා විශ්වාස කරන්නෙ .
     අඩි දෙකක් පමණ උස මෙම බෝනික්ක සේලරු ඇදුමකින් තමයි සැරසිල ඉන්නෙ , ඒ කියන්නෙ නාවිකයෙක් වගේ. ඉයුඡින් මේ බෝනික්කට නම දානව රොබට් කියල.  මේ රොබට් කියන නම ඉයුඡින් ගෙ සම්පූර්ණ නමේ කොටසක් . ඉයුඡින් ගෙ සම්පූර්ණ නම තමයි  Robert Eugene Otto.
          ඉයුඡින්  ගෙ දෙමව්පියන්ට රාත්‍රි කාලයෙදි ඇහෙනව තමන්ගෙ පුතා බෝනික්ක සමඟ කතා බහ කරනව. මේක ඇහෙන්නෙ සංවාදයක් වගේ. දෙදෙනාගෙ කටහඩ වෙන වෙනම ඇහෙනව .. නමුත් ඉයුඡින් ගෙ දෙමව්පියන් හිතනව ඉයුඡින් කටහඬ වෙනස් කරමින් දෙදෙනෙක් වගේ රඟපානව කියල.නමුත් මේ ශබ්ද හොදින් අහගෙන හිටියහම මොවුන්ට තේරුම් ගිහින් තියෙනව මේ හඩවල් දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් බව.
  මේ සිද්ධි දාමය තවදුරටත් වැඩි වෙන්නෙ රාත්‍රියට මේ බොනික්ක තනියෙම ඇවිදින්න පටන්ගැනීමත් එක්ක.. පවුලෙ හැමෝම බලා සිටියදී සාලයේ සිටි බෝනික්ක ඇවිදගෙන කාමරේට යනව.. ඒ වගේම අසල්වැසියන් කියනව ඔවුන් ඡනේලයෙන් මේ බෝනික්ක ඇවිදිනව දැක්ක කියලත්..මොනව කොහොම උනත් මේ ඉයුඡින් බෝනික්කට තියෙන ආදරේ අඩු කර ගත්තෙ නෑ.. මෙයා බෝනික්කට ලස්සන පුටුවකුත් හදනව.. එදා ඉඳල බෝනික්ක ඒකෙ වාඩි වෙලා තමයි ඉන්නෙ...
   කාලය ගතවෙලා ඉයුඡින් කොල්ල විවාහ වෙනව...ඒත් මෙයාගෙ  බොනික්කට තියෙන ආදරේ නම් අඩු වෙන්නෑ. නමුත් බිරිඳ නිසා බෝනික්කව වෙන කාමරයකට දාන්නත් එයාට සිද්ධ වුනා.ඒ තමයි ගෙදර අට්ටාලය.ඉයුඡින් කුඩා කාමරයක් ලෙස මෙය අලංකාර කරල බෝනික්කව එහි තැම්පත් කරනව. කාලය තවදුරටත් ගලා යනව. ඉයුඡින්ගෙ ළමයි දකිනව, ගෙදර කාමරේකින් කවුරුහරි එබෙනව. පස්සෙ ඔවුන් හොදින් විමසිල්ලෙන් බලන්න පටන්ගන්නව ... , පසුව ඔවුන් දකිනව උදේ හවස  ඡනේලෙන් එබිකම් කරන්නෙ රොබට් කියල.නමුත් මොවුන් රොබට්ව එලියට ගන්නෙ නෑ.. රාත්‍රි කාලයට රොබට්ගෙ සිනහහඬ ඇසුනත්,රොබට්ගෙන් කිසිම කරදරයක් නම් කාටවත් වෙන්නෙ නෑ.. 1970 ඉයුඡින් මිය යනකම් රොබට් මේ නිවසටම වෙලා හිටිය.කාලය ගතවුන ,හැමෝටම මේ රොබට්ව අමතක වුනා.. මේ නිවසට අලුතින් පවුලක් පදිංචියට ආව.. මේ කට්ටිය මේ සිදුවීම් ගැන දැනගෙන හිටියෙ නෑ. මේ ගොලන්ගෙ පුංචි දියණිය අට්ටාලයෙ තිබිල මේ බෝනික්කව ආයෙ හොයාගන්නව .එයා එයාගෙ අලුත් සෙල්ලම්බඩුව කාමරෙන් තියාගන්නෙ, උදේට සෙල්ලම් කරන්න හිතාගෙන. නමුත් රාත්‍රියේ  මේ බෝනික්ක තනියෙම ඇවිදිනව දැකල ඈ යටිගිරියෙන් බෙරිහන් දෙන්න පටන්ගන්නව . ඒ වගේම ඇය උදෑසන දෙමව්පියන්ට පවසනව මේ බෝනික්ක ඇවිදගෙන ඇවිත් තමන්ව මරන්න උත්සාහ කලා කියල.අවසානයේ ඔවුන් මේ ගැන හොයන්න පටන් ගන්නව, ඒක අවසන් වෙන්නෙ බෝනික්කගෙ පසුගිය  තොරතුරු ඔවුන් දැනගෙන.
                අවසානයෙදි 1994 දි ඊස්ට් මාටෙලෝ කෞතුකාගාරයට රොබට්ව රැගෙන යනව. 2016 අවුරුද්දෙ විශේෂ දේශනයක් සඳහා රැගෙන යන තුරුම රොබට්ගෙ නිවහන උනේ මේ කෞතුකාගාරයයි, මේ කෞතුකාගාරය තුළ රඳවා තියෙන රොබට් ගාව බිත්තියෙ විශාල ලිපි සංඛ්‍යාවක් තියෙනව. ඒ සමාව ඉල්ලීම්. මේකටත් විශේෂ හේතුවක් තියෙනව.  ඒ සිද්ධිය මෙහෙමයි .......රොබට්ගෙ චායාරූප ගන්න එයාගෙ අවසරය ඕන කරනව, ඒ කියන්නෙ, මේ කෞතුකාගාරයට යන පුද්ගලයන් රොබට් ඉදිරියට ගිහින් චායාරූප ගන්න අවසර ඉල්ලලන්න ඕන.  රොබට්ගෙ කිසිම වෙනසක් නැත්තම් ඒ කියන්නෙ එයා කැමතියි කියන එක. එයා හිස දෙපසට වැනුවොත් එයින් කියවෙන්නෙ රොබට් අකමැතියි කියන එක.
          නමුත් සමහර පුද්ගලයන් රොබට්ගෙ අකමැත්ත ගණනකට  ්නොගෙන චායාරූප ගැනීම සිදු කරනව. ඒ කට්ටිය තමන්ගෙ නි‍ෙවස් වෙත ගියාට පස්සෙ තමා අවබෝධ වෙන්නෙ තමන් රොබට්ගෙ ශාපයට ලක්වෙච්ච බව.  මේ ශාපය තමයි අසීමිත අවාසනාව.තමන් නොහිතන කරදර වලට ලක්වෙන්න පටන් ගත්තම ඔවුන්ට වැටහෙනව තමන් කරගත්ත වැරැද්ද. ඔවුන් පුළුවන් තරම් ඉක්මනින් සමාව ඉල්ලන ලියුම් අරගෙන ගිහින් රොබට් ආසන්නයේ බිත්තියෙ සවිකරල සමාව ඉල්ලනව.නමුත් ඇත්තටම සමාවක් ලැබුනද කියලනම් මට හරියටම කියන්න බෑ..  මේව දාල මටත් සමාව ගන්න උනොත් මට ගුවන් ටිකට් එක හරි අරන්දියල්ල.ගිහින් සමාව ගන්න. (පරිවර්තන වැඩනම් මට හරියට බෑ ,තොරතුරු අන්තර්ඡාලය ඇසුරෙනි )

12 comments:

  1. මං යූ ටියුබ් එකේ වීඩියෝ එකක් බැලුවා.. ඒකේ තිබ්බේ බාහමනි සේවිකාව ගර්භනී වුනාට පස්සේ ඉයුජ්ගේ අම්මා ඒ ගැන නොසතුටු වෙලා ඒ සේවිකාවව එලිමහන් කුටියක හිර කරනවා. ඉන් පස්සෙ එකෙන් හැමදාම පානුයි, වතුරයි විතරයි ඒ සේවිකාවට දීලා තියෙන්නෙ.. ඒක නිසා පලිගැනීමට මේ බෝනික්කා හැදුවේ කියලා.. ඒත් එක්කම තව ලොකු විස්තරයක් තියනවා ඒ විඩියෝ එකේ නම්..
    තරිඳු ලිපි නියමයි... හුඟක් දේවල් දැන ගත්තා මං..

    ReplyDelete

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...